Thursday, December 29, 2011

සයිබර් මිතුරනේ...ගාලුයන්ඩ අත්වැල් බැඳගම්මු.....



 ඔං ආයේමත් අපේ ගාල්ලේ සයිබර් මිතුරො ගාල්ලට එක්කාසු වෙන්ඩයි හදන්නේ වැඩේ තියෙන්නේ ජනවාරි 7 ත්වෙනිදලු..මෙතැනින් ගියොත් හොඩුවාවක් ගතැකි....

   දැන් ඉතින් අධිවේහි මාර්ගෙත් තියෙන නිසා අපිටත් පුලුවන්නේ කරදරයක් නැතුව ගාලු යන්ඩ....ඉතින් අධිවේගි අත්දැකිමකුත් ලබාගේන ගාල්ලේ මිතුරනුත් මුනගැහිලා එන්ඩ යමු කියන්ඩයි හදිස්සියෙම මේ පොස්ට් එක දාන්න හිතුවේ

   අපේ අභීත අයියගේ පුංචි කොම්පැනිය තියෙන්නේ අධිවෙගී පිවිසුම කිට්ටුව නිසා කොළඹින් යන කාටත් ඒක්කාසුවෙන්ඩ හොඳම තැන අභීත අයියගේ ඔෆිසිය...ඉතින් ගාලුයන්ඩ කැමති කාටත් පොදුවේ ආරාධනා කරනව කොට්ටාව මාකුඹුරේ ෆීසා හට් එක ගාවට රැස්වෙන්ඩ කියල ජනවාරි 7 උදේ 7.30 වෙද්දි...ඒතකොට හැමොටම එකට මේ ගමන ගිහින් විනොද වෙලා එන්ඩ පුලුවන්...

හැමොම එන්ඩ වෙලාවේ වෙනසක් තිබ්බොත් පසුව දැනුම් දෙනව ඔං..උදේම අධී වෙගයේ..අධී වෙගෙන් යන ලංගමේන් දාපු අලුත් බස් එකේ යන්ඩ තමයි තීරනය කරල තියෙන්නේ...වෙනසක් වුනොත් පසුව දැනුම් දෙනව...

   

65 comments:

  1. ඒක හොදයි.... එහෙමනම් අනිවා සෙට් වෙමු

    ReplyDelete
  2. පූරුවේ පවක් ගෙවනවා බං හුඟක් ඈතකට වෙලා...හොඳ ෆන් එකක් ගනින්!

    ReplyDelete
  3. අහ්හ්... ඕකේ ගිහින් ආපහු ගෙදර එන්න කීය වෙයිද??? :O පිරිමි පාර්ෂවය විතරයිද නියෝජනය වෙන්නෙ??

    ReplyDelete
  4. @ හිතූ.
    නැනැ..ගැහැනු පිරිමි බේදයක් නෑ..හැමොටම ගියහැකි..රැ බොවෙන්ඩ කලියෙන් එමු යන්ඩ පැයයි නොවැ යන්නේ

    ReplyDelete
  5. අයියෝ..අපි නැහැනේ..ලංකාවට අපු කලෙකවත් බලමු .කට්ටියටම සුභ ගමන ගැහැණු ළමයි ටිකක් එක්කන් යන්න පව් නේ..

    ReplyDelete
  6. අනේ අම්මේ රෑ වෙයි නේද..

    ReplyDelete
  7. අපිත් එනෝ්්්්්්්්්්.......

    ReplyDelete
  8. @ හිතූ & වර්ණා :- ගාල්ලෙන් හතරට පිටත් උනත් 5ට කොට්ටාවෙ,,,

    එනවලකො.... ඕකත් රැයක්ද... ??

    ReplyDelete
  9. සුභ ගමන් ඔක්කෝටම ගිහින් එන්න පරිස්සමෙන්....!!

    ReplyDelete
  10. @ කිරිල්ලී :- කිරිල්ලිත් එන්න...

    ReplyDelete
  11. කොලබට එන්න කිය වෙයිද ආපහු?

