Tuesday, October 25, 2011

මුවෙක් නිසා උන හදියක්....


මං එතකොට 3 නේ කැලැසියේ....අපේ ගමේ ඉස්කොලේට තමා අකුරුකොරන්ට ගියේ... මගේ තාත්තත් ගියා ඔය ඉස්කොලෙටම...හැබැ උගන්නන්ට...වැඩේ කියන්නේ එතුමා..ඉස්කොලේ උප ගුරුතුමා..

    ඔය ඉස්කොලේ එකපැත්තකින් ලොකු පොල්වත්තක් තියෙනව....අපේ පංතිකාමර තිබ්බේ ඉස්කොලේ ඉස්සරහ මායිමට වෙන්ට...ඔය මායිමයි අර පොල්වත්තයි අතරින්  තමා ඒ වත්තට යන පාර තිබ්බේ...ඔය පාරදිගේ ගියහම හාමු මහත්තයගේ ලොකු වලවුව දැක ගතැකී... 

   ඉස්කොලේ පිට්ටනිය තියෙන්නේ ලොකු අයියලගේ පංතිකාමර ඉස්සරහ...හැබැ එතෙන්ට යන්න ඔන ලොකු ගුරුතුමාගේ ඔෆිසීය පහුකොරාගෙන....පිට්ටනියේ ඇත කෙරවල මායිං වෙන්නේ ලොකු රබර් වත්තකට..ඔක තමා ඉස්කොලේත් ඒ පැත්තේ මායිම වෙන්නේ...

  පිට්ටනියේ කෙරවලේ ඉඳන් බලන කොට මේ රබර් වත්තේ ටික දුරක් හොඳ හැටි පෙනව..ඉටපස්සේ කටු අකුල් තමා පෙන්ට තියෙන්නේ...හැබැ ඔය අකුල්වලට උඩින් අර හාමු මහත්තයගේ තඩි ගේ නං යස අපූරුවට පෙන්ට තියෙනව....

   ඔං ඔය වලව්වෙ රබර්වත්ත පැත්තට වෙන්ට මුවෙක් කොටුකරල තියන ආරන්චිය අපට ආවේ ලොකු අයියලගේ පංති දිහාවෙන්...ඒ කාලේ  අපී තරං කුනුකන්දල් හොයන අය තවත් හිටියැ...

  ඔය කතාව කනවැටුන වෙලේ හිටං ඔකා බලනකං ඉවසුමක් නෑ...ඔය වැඩේට යාලුවො දෙතුන් දෙනේක්ම එක්කාසු උනා...අපේ වෙලාවට පිට්ටනියේ එක්පැත්තකින් අර රබර්වත්තට කිට්ටුවෙන් තමා වැසිකිලි පේලිය තිබුනේ..ඔං අපේ ප්ලැන් එක ඔය වැසිකිලිය පැත්තේන් රබර්වත්තට ඇතුල්වෙන එක...
  මොකැ අපි වැසිකිලි ගියා කියල කවුරුවත් සැක කොරන එකක් නැ කියල තමා අපේ පුංචි මොලගෙඩි ටිකට ඒ වෙලාවෙ හිතුනේ....

  දවසක් අපේ ගුරුතුමී පාසැල් ආවෙනැ....ලොකු පංතිවල වගේ මේ පුංචී පන්තිවලට වෙනම පීරීයඩ් නෑ නොවැ ඔය අපේ ගුරූතුමීම තමා ඉස්කොලේ ඇරෙනකම්ම අපට ඉගැන්නුවේ...

  දැන් ඉතින් අපට රජ මගුල් ඇයි දවසම නිකන්නොවැ...උදේම අපේ මුල්ගුරුතුමා ආව. ඇවිදින් චිත්‍රයක් අඳින්ටය දඟලන්නැතුව ඉන්ටය කියලා ආපහු ගියා....

