Wednesday, September 5, 2012

බදුල්ලට රොඩ් ට්‍රිප් එකක්....


  අන්තිමට දුහුවිලි ඇල්ල බලන්න ගියාට පස්සේ කොහේවත් සංචාරයේ යෙදෙන්න බැරිඋනා, ඉතින් ඔන්න පොඩි රොඩ් ට්‍රිප් එකක් යන්න මගපැදුනා ගිය දිගු සති අන්තයේ. යහලුවෙකුගේ මංගල උත්සවයක් යෙදිලා තිබ්බා බදුල්ලේ ඉතින් ගමන අපි විනොද සවාරියකට හරවා ගත්තා කිව්වත් නිවැරදි.
  
මේ දින කිහිපයේම කොළඹටත් ඒ අවටත් විටින් විට වැස්ස කඩා හැලේනවනේ අපි ගමන පටන්ගත්ත පහුගිය සිකුරාදා උදයේ අපේ වාසනාවට වැස්ස පායලා තිබුනේ උදේ 7ට අපි පන්නිපිටියෙන් පිටත් උනා. මුලින් සැලසුම් කරල තිබුන විදිහට තැන් කිහිපයකින් මිතුරන් කිහිප දෙනෙක්ම එකතුකරගන්න අපට සිදු උනා.

උදේ තේ එක විතරක් ගෙදරින් ගනිපු අපි හැමොටම තරමක බඩගින්නක් දැනෙන්න පටන්ගෙන තිබුන හින්දා අවිස්සාවෙල්ල පහු කරල තොරණකඩ කිටුවට ඇවිත් උදේ කෑමට මදක් නැවතුනා, පිටරට පාංපිටි වලින් හොඳහැටි බඩ පුරව ගත්ත අපි ප්ලෙන්ටිය කිනුත් බඩ රත් කරගෙනම ආපහු පිටත් උනා.


 ටික වෙලාවකින් අපි කුරුවිට නගරයට සෙන්දු උනා නගරය තරමක් වෙනස්වෙලා තිබුනත් මෙන්න මේ ඔරලොසු කනුව කාලේකින් වෙනස් නොවි තියෙන්ට ඇති කියල තමයි දැකපු අපිට හිතුනේ


නගරය පහුකරලා ටිකක් ඉස්සරහට එනකොට අපි යන පැත්තටම යන පරණ අමුත්තෙක් මුන ගැහුනා අමුත්තා තමයි මේ ඉන්නේ පරණ රෙන්ජ් රොවර් එකක්.. 


පොඩි සාත්තුවක් දිලා ගත්තනම් කොහොමට හිටිද නේද... රෙන්ජ් රොවර් එකත් පහුකරගෙන  එනකොටමට මතකය අලුත් කරමින් අපිව පහුකරගෙන ගියේ මෙන්න මේයා කොහොමද බාන්ඩේ ඩිෆෙන්ඩර් එකක්....


රත්නපුරේ හරියට එනකොට කට්ටියටම තිබහ හැදිලා තිබුනා ඉතින් රත්නපුරේ පොලිසිය ඉස්සරහ තිබුන පුඩ්සිටියට ගොඩවෙලා තිබහ යන්ට කොකා කොලා බොතලයක් සහ ගත්ත අඩුමු කිඩුම කිහිපයක් තමයි මේ.



 හැබැ ෆුඩ්සිටිය ඇතුලේ තිබුන තේ කඩේනම් පෙරහැර නිසා වහලයි තිබුනේ හික්ස් අපි කලින්ම උනුවතුර බොතල් කිහිපයක් අරගෙන තිබුන නිසා දුක හිතුනේ නෑ



ආපහු වාහනේට ගොඩවෙලා පැල්මඩුල්ල හරියට එනකොට ඉන්දියාවෙන් වඩම්මපු ධාතුන් පිලිගන්ට හැදු තොරණ් රාජයෙකුත් දැකගන්ට ලැබුනා..



