Thursday, October 20, 2011

ආරාධනා පතක් සමග අපූරු පැය 2කක්....



ඊයේ තමා මේ අපුරු සන්ද්‍යාව ගතකලේ... 

ඔෆිස් එකේ රාජකාරිටික ඉවර කොරල එහේම තව යාලුවො දෙතුන් දෙනෙකුත් එක්ක සෙට් උනා..හැබැ මදු විතටනං නේවී....ඔය B.M.I.C.H     එකේ ඉස්සරහ පැත්තේ පොකුන තියෙනවනේ...ඔන්න ඔකෙන් වම්පැත්තට හැරීලා B.M.I.C.H    එක පිටිපස්සට ගියහම තියෙනව අපුරු ගෙවත්තක් ..එකේ අපේ ගම්පලාත්වල වගේ හොඳ හොඳ බොග ජාතී වවලා තියෙනව...

  ඔං ඔය ඉසව්ව පහුකරාපුවම තියෙනව බොඩ් කැල්ලක් " කොළඹ කමත " කියලා.... මොනා උනත් ලංකාවේ තවම නිර්මාණශීලීන් අතලොස්සක් හරී ඉන්න හින්දා..අපී ගමේදී දකින කමත වගේම එක හදලා තියෙනව..

  

  හවස 6.00 විතර වෙද්දී අපී කමතට ගොඩ වැදුනේ...එක් අපූරු මිනිසෙකුගේ තවත් නවමු අත්දැකීමක් අහන්ට දකින්ට කියලා...

   හැත්තැව දශකය ලාංකීය සංගීතේ ස්වර්නමය අවදියක් කියලා....ඔය කවුරුත් දන්නව නේව.. අන්න ඒකාලේ ඉඳලා අද තව වෙනකං ගී කුරුටුගාලා අපව සනහන එක් වටිනා පුද්ගලයෙක් තමා බණ්ඩාර ඇහැළියගොඩ කියන්නේ...  

  එතුමා මෙන්න මේ විදිහට අපට කියලා එවලා තිබුනා....

"    මවිසින් රචිත ගේය පද රචනා ඇතුළත්
            සිවුවන සංයුක්ත තැටිය

                 සඳුට අවනතවී
             
            දෝතින්ම ආරගෙන
    බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි මිහිලක මැඳුරට යබද " කමතට " වෙලා
    ඔබ එනතුරු මග බලාගෙන ඉන්නවා….
    ඔබේ ආදරය දිනු ගායන  ශීල්පී, ශීල්පිනියන් මියුරු ගී ගයමින් ඔබව රසවත් කරාවී....
    මනරම් පරිසරයක ඉඩ තියෙන විදිහට වාදිවෙලා සුන්දර හෝරා දෙකක් ගතකරන්නට ඔබ වෙත  කෙරෙන
   ළෙන්ගතු ආරාධනාවයි මේ..
          මං බණ්ඩාර ඇහැළියගොඩ. "  

හවස 6.30 විතර වෙද්දී එතන තිබුන පුංචි ඉඩ රසවතුන්ගෙන් පීරිගියා...වටේ තිබ්බ බැමිකඩ වල පැදුරු එළලා තිබ්බා පිරිසට වාඩිවෙන්ට... ..බණ්ඩාරයන්ගේ ගී නැව පැදවූයේ නවරත්න ගමගේයන්..
ඒකට පාර කියන්ට …..
නන්දා මලිනි, සුනිල් එදිරිසිංහ බන්ධුල විජේවීර, බණ්ඩාර ආතාවුද, සේනානායක වේරලියද්ද, කිත්සිරි ජයසේකර, නිශ්ශංක දිද්දෙණිය , දිස්න අතපත්තු, සුමිත් මන්දනයක, හර්ෂණ දිසානායක, මරියෝ ආනන්ද, අමරසිරි පිරිස්,එඩ්වඩ් ජයකොඩි, ක්‍රිෂාණ්ත එරන්දක ..... එක්වුනා...

  
   
  
 



ඒවගේම රැඟුම් පෙළහර පාන්ට චන්න..රවිබන්ධු..රන්වල බලකාය වගේම විජය නන්දසිරි ඇතුළු පිරිස එක්වුනා...


 
 
  
 


මොනව උනත් ජැක්සන් ඇත්තනී ...ඇහැළියගොඩයන් පිළිඹඳව රසවත් කතාබහක යෙදුනා....




රාත්‍රිය මොරාගෙන එන එක් මොහොතක ගී ගඟුලක කිමිදිච්ච අපට…..

අකමැත්තේන් උනත්, එතැනින් නික්මිලා යන්ට, සිද්ද උනා...
 

19 comments:

  1. හොඳට තියෙන්න ඇති.
    කොළඹ කමත ගැන ඇහැව්වාමයි මේ.

    ReplyDelete
  2. අපූරු සැදෑවක් බව නම් ස්ථිරයි.

