Thursday, December 15, 2011

සනි අංකල්ගේ හොල්මන් හුටපටේ තව දුර යයි.......



    දැන් වෙලා තියෙන සන්තැසිය කවුරු කවුරුත් දන්නව නොවැ....දන්නැති කට්ටියට ඔං පරන පාර...උදේ පාන්දරම ඔය කතාව අහගත්තට පස්සේ අපේ යාලුව තවත් අප්සෙට් ගියා....මිනිහා ඔෆිස් එකට ගියත් දවල් කතාකරල කොඩියට කියල ඔලුව බරයි..කවුද පිටිපස්සේ හිටගෙන ඉන්නව ..වගේ කියල...අපිට මේ කතාවලට හිනා ගියත් මිනිහා පුල් අප්සෙට් පිට තමයි හිටියේ......

   ඒ වගේම තව අමුතු වැඩත් වෙන්ඩ පටන් අරං..කාමරේ තිබ්බ වතුර බොතලයක් මිරිකල පුපුරවල දාල තිබිල....කවුරු හරි උවමනාවෙන් විසිකරපු විදිහට කාමරේ වතුර ඉහිරවල තිබිල තියෙනව...

    ඔය නිසාම තමයි කට්ටිය ගොඩගම පැත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන තැනකට ගියේ...මේ ගැන හොයල බලන්ඩ කොඩියා කියන විදිහට කට්ටිය මුකුත් කියන්ඩ කලින්ම ඒ තැනින් කිය උනාලු මෙන්න මෙහේම

 "ලමය මාස තුනකට කලින් ස්ථානය මාරුකලා නේද......"

   මීට මාස තුනකට කලින් තමයි කොඩියල හිටපු තැනින් මෙතැනට ආවේ....

 " කවුරු හරි ඔය ඉන්න ස්ථානයට මළගිය ප්‍රාණ කාරයේක් බන්දනය කරල තියෙන්නේ ඉක්කමනින් ඔතැනින් පිටවෙන්න...
   ඔය තැන ඉන්න කාටත් හොඳනෑ  ...."

ඔහොම කියල අපේ යාලුවට ආරක්ෂක නුලක් දාල...හැබැ..පිළි ජාති මුකුත් කන්ඩ එපා කියල..එවලා

     දැන් මේ කතන්දරේ ගේ අයිතිකාර ඇන්ටිට කියලත් බැ..නොකියත් බැරි තත්වයක් තියෙන්නේ....හැබැයි වෙලාවට මේ කතන්දරේ කියන්ඩ හොඳ වතාවරනයක් ඉබේටම සෙට් වෙලා අපේ යාලුවට...ඔය දවස්වලම ඇන්ටිගේ එක දුවෙක් ගිහින් සාත්තරයක් බලවන්ඩ ඒ තැනින් කියවෙලා

  " නරක දෙයක් කැවෙන්ඩ තියෙනව..ලඟම ඉන්න එක්කේනේක් තමයි කරන්නේ පරිස්සම් වෙන්ඩ කියල...."

 ඇන්ටි මේ කතාව කොඩියලට කියල තියෙන්නේ....මොකද. ඔය ගෙදරට කොඩියල එන්ඩ කලින් ඉඳලා තියෙන්නේ අර ඇන්ටිගේ සහොදරියකගේ බොඩිමක...ඒ තැන ඉන්ඩ අමාරු නිසා මෙතැනට ආවට අර කස්ටිය මුනට නොපෙන්නුවට අවුලේන් තමා ඉඳල තියෙන්නේ....

   ඔව කොඩියලට ගානක් නැනේ..හැබැ අන්ටිගේ කතාවෙන් පස්සේ ඔය ගැනත් සැකයක් තියෙනව...
   වැඩේ කියන්නේ ඔය නුල දැම්මට පස්සේ මූට පොඩ්ඩක් හොඳයි වගේලු..රෑට නිදා ගන්නකොට කලින් වගේ ප්‍රෂ්ණ ඇතිවෙලා නෑ....

   ඒත් කොහේද කට හින්දාලු මාලුත් නැහෙන්නේ...කියනව වගේ....අපේ යාලුවා කරොල වගයක් කාලා....දැන් ආපහු පොරට අප්සේට්.....

