Monday, September 26, 2011

පොත් ප්‍රදර්ශනයක්.ගාමනී සහ බූරුවා මහත්තයා.........



අද සෙනසුරාදා........

  බෞද්ධාලොක මාවත පැත්තේ මේදවස්වල පොඩ්ඩක් කාර්ය්‍ය බහුලයි.... කොහොම උනත් මසියට පින්සිද්ද වෙන්ඩ මිනිහගේ වන්ඩියෙන් ඇවිත් බී. එම්. අයි. සි. එච්. .... ගාවින් බැහැගත්තා.... මොනාඋනත් උදේම ආවහින්දද කොහෙද තරමක් ජනතාව අඩුයි...හැබැ පුතො...තවටිකකින් හුස්මක් කටක් ගන්නව බොරු....


  මේපාර ප්‍රදර්ශනේ පවත්වන්නේ 13න් වෙනි වතාවට..ඔක්කොම ප්‍රදර්ශන කුටි 420 කියල තමා ආරංචි...මේ අතරේ පොත් ප්‍රකාශක කොම්පැනි 120 ක් පමන තියෙනවලු....

   ඉක්මනට ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වෙලා.. අවසරපතකුත් අරගෙන ඇතුලට යන්ඩ යනකොටම...ඔං..කොකාකොල එකේ කට්ටිය තුන්ඩු කැලි වගයක් බෙදනව මොකෑ මේ කියල බලනකොට කස්ටිය අලුතෙන්...ඇපල් මිනිට් මෙඩ් එකක් ලොන්ච් කරනව" නිකං දෙනවනං දෙමල පත්තරේ උනත් මොකැ කියනව වගේ.." අපේ කස්ටිය හොගාලා මිනිට්මෙඩ් බොනව....

  ගල්කිස්ස මහ හොටලේ ආපන ශාලාවත් පහුකොරගෙන හාපුරා කියලා බ්ලොක්  "එ" ට ගොඩ උනා.... ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයො බොහොමයක් මෙහි කුටි විවරකරලා තිබුනා...ඒවගෙම බ්ලොක් "බී" එකේ ලාංකීය පොත් ප්‍රකාශකයො බොහොමයක්ගේ කුටි ඉදිවෙලා තිබුනා... "කේ" බ්ලොක් එක බෞද්ධ පොත්පත්වලටම වෙන්වෙලා තිබුනා....මල්පියලි,...එක්ස්ප්‍රො ගැරැෆික් වගේ..ප්‍රකාශකයෝ වෙන වෙනම කුටි ඉදිකරලා තිබුනා.....

   දවල් 12..විතර වෙද්දි දවල් වේලත් එතැනින්ම අරගෙන ....එලියට බැස්සේ වැල්ලවත්ත පැත්තට යන්ඩ.....

  මොන...154 බස් වල කටකපලා සෙනග..පොත්ගොඩකුත් උස්සගෙන ඒකෙනගිනව බොරු...ත්‍රිවිල් එකකට අතදැම්මේ ඔය අස්සේ එකා අස්ප ගනං..කොහොමහරි ඊගාවට නවත්තගත්ත එක සාධාරන මනුස්සයෙක්....
   
කොහොමහරි දවල් 1.15 විතර වෙද්දි සැවොයි සිනමාහලට එන්න පුලුවං උනා..........

  
දවල් අවුකූටකේ ටිකවෙලාවක් පොලිමේ ගතකරලා හොල් එක ඇතුලට රිංග ගත්තේ "ගාමනී" ෆිල්ම් එක බලන්ඩ කියලා....රියල් අද්මිරාල් සරත් වීරසෙකර මහත්තයා අධ්‍යක්ෂනය කරපු....ඩබ්ලිවු. ජයසිරි, මහෙන්ද්‍ර පෙරෙරා,බිමල් ජයකොඩි,සුමින්ද සිරිසෙන,වීනාජයකොඩි,සනත් ගුනතිලක,දිල්හානි එකනායක...වගේ ප්‍රවීන රංගන ශීල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය දක්වනව.....

  හිරුගේ මලානික රැස් දහර වෑ කන්ඩිය දිගේ විත් වැවු ජලයෙන් බොඳවෙලා යන ගොම්මනේ ගැමි ගෙදරකින් ඇසෙන බන පද ගම්මානේ පුරා විසිරි පැතිරි ගොසින්.....මේ අපේ රටේ එක් අඳුරු යුගයක ඒ අඳුරෙ බිහිසුනු කමට දැඩිව මුහුන පාපු එක් දුෂ්කර ගම්මානයක්....

