Tuesday, November 12, 2013

සෙම් කුනාටුව.......



උගුරු බඳේ පැටලෙමින්...

නාස් කුහරේ දැවටෙමින්..

කන් අඩි දෙක පහුරමින්..

මොල කුහරය තෙරපමින්..

හතරහන්දි අඹරමින්..

සිදුවුන මහ නස්පැත්තිය..

යන්තම්වත් ගොඩ ගන්නට...!

ගත්තෙමි සමහන් එකක්..

පස්පංගුවේ බාගයක්..

කොත්තමල්ලි හැඳි දෙකක්..

පේයාවෙන් ඇබිංදක්..

පිරිටන් ටැබ්ලට් එකක්..

පැනඩොල් පෙති දෙකතුනක්..

විටමින් සී කැබැල්ලක්...

පෙරදිගත්.. බටහිරත්....!

කලවම් වී.. කුරුවල් වී..


හම්මෝ.....!!!


Thursday, October 3, 2013

අත් පටලා යමු ආයේ....


අපේ ලොකු රාජ් එතකොට සිරා මලයා එහේම සින්දු ගැන බ්ලොගේ ලෑටි ගාන කොට මටත් හීනියට හිතුනා ආපහු සිංදු කොත්තුවක් ලිව්වොත් හොඳා කියලා ඒත් ඒ අදහස පැත්තකට දලා මෙන්න මෙහේම ලියන්න හිතුනා...
  ආදරෙන් වෙලිච්ච පෙම්වතුන් ඉන්න වටපිටාවටත් හරියට වසන්තකාලේ එළැඹිලාවගේ හරි අපුරුයි නේව අන්න එහේම වෙලාවක පරිසරයත් සතුටින් බලාන ඉන්නේ මේ පෙම්වතුන්ගේ සතුට දිහා
මේගීයත් හරියට ආන්න ඒවගේ කියලයි මට හිතුනේ....

ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ....
          අසා සිටිනවා අපේ පෙම් පිළිසඳරේ...............
රසවැහේන සිලෝ ගීතිකා රහසේ....
          දැස්වලින් කතාකරමු...,  දැස් වලින් රහසේ.......

ආදරයක් හටගන්නත් සිතිවිලි හැඟුමන් පිබිදෙන්ට එපායැ.. ආදරෙන් කුල්මත් වෙච්චි පෙම්වතුන් යුවලකට  එකට මුනගැහිලා කල්පයක් පෙම්බස් දෙඩුවත් හරියට එක විනාඩියක් ගතවුනා වගේ තමයි ඉතින් දැනෙන්නේ මේ ගීයෙන් කියැවෙන්නේත් එහේම කතාවක් කියලයි මට හිතුනේ........

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්...
ඉඩ ලබාගනිමු තරමින් වියතක්..
හඳපානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ....

වෙලාවකට මොනදේ ලැබුනත් සැනහෙන්න බැරිගතියක් තියෙනව නේව ඒ අපේ මනුස්ස ජාතියේ හැටි කොච්චර ආදරෙන් වෙලීපටැලී සිටිය යුවලක් උනත් මොහොතකින් සිතිවිලි කැඩිබිඳි ඉගිලි යන්න තියෙන අවස්තාවන් බොහොම වැඩියි. තනි තරුවටත්, වික්ටර් රත්නායකයන් කියන්න ඇත්තේ ඒ ටික නේද...

මහද අරනේ ලතැවි ලතැවි...
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි...
මගෙන් ඉවත ඇදිලා සැනහී....
තනි තරුවේ......

ඔහොම ටිකෙන් ටික කැඩිලා බිඳිලා හැල හැප්පීම් වෙච්චි පෙම් කුඩුවෙන් එක්තරා දිනෙක කිරිල්ලි එක පැත්තකටත්, කුරුල්ලා තවපැත්තකටත් ඉගිලිලා යනකොට පරිසරයට උනත් එක දරාගන්ට බැරිවෙන්නේ හරියට වසන්තයෙන් පස්සේ කටුක ශීතලෙන් ගහකොල හැකිලෙන්නාක් වාගේ නොවෙද.. මේ ගියෙන් කියැවෙන්නේත් එවැනි කතාවක් ද....?

එපා හිරු පායන්න...
   අදින් පසු මගේ ලොවට...
අදයි අවසන් දවස..
   ඇගෙන් මා...
     මගෙන් ඈ සමුගන්න.........

