Sunday, October 2, 2011

ගස් කපනවා..අතු කපනවා.... සහ. පරන යකඩ..තලන බැටරී...බෝතාල්...පත්තරේයි...



  අපෝ හොඳ නින්දක් දාගෙන හිටියේ....ටිකක් දවල් වෙනකං නිදාගන්ඩ කියලා ෆොන් කට්ටත් සයිලන්ට් දාලා තිබ්බේ....ඊයේ රැ....
   කොහෙද.....උදේම මෙකා කැමොර දෙනව...." ගස් කපනවා...... අතු කපනවා....."

   
මොනා උනත් කමක් නෑ දැන් ඉතින් පොඩි ගමන් දෙක තුනකුත් තියෙන හින්දා කලින්ම ගොහින් එන්ඩ පුලුවං.....

 හවහට පොඩියට කිරිකොට් පාරකුත් ගහන්ඩ බැරියැ.....

මේ ගෙදර මං ආසම පොඩි බැල්කනි කැල්ලක් තියෙනව......සැටීයේ වාඩියක් දාල බලාන ඉන්නකොට ඈතට හරිත යායක්ම පෙනව.....නිකම්ම හිත රිලැක්ස් වෙනවා...


  "ගස් කපනවා..අතු කපනවා...."

මොකක්.....තේ එකකුත් බිබි.....ඇත බලං  පොඩි මනෝපාරක්  ගහ ගෙන හිටියා විතරයි....
  මේකා අයේ කෑගහනව....ඔවු ඉතින් ඌ කැගහන් නැතුව කොහොමද නෙද... තාප්ප ඇතුලේ ඉන්න එවුන් දන්නවැ ගස් කපන් මිනිහෙක් පාරේ යනවා කියලා...

  කොකටත් කියලා...ගියා බැල්කොනියට...මොකැ ඔතෙන්ට ගියාම පාරත් යසට පේනවා....
  එතකොටම ආපු වාහනයක් හින්ද පොර ගේගාව නැවතුනා....

 "ආ මහත්තයා.....ලොකුමහත්තයා නැතිවෙලා දැන් කොච්චර කල් ද ?

ඔය අහන්නේ...අපේ..මහප්පා ගැන....

" මහප්පා නැතිවෙලා..දැන් අවුරුද්දක් විතර වෙනවනේ..."

" බලන්ඩකො මහත්තයා මට වෙච්චි වැඩේ.."
 ඇයි මොකද උනේ...මම ඇහුවා......
" නැ මහත්තයා....උදේ මම එන කොට අර එහා පැත්තේ ගෙදර එක්කෙනා කතා කරලා වත්ත සුද්ද කරන්ඩ කිවූවා....ඉතින් මං විසිකැත්ත අරං ආයේ එද්දි...මිනිහා නැ....ටෙලිෆොන් කරලා අහද්දී....මිනිහා නුගේගොඩලූ....
   බලන්ඩකො....මගේ දවසම ඉවරයිනේ.....වැඩක් හොයාගන්න වෙලාව...
ආයේ ඉතින් හොරකං කොරන්ඩ කියලයැ...."
" මං ගිහින් එන්නං මහත්තයෝ........"

මටත් පුල් අප්සෙට් ඇත්තටම...අදකාලේ පෙලක් මිනිස්සු බොරුවට හිඟා කන විදිහට....හොරකං කරන විදිහට...මේ වගේ මිනිස්සුන්ට ගරුකරන්න ඔන...තමන්ගේ හයි හත්තියෙන් දවස ගැටගහ හන්නවට....
  ඇත්තෙන්ම මේ වගේ මිනිස්සුන්ව බොරුවට රස්තියාදු කරන එක වැරදී මට හිතුනේ එහේම....

" පරන  යකඩ..තලන බැටරී...බෝතාල්...පත්තරේයි...."

හෑ මෙන්න බොලේ තවත් එක්කෙනෙක්...........




 



8 comments:

  1. අර ජනේලය ගාව තියෙන පින්තූරය නම් නියමයි රාජ්...පින්තූරය දිහා බලාගෙන ඉද්දිත් හිත Relax උනා

    ඔතන තව පැත්තකුත් තියෙනවා රාජ්...මම මේ ලඟදි පත්තරයක ලිපියක් කියෙව්වා එක මිනිමැරුමක් ගැන.... ඒ මිනි මැරුම කරන්න කලින් ඔය වගේ ගස් කපන විදියට ඇවිත් තමා ඔත්තු බලලා තියෙන්නේ..... ඒ ගෑණු කෙනා තනියම ජීවත් උන කෙනෙක්...

    දුප්පත් කම නිසාවට ඔය වගේ දෙයක් කරලා හරි ජීවත් වෙන්න උත්සාහ දරන හොඳ අවංක පුද්ගලයෝත් ඇති...අර මම කිව්ව ඝණයේ අයත් ඉන්නවා...ඉතින් හොඳයි කියලා අපි තීරණයක් ගන්නෙ කොහොමද ?

    ReplyDelete
  2. ම්ම්...ඇත්ත දිල්,..අද කාලේ...මිනිස්සු...කොයි විදිහට හැසිරෙනවද කියන එක...තෙරුම් ගන්ඩ හරීම අමාරුයි..

    ReplyDelete
  3. මගෙත් හිතගියේ ෆොටෝ එකට.

    ReplyDelete
  4. මට අර බැල්කනිය ඔනේ, ගෙදර ගෙනියන්න.

    ReplyDelete
  5. @ රාජ්...
    ස්තුතී සහෝ....ගොඩාක් ලොකු පරිසරයක් නැති උනත්....ඈතට විහිදිච්ච කොලපාට ගහකොල...හිත සන්සුන් කරනව මචො....

    @ සමාධී
    ලොරි බාගයක් අරගෙන හවහක ආවොත් ආපහු දෙන පොරොන්දුව පිට උස්සන් යන්ඩ දෙතෑකී
    අර අලුතින් හදන ගේ..පොඩිත්තට ..ඔයවගේ කැල්ලක් එක්කර ගත්තොත් හොඳා..නේද.

    ReplyDelete
  6. අඩේ බැල්කනිය සුපිරිනේ..... ලාවට බියර් එකක් අදින ගමන් හාන්සි පුටුවකට වෙලා මනෝ පාරක් දාන්න නියම තැන

    ReplyDelete
  7. @ පිස්සා පලාමල්ල
    අනිවා මචො..

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...