Tuesday, February 14, 2012

කාගේ හො හිසමතින් කිරුළ කරා....මේ ක්‍රිකොට් බොලව්...




   කවුරු හරි මගේන් ආසම ක්‍රිඩාව මොකද්ද කියල ඇහුවොත් මම බොක්කේම්ම දෙන උත්තරේ තමා ක්‍රිකොට් . හැබැ පොඩිම කාලේ ඔය පිත්ත අල්ලන විදිහ තාත්තා කියල දුන්නද කියල හරියට මතක නැති උනත්...දෙයියනේ කියල ඔන බොලේකට ඇට්ටි හැලෙන්ඩ පහර දෙන්ඩ නම් යස අගේට පුලුවං..

  අපේ ගම්වල කොල්ලො ඉස්කොල පිට්ටනිවල..ගොයං කැපුවම අර රොටියක් වෙන්ඩ වෙලිලා තියෙන කුඹුරුවල..පොල්වතු අස්සේ ..ඒ විතරක් යෑ..ගෙන්දගම් පොලොවේ එව්වො..පාලු පාරවල් වල..පාලුවට ගිය බස් ගාලවල් වල ..ගෙවල් අස්සට යන්ඩ තියෙන ලේන් වල ඔය මේකි නොකී හැම ඉඩකම කොරන්නේ ක්‍රිකොට් ගහන එක නොවැ..

  ක්‍රිකොට් කිවාට ඔක එක එක විදිහට ගහනව නොවැ..ඔය හයදෙනේක් විතර එක පිලකට සේට් වෙලා  අනිත් පැත්තේ එවුන්ට තඩිබාන ක්‍රමේ සික්සර් සයිඩ් ලුනේ..හැබැ  වැඩිය සෙල්ලන් දාන්ඩ බැරි පොඩි ඉඩකට සෙට් වෙලා කොරන්නේ වම්බම් ගහන එකලු...හතරේ සිමාවට උඩින් ගියහම අවුට් වෙන පුලුවන් තරම් බිම දිගේම ගහන්ට ඔන.. සීමාව පොඩි උනත් එකොලොස් දෙනේක්ම පන්දු රකින්නේ බඩි කිරිකට් වලලු...

  දැන් ඔය ඩබල් විකට් කියල එකකකුත් තියනව නොවැ..හැබැ මේකේ දෙන්නේක් පන්දුවට පහර දෙනකොට අනිත් පිලේ ඉන්නේ දෙන්නේක් විතරයි ඒ කිව්වේ කඩුලු රකින උන්දැයි..පන්දුයවන පොරයි විතරයි..හප්පේ අනිත් එව්වා වගේ නෙමේ මේ වැඩේ ඇයි වදේ බොල දාන ගමන් පන්දුත් රකින්ඩ එපෑ..හැබැ එළ බොලර් කෙනේක් නම් ඉතින් වැඩේ ගොඩ...

  දැන් එතකොට එකොලහ..එකොලහ පිල් දෙකටම සේට් වෙලා ඔය රට රටවල් වල එව්වො කිරිකොට් ගැහුවට මොකද..අපේ ගමේ නගරේ කොල්ලො නම් හවසට පිට්ටනියට සෙට් උනහම ඉන්න එවුන් ඔක්කොම දෙපැත්තට දාගෙන නොවැ ඔය කිරිකොට් ගැහිල්ල ගහන්නේ...

   අම්මපා ලංකාවේ කිරිකොට් ටිම් එකට තරං පිනා චාන්ස් සෙට්වෙන වෙන රටක් නැති තරං..ඇයි වදේ කී පාරක් නම් එහාට මෙහාට දොලනේ වෙලා ලොක කිරිකොට් කිරුල ලඟටම ගියාද...අර අතට ගත්ත දේ කටේ දාගන්ඩ පින නෑ කියන් නැහේ..අර ලඟට ගිය වේගෙන්ම ආපහු ඇදවැටෙන එකනම් රම්මෙපෙට පොරි හැලෙන්නැහේ වෙනවා...