 ටවුම පහුකරන කොටම මුනගැහුන පුංචි යාලුව තමයි මේ ඉන්නේ ඩිමො බට්ටෙක්. පුංචි උනාට රැගෙන යන පිරිසනම් පුංචී නෑ ඔන්න...

බලංගොඩ පහුකරගෙන පඹහින්න හරියට එනකොට කට්ටියගෙම තිබහ උග්‍ර වෙලා තිබුනේ ඉතින් සුන්දර සමනළ වැව පෙනෙන මානයේ ඉඳගෙන අපි ගෙනාපු උනුවතුර බොතල්වල මූඩි ගැලවුනේ මෙන්න මේ විදිහට

පැයක් විතර එතන ගතකරපු අපි නැවත චාරිකාව පටන්ගත්ත... සැන්දෑ වේගන ඒනකොට අපිට බෙරගල කිට්ටුවට එන්න පුලුවන් උනා දහවල් වෙල ගන්න අපි නැවතුනේ බෙරගල පාමුල හැබැයි එවෙනකොට බත් ඇටයක්වත් හොයාගන්ඩ තිබුනේ නෑ අපේ ආහාරය උනේ කොත්තු සහ ආප්ප කොහොමද කොත්තු සවාන



ඇත්තටම මේ පරිසරය හරිම අපූරුයි පහලින් වැල්ලවායෙන් ඔබ්බට දිවෙන කොස්ලන්ද සානුව නෙතට මනස්කාන්ත දර්ශණයක්.



ඉස්මුරුත්තාව හැදෙනකං කොත්තු ගිලපු අපි සුපුරුදු ප්ලෙන්ටියත් ගහලා නැවත පිටත් උනා.. නමුත් හපුතලේ කන්ද මදක් නැගලා ආපහු නතර උනේ අවට සිරි නරඹන්න අපි වගේම තවත් බොහෝ පිරිස් මාර්ගය අද්දර නැවතිලා පරිසරය රස විඳිනබව අපි දුටුවා.



නැවතිලා අවට දර්ශණය බලාන එන්නකොට නෙතගැටුන දෙයක් තමයි බෙරගලින් වැල්ලවාය පැත්තට දිවෙන මාර්ගය ඔන්න බලන්නකො සර්පයෙක් වගේ දඟර ගැහිලා තියෙන අපූරුව.



ආපහු ගමන පටන්ගත්ත අපිට ඊගාවට දකින්ට ලැබුනේ සුබදායක දර්ශණයක් නම් නොවෙයි හපුතලේ දුර්ඝය මැද හරියෙදි ගිනිගෙන දැවුන ලංගම බස් රථයක් ජීවය අවසන් වෙලා පාර අද්දර නැවතිලා තිබුනෙ කවුරුන් හෝ ගිනිතිබ්බද නැත්නම් කාර්මික දොශයකින් ගිනිගෙන දැවුනද යන ප්‍රෂ්ණාර්ථය අපට ඉතුරු කරලයි...



හපුතලේ නගරය මැදින් යනකොට ඈත බස් රථයක් ගැන විමසිල්ලෙන් උන්න මගීන් පාර අද්දරට වෙලා බලාන උන්නේ මෙන්න මේ විදිහට. 



බන්ඩාරවෙල නගරය කිට්ටුවට එනකොට කාටත් දක්නට ලැබෙන්න බඹර ජනපද කිහියක් පාර අද්දර විශාල ගස්වල රොද බැඳගෙන හිටියා



 රාත්‍රී අඳුර දසත වෙලාගනිද්දි අපි අපේ නවාතැනට සේන්දු උනා. බැංකුවේ නිවාඩු නිකෙතනය කලින්ම වෙන්කරවාගෙන තිබුන නිසා රාත්‍රි නවාතැන් ගැන ගැටලුවක් ඇතිවුනේ නැහැ.