  දැන් මේක යාලුවගේ තාත්තලත් දන්නව....

තාත්ත දන්න හොඳ කට්ටඬියෙක් ඉන්නවලු අනුරාධපුරේ....

ඔන්න සෙනසුරාදට කට්ටිය ජල්ලියක් අල්ලන්ඩ හදන්නේ බලමුකො මොකැ වෙන්නේ කියල.....

 ප. ලි
   බොහොම ස්තුතී මේ පුංචි බ්ලොග් අඩවියට ආව ගිය හැමොටම ඔය...හැමොම මට ලොකු ශක්තියක් උනා...මොකද මම එහේම කියන්නේ ඔය ගොල්ලො මාව එක සැතපුම් කනුවක් පහු කෙරෙව්ව නොවැ බලන්ඩකො පිටු 10 000 ක් පෙරලලා නොවැ...අහිංසක සතුටක් විඳිනව මම...විශේෂයෙන් සිංහල බ්ලොග් අඩවියටත්....මට ලොකු තල්ලුවක් දීපු දිල්...සහොදරිටත් ටිකක් වැඩියෙන් ස්තුති කලාට කාගේවත් හිතේ කහටක් නෑ කියල මම දන්නව..නැවතත් ස්තුතී ඔබ හැමොටම... 


25 comments:

  1. හප්පා මාතර පැත්තේ නං ඉන්නව ඕකට කියාපු කට්ටඩියෝ.....සනී අංකල්ව කුදලගෙන යයි කිව්වනං....

    ReplyDelete
  2. ජය!!!
    පිටු නොගිනිය හැකි තරම් පෙරලේවා. හැබැයි කථාව ඉක්මන් නොකලොත් බාල්දිත් පෙරලෙයි අරී.

    ReplyDelete
  3. අම්මෝ අදත් බය හිතුනා. ඔය හොල්මන් කතා වලට කොහොමත් මම ආසයි... එත් කියවද්දී බයයි..

    ReplyDelete
  4. සුබ පැතුම් 10000ට ! අයියෝ... මොනාත් වෙලා නෑනේ!

    ReplyDelete
  5. @ ඔබ නොදුටු ලොවක්
    අනිවා මචො..මාතර කස්ටිය ඔවට දක්ෂයි නොවැ..

    @ මහවෙදනා
    බුදු අම්මො ...හහා..ස්තුතී වෙදමහත්තයො...මට ආරංචි ලැබෙන හැටියේ දානව...

    @ වර්ණා
    ඉතිපිසොගාථාව හයියේ කියන ගමන් කතා කියවන්ඩො...

    @ ලහිරු
    ඉතින් මම මක් කොරන්ඩදො...පනිවිඩ ලැබෙන විදිහට නේ ලියන්නේ..." සනී ලොක්කට කියමුද කතාව තව ටිකක් බිහිසුනු..කොරන්ඩ කියල..."
    බොහොම ස්තුතී සුබපැතුම් වලට

    ReplyDelete
  6. 10000ට සුභපැතුම්. උඹේ සයිට් එකට මම ආවෙත් අපේ නං පටලැවිල්ල හිංද?

    ReplyDelete
  7. මගෙනුත් සුබ පැතුම්. ජාතික සංවිධායක කමත් එක්ක සේරම කරගන්නත් එපැය් නේද? :D

    ReplyDelete
  8. හොල්මන් කතාවලට දිල් බයයි රාජ්...මේ බෝඩින් කූඩුවේ ඉන්නෙත් තනියෙම නොවැ....අපොයි.....ඒ උනාට බලමුකො ඉතිරි ටිකත්...

    ආ කඩ ඉමක් පහු කලාට සතුටුයි....ඉස්සරවෙලාම මේ අඩවියට මම ගොඩ වැදුන හැටි මතක් උනා...ජයවේවා !

    ReplyDelete
  9. හොල්මන් ගැන නං කියන්න දන්නේ නෑ බං! පෙරලපු ගානට සුභ පැතුම්! :)

    ReplyDelete
  10. ඒ කියන්නේ මේක මේ මෙ දවස්වල යන හොල්මන් කතාවක්ද??
    සනී අන්කලුත් කොහාට හරි වෙලා බ්ලොග් කියවනවද දන්නේ නෑ :P

    ReplyDelete
  11. මුලින්ම බ්ලොගයට ජයවේවා....!!