  අපේ ප්ලැන උනේ දවල් වීවෙකයෙන් පස්සේ අර මුවා බලන්ඩ යන්ට 3 වසරේ අපට දහවල් විවෙකය තිබුනේ උදේ 10 ට විතර..ඒ කාලේ ලොකු අයියලට  විවෙකය දීලා තිබුනේ ඉතින් 11.30 විතර නොවැ...
කොහොම හරී විවෙකෙන් පස්සේ ඉස්සෙල්ල කිවුව..වැසිකිලි ටිකට මුවාවෙලා කම්බි වැට අස්සෙන් රිංගල රබර්වත්තට පැනගත්තා...මොනාකලත් බෙල්ලට පහලින් ඩොං ඩොං ගාලා එන සද්දේ එලියට නැතත් හිතට නං දැනුනා...මොකැ පුංචි උනාට හොර වැඩක්නොවැ කොරන්නේ...

   තිබ්බ කුහුලටම බය යටපත්වෙලා මුවා බලන්ටමයි හිත...රබර් වත්තේ අර කටු පඳුරු හරියත් පහු කරගේන යාලුවො කට්ටිය ඉස්සරහටම ගියා...

  කතාව ඇත්ත කම්බි දැල්වලින් වටකරපු ටිකක් ලොකු  කොටුවක මුවො දෙන්නේක් මොනාදො කකා හිටියා..හැබැ තිබ්බ බයටද කොහේද ඉක්මනටම ආපු හැරුන යාලුවොටික ආපහු අර වැසිකිලි තිබ්බ තැනට දුවල ආව...

  පොට වැරදුනේ ඊටපසේ තමා ඔං...එකා එකා ආපහු පංති කාමරේට එනකොට අපේ උප ගුරුතුමා ඒ කිව්වේ මගේ තාත්ත පංතිය ඇතුලේ...කට්ටියවම පොලීමට ලොකු ගුරුතුමා ගාවට යැවුවේ නැතැ...
  ලොකු ගුරුතුමා ඉස්සෙල්ලම ඇහුව කට්ටියගෙන්ම කොහේද ගියේකියලා....ලොකු වේවැලත් අරගෙනම ...ගහන්ට ඔනීයැ තියෙන බයටම ඔක්කොම එලිකොරපි...කස්ටියම...

  හැබැ ගැහුවෙනං නැ...අපේ පුංචි පංතී ඇරෙන කම්ම දනගස්සොලා තිබ්බා...

  හැබැ හතර විලිලැජ්ජවේ මොනාද ගියේ ඉට පස්සේ ඇයි වදේ..අරුන්ටික පංති ඇරිලා ගෙවල්වලට ගියාට මං තුමා ඉන්ට එපැ ඉස්කොලේට වෙලා 1.30 වෙනකං...තාත්තා ගෙදර යන්නේ ඒ වෙලාවටනේ... අපෝ අනිත් ගුරුවරු දකින දකින සැරෙට අහනව මොකැ තාත්තද දනගස්ස්වල තිබ්බේ කියලා...අපොයි උන වැඩක්...
  
 
 
 

   

23 comments:

  1. තාත්ත ඉදලත් වැඩේ ගොඩදාගන්න බැරිනං කරන්න දෙයක් නෑ. මම නං ඒවගේ වෙලාවට බොරු ලෙඩක් හරි ගන්නව.

    ReplyDelete
  2. අනෙ අප්පේ....මදෑ මුවෝ බලන්න ගියා...

    ReplyDelete
  3. @ රාජ්
    අපෝ...අපේ ලොකුතැන මාර වසයිබං ඒ කාලේ ...

    @ Miyuru
    ඔවු බං

    ReplyDelete
  4. ඒකට දැන් තාත්තල. පුත්තු කරන මගෝඩි වැඩ දිහා බලල හිනා වෙනවා. පුත්තුයි තත්තලයි එකට කුඩු විකුනනවා. තව දෙවල් එකට අනේ මන්ද ඔබගේ වැනි තාත්තල අද කෝ?

