Tuesday, April 24, 2012

මෙක කාගේ අවධානයටද දාන්නේ අම්මපා....



තිබ්බ අන්තිම ෂොට්ලිව් එකත් දාගෙන ඔෆිස් එකෙන් එලියට බැහැල 140ක එල්ලුනේ මරිය කඩේට යන්ඩ..ආ මරියකඩේ කිව්වේ මරදාන පැත්තට ආයිබොවං..අපේ කොල්ලන්නේ කෙල්ලන්ගේඅවුරුදු උත්සවයක් තිබුනනේව පහුගිය දොහේ..එකේ පොඩි වැඩකට තමා ඔය කියන පැත්තට ඇදුනේ...

  කොළඹ නගර සභාවට අයිති විනොදාංශ සහ ක්‍රිඩා කටයුතු අංශය තියෙන්නේ මරියකඩේ පොදු වෙලඳපොල ගාව තියෙන බිල්ඩින් එකේ...කොළඹ නගරය සුන්දර කරන වැඩ සටහන් කොච්චර ක්‍රියාත්මක උනත් නගර සභාවේ මේ ගොඩනැගිල්ලි වලට නම් ඒ ක්‍රියාකාරකම්වල හුළඟක්වත් වැදිල නැති බවක් තමයි දකින්නට තිබුනේ...මේ අවුරුදු කාලයේත් ගොඩනැගිලි වල පිටත මෙන්ම ඇතුළතත් කිසිම පිළිවෙලක් නැති අඳුරු ස්භාවයක් තමයි දකින්නට ලැබුනේ...
    
රාජ්‍ය ආයතනවල වැඩකරන සේවකයන්ගේ ගති පැවතුම් පිළිබඳව මටත් යම්කිසි අත්දැකිමක් තිබෙන නිසා..මේ ආයතන මන්දගාමීව ඉදිරියට යෑම ගැන ඇත්තේ අපැහැදිලි චිත්‍රයක්..කෙසේ වෙතත් අංශය පුරා සෙවකයන් තුල අවුරුදු සිරි ඉසිරි කලබලකාරී වාතාවරණයක් පැවතියත්... මා ආ කාරණය පැවසු සැනින්, ඒ පිළිඹඳව කටයුතුකිරිමට තරම් කාර්‍යමණ්ඩලය කාරුණික වූනා...

නමුත්...

 " මහත්තයෝ මේ බිල ටවුන් හොල් එකට ගෙවලා..රිසිට් එක මෙහෙට ගෙනත් පෙන්නන්න... එතකොට අවසරය සහතික කරල දෙන්නම්..."

ෂොට්ලිව් එක දහවල් කෑම පැයත් අලලාම දැමු බැවින්...ගොඩය නැතිනම් අනිවා හාෆ්ඩේ එකකට කෙලවෙන්නේය...

 රටේ ප්‍රධාන නගරයේ ඇති වැදගත් මහජන අවශ්‍යතා ඉටුකරන ආයතනයක එක් එක් අංශ්‍යයන් වර්ථමානය වන විටත් එක් වහලක් යටට නොගෙන මෙසේ විවිධ තැන්වල ස්ථාපිත කොට තැබිම කෙතරම් ප්‍රායෝගිකද යන්න සලකා බැලිය යුත්තකි.

පවතින රජයන්ට මේ පිළිඹඳව කෙලින්ම ඇඟිල්ල දිගුකිරිම කෙතරම් සාධාරනද යන්න කෙසේ වෙතත්..රාජය ආයතන පාලකවරුන් මේ සම්බඳයෙන් මීට වඩා ධානාත්මක ඇසකින් බැලිය යුතුය යන්න මාගේ හැඟීමයි. වර්ථමානයේ කාලය ඉතා වටිනා සම්පතක් බවට පත්වී ඇති වටාපිටාවක, රටේ ජනතාවට තම අවශ්‍යතා අඩු කාලසීමාවක් යටතේ ඉටුකරගැනිමට අවශ‍ය පහසුකම් සැලසීම ආයතන පාලකයන්ගේ වගකිමයි. විශේෂයේන් රාජ්‍ය අංශයන්හි රාජකාරි කිරිමේදී සේවකයන්ට තම රාජකරිය මනාව ඉටුකිරිම සඳහා සෑම අංශයකින්ම හිතකර පසුබිමක් සැකසීමද අංශ පාලකයන්ගේ එක් වගකීමකි.  