    ReplyDelete
  12. එන්න ආසයි.ඒත් ඉන්නේ ගොඩක් දුර මචන් ඉතින් එන්න බැරිවෙයි

    ReplyDelete
  13. මටත් එන්න ආසයි. ඒත් රෑ වෙයි ද කියලා බයයි.......

    ReplyDelete
  14. මමයි මහි යි එනවා. හැබැයි රෑ වෙන්නේ නැහැයි කියලා ප්‍රොමිස් උනොත් විතරයි.

    ReplyDelete
  15. යන්න නම් ලැබෙන්නෙ නෑ.... මිනූ නංගා නවසීලන්තයට යන නිසා මට නුවර යන්න වෙනවා....ගොහින් ඇවිත් අපිට විස්තර කියන්න එහෙනම්...

    ReplyDelete
  16. නියමායි!! මාත් එනවා... 07 ඉරිදා නේ....
    එලකිරි ආ.....

    ReplyDelete
  17. ලංගම නං කොහොමත් අධිවේගෙන් නේද යන්නෙ ?

    ReplyDelete
  18. නොටියත් නෝටිච්චි එක්කම එන්න තමය් කම්පනාව...

    ReplyDelete
  19. රෑ වෙන එක තමා මටත් තියන බය..නැත්තම් වෙස්වලාගෙන හරි එන්න බැරියෑ....;) ඔය කිව්වට 4ටම ඒවිද???

    ReplyDelete
  20. නැහැ... අධිවේගී මාර්ගයත් තියෙන එකේ අපි කියමු උන්ට මෙහෙ එන්ට කියලා... :D

    ReplyDelete
  21. යකෝ නිවාඩු ගිහින් ආවා විතරයි මේන් තව සෙට් වීමක්.
    කමක් නෑ කමක් නෑ අපිට නැතත් ඔයාලා ගිහින් ජොලියක් දාලා එන්ඩලා . .
    උඹලගේ සතුට බලලා අපිට සතුටු වෙන්ඩ පින්තූර දාන්න අමතක නොකර

    ReplyDelete
  22. මමත් මේ මේ පැත්තෙන් යන්නේ කවුද කියලා හොය හොය හිටියෙ, එහෙනම් එදාට සෙට් වෙමු

    පීසා හට් එක ඉස්සරහට ආවාම හරිනේ ? :P

    ReplyDelete
  23. මට එන්න වෙන්නේ නැතෝ.... :((
    ලංකාවට ආපු කාලෙකම බලමු

    ReplyDelete
  24. ගැනුලමයිනේ රෑ වෙනකං එහේ ඉන්නැ ප්‍රොමිස් ආපහු එහෙන් එනවෙලාව හරියටම දාන්නම් ඉදිරියට..කස්ටියම යන්ඩ ලැස්තිවෙන්ඩ....

    ෆිසා හට් එක ගාවට තමයි ඔක්කොලම

    ReplyDelete
  25. අනේ ඉතින් අප්‍රේල් වෙනකං චැන්ස් එකක් නෑ එන්න.ගිහිල්ලා පොටෝ ටිකක් දාන්නකෝ අපිටත් බලන්න..... සුභ ගමන් .....

    ReplyDelete
  26. එන්න ආාාාාාාසයි එත් මම බ්ලොග් ලියන්න ඇවිත් තාම මාාාාාාාාාාසයයි

    ReplyDelete
  27. කොළඹිනුත් එද්දි මං මොන හිතකින්ද හැංගිලා ඉන්නේ??? :(

    ReplyDelete
  28. මා කොළඹින් යමි.මාත් සමග තවත් 4 දෙනෙකුට ඉඩ පහසුකම් ඇත.ගමන් පහසුකම් සඳහා විමසන්න chirathfonseka@ymail.com

    ReplyDelete
  29. රෑ බෝ වීම ගැන වදවන්නන් ඒ ගැන වද නොවන්න.මීට මාස 6කට කලින් රියදුරු බලපත්‍ර ගත් මා අධිවේගී ආරක්ෂාකාරී සුපරික්ෂාකාරී රියදුරෙකි.එන්ට කැමති උන් [ස්ත්‍රී\පුරුෂ] 4 දෙනෙකු වෙලාවට ඇරලීමේ භාරදූර වගකීම ගතහැක

    ReplyDelete
  30. @ සඳකිඳුරා...
    මචන් උබේ වාහනේ අභීයගේ ඔෆිස් එකේ දාල කට්ටියම එකට යමු මචං එක වාහනේක ...