    ReplyDelete
  5. @ මහා වෙදනා..

    ස්තූතී ඇත්තේන ඔබගේ වදන් වලට ම පියා සිහිවි දෙනේත් තෙත් වූවා...අපගේ තාත්තල ඒ විදිහට අපව හැදුවෙ නැතිනම්... අපද, අද ලොකයට කරදර කාරි පුද්ගලයන් විමට ඉඩ තිබුනා..ඔවුන ගේ වීරියේ ප්‍රතිඵලයක් ලෙස මා අද රාජ්‍ය බැංකුවක සේවය කරමී..

    ReplyDelete
  6. තාත්ත එහෙම නොකල නම් උබ අද කොහෙද ?

    අර වෙද මහත්තය කිව්ව වගේ ආඩම්බර වෙයන් අද කාලේ තාත්තල පුතාල එක බඩුව ගහල එකට කුඩු විකුනන රටක් මේක.

    ReplyDelete
  7. එහෙනම් රාජ් මුවෝ බලන්න ගියේ මෙහෙමලු.....

    ReplyDelete
  8. @ පලාමල්ල
    ඇත්ත මචං

    @ දිල්
    ම් හ...හා...D

    ReplyDelete
  9. අඩේ අප්පා මටත් මතක් උනා ඔය වගේ සිද්දියක් මට උන. අපේ ඉස්කෝලෙට පිටිපස්සේ තිබුනා. සිමෙන්ති ටැංකියක් . එක උරු කොටුවක්. උරෝ 4 - 5 ක් හිටියා. මමත් ඉස්කෝලෙට හොරෙන් කොල්ලෝ සෙට් එකක් එක්ක ගියා ඕක බලන්න. එතකොට මම 3 වසරේ හිටියේ. මගේ පණ්ඩිත කමට නැග්ග බැම්ම උඩට උරෝ බලන්න. ලිසුවේ නැද්ද උරු කොටුව ඇතුලටම. රුටගෙන ගිහින් වැටුන හරියටම උරු බෙටි ගොඩක් උඩට. කොහොමට තියෙන්න ඇද්ද.

    ReplyDelete
  10. තාත්තට මගේ ආචාරය , අන්න එහෙම තමා ඉන්න ඕන .
    රාජ් ගැන දුකේ බෑ උඹ එතකොට පැය තුනක්ම දණගහං හිටියද ඈ ?

    ගෙදර ගියාම මොකුත් හම්බුනේවත් නැද්ද බං

    ReplyDelete
  11. එළ සීන් එක...මගෙත් අම්මයි තාත්තයි දෙන්නම ඉස්කෝලේ... වැඩක් නෑ කියල ඒ දවස්...

    ReplyDelete
  12. දණ ගස්සන එකත් නරකම නැහැ, මගේ යාලුවෙක් කිව්ව උන් ඉස්කෝලේ යන කාලෙ හිටපු ඒක P.T. සර් කෙනෙක් උන්ව දානවලු ක්‍රීඩා පිට්ටනියෙ නිදිකුම්බ ගලවන්න. ඒ දඬුවම ඉවර වෙලා චෙක් කරල ගලෝල තියෙන නිදිකුම්බ ප්‍රමාණය අඩු එවුන්ට දඬුවම් කාලය තව දික් කරනවලු

    ReplyDelete
  13. @it nishantha
    ලොක්කා කාතාව වෙලාවක ලියපං බ්ලොගේ

    @ හිස් අහස
    නැ බං පැයක් විතර...ඉටපස්සේ අපේ පොඩි පංති ඇරෙනවනේ...හැබැ 1.30 වෙනකං ඉස්කොලේට වෙලා ඉන්ඩ වෙනව මොකැ තාත්ත ගෙදර යන්නේ 1.30 පස්සෙනේ...2.00 විතර වෙනකං ගෙදර කවුරුත් නැ අම්මත් වෙන ඉස්කොලේක උගන්නනවනේ ඒකයි...