ටිකවෙලාවක් ගමන් විඩාව සංසිඳවා ගත් අපි බදුල්ල නගරයේ විදි දිගේ පොඩි සංචාරයක යෙදුනා එහිදි අහම්බෙන් දැකගන්නට ලැබුන දේවාලේ පෙරහැර තමයි මේ.



  ඒවගේම රාත්‍රි මැදියමට වෙන්නට අපි සිටි නිවාඩු නිකෙතනය අද්දරින් ගමන් කරපු වේල් පෙරහැරක දර්ශණයත් අපට රසවිඳින්න ලැබුනා



පසුදා ඒකියන්නේ සෙනසුරාදා උදැසන 10.30 විතර අපි මංගල කටයුත්තට සහභාගි වෙන්න උත්සව ශාලාව වෙත පිටත් උනා ඔය අතරේ මුතියන්ගනය රජමහා විහාරය දැක බලාගන්නත් අමතක කලේ නෑ.



අපි උත්සව ශාලාවට යනකොටත් මනමාල යුවල ඇවිත් සිටියේ නැහැ ඉතින් ඔවුන් එන පෙරමග බලාන උන්න අපට මෙන්න මේ අමුත්තා මුනගැසුන නමුත් අපි ඔහුටත් ඔහු අපටත් කරදරයක් නොවෙන්නට අපි වග බලාගත්තා



   අපි ඇවිත් ටිකවෙලාවක් ගතවෙනකොට ආපු මනමාල යුවල නැදැ පිරිස පිලිගත්තේ ඔන්න ඔය විදිහට. 



පැය කිහිපයක් සතුටෙන් එහි ගතකල අපි  සතුටු සමාගමට ආයුබොවන් කියලා  මනාල යුවලගෙන් සමුගත්තා
  

රත්නපුර බදුල්ල පාරෙන් බදුල්ලට ආපු අපි ආපහු එන්න හැරුනේ බදුල්ල මහියන්ගන පාර ඔස්සේ එහේම ටික දුරක් ආපු අපි දුන්හිඳ දියඇල්ල පහුකරගෙන පල්ලම් බහින කොට වාහන තදබදයකටත් අහු උනා මොකද දීර්ඝ නිවාඩුවට බොහෝ දෙනා සවාරියේ ඇවිදින්.



  ඔහොම ඉස්සරහට යනකොට අමුත්තේක් වාහනයක ඉස්සරහට එනව අපිට මුනගැහුනා ගොඩබිම ඉන්න ලොකුම සතාවෙච්චි මෙයා ලොරියකින් ගමන් කරමින් හිටියා ඒ අදින් අවසන්වෙන බදුල්ලේ පෙරහැරට සහභාගිවෙන්ට කියල තමයි අපිටනම් හිතුනේ..



මේවෙනකොට බදුල්ල මහියංගන පාර අලුත් වැඩියා කරනව ඉතින් මෙපැත්තට වර්ශාව තවම පටන්ගෙන නොතිබුන නිසා මාර්ගය දෙපස දූවිල්ලෙන් නැහැවිලා තිබුනේ ඔය අතර සමහර තැන්වල මදක් නැවතිලා ගමන්කරන්නත් සිදුවුනා..



මහියන්ගනය නගරය කිට්ටුවට එනකොට පාර ඉද්ද ගැහුව වගේ බොහෝ දුරක් පෙනෙනව බැසගෙන යන සැඳැ හිරුරැසින් ආලොකමත් වෙච්චි පරිසරයට ගෙන ආවේ අපූරු චමත්කාරයක්.




   පොහොය දිනයට පසු දිනය උනත් මහියන්ගන වෙහෙර විදුලි ආලොකයෙන් වර්ණවත් කරලා තිබුනේ මෙන්න මේ විදිහට....




 රාත්‍රිය පටන්ගැන්මත් එක්කම අපි හසලකට ලඟා උනා වංගු දහට තරණය කරලා හුන්නස්ගිරි දුර්ඝය ඔස්සේ කොළඹ බලා එමේ අදහසින් අපි ගලාන එන ඝනදුරත් සමග මුසුවුනේ තවත් චාරිකාවක මතක සිත්තුල පැලපදියන් කරගන.