මම හිතන්නේ කාලය තමයි බොහෝ ගැටළු වලට පිළිතුරු සපයන හොඳම බෙහෙත කියලයි වසර කිහිපයක් ගෙවිලා ගිහින් පැරණි සිතිවිලි වියැකිලා අලුත් සිතිවිලි පිබිදිලා ජිවිතේ වෙනස් වෙලා කාලය ගතවෙලා යන්නේ හරිම පුදුම විදිහටනේ.. ඔහොම ගෙවෙන ජිවිතේ ගිමන්හරින්නට නවතින තත්පර කිහිපයකදි අර පරණ මතක හිටිගමන් සිතිවිලි අතර හොල්මන් කරන එක සක්කරයටවත් නවත්වන්ට බැහැ කියලයි මගේ හැඟීම. අන්න එහේව් වෙලාවකට අපූරුවට ගැලපෙන ගීයක් නොවෙද මේ ගැයෙන්නේ.........!

දිනෙක හිරු බැස යන වෙලාවක...
සයුරු වෙරළක හුදෙකලාවක...
කල්පනාවේ සිටින මොහොතක...
මතක් විය සිතිවිලි අතීතෙක....

වික්ටර් රත්නායකයන්ගේ මෙවන් අපූර්ව ගීත ගොන්නක කිමිදිලා හිටිය මට ඇතිවුන සිතිවිලි මේවිදිහට බ්ලොගේ ලැටිගාන්න හිතුනා, එහේව් ගීත ඔබට කොහොමද දැනුනේ...?  ඉඩහරින්න ඔබේ සිතිවිලි වලට ඉගිලෙන්නට….!!! 

  



Wednesday, September 25, 2013

යාල්පානම් ....





නින්දත් නොනින්දත් අතර ගෙවු දීර්ඝ හොරා කිහිපයට සමුදෙමින්ම... මා, යාපන ජැටිය අසලින් බසයෙන් බැසගතිමි. යාපනයට රාජකාරි මාරුවක් ලද මා සේවය කිරිම සඳහා මෙහි පැමින වසරක් පමණ ගතවී හමාරය. තම රාජකාරියේ අවසන් හොරා කිහිපය ගෙවන දිනකර යාපන ජැටිය මත්තෙන් අඩක් සයුර සිපගනය. ප්‍රධාන මාර්ගයෙන් අතුරු මගට බට මා බැංකු නිවෙස්නය කරා සෙමින් පිය මැන්නෙමි.

" අනේ සාමි....... මාතියා, එනවා……. මං බැලුවා මොකද.. අප්පා පරක්කු කියලා.. "

කල්පනාවේ නිග්මව අඩිය එසවූ මා තිගැසුනේ මුත්තු සාම්ගේ උස්ව නැගුන හඬෙනි..

"කෝ දෙන්ඩ බැග්යෙක මාතියාට හොඳටම මාංසි පාටයි... මම තේ යෙකක් වක්කොරන්නා..."

මුත්තුසාමිගේ සිංහල උච්චාරනයට විටෙක මාහට සිනහ පහල උවත් යාපනයට පැමින වසරක් ගෙවීත් හරිහැටි දෙමළ  උච්චාරණය කල නොහැකි  මා ගැනම, ඇතිවන්නේ කනස්සල්ලකි.
 
මෙහි ආ මුල්කල සෑම සති අන්තයකම ගෙදර යෑමට සිත පෙළඹවුවත්, මාස කිහිපයක් ගතවිමෙන් පසු මෙහි ජිවන රටාවට මා බොහෝ සෙයින් හුරුවිය. දිනෙන් දින ලක්ෂ්මි කෙරෙහි ඇදීයන මාගේ සිත, මා වෙලාසිටි පාළුව තනිකම පලවාහැරිමද, ඊට තවත්.. රුකුලක් විය.

නමුත් ගම ඇවිත් නැවත මෙහි එනවිට සියූම් වේදනාවක් සිත්කොනෙක ඇකි මැකි යන්නේ අම්මාගේ ආදර සෙනෙහසින් උනුසුම්වන මතක යටිසිතෙහි පැල පදියම්වී ඇති බැවිනි. තල් අරඹ පසුකරමින් යාපන අර්ධද්වීපයට පිවිසෙන  මාසිත්හී, නැගේන සියූම් වෙදනා සමනය කරමින්…. ලක්ෂ්මී උඩුසිත්හී විද්‍යාමානවී තෙහෙට්ටුව පහවගොස් සියුම් ජවයකින් ගතසිත  ප්‍රබොදමත්වේ.
පසුදින රාජකාරි දිනයක් වූ බැවින්, දුරබනුවෙන් මව අමතා සුරැකිව ආ බව පසක් කොට ඉක්මන් නින්දකට පිවිසියෙමි.