    ReplyDelete
  3. පින්තූර බැලුවම කීව හැකි බොහොම ලස්සන හැන්දෑවක් . ඒ වගේම ලස්සනට ඔය පරිසරයත් නිර්මාණය කරලා තියන බවනම් නොකියාම බෑ

    ReplyDelete
  4. ඉද හිටලා හරි ඒහෙම සුන්දර මොහොතක් විදින්න ලැබෙන ඒකත් අපූරුයි

    ReplyDelete
  5. @ කතන්දර
    ඔව් සහෝ එකත් මේ ලඟදිමයි හදලා තියෙන්නේ...

    @ මහ වෙදනා
    ඇත්තෙන්ම හරිම සුන්දරයි...ඒ වගේම බලන්ට ආපු පිරිස හරිම හික්මිමකින් විනයකින් එහි රැඳි සිටියා

    @ හිස් අහස
    ඔවු මචො දැක්කම මටත් පුදුම හිතුනා...

    @ සුද්දී
    බොහොම සිතූතී මේපැත්තේ ආවට නැවතත් එන්න...
    මම නං ඔයවගේ දේවල් අතහරින්නේනම් නෑ පුලුවන්තරම් රසවිඳින්ට උත්සහකරනව

    ReplyDelete
  6. මේ වගෙ තැන් ගැන දන්නෙ නැති අපිව දැනුවත් කරන එකත් කොච්චර ලොකු දෙයක් ද....

    ReplyDelete
  7. 'කමත' ගැන අහලා තිබ්බෙ නෑ. අනේ හරිම ලස්සනයි. අපූරු සැන්දෑවක් ගතකල බව පේනවා.

    ReplyDelete
  8. @ සුලඟ
    බොහොම සිතූතී

    @ ඔබ නොදුටු ලොවක්
    වෙලාවක ගියොත් බලන්ට

    @ පොඩි කුමාරිහාමි
    ඇත්තේන්ම හරීම සුන්දරයි...

    ReplyDelete
  9. ඈත්තටම ඉතාම හොද ස0ගීත වෑඩසටහනක්.මේ ගෑන යන්න නොහෑකිඋන අයව දෑනුවත් කිරිමත් ඉතාම හොද දෙයක්.එතකොට මේවගේ වෑඩසටහන් ආයෙ දවසක තියෙද්දි මේ බ්ලොග් එක බලපු අයට යන්නම හිතේවි.

    ReplyDelete
  10. @ Dilanka
    ස්තූති සහෝ කොමෙන්ටුවට

    ReplyDelete
  11. සුන්දර අත්දැකීමක් විදල තියනව කියල පේනව. ෆොටෝ ටිකත් කදිමයි.

    ReplyDelete
  12. @ රාජ්
    ස්තූතී සහෝ..

    ReplyDelete
  13. මොනවා උනත් හැන්දෑව අපුරුවට තියෙන්න ඇති නේද මචන්...
    කාලෙකින් මේ වගේ දේකට සහභාගී වෙන්න බැරි උනා....
    මිනිස්සු කොච්චර නගරෙ ජීවත් උනත් හදා ගත්තු ගැමි පරිසරයකට හරි තියෙන ආසාව කොච්චරක්ද...

    ReplyDelete
  14. ඇත්තෙන්ම....කොළඹ උනත් ඉස්සර ගමක්නේ බං...මං අහල තියෙන විදිහට ඔය රිගල් ෆිල්ම් හොල් එක ගාව ඉස්සර මහ ඇත්ගාලක් එහේම තිබිලා තියෙනව...අනික මචො කොච්චර අරුමොසම් දැම්මත් ඔය කොළඹ ජිවත්වන අපේ තාත්තලගේ කාලේ අය හුඟක් ගමෙන් නගරෙට ආපු මිනිස්සු....
    ඔය කොයිකාගේත් හිතයට ජීවත්වෙන ගැමිකම මරන්ඩ බැ මොනව කලත්....

    ReplyDelete
  15. අපි ඉස්කෝලේ ගිය කාලේ කොල්ලෝ පාරට බහින්න සිද්දවුනු සිදුවීම් තවත් ඒ විදිහටම වෙනවා.
    හැන්දවනම් සුන්දරව තියෙන්න ඇති.

    එත් ඉතින් කියන්න තියෙන්නේ "කොළඹට කිරි අපට කැකිරි" කියලා තමයි.

    ReplyDelete
  16. උබේ කතාවේ ඇත්තක් තියෙනව...ගමේ හැදිච්චි එකේක් විදිහට මාත් කැමතී මේ කලා කටයුතු කොලඹින් පිටතත් සිද්ද වෙනවනම්....නමුත් මේවට හරී සංවිධායක වරුත් ඉන්ඩ ඔන නේද....

    ReplyDelete
  17. හරිම කනගාටුයි යන්න බැරි උන එකට.

    ReplyDelete
  18. @ Anonymous
    ගනං ගන්ට එපා ආපහු චාන්ස් එකක් ලැබෙයි...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...