ප/ලි
එකතුවෙලා වැඩක් කරමු.... පොතක් දෙන්න එකතු වෙන්න.!!!


71 comments:

  1. බොහොම හොඳ සවාරියක් වෙන්න ඇති...අලියයි බඹරයි ලස්සනයි...

    ReplyDelete
  2. පැල්මඩුල්ල බලංගොඩ අතරේ අපේ උපන් ගමත් පහු කරන් ගිහින් තියෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. ඔව් නේව වෙනි අයියේ ...

      Delete
  3. අර ෆුඩ් සිටියෙ තේ කඩේ දවස් පහක්ම වහලා, හරිම නරකයි නොවැ.

    ReplyDelete
    Replies
    1. අපෝ සද්ද කරන්ඩ එපා දේව උදහසට ලක්වෙයි හික්ස්...

      Delete
  4. අවුරුද ගාණකින් කොහෙවත් යන්න හම්බුනේ නැති නිසා මේ ටිකේ ගිය කට්ටිය ලියපුවා රස විදිනවා.......

    දුකේ බෑ අප්පා.......

    ReplyDelete
    Replies
    1. වෙලාවක් ප්ලැන් කරගෙන කොහේ හරි යන්ඩ වෙනසකටත් එක්ක...

      Delete
  5. මමත් මාසෙකට සැරයක් හපුතලේ ටුවර් එකක් අදිනව බන්... ඔය පාර දැන් කට පාඩම් වගේ... උඹ යන ගමන් කරල තියෙන්නෙ ෆොටෝ අල්ලපු එක විතරයි වගේ..

    ReplyDelete
    Replies
    1. අනිවා උඹ ගියෙ නැත්නම් උසාවේයෙන් නඩු නොවැ..නෑ මචං පොඩි අඩියකුත් ගැහුවා හික්ස්

      Delete
  6. Replies
    1. ඔව් සහෝ විනොද ජනකයි

      Delete
  7. එළකිරි ටිකට ලියලා තියනවා කිවයුතු සියල්ල මැනවින් පෙළගස්වා තියනවා ඔබට ජය සතුට

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබටත්....ජය

      Delete
  8. ෂා නියම සවාරිය.... මගුල් ගෙදරක ගියත් අවට සිරි විදිමින් ගිහින් තියෙනව... ලස්සනයි රාජ්!! අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඔව් නිකම්ම ගිහින් වැඩක් නෑ නේව පොඩි ජොලියක්වත් නැතුව.. ස්තුතී

      Delete
  9. පරණ රේන්ජ් රෝවර් එක දැක්කම මට නම් ආසාවෙ බෑ අප්පා... සිරාගෙ ඇන්ටික් ආසාවෙ විස්තර ඉදිරියට පෝස්ටු විදියට පළ වෙනවා..

    අර බස්එක ගිණි අරන් තිබ්බෙ කාර්මික දෝෂයකින් කියලා මම පත්තරෙන් කියෙව්වා... රාජ් චාරිකා යද්දි අපිත් නිකං හිටියෙ නෑ... අපි ගිය එකේ විස්තර කාමරෙන් බලන්න

    ෆොටෝ ටික නම් පට්ටයි...

    ReplyDelete
    Replies
    1. අනිවා බලනවා අර බස් එක ගැන දැනුවත් කිරිමට ස්තුතීය ඒක අලූත්ම හොමගම ඩිපොවේ බස් එකක්

      Delete
  10. එල ට්‍රිප් එක නේ??????

    ReplyDelete
  11. නෝනත් එක්ක ගමන් යනකොට මම ඔය වගේ තේ කඩ ඉස්සරහදි නැගිටිනවා. එතකොට මුලදි මුලදි නම් එයා ඔය ගැන ඇහුවා. එතකොට මම කියනවා මේ වගේ වැදගත් තැන්වලදි එහෙම ගරු සරු දක්වන්න ඕන කියලා. දැන් නම් මම එහෙම කරනකොට ගොරෝනවත් එක්ක මට. ජය...!

