Monday, January 23, 2012

ජනේලයෙන් පනින්නද...විශ්වවිද්‍යාල....ජාතික නාට්‍ය උළෙල..සහ ජොන් ද සිල්වා තියටරය..



   හැමදාමත් වගේ අදත් ගෙන්දගම් පොලොව රත්වෙච්ච උදුනක් වගේ..ඒ මදිවට විටින් විට හමන සුළඟ... කර්කෂ බව තවත් වැඩිකලා..ඒ උනාට පුදුම වැඩේ කියන්නේ පිනි වැස්සක් අර රත්වෙච්චි කොන්ක්‍රිට් පොලොවට වැටෙමින් තිබුන එකයි...

   හැමදාමත් වගේ ඔය ගෙන්දගම් පොලොවත් එක්ක ඔට්ටුවෙන මිනිස්සුන්ගේ වෙනස් වෙන්නැති කාල සටහන...අර පිනිවැස්සට අහුවෙලා හේදිලා ගිහින්...පුරුදු කාල සටහනට අලුත් අංගයක් එක්කහු වෙලා...පිනි වැස්සේ පෙඟෙන්ඩ හවහට හවහට ජොන්ද සිල්වා එකට කට්ටියම එක්කාහුවෙලා...ආං උන් ඔක්කොම සැහැල්ලුවෙන් හුස්ම ගන්නව..දැන්.

   ගෙදෙට්ටම ඇවිත් විපිරියාස කොරන පුංචි තිරයයි..වෙලාවකට පණ අදින වෙලාවකට හුස්ම ගන්න  සිනමාවයි වගේ නෙමෙයි අපේ වෙදිකාව...ඔක හැම වෙලේම නැවුම් වෙන තැනක්නේ...කලා කාරයේකුට තමන්ට ලැබෙන ආත්මතෘප්තිය සහ ප්‍රතිචාර ඇස් ඉදිරිපිටම බලාගන්ඩ පුලුවන් සුපිරිම තැන වේදිකාව කියන එක ඔය හැමොම දන්න රහසක්....ඔන්න අපේ කොල්ලො කෙල්ලන්ගේ නැවුම් වැඩ කිඩ ..ඒවගෙම වෙදිකාව හොල්ලපු අපේ ප්‍රවිනයන් ගේ ඇසුර ලබන්න අර කීව්ව පිනි වැස්සට පෙඟෙන්ඩ යන්ඩ හවහට ජොන්ද සිල්වා එක පැත්තට...

   ධනුෂිකා නයනකුමාරි ගේ අලුත්ම වැඩක් විදිහට තමයි ජනේලයෙන් පනින්නද..වෙදිකාවට එන්නේ..හැබැයි මේ නාට්‍ය කලින් වතාවක සම්මාන දිනූවක්..නමුත් විශ්වවිද්‍යාල ජීවිතේ අත්දැකිම් ගොන්නේන් කිහිපයක් පාදක කරගෙනෙ දිවෙන මේ නාටකය...ඒකාකාරි නාට්‍ය රටාවෙන් ඔබ්බට දිවෙන්නක්..හරියට ඔබ ඔය කියන නාටකය බැලුවනම් ඔබට හැඟෙයි වෙලාවකට.... වෙදිකාව උඩ ඉන්නේ ඔබමද කියල..

   මේ නාට්‍ය පටන් ගන්නේ ගැහැනු ලමයි ගේ බොඩිං කාමරේක සිදුවෙන එක්තරා සිද්දියකින්...කැම්පස් ජීවිතේ ආදරේ...අනිකුන් උදෙසා කෙරෙන අරගල..ජෙෂ්ඨයන් හා නවක සම්ප්‍රදාය....හරහා දිගහැරෙන අපේ කාලේ කැම්පස් කතාව...අවසන් වන්නේ තමන්ගේම එකේකු හරහා සිදුවෙන පාවාදිමකින්...

    ජොන්ද සිල්වා රඟහලට අලුත් අසල් වැසියෙක් එකතුවෙන්නේත් මේ කාල වකවානුවෙදිම තමයි...හබැයි අලුත් අසල්වැසිය තමුන්ගේ සරුව පිත්තල ආයිත්තම්වලින් පිම්බිලා..අර පැරනී ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන නිහතමානි හිතවතාව වසාගන්ඩ දත කෑවට ඒක කොරන්ඩ බෑ කියන කාරනේ තවම තෙරුම් නොගැනීම නම් කනගාටුවට කරුණක්...

   හැමදාමත් වගේ නාට්‍ය බලන්ඩ එන රසවතුන් තමන්ගේ සිතේ විඩාහව නාට්‍ය තුලින් නිවා ගන්නව වගේම කුසේ විඩහවට..පොඩි කතාබහක යෙදෙන්නට ගොඩවෙන රඟහල ආපනශාලාවත්...අපේ අලුතෙන් එක්කහුවුන අසල්වැසියට අකැපයි කියල කඩාබිඳ දමලා...

   රටේ සමුර්ධිය අතවශ්‍ය වූ පලියට පැරණි දේ තලා පෙලා ඒ මග යාම රටේ  ඉදිරියද  නැත්නම් ආපස්සට ද යන්න  සිතිය යුතුම කරණාවක්...

   කෙසේ වෙතත් ජොන් ද සිල්වා තියටරය ඒදාමෙන් අදත් සියල්ල දෙස උපෙක්ෂාත්මක නෙතින් බලා දැයට වියයුතු තම රාජකාරිය අකුරටම ඉටුකර මින් ඉන්න බව ඔය කාටත් රහසක් නොවෙයි .