  ඔබ කොළඹ සැරිසරන විට ...යම් හෙයකින් ඇස්වාට්ටුව පසුකරමින් කොළඹ විශ්වවිද්‍යාලය දෙසට හෝ සතුටු උයන පසුකරමින් පිටකොටුව දෙසට ගියහොත් ඇසගැටෙන මහඟු ගෘහ නිර්මානයකි කොළඹ නගර ශාලාව..

  අදාල ගෙවීම් සිදුකිරීමට මා එහි ඇතුල්වීමි. ඉදිරිපස දොරටුවේ නිලධරයන්ගේන් තොරතුරු විමසා හරි පාර දැන ඉදිරියට ගියෙමි. මට සිතුන පරිදී අතීතයේ යම් කිසි දිනක වෙනස්වීම් සිදූවූවාට පසු අද තව වෙනතුරු මේ පරිශ්‍රය අභ්‍යන්තරය අලුත් වැඩියාවකට භාජනය වූ සොරුපයක් දක්නට නැත..බොහො අංශයන් ආවරනය වී ඇත්තේ පරණ කබඩ් වලිනි..
   
ශරීරයේ අන්ත්‍ර එලියට ඇද දැමූවක් ලෙසින් ආයතනයේ දුරකථන රැහැන් අභ්‍යන්තර විදුලි සැපයුම් රැහැන්  විසල් කුලුනු වටා එති එල්ලෙමින් ජනිතකලේය දුක්මුසු හැඟීමකි.. කාර්යාල ලීමෙස වලට බරදී..ජේෂ්ඨ ලිපිකරුවන් කිහිප දෙනකු කිරාවැටෙමින් සිටියේ, උදැසන ආහාරයේ බරගතිය වැඩිවිමෙන් දෝ..නැතිනම් අලුයම ගේදොර වැඩකටයුතු ඉටුකිරිමෙහි ලා ඇතිවූ විඩාව නිවා ගැනිමටදෝයි යන සැකය මසිතෙහි උද්දීපනය කරමිනි...

කෙසේ වෙතත් නව පත්වීම් ලබා මුදල් කවුලුවල රාජකාරියේ යෙදි සිටි නිලධාරින් මාගේ අවශ්‍යතාව ඉක්මනින් ඉටුකර දීමට යුහුසුළු විය.. ඇත්තෙන්ම ඒ නම් පැසසිය යුක්තකි..නමුත් ඔවුන් සේවයේ මුහුකුරා යද්දි පැරණි සමහරක් සේවකයන් මෙන් අකාර්‍යක්ෂමය නැමති යක්ෂයාට ගොදුරු වේදොයි යන ජුගුප්සා ජනක හැඟිම මසිතේ ජනිතකලේය. 

දහවල් කෑම පැය ගෙවියාමට මත්තේන් කාර්යාලයට යැමේ අරමුනින් මා නගර ශාලාවෙන් පිටවිමි.


Wednesday, April 11, 2012

දුර්ඝ මැදින් දුවිලි ඇල්ලට...ගමනක අවසානය.........


ඈතීන දුවිලි ඇල්ලේ බොඳවුන සුන්දරත්වය දකින කොට.. එතනට යැමේ උවමනාව තවත් වැඩි උනා කිව්වොත් හරි...

  
වල්පොල මුල්ල කන්ද බහිනකොට පොඩිපහේ ලස්සන තැනිතලාවකට අපි පැමිණියත්, මේ තැනිතලාව පහුකලාට පස්සේ සීග්‍ර බැස්මකට තමයි අපි සෙන්දු උනේ.. නිතරම මිනිසුන් නොගැවසෙන හෙයින් මේ කැලයේ පැහැදිලි අඩිපාරක් දක්නට ලැබුනේ නැහැ..වැස්සට සුළඟට හැමවිටම කැලය වෙනස් වෙනව..විටෙක මහ රූස්ස ගස් කඳන් යටින් වගේම උඩිනුත් අපට පාර හදාගන්ඩ සිදුවුනා...