----------------------------------------------------------------------------------------------------------------

" ගුඩ් මොර්නින් මිස්ටර්  ප්‍රසාද්..."

"ගුඩ් මොර්නින් ලක්ෂ්මි, කොච්චර කිව්වත්  මිස්ටර් කැල්ල අතාරින්නෙම නෑ නේද ඔයා.."

 මල්ගසා තනිකරලට ගෙතු හිසකේ, තිලකයකින් සැරසුන නළල් තලය සුන්දර සිනහවකින් සැරසුන ඈ මා වෂිකෘත කරවයි.

" කොමද...අම්මා සනිපෙන් ඉන්නවාද...? "

" ඔව් ඔව්...... ඔන්න මම ලේලි පොඩ්ඩවත් මතක් කලා..."

" අප්පෝ ගුටිකන වැඩ කරන්නැතිව ඉන්න  ප්‍රසාද්, ඔයා මට ඔච්චම් කරනවා නේද...? " 

" එකනෙමෙයි... අප්පා, සනිපෙන්ද.....? "

ලක්ෂ්මීගේ අප්පා විද්‍යාචාරවරයෙකි, 35 වසරක පාසල් දිවිය හමාර කොට විවෙකී සුවයෙන් ගෙදර පසුවෙයි... විටින් විට ඇතිවන පපුවේ ඇවිලිල්ල හැරුනුකොට, ගමේ කොයි කා අතරත් ඔහු ඉතා සමාජශීලි ගෞරවාදරයට පත්වූ තැනැත්තෙකි.

------------------------------------------------------------------------------------------------------------

යාපනයේ ඇතැම් ගෘහයන් අප හින්දි චිත්‍ර පටවල දැක ඇතිවාක් වැනිය..නිවෙස් ඉදිරිපස මන්පෙත් මෙන්ම විසල් නිවෙස්හි ගෘහනිර්මාණ ශිල්පයේ ඇති ඉන්දියානු උරුව යාපනය, ඉන්දීය අර්ධද්වීපයට ලංව පිහිටිමෙන් ලත් අතුරු ප්‍රතිඵලයක් දොයි යන සිතිවිලි ඇතැම්විට මසිතෙහි උපදි සුන්දර එවන් මගකට පිවිසි මා ලක්ෂ්මිගේ ගෙදරට ගොඩවිමි.

" ගුඩ් ඉවිනින් අංකල්....."

නිවස ඉදිරිපස පෝටිකොවේ තිබු ඇඳිපුටුවක දිග ඇදී ඔහු සඟරාවක් කියවමින් සිටි, තම උපැස්යුවලට යටින් මාදෙස බැලු හෙතෙම මඳ සිනහවක් පෑය.

" කොහොමද පුතා, කොළඹ පැත්තේ තොරතුරු එහේම..? "

වසර ගණනක් ගුරුවෘතීයේ නියැලීමෙන් ලද පන්නරයෙන් ඔහුට චතුරව සිංහල බස හැසිරවිය හැකිය.

" ම්....එහේමට විශේෂයක්  නෑ අංකල්, දැන් කරදරයක් නැතුව පාරේ යන්න පුලුවන්..හමුදා බංකර එහේමත් ගොඩක් දුරට අයින්කරලා..."

හෙම්..ලක්ෂ්මි, කෝ මේ ලමයා...අපිට තේටිකක් ගේන්න..."

මා මෙහි සිටි නිසාමදෝ.... ඔවුන් සිංහල බසින් එකිනෙකා ආමන්ත්‍රනය කිරිම, වරෙක මාසිත්හි නොසන්සුන් බවක් ඇතිකලේය.

" පුතා මං ඔයත් එක්ක මේගැන කතාකරන්න හිටියේ මේදේවල්.... තවදුරදිග යන්න කලින් වැඩිහිටියොත් එක්ක කතාකලොත් නේද හොඳ..? "

ලක්ෂ්මීගේ පියා සමගින් ආගිය තොරතුරු රටේ දේශපාලන පසුබිම ආදියන්හි අල්ලාප සල්ලාපයෙහි යෙදි හුන් මා, නැවත බැංකු නිවස්නය වෙත පැමිනියේ තරමක් වියවුල් සිතිනි. මෙවර මහගෙදර ගියවිට මපියා, සමගින් කතාකලයුතු වන්නේ මාගේ ජීවිතයේ ගතයුතු වැදගත් පියවරක් ගැන වූ හෙයිනි.