    ReplyDelete
    Replies
    1. නොනල ඔහොම තමා මචං ....

      Delete
  12. NSB ඇඩ් එකකුත් තියෙන්නේ :)

    හැබැ ෆුඩ්සිටිය ඇතුලේ තිබුන තේ කඩේනම් පෙරහැර නිසා වහලයි තිබුනේ හික්ස් අපි කලින්ම උනුවතුර බොතල් කිහිපයක් අරගෙන තිබුන නිසා දුක හිතුනේ නෑ…


    වෙලාවට නැත්තම‘ රාජ් ලට ප්ලේන්ටිවත් නැහැ :)

    ReplyDelete
    Replies
    1. මචන් කන්ඩ බොන්ඩ කියක් හරි ලැබෙන තැන වෙච්චි පොඩි ඇඩ් එකක් දාන්ඩ එපායැ...අනිවා සිකුරාදා පොය නිසා කලින් දවසේ උනුවතුර ලැස්ති කොරගත්තා හික්ස්

      Delete
  13. බලන බලන හැම බ්ලොග් එකේම වගේ කට්ටිය ට්‍රිප් ගිහිල්ලනේ :)
    ඊරිසියාවේ බෑ.

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ පොඩ්ඩියේ...

      Delete
  14. මත්පැන් හල වසා ඇත කියලා දැක්කාම දුක හිතෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. නැහැනෙ බොලේ !!! තේ කඩේ නේ

      Delete
    2. අපොයි නෑ ලැස්ති පිට නොවැ ආවේ // අන්න වචනේ තේ කඩේ //

      Delete
  15. අපිත් ඔය සති අන්තේ හිටියේ දියතලාව/බණ්ඩාරවෙල/ඇල්ල පැත්තේ. රාජ් ඔය බස් එක ගිනි ගනිද්දී අපි එතන. ඒ විස්තර ටික තාම ලියන්න ලැබුනේ නෑ. බස් එකේ ඩීසල් ටැංකිය පුපුරලා. තව ටිකක් එහා මෙහා වුනානම් අපි දෙන්න මුලිච්චි වෙනවා නේ. ගිනි ගන්නා ෆොටෝ සහ වීදියේ තියෙනවා අප්ලෝඩ් කරන්න තමයි අමාරු. ගෙදරදී මගේ ලැප් එකේ දුව විසින් පූර්ණකාලීනව බදු අරන් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කොහොම හරි ඒ ගැන විස්තරයක් දාන්න ශික් සෙට්වෙන්ඩ තිබ්බේ දන්නැනේව යනව කියලා

      Delete
  16. ඔබ තුමා‍ගේ බ්ලොගේට ගොඩවෙලා මම නිතර පෝස්ට් කියෙව්වට කොමෙන්ට් කරන්නෙ මේ පලමුවරට. පිංතූර ටික එකින් එක හොඳට සිතින් වින්දනය කරමින් ලස්සනට පෙලගස්වපු ගමන් විස්තරයත් කියවාගෙන ගියා. යස අපූරු ට්‍රිප් එකනෙ...

    ශෝක් වැ‍ඩේනෙ අන්තිමට බලද්දි....

    මනමාලය මගේ හොඳම යාලුවෙක්ගෙ ලොකු පුතා මදුවන්ත නෙ.... මොරටුවෙ
    හරිනෙ... බදුල්ලෙ ළමයෙක්වනෙ බැන්දේ...
    ඒත් කොලුවො ඔය කට්ටියම ඉන්න පොටෝ එකේ මනමාලය ඔය හැටි කොට වුනේ
    කොහොමද පුතේ....