    ReplyDelete
  31. ගොහින් පරෙස්සමින් එන්න...

    ReplyDelete
  32. @ මියුරු
    ස්තුතී අක්කේ ඔයාලත් හිටියනම් තමා හොඳ සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
  33. හරි කොලබින් තමයි මමත් එන්නේ. කොලබ කොයි හරියේදීද සෙට් වෙන්නේ කියලා වෙලාව සමග කියන්න wmandaakini@gmail.com
    හැබැයි රෑ වෙන්න කලින් එන්න ඕනා. :(

    ReplyDelete
  34. මමත් එන්නද? මම නම් වයසක කෙනෙක්. ඒත් ජොලියට ඒක බාධාවක් නෙවෙයි. දූලා බය වෙන්න කාරි නැහැ. හැමදාම රෑ වෙනව නෙ?

    ReplyDelete
  35. @ අක්කණ්ඩි
    කිසිම වයස් බෙදයක් නෑ හැමොම යමු අක්කත් එන්ඩ

    ReplyDelete
  36. සුබ ගමන්, ගාල්ලෙදි හමුවෙමු :D

    ReplyDelete
  37. අනේ අක්කණ්ඩි ඔයත් යමුකෝ.. මේ පිරිමි ළමයි රොත්තක් එක්ක ගෑනු ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් යන්න හරි නැහැනේ.. බයේ බෑ හිකිස්‌,,

    ReplyDelete
  38. @ රංග
    හම්බේමු මචං ජය...D

    @ වර්ණා
    අක්කත් එක්කං එන්න

    ReplyDelete
  39. මටත් එන්නනම් ආසයි අප්පා....

    ReplyDelete
  40. @ නිසූපා :- එන්න එන්න.. ආසයි කිය කිය නිකන් ඉන්නෙ...

    ReplyDelete
  41. @ වර්ණා ,හිතූ :- දරුවෝ බස් එනවනෙ ... රූමස්සල තියෙන්නෙ ගාල්ල කොළබ අදිවේගී එකට පේන් දුර... කවුරු ආවත් නැත්ත කට්ටියව 4 වෙනකොට බස් එකේ නග්ගන්න මම පොරොන්දු වෙන්නම්කො....

    5 වෙනකොට කොට්ටාවෙ... ... හරිනෙ...

    ReplyDelete
  42. @ අක්කන්ඩි :- එන්න එන්න... බ්ලොග් කියවනකොට අපි බලනවද මේක නාකියෙක්ද කොල්ලෙක්ද කෙල්ලෙක්ද ලියල තියෙන්නෙ කියල.. ඒක නිසා එකතුවෙන්න කිසිම බාදාවක් නෑ... වයස ප්‍රස්නයක් නෑ යාලු කමට... ඊමේල් කවි කාරිත් එනවලු... ඉතිං සම වයසෙ කට්ටියත් ඉදීවි...

    ReplyDelete
  43. @ මන්තරකාරි :- කොළබින් නෙවෙයි කුරුනෑගලින් නුවරින් බෙලිඅත්තෙන් ඇඹීලිපිටියෙන් පවා කට්ටිය එනව කියලයි තියෙන්නෙ...

    මොනවද හලෝ හංගන්න තියෙන්නෙ.... දැකල කතාකරාවි එච්චරයි.. ආයෙ ගෙදර එනවද... ?? ගොඩක් අය නිර්ණාමිකව බ්ලොග් ලියන අයය තමයි....

    ඔන්න පිස්සු නැතුව එන්න අප්පා...

    ReplyDelete
  44. ඔයාලා ගිහින් පොටෝ එහෙම දාන්ඩකො අපිටත් බලන්ඩ.ආසයි ඔයාලව බලන්ඩ කවුද කියල.