----------------------------------------------------------------------------------

" පුතා , තමුන්ගැන තිරණ ගැනිමේ වැඩි බරක් ඔයාට තියෙනව තමයි ..... නමුත් අම්මා ගැනත් ටිකක් හිතන්න ඔනා, හෙම්.....බලමු මම අම්මට කතාකරලා බලන්නම් කෝ."

සුසුමක් සලමින් තාත්තා මාහා පැවසු දෑ මාසිත්හි වියවුල් බව තව තවත් දැඩි කලේය.....

" එයා කොහොමද එයාට ඔන එවා කරන්නේ, පිට ජාතියක එකියකට දෙන්නද ඔච්චර දුක්විඳලා උස්මහත්කලේ..."

" යොදියේ, කෑගහල පලක් ඇතෑ අපි හෙමිහිට බලමුකෝ...කලබලවෙලා මෙව්වා විසඳන්ඩ බෑ.. ඉස්කොලේ හාමිනේ.. "

" ඔහේටනං  මොකද, පවුලටම ඉන්නේ එක කොල්ලයි... ඒකව දෙමළ්ලුන්ට දෙන්නද ඔහේ කියන්නේ හැබැට... ඔය රස්සාව අතැරල ඔන්න ඔහේ ගෙදර ඉන්න කියන්ට...."

---------------------------------------------------------------------------------------------------

මොනයම් දෙයක් වෙතත් අම්මාගේ සිත පැරෙන අයුරින් යමක් පැවසීමට මා සිත නොනැමේ. නැවත මා රාජකාරියට පැමිනියේ පහනොවු වි‍යවුල් සිතිනි,මහගෙදර පවතින වතාවරණය මත ලක්ෂ්මී සමග දෙඩීමද තරමක් අපහසු බව මට හැඟිනී.

ගෙදරින් පැමින දෙතුන් දවසක් ගෙවී ඇතත් තාත්තා සමග වුව හරිහැටි කතාබහක යෙදිමට මාහට නොහැකිවීමෙන්, මහගෙදර තත්වය කෙබඳු දැයි හරිහැටි නොදනී
 
" ප්‍රසාද් සර්ට, ලොකු මාතියා අඬගානවා.."

රාජාගේ ඇමතිමෙන්.... කල්පනාවේ නිග්මව හිස දේඅතෙහි රුවාන ලිපියකට දෙඇස යොමුකොට සිටි මා තිගැස්සින.

" හරි රාජා, යන්න මම එන්නම්.."

අත්‍යවශ්‍යම කාරණාවකට හැරුණු කොට කලමණාකරු තම කුටියට මා නොකැඳවයි...ඇතිවු කුහුලත් සමගින්ම මා එහිඇතුල්විමි.

" බොස් මට කතාකලාද..? "

" හේම්.. ඔව් ප්‍රසාද්, කොළඹ ගියවෙලේ ට්‍රාන්සර් එකක් රික්වෙස්ට් කලාද...? "

" න්..නැහැ..සර් ඇයි..? "

" ප්‍රසාද්ව පැලියගොඩට මාරු කරලා....මේ ෆැක්ස් එක ආවේ දැන්..."

" මොනවා...සර්........! "


 නිමි..... 


ප.ලි 

පබ්ලිස් කිරිමේ දෝස තිබු බැවින් නැවත නිකුත් කරන ලදි..!!!


Monday, September 16, 2013

ඈ..



නෑරුනු පියන්පත් අගුලේ                       සිරවීලා

දැල් බැඳි සතර කොන් කිටිකිටියේ         වෙලිලා

උනුහුම මැකුන ලිප්ගල් වැට                  ගුලිවීලා

පොල් අතු රටා නැති ගෙමිදුල            ගොලුවීලා



තුරුලතා සැඟවයන ගොම්මනේ..

ගෙට ගොඩ වුනෙමි..

වෙනදා නොමැති හිස් බවක්.

ඇත පිරී දස අත,

දුහුවිලි වැකුන සිරුර.

ඔබාන වතුර මල යට මොහොතක්..

ගොස් බැලිමි...!

තොලගානු රිසියෙන්

සුපුරුදු තේ බඳුන...

අහෝ........

විඩා සැනසු තේ පොද..

නොමැත අද ඒ විලසට

මා අතරමංකල මතකය...


ගොසිනි


මහ ගෙදරට......!


Wednesday, August 21, 2013

තාම නැද්ද වෙනසක්...?





" මචං කේක් නොදිනම් මාරුවෙන්ඩ බෑ හරී...."