    මේ ගම්මානේ ගැමියන් ජීවිතයත් මරනයත් අතරේ ගෙවෙන ජිවිත...එක්තරා අවාසනාවත්ත රාත්‍රියකට පස්සේ අවදිවන මූසල උදැසන....තමන්ගේ ලෙයින් මසින් ඉපැදුන දරුපැටවුන්ගේ අකල් වියොව....තම පනටත් වඩා ආදරේ කල පෙම්වතියගේ මරනය..... මෙවන් කම්පනයක් දරාගත නොහැකිව කම්පනයෙන් විකල්වන පියෙක් සහ දරුවෙක්....ගම රැකගන්නට මුල්වෙන මහ සඟ රුවනක්...මේසා එක්සිත්ව කටයුතු කරන ගුරුවරියක්......

   අවසන ගමේ තරුණයන් ගේ ශක්තියෙන්...හා හමුදාවේ....උපක්‍රමශීලි දැනුමෙන් සන්නද්ධව නපුර ජයගැනිම....සිංහලයාගේ ...නොනැසෙන දයාව ....මේ සියල්ල කැටිවූ දුක ම්ශ්‍ර සතුටකින්....සවස 4.30 පමන සැවොයි සිනමා හලින් මිදුනෙමි ....

    සතියේ දිනක මෙන් නොව මේ සතිඅන්තය බැවින්දො... හයිලෙවල් පාර කලබලයෙන් තොරය..... කොළඹ සිට පැමිනි 138 බසයක නැගුනේ මහරගමට යන අටියෙනි....

                 මහරගම යොවුන් රඟහලේ ජයලත් මනොරත්නයන්ගේ "බුරුවා මහත්තයා" වෙදිකා ගතවන බව දින කිහිපයක සිට දර්ශනයවූ බැනර් කටවුට් මගින් දැන සිටියෙමි.....කෙසේ හො 6.30 දර්ශණය නැරඹිය යුතුමය....



   කඳුකරයේ ඇත දුෂ්කර ගම්මානයක ඉපිද පොරමඩුල්ල මහ  විදුහලින්..පෙරාදෙනිය විශ්ව විද්‍යාලයට පිවිස...ප්‍රවිනයන් රැසක් සමගින් සමජයට පිවිස ලක්මවට ඔහු විසින් දායාද කල වෙදිකා නාටක ඉතා අගනේය...." බුරුවා මහත්තයා" ඉන්දියානු උර්දු ලෙඛක "ක්‍රිෂන් චන්දාර්" විසින් රචිත " මිස්ටර් ඩොන්කීස් ඔටෝ බයෝග්‍රපි" නැමැති කෘතියේ සිංහල පරිවර්ත්කයා වන "ගුණතිලක මැටියගනේ" විසින් රචිත " සත්ගුණවත් බූරුවා මහතාගේ ස්වයං ලිකිත චරිතාපදානය" පාදකොටගෙන කල නිර්මාණයකි...

   මහරගම යොවුන් රඟහල බොහො කොට ප්‍රෙක්ෂකයන්ගෙන් පිරි ඇත... රඟහල ඝර්භයේ පහන් ආලොකය නිවී වෙදිකාව ආලොක වත්විය.....ඉන්දියාවේ..එක් ප්‍රාන්තයක...යමුනා ගංතෙර..එක්තරා ධනවතෙක් තම පුස්ථකාලය සහිත මනරම් නිවෙස්නය සාදයි...මෙහි වැඩබිමේ සිටින එක්තරා බූරුවෙකු, මේ ධනවතාගෙන් කියවන්නට උගනි....කතාකිරිමේ හා කියවිමේ හැකියාව ඇති මේ බුරුවා,..ඉන්දියාවෙ..එකල පැවති සමජීය දෙශපාලනික අර්බුදවලට මැදිව...අකාලයේ මියයැම දක්වා ඇතිවන සිදුවීම් දාමයක් නාටකය පුරා දිවයයි....