    මගේ ඇස් කන්නාඩි මාරුකරන්න කාලෙ හරිද මන්ද?...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී මගේ බ්ලොග් ලිපි කියවනවාට ඔබගේ සටහන මට ලොකු ශක්තියක් නැවතත් ස්තුතී නමුත් මගේ යාලුව බදුල්ලේම කෙනෙක් මනමාලි හපුතලේ ප්‍රදේශයේ

      Delete
    2. බොහොම ස්තුතියි දැනුවත් කලාට..මට හිතුන විදිහ වැරදි වෙන්න ඇති එකවගේ පෙනුම තියෙන අය ඉන්නවනෙ....

      Delete
  17. රත්නපුර පොලිසිය ඉස්සරහ ෆුඩ් සිටියට ගොඩවෙනකොට මට හිතුනා ටින් ටින් තමයි කියලා.

    විස්තරේ කියවද්දී හරියට නිකන් මමත් ගමනට සහභාගී වුනා වගේ..පින්තුර ටික නිසා

    ReplyDelete
    Replies
    1. අපොයි වෙලාවට කලින් වැඩේ ගොඩ දාගෙන හිටිය නිසා අවුලක් උන්නෑ හික්ස් ස්තුතී

      Delete
  18. ලස්සන ගමනක් ගිහින් වගේ.... :D

    ReplyDelete
  19. rod trip ekak kiyuwe rod eka puke gahanda giye... ubada me pare giya mulma haraka?

    ReplyDelete
    Replies
    1. ඔබ මහදැනමුත්තා කියල අදනේ දැනගත්තේ ඔබවගේ උන්දැලට එදන්ඩේත් යන්ඩ බෑ නේව හික්ස්

      Delete
  20. හුඟ කාලෙකින් කොහෙවත් යන්න හම්බුවුනේ නෑ.. කඳුකර පැත්තෙ යන්න හරිම ආසයි.. මේ පින්තූර දැක්කාම ජේ වගේ... :P

    ReplyDelete
    Replies
    1. වෙනසකටත් එක්ක පොඩි ට්‍රිපක් යන එකනේ තියෙන්නේ

      Delete
  21. නියමයි සහෝ..මට මේවා බැලුවාම කොහේ හරි ඇවිදින්න යන්න හිතෙනෝ..:)

    ReplyDelete
    Replies
    1. යන්න යන්න මෙන්න පුංචි තල්ලුවක්

      Delete
  22. හප්පට සිරි රාජ්. රෝඩ් ට්‍රිප් කියන්නෙ අපේ පවුලේ ප්‍රියතම සබ්ජෙක්ට් එකනෙ.
    අඩේ නවය ශ්‍රී රේන්ජ් රෝවර් එකක් නේහ්? පෙට්‍රල් කේස් එක තමයි ඉතින්.
    මම හිතුවෙ උඹල මතට තිත කියලා. හ්ම්ම් හ්ම්ම්.
    ඔය නොවැම්බර් දෙසැම්බර්, බ්ලොග් අමතක කරලා අපිත් පාරේම තමයි.
    සුභ ගමන්!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. you are sadly mistaken dude... this is not a road trip... this is a ROD trip... A trip with a penetrated ROD

      Delete
    2. ඇත්තටම Dude එයත් අපූරු විනොදාංශයක් නෙන්නම් අපොයි අපි මතට තිත ඔන්න

      Delete
    3. @ Muuta:
      Absolutely dude, you have a remarkable power of observation! Well done! :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  23. කැම්පස් ඇරලා තිබුණනම් පඹහින්නෙන් සෙට් වෙන්න තිබුණා, තව සමනළ වැව පැත්තෙ රවුමක් දාලා එහෙම යන්නත් තිබුණා, අවුලක් නෑ! ලස්සන පලාත නේද අයියේ....