සෙට්වෙචි, සෙට් කොරපු තරුණ ජොඩුවකට කං අගුල් වැටෙනකං ඔය වචනේ නෑ සුනානම් ඔවුන් සුවර් එකටම බිහිරි වියයුතුමය. රැකියාවට ගියත්, නෑ ගෙදරක ගියත්, අරහේ මෙහේ කොහේ ගියත්, ඔය කතාව අහගන්ඩම වෙන්නේය.... ඇහිල්ලේ හැටියට වැඩ සිද්දවි.... කස්ටියටම කෙක් දී .....ලෝන් ගසා හෝ කෙසේ හෝ මගුලක් කන්නේය.

මාස 6ක් උපරිම අවුරුද්දක් ගිය තැන තැටිය වෙනස්වෙන්නේ නිරායාසයෙනි.

" තාම නැද්ද වෙනසක්......"

ඒ යාලුවො හිත මිත්‍රාදී නෑ යන්ය ...

" අපිට පුලුවන් කාලේ ඔව්වා ඉවරයක් කරගත්තනං ලේසි නේ.."

ඒ වෙන්ඩ ආච්චි සියලාගේ හඬයි........

හඩේ සැරටම...

 අලුත බැඳපු ජොඩුව අවුරුද්දක් දෙකක් ගතවූ පසු දෙයියනේ කියා දෙමාපියන් කියන ප්‍රොමොෂන් එක ගහන්නේමය...ඇස්වහක් කටවහක් නැතිය සියලු ලොවැසියන්ට දරුසම්පත අඩුවක් නැතිව ලැබේවායි ලියුම්කරු විසින් ප්‍රාර්ථනා වක්ද කරන්නට මේ අවස්ථාව කරගන්නේය. ප්‍රොමොෂන්  ගැසීම යනු වගකීම් බැලන්ස් කිරීම් අම්බානක සෙට්වෙනවා කියන එකය.

වගකිම් නම් කමකුත් නැතවැඩේ තියෙන්නේ බැලන්ස් කිරිම් වලය. හප්පේ හොක්ක බිම ඇනෙන එව්වා එමටය.

අලුත් දේමාපිය යුවලකගේ මවු පාර්ශවයේ අම්මා තාත්තා වැඩිය ග්‍රහ බලපෑම් පාරම්පරික ක්‍රම විධි පිලිනොගන්නා විට සහ පිය පාර්ශවයේ අම්මා තාත්තා ඊට සාපේෂව මතයන්හි එල්බ සිටීනම් බැලන්ස් කීරිම් ලේසි නැත.

පුතේ පොඩි දරුවගේ නලලේ මොට්ටුවක් තියන්න ඔනා.....

කාමරේ හාෆ්ශීට් කොලේකවත් ගහන්න බාලගිරි දොසේ අද නෙමේ හෙට කියලා ....

අප්පේ දරුවට සෙනසුරු එරාෂ්ඨකේ දැන් ගත වෙන්නේ,  නිල් ගලක් ඔබ්බපු පංචායුධයක් වත් දාන්න වෙයි....

එකි මෙකි නොකි උපදෙස්මාලා කං කුහර තුල දොංකාර දෙනු  නිමක් නැත…!!

කනට ඇසුන එකී සියල්ල අනේක් පාර්ශවයට අමුවෙන්ම අතැර දැමුවොත් කපොතිය. මෙහිදී අනතුරු ඇඟවිය යුතුම  වන්නේ ඔබ ජොකර් කෙනෙකු ලෙසට ප්‍රදර්ශණය වීමට ඇති අවස්තාව 99% සම්භාවිතාවකින් යුක්ත විය හැකි බැවිනි.

"  අපෝ පොට්ටු තියන්න බෑ ඔයාට ඔන්නං තියාගන්න "

" ඊයා කලු නූල් වලින් එහේම පංචායුධ දාන්න එපා..."

ඔය සැර බාලවි අනෙක් පසට ගිය ඇතැම් යොජනා වලට ලැබෙන ප්‍රතිචාරය.

ලක් ජනසමාජයේ කාලයක් තිස්සේ පැවතගෙන ආ ඇවතුම් පැවතුම් බොහෝය. සිරිත්විරිත් විවිධාකාරය.පරපුරෙන් පරපුරට සිතුම් පැතුම්ද අලුත් වෙයි අලුත්වන ජනසමාජය තුල අතීත ගති සිරිත් වියැකි යන අයුරු අරුමයක් නොවේ. නමුත් අතීතය සහ වර්ථමාන අනාගත සමාජයේ සාධනීය වෙනස පුංචි කුටුම්බයකට කෙසේ බලපාන්නේද යන්න සිතා බැලිය යුතුමය.

වෙනස සිදුවිය යුත්තේ කෙසේද නොවෙනස්වීම වඩා සාධනිය ද ..............?