  රටක පාලකයන් රට වැසියන්ට, නොව තම කුස ආරක්ෂා කරගැනිමටත්....රාජ්‍ය නිලධාරින්ගේ තම වගකිම් පැහැරහැරිමේ කලාවත්....මනාව විධහා දක්වන නාටකය තුල... ජයලත් මනොරත්න, මාදනි මල්වත්ත, ගිහාන් ප්‍රනාන්දු ඇතුලු දක්ෂ ශිල්පින් රැසකගේ රංගන කුසලතා දක්නට ලැබේ.....

    රාත්‍රි අඳුර ඝනව දසත වෙලාගත් සමයක...රංග ශාලාවේ ප්‍රෙක්ෂක කැල අතරින්....මහමගට පිවිසී මා...සිතිවිලි සමුදායක් සමගින් බසයක ගොඩ උනෙමි.....         
 



 
    

  
   

11 comments:

  1. මමත් ගියා පොත් ප්‍රදර්ශනය බලන්න, පටන් ගත්ත දවසෙම 6.30 ට විතර. හවස් වෙලා කියලවත් සෙනගෙ අඩුවක් නම් නෑ. පොත් ටිකකූත් අරන් (පොඩි පහේ දඩයක් ගහලා...) ආවා.
    ගාමනි බලන්නත් ගියා, ලස්සනය්. ගොඩක් ආස හිතුනා අපේ අය නේද මේ කියල හිතෙද්දී. මුලු ටික නම් ටිකක් විතර බයය්..
    බූරුවා මහත්තයා නම් බලන්න බැරි උනා. ඉරිසියා......ය්.

    ReplyDelete
  2. පුලුවං වෙලාවක බූරුවා මහත්තයා බලන්න...සමාධි.....

    ReplyDelete
  3. ඇ...
    ගාමනී හොදද ?ඕකට බැනල දාපුව තමා වැඩි හරියක් දැක්කේ? සමහර විට ඒ උන්නහලට ඕන දේ ෆිල්ම් නැති නිසා වෙන්න ඇති.

    ReplyDelete
  4. @ Anonymous

    ඇත්තෙන්ම.....චිත්‍රපටිය ගොඩක් සාර්ථක විදිහට නිර්මාණය කරලා තිබුනා...
    මට හැඟෙන විදිහට මෙහි ප්‍රදාන චරිත වෙනුවට ගොඩක් උප ප්‍රදාන චරිත වටා ගෙතුන කතාවක් තිබුනේ.... දායකත්වයක් චුටි දෙයක් උනත් කතාව පුරාම එය බද්ධවෙලා තිබුනා...
    යුද්ධයේ පීඩනය ...විවිධ තරාතිරම් වල පුද්ගලයන් අතර බෙදිලා ගියහැටි මනාව නිරුපණය වෙලා තිබුනාකියලයි...මගේ හැඟිම.

    ReplyDelete
  5. එක දවසට ඔක්කොම වැඩිද මන්දා.... මමත් ලංකාවෙ උන්නනම් පොත් ප්‍රදර්ශනෙයි , ගාමනී යි අත අරින්නෙ නෑ.... වේදිකා නාට්ටියක් නම් කාලෙකින් බැලුවෙ නෑ

    ReplyDelete
  6. @ පිස්සා පලාමල්ල
    නැ සහෝ...ආයි..ඔව..කවදා බලන්ඩ වෙයිද දන්නැ..එකයි...

    ReplyDelete
  7. ගමනි හරිම සංවෙදියි නේද . ඈස් වලින් කදුලු ගලනවා නේද.....

    ReplyDelete
  8. මාර වින්දනීය දවසක් ඔබ ගතකර තියෙන්නේ.

    මං සුදු රෙදි හොරු බෑලු දවස සිහිවුනා!

    ගාමනී නං අලයක් නේද?

    ReplyDelete
  9. ස්තුතී..කතන්දර මේපැත්තේ ආවට...
    ඇත්තේන්ම..හැමදාම නොලැබෙන අවස්ථාවක්..ඉතින්..උපරිම..ප්‍රයෝජනේ..ගත්තා....
    කතන්දර...සහෝ..ගාමනී...බැලුවද.....

    ReplyDelete
  10. බුරුව මහත්තයා නම් එල මචන්. මම පේරාදෙණිය කැම්පස් එකේ වලේදී බැලුවා. කොළඹට කිට්ටුව නෙවේ නිසා අපිට නිටර ඔය වගේ චාන්ස් ලැබෙන්නේ නැ

    ReplyDelete
  11. @ itnishantha
    අහු උනොත් කොහොමහරි බලපං

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...