  ආගරත්න මාම හැමවිටම අපව දෛර්යමත් කලා ගමන ඉක්මන් කරන්නට...මන්ද කැලයට ඉක්මනින්ම රැ බොවෙනව..අතුපතර විහිදුන මහ රූස්ස කැලය තුලට හවස්වෙන්ට වෙන්ට හිරුඑලිය පතිත වීම බාලවෙනව...



 වල්පොලමුල්ල කන්ද පහලට තිබුන බැස්ම බැහැගෙන ඇවිත් නතර උනේ තරමක් ලොකු දොල පාරක් ගාවින්..මේ දොල පාරේ වතුර හරිම සිසිල්..ඒ වගේම අපි ගමනේදි අද්දැකපු කාරනයක් මේ වතුර උගුරක් පානය කරල බොහො දුර ගමන් කරන්න පුලුවන් බව..කාබනික ගතිය ටිකක් වැඩි නිසා ඒ ලක්ෂණ ඇතිවෙන්ට ඇතිකියල තමයි අපිට හිතුනේ..



  දොලපාරෙන් විඩා නිවාගත්ත අපි ඉලඟ දුර්ඝය වෙත ලඟා උනා ඒ කලුපහන කන්ද.. මගදි ආගරත්න මාමා කිව්ව විදිහට මේ කන්දේ සුද්දෙකුගේ පොල්වත්තක් තිබිල තියෙනව...දැන්නම් කනාටු වෙච්චි පොල්ගස් දෙක තුනක් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ..නමුත් බදන්ඩ බැරි විශාල මාර ගහක් නම් අපූරුවට කැලේ මැද්දැවේ වැවිලා තිබුනා...


  
  දවල් වෙල ගමන් කරන ගමන්ම අනුභවකල අපට හැන්දැවේ 5 විතර වෙනකොට කලු ගඟ ගාවට එන්න පුලුවන් උනා..වැඩිපුර හැන්දැවෙලා තිබුන නිසාත් අපේ ගමන් සගයන් කිහිප දෙනේක් යම් යම් ආබාධ වලට ලක්වෙලා හිටිය නිසත් තරමක චකිතයකින් තමයි අපි හිටියේ..



  දුහුවිලි ඇල්ල කඩාහැලේන කදුවැටිය සහ කලුපහන කන්ද අතරින් තමයි කලුගඟ ගලන්නේ...අනේක් දොලවල් වලට සාපෙක්ෂව මේ ගඟේ ඉවුරු දෙපස දරුනු විදිහට බැවූම් වෙලා තියෙන්නේ, ගඟට බහිනකොට හතර පයම උදවුකරගන්න සිදුවුන අවස්තා තිබුනා..ඒ වගේම විශාල ගල් කුට්ටි මතින් තමයි අනෙක් ඉවුරට සෙන්දු වෙන්නට තිබුනේ..වැහි කාලයකනම් මේ හරහා යන එක අතිශය අමාරු කටයුත්තක්...

  ඒ වගේම තමයි මේ කැලය කුඩැල්ලන්ගේ පාරාදිසයක්....මේ අඩවියට එනවනම් හොඳම කාලය මාර්තු  සහ අගොස්තු මාස අතර කාලයයි. අනෙක් කාලයට මෙහෙට හොඳටම වහිනව..පායන කාලයට සැඟවිලා ඉන්න කුඩැල්ලන් වර්ශාවත් එක්කම උඩට මතුවෙනව.. අනෙක හැම දුර්ගයක් හරහා අනේකට මරුවෙනකොට ලොකු දොලපාරවල් හරහයි ගමන් කරන්ට තියෙන්නේ ඉතින් වර්ශාකාලයට එය එතරම් සුබදායි කටයුත්තක් නෙමෙයි.