    @ ඔබ නොදුටු ලොවක්
    අනිවා මචො..හොරවැඩක් නම් කරනව බොරු කොහේන් හරි ආරංචි වෙනව

    @ observer
    ඒකාලේ ගැන මතක්වෙද්දී සතුටයි දුකයි ඇයි ආයේ ඒ කාලේට යන්ට කියලැ...

    ReplyDelete
  14. වලව්වේ මුවෝ විතරමද හිටියේ. ෂුවර්ද වෙන මොනවත් බලන්ට ගියේ නෑ කියලා...:D

    ReplyDelete
  15. @ podi kumarihami
    හහා....පොඩ්ඩියේ...දැන් පොඩි උන් ඇඩ්වාන්ස් උනාට ඒ කාලේ අපි ඇඩ්වාන්ස් නැ බං....

    ReplyDelete
  16. මොකක් වුනත් කමක් නැහැ..මුවා බලාගත්තනෙ...

    අද තමයි මෙහාට ඉස්සර වෙලාම ගොඩ වැදුනෙ..බස් රේඩියෝ එකේ පාසල් සගයෙක් දාපු කොමෙන්ට් එකක් පස්සෙන් ඇවිත් පාර හොයාගත්තෙ...රාජ් ඉස්කෝලෙන් අවුට් වුනේ කොයි අවුරුද්දෙද ?

    ReplyDelete
  17. @ ලකී
    මචො බොහොම ස්තූතී මේ පැත්තේ ආවට..
    මචං මම ඉස්කොලේන් අවුට් උනේ 2000 දී කොමස් ක්ලාස්වල හිටියේ...
    එතකොට උඹ ....

    ReplyDelete
  18. මම 94 බං..උඹ එනකොටම වගේ අපි යන්න ඇත්තේ..

    ReplyDelete
  19. @ ලකී
    අඩේ ඔව්මනේ...මොනා උනත් එක ඉස්කොලේ සහොදරයේක් බ්ලොග් එකෙන් හමුවිම සතුටක්

    ReplyDelete
  20. මුවෝ නේද...
    පොඩි කමට කොරල තියෙන වැඩේ හැටියට ඔයින් ගියා මදැයි

    අපිට සිංහල උගන්වපු මිස්ගේ පුතා හිටියෙත් අපේ පන්තියෙමයි, ඌ මට ඉන්නහොඳම යාලුවෙක්
    දවසක් මිස් සිංහල පාඩම උගන්වද්දී මිස්ගේ පුතා වෙන යාලුවෙකුට කොළ ගුටියකින් ගැහුවා
    ඒක වැරදිලා මිස්ගේ මේසෙ උඩටම ගියා, මිස් ඒක ඇස් කොනකින් වගේ දැක්ක
    තමන්ගේ පුතා කියල බැලුවේ නැහැ, පුදුම ගැහිල්ලක් ගැහුවේ
    දැන් මගේ යාළුවා රට ඉන්නේ
    ඒ උනාට මම නිවාඩු ගියාම හැමදාම වගේ එහේ යනවා
    මම දැනට යන එන එකම ගුරු ගෙදරත් ඒක විතරයි

    ReplyDelete
  21. 3 පන්තියෙදීම තාත්තාට පුතන්ඩියගෙ තරම තේරිලා.....හොඳ වැඩේ!

    ReplyDelete
  22. @ ලොකු පුතා
    ඒ කාලේ හිතුනේ නැතත්..මචො ඒ ගොල්ලො අපට දඬුවම් කරපු විදිහ හරි..එහෙම කලේ නැත්නම් අර අනිත් ලමයිනුත් යන්නේ වැරදි පාරේ මොකැ එ ගොල්ලො වැරදියට හිතන්ට පටන්ගන්නව...

    @ සුලඟ
    ම්ම්..හහා....

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...