 ජාතික නාට්‍ය උළෙල...තවමත් ජොන් ද සිල්වා රංඟ හලේම එලි දැක්වීම, ම එයට හොඳම උදාහරණයක් නොවෙයිද.....?
 

24 comments:

  1. // රටේ සමුර්ධිය අතවශ්‍ය වූ පලියට පැරණි දේ තලා පෙලා ඒ මග යාම රටේ ඉදිරියද නැත්නම් ආපස්සට ද යන්න සිතිය යුතුම කරණාවක්...//

    ජෝන්ද සිල්වා තියටරය කරපු සේවය අළුතෙන් එන ත‍වකෙකට කරන්නට බැහැ. ලස්සනට ලියල තියෙනවා රාජ් සහෝ !

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ..අනිවා..ගිය ඉරිදා ජයලත් මනොරත්නයන්ගේ සුද්දේක් කතාකරයි නාට්‍ය වෙදිකා ගත උනා නාට්‍ය උළෙලේ...අන්තිමට එතුමා කිව්වේ

      "ආනන්ද කුමාරස්වාමිට පාර නැති උනා...ජොන්ද සිල්වට කැන්ටිම නැතිඋනා කියල"

      බලපන් සහතික ඇත්තනේ

      Delete
  2. සීගිරිය බලන්න වැල නොකැඩි අද අපි ගියාට, ඒක කාෂ්‍යපගේ ආලක මන්දාව. මේක මහින්දගේ ආලක මන්දාව. හිඟන නාට්ටි කාරයොන්ට් නොවේ. වන්දිබට්ටන්ට පමණි.. මේ ගැන ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත..ඔකේ නාට්‍ය පෙන්නන්ඩ යන සල්ලි කන්දරාවෙන්...ෆිල්ම් එකක් කරතැකි..හික්

      Delete
  3. ඔය ලොකු ලොකු තැන්වලට වඩා අපිට යන්න පුලුවන් තැන තැන හොඳා. මටනම් හිතෙන්නෙ තාම තිඹිරිගෙය තිඹිරිගස් යායෙම තමා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං..ඔය තිඹිරිගේවල් වල අඩුම ගානේ නිදහසේ හුස්මක් ගන්ඩ හරි පුලුවන්...

      Delete
  4. //රටේ සමුර්ධිය අතවශ්‍ය වූ පලියට පැරණි දේ තලා පෙලා ඒ මග යාම රටේ ඉදිරියද නැත්නම් ආපස්සට ද යන්න සිතිය යුතුම කරණාවක්...//

    නාට්‍යයක තියෙන රස ඩිජිටල් තාක්ෂණයෙන් කොහොම විඳින්නද....
    තේරුම් ගන්න පුළුවන් අය නෑ...ඒකයි මේ විනාස වෙන්නෙ..හැමදේම.

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරි ඇත්ත දිල්..අබුද්දස්ස කොළම එලියට දාන්ඩ කාලේ හරි

      Delete
  5. ගාල්ලේ සිරි සුමනේ කේස් එක මතක් වුනා මාතලන්ගේ කමෙන්ට් එකෙන්. මේකනේ ලංකාව.

    ReplyDelete
    Replies
    1. අනිච්චේ දුක්කේ වෙද මහත්තයො...

      Delete
  6. මොකද වෙලා තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. තාම මුකුත් වෙලා නෑ...වෙන්ඩ කලින් වෙන හැටි බලාන ඉන්නව...ඔබා අයියේ

      Delete
  7. නාට්‍යයක් බලන්න ලොකු ආසාවක් ඇති වෙනවා බං හැමදාම උඹගේ පෝස්ට් දකිද්දී...

    ReplyDelete
    Replies
    1. බලන්ඩ බැරිඋනත් උබල එක්ක බෙදා ගන්න එක හරි සතුටක් නේ මචො...

      Delete
  8. මම නම් ඔය ගැන කියන්න කිසිම දෙයක් දන්නෙ නැහැ......ඔයාල කියන ඒවා අහගෙන ඉන්නවා.....

    ReplyDelete
  9. එහේම ඉඳලම හරියන්නෑ..ඔයත් හොයල බලන්ඩ ඔන..

    ReplyDelete
  10. අර නෙළුම් පොකුනක්ද මොකක්ද සීන් එකක් හදලා නේද අළුතෙන්....

    ReplyDelete
    Replies
    1. සීන් එකක් හදල තමයි මචො..නමුත් එතර්ම් සාර්ථක නෑ..ඔය පොකුනට කැතයි කියල ජොන්ද සිල්වගේ කැන්ටිම කඩා බිඳ දාල..අනිච්ජේ දුක්කේ

      Delete
  11. වේදිකා නාට්‍යක් බැලුවහම අමුතු ගතියක් දැනෙනවා.මාත් නාට්‍ය කීපයක් බලල තියෙනවා.හැබැයි දැන් ඒ කලාව ටිකක් අභාවයට යනවාගේ නේද?

    ReplyDelete
    Replies
    1. උඹ ලඟකදී ලංකාවට අවේ නෑ නේ..ඇවිත් බලපන්..ඒ කලාවේ අපුරුව දැන්

      Delete
  12. මම තාම කිසිම නාට්‍යක් බලලා නැහැ ඉස්කෝලේ වේදිකා නාට්‍ය ඇරෙන්න..

    ReplyDelete
    Replies
    1. නාට්‍යක් බලන්ඩකො එතකොට තෙරෙයි එකේ රහ

      Delete
  13. පට්ට ස්ටොරියක් ලු එත් බලන්න බැරි උනා

    ReplyDelete
  14. බලපං මචො එළ

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...