  කලු ගඟ පහුකරපු අපි දුවිලි ඇල්ලේ පහලම දිය ඇල්ල ගාවට සේන්දු වෙනකොට හවස 6ය විතර වෙලා..කොහොමත් දුවිලි ඇල්ල පටන්ගන්න තැන ඉඳල පහලට එනකොට කුඩා ඇලි කිහිපයකට බෙදිලයි ඇදහැලෙන්නේ..



 සැන්දැවේ මළ හිරු රැස් එකතුවෙලා එතැන මනස්කාන්ත දර්ශනයක් මැවිලා තිබුනා ඒ එක්කම අපි පහුකරගෙන ආපු කදුවැටිත් සිහින් මිදුම අතරින් ඈතින් දෘෂ්‍යමාන උනා..බලන්නකො කොහොමද සුන්දරත්වය...

   ඉක්මනින් රැබොවෙන නිසාත් පසුදින ආපහු එතනට පැමිනෙන නිසාත් අපි ඉක්මනින් එතැනින් නික්මුනා..මන්ද ඉගාවට සීග්‍ර නැග්මක් පහුකරන්නට අපට සිදුවී තිබුන නිසා.

  දෙයියන්නේ පිහිටින් අපි සැන්දැවේ 7 විතර වෙනකොට දුවිලිඇල්ල පිහිටි ගුහාවට ලඟාඋනා..මේ ගුහාව ඉහල සිට ගුහාවේ ගලේ නෙරුමට ඉදිරියෙන් දුවිලි ඇල්ල කඩා හැලේනව බලන්න සොබාදම් මාතාවගේ තවත් එක් අපූරු නිර්මානයක සුන්දරත්වය කොපමනද කියල...



  කෙතරම් ගතින් පීඩිතව සිටියත්, නියමිත ඉලක්කයට ලඟාවෙන්ට පුලුවන් උන නිසා ගමන්සගයන්ගේ සංතොශය ඉහවහා ගොහින් තිබුනේ.සුලු රාත්‍රි ආහාරයකින් සැනසුන අපි ගුහාව පිරිසිදු කරගේන නින්දට ගියෙ පසුදින ඉක්මනින්ම අවදිවෙන්නට තිබුන නිසා..ඇත්තේන රාත්‍රිය අධික සිසිලෙන් යුක්තයි..ඔබ එහි ගියොත් අනිවාර්යෙන්ම ගිනිමැලයක් ගසන්නට අමතක කරන්නට එපා..එය ආරක්ෂාවට මෙන්ම ශිතලේන් ආරක්ෂාවෙන්ඩ හොඳ උපක්ක්‍රමයක්.



   පසුදා හිමිදිරිය නිර්මාණය කරල තිබුනේ මනස්කාන්ත දර්ශනයක්....




මතක තියාගන්න ඔබට ඔන කරන වතුර ගන්නට වෙන්නේ කඩා හැලේන දිය ඇල්ලේන් එතැන සුන්දර වගේම සැඟවිච්චි අන්තරායකින්ද යුක්ත වෙනව ඉතින් වැඩි වීරකම් නොපෙන්වා කල්පනාවෙන් කටයුතු කරන්නට වගබලාගන්ඩ ඔන.



   උදැසන ආහරය සහ දහවල් ආහරයද සකස්කරගත් අපි ඉක්මනින් ආපසු පහලට බහින්න පටන්ගත්තා. පෙර සැඳෑවේ අප පහුකල දියඇල්ල මතට පැමිනෙන්නට අපට ඒහැටි වෙලාවක් ගත උනේ නෑ..




ඒ තැනින් උදේ වෙල සරිකරගත් අපට හවස 4 පහුවෙනකොට ඇටැන්වල, අගරත්න මාමලගේ නිවසට ලඟාවෙන්ට පුලුවන් උනා...

  ඇත්තේනම් ඔහු සැබැ නිරහංකාර මිනිසෙක්..ඇටන්වල ගැමියන් උවද නිර්ව්‍යජ ලෙස අප සැම පිලිගත්තා...ඔවුන්ගෙන් සමුගෙන පැමිනිම අතිශය හැගුම්බර අවස්තාවක් උනු බවනම් කිව යුතුමයි…!