   මොනව උනත් අර 1996 ගහපු ගැහිල්ල තමයි ගැහිල්ල....ඈ...ඔන්න ගහනව නම් ගැහිලි..
  
   අර කලින් කිව්ව වගේ කාගේ හරි කරෙන් කිරුළ කරා යන ගමනක් බලාගන්ඩ කට්ටියටම පුලුවන් මේදා පොටෙත් ඔස්ට්‍රෙලියාව දිහාට හැරුනොත්...

  අනේ ඉතින් එහේම වෙන්ටෑ හෙතුවාසනා ලැබේවා කියල ප්‍රර්ථනා කොරන්ට ඔං මේපැත්තේ ඇවිල යන ඔක්කොමල්ලා ඈ..ඈ...

  
  

39 comments:

  1. මටත් ක්‍රිකට් පිස්සුව නම් හුගක්. අනේ අර අත නවන්නේ නැතුව බෝල් කරන්න නම් තේරෙන්නේ නෑ. ඒ දවස් වල අපිත් එහාගෙදර මිදුලේ බෝල් ගහනවා. මම යන්නේ අම්මගේ දිගම දිග සායක් ඇදගෙන. ඇයි එතකොට බෝල් නතර කරන්න ලේසියි නේ.

    ReplyDelete
    Replies
    1. අනේ අනේ කපටි නෑ පොඩ්ඩක් වත් නේ..පවු අනිත් පිලේ ලමයි

      Delete
  2. අනෙ මන්දා මොනවා වෙනවද කියලා ආයෙත් කෑමක් වගෙ (මෙක ලියනකොට
    …Sri Lanka 236/9 (50 ov)
    India 42/1 (9.0 ov))

    ReplyDelete
  3. Now India is 47/1 [11 overs]
    S.L.is fielding very well

    ReplyDelete
    Replies
    1. කමොන්..ඔබා අයියා..

      Delete
  4. දැන් නම් තත්වේ හොඳයි ඒත් ඉතින් ඔට්ටේලියාව බෝනස් පොයින්ට් එකක් දාගෙන තියෙන නිසා මේක දින්නත් ෆයිනල් ෂුවර් නැතිවෙයි

    ReplyDelete
    Replies
    1. බලමුකො මචො මොකැ වෙන්නේ කියල

      Delete
  5. බොක්කේ ඩින් ඩින්.. සද්දේ ඉවර වුනා විතරයි මැච් එක නො රිසල්ට්.

    අපිත් ක්‍රිකර්ට් ගැහුවේ ගමේ නීතිත් එක්ක.11 වසරට ගියාම විතරයි ඉස්කෝලේ පිට්ටනියේ මැද පිච් එකේ සෙල්ලම් කරන්න ලැබෙන්නේ.පොඩි පන්තිවල හිටපු අපිට කැලේ පැත්තට තියෙන පිච් එක.දුබලයට තැනක් නැ බං..

    ReplyDelete
    Replies
    1. අනිවා මටත් මතකයි උදේම පිට්ටනියට ගියේ නැත්නම් හොඳ තැනක් අල්ලගන්නවා බොරු

      Delete
  6. නායකත්වයේ වෙනසත් එක්ක ඇඟට දැනෙන මොනා හරි වෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හොඳ දෙයක් උනොත් ලොකු දෙයක්..මචො

      Delete
  7. තව මාස කීපෙකින් ටුවෙන්ටි ලෝක කුසලානෙත් එනවලු.....
    ලංකාවෙලු තියෙන්නෙ.........
    මයියට ගොඩ දා ගන්න පුලුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ගොඩ දාගන්ඩ කියල ප්‍රාර්ථනා පොජ්ජ මන්දුකොරනව ඈර වෙන මොනා කොරන්ඩද කිරිපුතේ..ඈ සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට ඔං

      Delete
  8. දැන් ඉතින් ආපහු එන්න පුළුවන්....නිකන්ම අත වන වනා....
    ඇවිත් කක්කුටු බිස්නස් එක කළහැකි නිකන්ම නෙවෙයි coka cola ත් එක්ක....