    යකෝ.. මේක ඉක්මනට කියල ඉවරයක්‌ කරපංකෝ
    අපිව රස්තියාදු කරන්නේ නැතුව

    ReplyDelete
  12. @ රාජ්
    ස්තුතී ඔව්මනේ මචො

    @ සමාධි
    ස්තුතී ලොකු අක්කේ අහිංසකයන්ට මඩ ගහන එක හොඳ නෑ

    @ දිල්
    හැමදාටම ස්තුතී

    @ සබිත
    ස්තුති සහෝ

    @ තාරක
    ස්තුතී මේපැත්තේ ආවට....ඔව් මචං මේක කතාවක්ම විතරක් නෙවි ඇත්තටම මේ වෙනකොටත් සිද්ද වෙන දෙයක්

    @ ලොකු
    ස්තුතී සහෝ..
    උඹත් කියන්නේ මාර කතාවක්නේ..මට එකපාරට මේක ඉවර කරන්ඩ බැනේව...ඇත්තටම මේ සීන් එක දිග්ගැසෙනවනේ...බලමු සමහර විට සෙනදුරාදයින් කෙලවරක් වෙයි මං හිතන්නේ....

    ReplyDelete
  13. සතුටුයි ,හැමෝටම බෑ අනිත් අයගෙ සිත් ඇද ගන්නා විදිහට ලියන්න, ඔබට ඒ දක්ෂතාවය හොඳින් පිහිටලා තියෙනවා..සුභ පැතුම්!

    ReplyDelete
  14. 10,000 ට well done කිව්වා....

    ReplyDelete
  15. අපෝ කියන්නකො අනේ ඉක්මනින් හොල්මන ගැන.....

    ReplyDelete
  16. ආ..ආ....අමතක උනා..මගෙනුත් සුභ පැතුම් ඔයාගෙ බ්ලොග් එකට හොඳේ අයියේ....

    ReplyDelete
  17. දැන් ඒ කියන්නෙ තොවිලෙ නටන්න යන්නෙ මේ හෙට වන සෙනසුරාදද? පුළුවන් ඉක්මනට අපිවත් අප්ඩේට් කරන්න අනේ.... නියම කතාව.

    10,000ට මගෙනුත් සුභ පැතුම්...!!

    ReplyDelete
  18. @ kandyan
    ස්තුති සහෝ

    @ සුළඟ
    ස්තුතී ඔබට

    @ වින්චැට් කිරිල්ලි
    ස්තුතී ඉක්මනටම දාන්නම්

    @ මියුරු
    හෙට රෑ තමයි වෙඩේ සිද්ද වෙන්නේ ස්තුතී සුබපැතුම්වලට අක්කේ ඉක්මනටම ලියන්නම්

    ReplyDelete
  19. 10,000 ට මගේ සුභ පැතුමත් පිලි ගන්න.
    කථාවෙ ඉතුරු හරියත් කියවන්න ආසාවෙන් බලා ඉන්නව

    ReplyDelete
  20. @ ඔබා අයියා
    ස්තුතී අයියේ තොරතුරක් ලැබුන ගමන් දානව

    @ නලින්
    ස්තුතී මචො

    ReplyDelete
  21. 10.000 ක් පෙරලුවට සුභ පතනවා.මේක මේ අලුත්ම කතාවක් නේද හෙටම අලුත් කතාව පොස්ය් කරපන්.

    ReplyDelete
  22. ස්තුති මචො ..හරි පොස්ට් කරනවා

    ReplyDelete
  23. //10000ට සුභපැතුම්. උඹේ සයිට් එකට මම ආවෙත් අපේ නං පටලැවිල්ල හිංද?//

    රාජ්ගේ නවාතැනේ රාජ් එහෙම කිව්වට, සෑම්ටත් මේ පටලැවිල් උනා බං.. දෙන්නම දස දහස ගහලා..

    ජය ශ්‍රී...

    ReplyDelete
  24. @ සැම්
    ස්තුතී මචො සුබපැතුම් වලට ජය

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...