ප.ලි.
  අප පිළිගන්නට සැරසෙන නැවුම් අලුත් අවුරුද්ද බ්ලොග් අවකාශයේ මිතුරන් සැමටම සතුට සපිරි සුබ මංගල්ලයක්ම වේවා..

සියලු මිතුරනි අප්‍රියෙල් 22 සයිබර් සිහින උළලේදී මුන ගැසෙමු..  

   

Monday, April 9, 2012

දුර්ඝ මැදින් දුවීලි ඇල්ලට.........




   "හුඟ කාලේකින් ලියන්නත් බැරිඋනා..මිතුරු බ්ලොග් ලිපි කියවන්නත් බැරිඋනා..මුලින්ම එකට සමාව ඉල්ලන ගමන් කාලෙකට කලින් සංවිධානය කරල තිබුන හදිසියෙන්ම ගිහින් ආපු ගමනක් ගැනයි මේ හොඩුවාව...."

  සිකුරාදා..හවසට නුවර කොච්චිය නිවාඩුයන ජනයාගේන් පිරිලා ඉතිරිලා යනව..හැබැයි අපේ වාසනාවට දෙවෙනි පංතියේ ආසන වෙන්කරගෙන තිබුන නිසා අපහසුවකින් තොරවම ගමන පටන්ගන්ඩ පුලුවන් උනා

   සැඳැවෙලාවක දුම් රිය ගමන හරි අපූරු දෙයක්නේ..රාස්සිගේ අවුව වැටිලා කුඹුරුයායවල්, එතකොට කොච්චි පාර දෙපැත්තේ තියෙන මාන අකුල් රන්වන්පාටට දිස්නේ ගහනව..ඔන්න පායන කාලයක් නම් ඈත කදුවැටිවලින් හැංගෙන ආකසේ නිල්මල් යායක් වගේ බලනකොට දැස් පොපියවනවා..හිතටත් මහා සංසුන් ගතියක් නේ දැනේන්නේ..

   කවුළුවෙන් එහා රූසොබා සමග කිමිදිලා හිටපු අපව කොච්චිය නුවරට ගෙන එනකොට තරමක් රෑබොවෙලා....නුවරින් අපව රැගෙන යන්න ඇවිත් තිබුන වැන් රියේ නැගිලා අපි රත්තොට නගරයට එනකොට රාත්‍රි 9 විතර වෙලා.අපේ ගමනේ මුල් නැවතුම උනේ රත්තොට.

    රිවස්ටන් ලංකාවේ සුන්දරම පරිසර පද්දතිවලින් එකක්... රිවස්ටන් කදු අතරින් පිටවල පතනට ඇවිත් එතනින් දුවීලි ඇල්ල බලා ගමන්කිරිම තමා අපගේ මුලික බලාපොරොත්තුව උනේ...

  සීතල හිමිදිරියේ නොයිදුල් වාතය නාස්පුඩු අතරින් ඉහලට ඇදගෙන පෙනහළු පුරොගන්න කොට අමුතුම ජවයකින් ගත පිරීයනව..කාෂ්ඨක ගෙන්දගම් පොලොවේ කාබන් පිරුනු වාතයේන් පෙනහළු පුරොගෙන ජිවත්වෙන අපට මේ...නොයිඳුල් පරිසරය ගෙනෙන්නේ හරිම ආස්වාදජනක හැගුම්..

  පිටවල පතනට එනකොට අපව බලපොරොත්තුවෙන් හිටපු ආගරන්ත මාමයි සුමිත් අයියයි..පතනේ තේ කඩේ ගාවදි අපට මුනගැහුනා.මෙතැන් සිට වාහන ගමන අසිරූ නිසා ඇටන්වල ගමට අපි පයින්ම ගමන් කලා...ඒ එනකොට තේල්ගමු ඔයේ  කලුපාලම උඩින් ගමන් කරල එතන ඉඳන් ඇටන්වල පංසල කිට්ටුවට එනකං තියෙන පඩිටිකත් ගනං කරගෙනම තමා එන්ඩ තියෙන්නේ.