    කලුවලාවේ රිදී රේඛාව නම්... චන්දිමාල්...
    අනාගත නායකත්වයට දැන් ඉන්න සුදුසුම කෙනා ඔහුයි.

    ReplyDelete
    Replies
    1. මොනා උනත් චන්දිමාල් නියේමේට සෙල්ලම් කරනව අම්මපා...

      Delete
  9. අනේ අපොයි ඔන්න බොලේ අද ජයපරාජෙන් තොර වුණා ඔයිං ගියා මදැයි !

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් සඳරුවො මදැ ඔයින් ගියා...

      Delete
  10. ක්‍රිකට් අපේ ඇඟේ තියන දේනෙ මචන්.ඒත් මම හිතන්නෙ නෑ අපේ සෙට් එක වැඩේ ගොඩ දාගනී කියල.ඒත් බලමුකො

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පේ කස්සො ගිහින් සප් එකක් දීපං මචො අපේ කොල්ලන්ට

      Delete
  11. ක්‍රිකට් ගැන පෝස්ටුවක් දාන්න හිත තිබුනත් වෙලාවක් තිබුනෙ නෑ. අපේ ටීම් එක හොදටම අවුල්. අද මැද්එක දිනන්න ඕන තරම් චාන්ස් තිබුනත් ඔක්කොම මිසු කරගත්ත.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ..ඔය වෙලාවට තමා හිතේ හිනියට මල් පිපෙන්නේ...

      Delete
  12. පිස්ස නම් ක්‍රිකට් වලට බනිනවට පුද්ගලිකවම අකමැති කෙනෙක්.......අපි කියනව වගේ නෙවෙයි ඕව කරන්න ගියාම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත මමත් ඔය කිරියාව තවම කොරනවා අපේ ඔෆීසිය වෙනුවෙනුත්..හැබැ මචො වෙලාවකට හිත් පොජ්ජට කොප පොජ්ජ මන්දුකොරොනවනේ..බං

      Delete
  13. අපෝ මාත් කොච්චාර පැරදුනත් ඉතින් පිස්සුවෙන් වගේ බලනවා අෆ්ෆා..නතර කරගන්නම බහ නොවෑ :/

    ReplyDelete
    Replies
    1. ඔක අපේ ලේවල හිටං තියෙන දෙයක්ද කොහේද බං

      Delete
  14. මේ කැමැත්ත නිසාමනේ සෑමා ජයසූලිය මාමාට ලිව්මක් ලිව්වේ...

    මේ තියෙන්නේ...http://samindikasrimantha.blogspot.com/2012/02/5.html

    ස්තුතී රාජ් ‍අපේ එවුන්ව ඇවිස්සුවට..

    ReplyDelete
    Replies
    1. අනිවා මමත් ඔක බැලුව මචො..ස්තුතී

      Delete
  15. පොඩි කාලෙම කිරිකට් එපා උනා අයියලා එක්ක සෙල්ලං කරලා...බෝල අහුලනවා විතරයි බැට් කරන්න චැන්ස් එකක් ඇත්තෙම නෑ....

    ReplyDelete
    Replies
    1. අපොයි පොඩිකාලේ එහේම තමා බං

      Delete
  16. Replies
    1. ස්තුතී මේපැත්තේ ආවට

      Delete
  17. ක්‍රිකට් කියන්නෙ ඉතින් මගෙත් ජීවිතේම වගේ කොටසක්...

    ReplyDelete
  18. 96 දිණුම් තමයි.. එත් පොඩ්ඩක් හොයලා බැලුවොත් පෙනෙයි මැච් දෙක්කද කොහෙද ප්ලේ නොකරම අපිට ලකුණු ලැබුනා මට මතක විදියට.. හැබයි එතකොට හිටිය මැචුවඩ්ම ටීම් එක අපේ එක. නොදින්නනම් වැඩකුත් නෑ. දැන් නම් අබ සරණයි

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ලොක්කයියේ..අනාත නාත

      Delete
  19. මම නම් වැඩිය ක්‍රිකට් වලට ආස නෑ..

    ReplyDelete
  20. අම්මෝ මම ආසම නැති ක්‍රීඩාව ක්‍රිකට් :/

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...