    ReplyDelete
  45. @ නදි..
    ඉතින් ඇයි බලන්ඩ විතරක් ඇවිල්ල කතාකරලම යන්ඩකො කට්ටිය එක්කම..ඔයත් එන්ඩ

    ReplyDelete
  46. @ නිසුපා
    ගොඩගම කිට්ටුවනේ අක්කා ඉන්නේ යමු ගිහිල්ල යාලුවො මුනගැහිලා එමු....

    ReplyDelete
  47. ඉහි ඉහි ... මට එන්න විදියක් නෑනේ.... :(

    ReplyDelete
  48. ශානියෝ යමුකෝ මචන්

    ReplyDelete
  49. ගිහිල්ල විනොද වෙලා එන්ඩලා . .
    අමතක නොකර පින්තූර දාන්නකෝ අපිටත් බලන්න..... සුභ ගමන් .

    ReplyDelete
  50. @ සඳරු
    හරි හරි..ඉක්මනටම අපි උඹ සෙට්වෙයි මචාන්

    @ ලකී
    ස්තුතී ලකි අයියා...

    ReplyDelete
  51. එක්කො මාත් එන්නම්කෝ.. මෙහ් ඒත් පොඩි අම්බිල් එකට තියෙන්නෙ හයි වේ එකේ යද්දි මගේ දත කට පූට්ටු වෙන එක.. :(

    ReplyDelete
  52. අනේ බං ඔය අධිවේගේ යන බස්වල හිටගෙන යන්න දෙනවද. කට්ටිය වැඩිඋනොත් මොකද වෙන්නේ....,

    මටනං බොහෝදුරට එන්න ලැබෙන එකක් නැහැ. ඒත් පෙරුම් පුරලා පුරලා කරන මේ සංවිධාන කටයුතු ටික අවුල් වේය කියන බයටයි මේක මතක් කලේ.

    හැමෝටම සුභ නවවසරක් වේවා !

    ReplyDelete
  53. අහපු වෙලාවේ ඉදල ආසාවේ බෑ ඒත් හොරෙන් මිස ගෙදරින් යන්න නම් නොදේ ෂුවර් බලමු පැලැනක් ගහලා

    ReplyDelete
  54. මමත් එනවෝ....
    මම නම් සියනෑ කෝරලේ පැත්තෙ ඉඳලයි එන්නෙ...
    කවුරු හරි ගම්පහ පැත්තෙන් යනව නම් මටත් කියන්ඩෝ....
    එතකොට මට තනි නැතෝ... එතකොට අපි 2නටම කොළඹට ඇවිත් හරි එන්න පුලුවන්... කොහොම උනත් මම එන්න තමයි තුන් හිතේම අදහස...
    ඒත් අයියො, මමත් නිර්නාමික බ්ලොග් කාරයෙක් නෙ (කාරයෙක්, කාරියක් නෙමෙයි :D)

    ReplyDelete
  55. This comment has been removed by the author.

    ReplyDelete
  56. ගාල්ලෙ කොහේද සෙට් වෙන්නෙ කට්ටිය ?? අපිට ගාල්ලෙදි එකතු වෙන්න පුලුවන්ද ?

    ReplyDelete
  57. මේ වෙනකං ඔය එක ගමන කට වත් සැට් වෙන්ට බැරි වුණා.. ආසයි සැට් වෙන්ට.. දුරත් අවුලක් තමයි.. ඊට වඩා ප්‍රශ්න තියෙනවා අප්පා.. අපේ පොඩි එකී ගේ පේරන්ට්ස් මීටිම එදාටම දාලා නොවැ.. කමක් නෑ.. අප්‍රේල් මාසෙ වත් සැට් වෙමු..

    කට්ටිය ගිහිං විනෝද වෙලා එන්ටකෝ.. ජය වේවා..!

    ReplyDelete
  58. සඳරු කොලුවත් ආවනම් තමයි ඕන් වටින්නෙ...

    ReplyDelete
  59. සහගහන අපරාදයක් බොල. ලංකාවෙ ඉන්නකම් ඔහොම සෙට් වීමක් එනකල් බලන් හිටියා... දුක තමයි රංඡනී... ෆොටෝ දාපල්ල ඇරියෝ වෙන්නෙ නැතුව.

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...