  ඇටන්වලට යන ගමනේදි දකින්න ලැබෙන තවත් අපූරු දර්ශනයක් තමා ගමේ වෙල්යාය..ගුරුපාර අයිනේ ඉඳලා මානිගල පාමුලටම මේ වෙල්යාය විහිදිලා යනවා...බලන්න ලස්සනයි.


   ඇටන්වල පංසලේ බෝ මළුවට එනකොටම චෛත්‍ය අතරින් ඈතින් තුන්හිස්ගල කඳුවැටිය විහිදිලා තියෙන අපුරුවත් දැකගන්න පුලුවන්..ආගරන්ත මාමලගේ ගෙදරදිම උදේ වෙලෙන් බඩවල් පුරොගත්තු අපේ කට්ටිය හැකි ඉක්මනින්  වල්පොලමුල්ල බලාපිටත් උනා..

  දැන් පඩිපෙල් නොමැති නිසා වැඩි ජවයකින් සහ වෙගයකින් කට්ටිය ගමන්කරනවා...මානිගල කපොල්ල පහුවෙනවත් එක්කම ආගරත්න මාම නැවතුනා...ලංකාවේ කොහේත් කෙරෙන සුපුරුදු චාරිත්‍රය...අතුකැබැල්ලක්කින් කැලේ බන්ඩාර දෙවියන්ට පේවිලා යන්ටයි ඒ.

  උදැසන 11 විතරවෙනකොට අපිට වල්පොලමුල්ල මුදුනට සෙන්දුවෙන්ඩ පුලුවන් උනා...දැන් ඒ ගමේ ඉන්නේ එකම එක පවුලක් විතරයි ඒ..ආගරත්න මාමගේ අම්මයි තාත්තයි..ඒ දෙන්නම දැන් 80 වෙනි සැතපුම පහුකරල හිටියත් තවම තම ශක්තියෙන් ජිවිත සටන ගෙනියන බව කොයිකාටත් දකින්ට ලැබුන විශේෂ කාරනයක්..

  වල් අලින්ගේන් වන කෙනහෙලිකම් නිසා හේන් කුඹුරු කරගන්ඩ බැරුව අනෙක් ගම්වාසීන් ඇටන්වලට පල්ලම් බැහැල හිටියත් මේ යුවල ජිවිකාව ගෙවමින් මෙහිම විසීම කෙතරම් අපූරුද...


   අඩවියෙහි අවසන් මනුස්ස වාසය....වල්පොලමුල්ල ගම්මානය පහුකරමින් ඉදිරියට ඇදෙනවිට..අපේ ඉලක්කය වන දූවිලි ඇල්ලේ සලකුනු තුන්හිස්ගලට පහලින් සිහින් පීත්ත පටියක් මෙන් දර්ශණය උනා....

   ගමනේ ඉතිරිය ඉලඟ ලිපියෙන්...

ප.ලි

  අර අවුරුදු උත්සවේ තියෙනව කියන්නේ ගොහිල්ලම බලන්ඩකො.....
   

Friday, March 9, 2012

නිකුත්කල දිනට පමණක් වලංගුයි....



කොහොමද කසාදයක් එහේම කරගත්තොත්.....


දැන් තනියම හිටිය ඇති නොවැ......දැන් ඉතින් අම්මල තාත්තල ගැනත් බලන්ඩ ඔනෑ......


ඈ බං ඔය කොල්ලට...., කෙල්ලට කසාදයක් කරල දෙන්ඩ එහේම කල්පනාවක් නැද්ද......


යකො ඔය හම්බෙලා තියෙන්නේ හොඳ චාන්ස් එකක් බැඳහං බං ආයි හිත හිතා ඉන්ඩ දෙයක් නෑ......


 හප්පේ පවුලක් පංසලක් නොවිච්චි ඔනෑම කොලේකුට කෙල්ලෙකුට ඇහෙන වචන නේ ඔවා.. ඔය කරකාරේ යන වැඩේත් ලේසි නෑ දැන් කාලේ.....


සල්ලි වියදං කොරන්ඩ ඔන තරං හේතු තියෙනව.....