    ReplyDelete
    Replies
    1. අනිවා මම ඔබලගේ කැම්පස් එක පැත්තේ ඇවිත් තියනව ඇත්තටම සුන්දර පලාතක් ඇයි ඔතන තියන පොළ මම එහිත් ඇවිදලා තියෙනව

      Delete
  24. මේකා දීයාම කාපිය... ඌ ට්‍රිප් යන්නයි අපි උගෙ කටු කන්නයි. ෂීහ්.... කුජීතයි ඈ...

    2. බස් එක ගිනිගත්තු එක මේ කොළඹ හිටපු අපි දන්නවා. එතනින් ගිය උඹලා දන්නෙ නෑ.

    3. බෙරගල පැත්තෙ කන්න තැනක් හොයාගන්න එකනම් අමාරුයි තමයි. මෑතකදි අපිත් ඔය අත්දැකීමට මුහුණ දුන්නා.

    4. මං ප්ලේන්ටි බොන්නෙ නැති නිසා ඒ ගැන කතා කරන්නෙ නෑ.

    5. උත්සව ශාලාව ළගදි හම්බවුනු අමුත්තා එක්කගෙන ඇවිත් අපිට බාරදෙන්නනේ තිබුනේ. අපරාදෙ.

    නියමයි ඈ... ජය...!

    ReplyDelete
    Replies
    1. කුජීතයි කුජීතයි හප්පේ මොනා උනත් කොරපු උදව්වට ස්තුතී...ගිනිඅරං ඉවර උනහම නොවැ අපි එතෙන්ට පාත් උනේ අනික ඔක ගිනිගත්ත හැටි එතන හිටපු උන්ගෙන් අහන්න ගිහින් කෙස් එක වෙන එකක් නම් නැවු ගුටි නොවැ නිකන් මොකටැ නිකං තියෙන පු......වෙජිමයිට් ගාගන්නේ හික්ස්...අපොයි අර උන්දැ කුදලන් කොළඹට එනකොට අපිටත් ඔහේම නවතින්න වැඩ සෙට්වෙලා තියෙවී....ජයෙන් ජය..!!!

      Delete
  25. නියම ට්‍රිප් එක.. ඒක ගැන ලියපු විදිහත් නියමයි අයියේ..

    ReplyDelete
  26. ඇත්තටම සුන්දර අත්දැකීමක් !
    අර මනාල යුවලත් එක්ක ගත්ත පොටෝඑක ඔච්චර හෙල්ලුනේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ඒව්වා දේව රහස් නේව සහෝ...!!

      Delete
  27. ෂා මරු ගමනක් නේ ගිහින් තියෙන්නේ...

    ReplyDelete
  28. අපිත් පොය දවසෙ මහියන්ගනේ නවතින්න ආව...පාසිකුඩා ගිහිල්ල එනගමන්..කොහෙ ඉන්නද..පෙරහැරක් නිසා..! එහෙම්ම මහනුවරටම ආව. බදුල්ල පැත්තෙ යන්න ආසය් බං.

    ReplyDelete
    Replies
    1. ඒ පැතිවලට ගිය ටිකේම තදට පෑවිල්ල ඒවගේම මහියංගනේ බදුල්ල කතරගම පැතිවල පෙරහැරවල් මචං

      Delete
  29. ට්‍රිප් එකත් එල පෝස්ට් එක ඊටත් එල
    රාජ්ලා ට්‍රිප් යන්නෙත් අපේ ස්ටයිල් එකටම තමා බොන්න කියන්න පිරිසිදු උණූ වතුර බෝතල් එහෙම අරගෙන

    ReplyDelete
    Replies
    1. අනිවා උනක් හෙම්බිරිස්සාවක් හැදුනොත් එහේම

      Delete
  30. අපේ ඒරියල් එක හරහානේ ගිහින් තියෙන්නෙ.....
    අර ප්‍රසිද්ධ බොංගෝව බදුල්ලෙත් ගිහින් වගේ..... :)

    ReplyDelete
    Replies
    1. කොහේ හරි ගියොත් බොංගෝ එක වරදින්නෑ සුමිත් අයියේ

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...