අච්චිලගේ සීයලගේ කාලේනම් දවස් 7ක් මගුල් කනවලු...අනේ අප්පේ මේකාලේ දවස් 7ක් මගුල් කන්ඩ නං N.G.O එකකින් ආධාර ගන්ඩම වෙනව..දවස් 7ක් තියා දවස් දෙකක් මගුල් කනව කියන එකත් සැහෙන්ට දරුනුයි නොවැ.


ඔය කරකාරේ යන උත්සවේ ඉස්සර ගෙදරම කොලාට දැන් එහේම නෑ..ඔක හොටලකම තමා ගන්ඩ ඔන එහේමයි අපට උගන්නල තියෙන්නේ..ඒ විතරක් යෑ වැඩේ ලස්සනට ප්ලැන් කොරල තිතට වැඩේ කොරල දෙන්ඩත් දැන් කස්ටිය ඉන්නව..දහසින් බැඳි පියල්ලක් වගේ පොඩි තැග්ගක් විතරයි එයාල බලාපොරොත්තුවෙන්නේ..


ඉස්සර බුලත් දිලා කස්ටියටම මගුලට ආරධනා කලාට මොකද දැන් එක විතරක් මදි හොඳ කාඩ් එකක් දෙන්ඩත් ඔන කාඩ් එක පට්ටම එකක් වෙන්ඩ ඔන..නැත්තං මගුල් කන එකේනුත් වැඩක් නෑ ආයි බොවන්ඩ.....


කොහොමද කාඩ් එක පට්ට ඈ.........ගානත් අඩුයි



ප.ලි...
  ආ..අර මගුල් ගෙදරට කට්ටියම එන්ඩලා ..මේදවස්වල ගජරාමේට..කස්ටිය එකේ වැඩලු..ගොහිල්ලම බලන්ඩ


Thursday, March 1, 2012

බොඩි කමල යාගේ ඇනිවසරිය...




දැනට වසරකට පෙර යහලුවන් පිරිසක් මංගල්ලයකට සහභාගී විම සඳහා කන්ද උඩරට බලා පිටත්වුහ.හැබැ කට්ටියම ගියේ මනමාලිගේ පාර්ෂවය පැත්තේන් උත්සවයට සහභාගි වෙන්ටයි.

උදැසන 10 විතර වෙනකොට මගුල් උත්සවය තිබුන උත්සව ශාලාවට යන්නට මේ කස්ටියට හැකි උනා. සුපුරුදු චාරිත්‍ර වලට අනුව කස්ටියම වෙල්කම් පැන් සංග්‍රහයත් බුක්ති වින්දහ.

නමුත් පැමිණි පිරිමි පාර්ශවය නොසන්සුන්ව ඇස් අයාගෙන මුඛ පියන් අතරින් නොදැනිම ඛේථය  පොපියවමින් බලාසිටියේ මල්පැන් සංග්‍රහය බුක්තිවිඳිමට ආරාධනා ලැබේනා තෙක්ය.

ඉවසිමේ සීමාවෙන් ඔබ්බට යැමට ප්‍රතම ලැබුන ආරාධනයෙන්....සිත්සේ මල්පැන් පහස ලැබුවද...මනාලිය පාර්ශවයෙන් ලැබුන විශේෂ ආරාධනයක්..මත  ශාලාවේ එක් කාමරයකට රහසේ ඇතුල්වුහ.

මහත් ආදරයෙන් හා බක්තියෙන් මනාලියගේ මලයා විසින් තවත් මල්පැන් බොතල දෙකක් අරකි පිරිසට පිළිගන්වනු ලෑබුවේ මේ අවස්තාවෙදිය

කවදාවත් මල්පැන් එපා නොකියන පිරිමි පාර්ශවය සිත්සේ අරකී බොතල් දෙකද හිස්කලේ රටක් රාජ්‍යක් දිනු යෝධයන් පිරිසක් සේය.

කස්ටිය යහමින් මල්පැන් තොලගාමින් සිටින අතරේ කමලයා පෙරටු කොටගත් තවත්  කිහිප දෙනෙක් කාමරයේ අහුමුලු පිරික්සන්නට පටන්ගත්තේය.

මුකුත්ම සොයාගන්නට බැරිවූ මේ පිරිසට එකවර ඇස ගැටුනේ කාමරයේ තිබු තඩි අල්මාරියයි... වෙලාවට අල්මාරිය අගුළු ලා නොතිබින.

 මොවුන් අල්මාරියේ දොර පියන් හැරළුයේ මහා මෙඝය සත්කඩකට පැලු යොධයන් මෙනි. අල්මාරිය ඇතුලේහි වුයේ වෙනකක් නොව කන්තාවකගේ ඇඳුම් ආයිත්තම් කිහිපයකි.ඇඳුම් කැඩුම් ඇවිස්සු කමලයාට අහුවූයේ කාන්තා තන පටයකි..

නිල් මාණික්‍යක් දුටු නාගයකු මෙන් තන පටය අතටගත් කමලයා..

මෙතෙක් මල්පැනි තොලගාමින් සිටි පිරිසගේ අවධානයට ලක්විය...
  
කමලයා සොයාගත් මේ මහර්ඝ වස්තුව වෙනකෙකුගේ නොව පෙරකී මනාලියගේ ඇඳුම් ආයිත්තම් වල කොටසකි.
  
නොයෙක් දෙනාගේ උල්පන්දම් වලින් උසිගැන්වුනු කමලයා තනපටය සැඟවුයේ මනාලිය උපහාසයට ලක්කොට නැවත දිමේ අදහසිනි.

නමුත් සිදුවූයේ වෙනකකි....
   
මුල් අවස්තාවේ කමලයාව උසිගන්වා..උඩගෙඩි දුන් පිරිසම පසුව ඌට "බොඩි කමලයා" ලෙස නම් පටබැඳ  උසුළු විසුළු වලට ලක්කිරිමයි
     
   
මෙම සිදුවිම අදින් වසරකට පෙර ලක්දිව කන්ද උඩරට එක්තරා හොටලයකදි සිදුවිය.

හැපි ඇනිවසරි.....!

ප.ලි
  අර සිහින බක්මහ උළෙලට තව දවස්.. පැය.. මිනිත්තු..... හික් බලනවනං ඔන්න මෙතනින් යන්ඩ ඈ...හික් එදාට හම්බවෙමු එහේනං




  
   

Tuesday, February 14, 2012

කාගේ හො හිසමතින් කිරුළ කරා....මේ ක්‍රිකොට් බොලව්...




   කවුරු හරි මගේන් ආසම ක්‍රිඩාව මොකද්ද කියල ඇහුවොත් මම බොක්කේම්ම දෙන උත්තරේ තමා ක්‍රිකොට් . හැබැ පොඩිම කාලේ ඔය පිත්ත අල්ලන විදිහ තාත්තා කියල දුන්නද කියල හරියට මතක නැති උනත්...දෙයියනේ කියල ඔන බොලේකට ඇට්ටි හැලෙන්ඩ පහර දෙන්ඩ නම් යස අගේට පුලුවං..

  අපේ ගම්වල කොල්ලො ඉස්කොල පිට්ටනිවල..ගොයං කැපුවම අර රොටියක් වෙන්ඩ වෙලිලා තියෙන කුඹුරුවල..පොල්වතු අස්සේ ..ඒ විතරක් යෑ..ගෙන්දගම් පොලොවේ එව්වො..පාලු පාරවල් වල..පාලුවට ගිය බස් ගාලවල් වල ..ගෙවල් අස්සට යන්ඩ තියෙන ලේන් වල ඔය මේකි නොකී හැම ඉඩකම කොරන්නේ ක්‍රිකොට් ගහන එක නොවැ..

  ක්‍රිකොට් කිවාට ඔක එක එක විදිහට ගහනව නොවැ..ඔය හයදෙනේක් විතර එක පිලකට සේට් වෙලා  අනිත් පැත්තේ එවුන්ට තඩිබාන ක්‍රමේ සික්සර් සයිඩ් ලුනේ..හැබැ  වැඩිය සෙල්ලන් දාන්ඩ බැරි පොඩි ඉඩකට සෙට් වෙලා කොරන්නේ වම්බම් ගහන එකලු...හතරේ සිමාවට උඩින් ගියහම අවුට් වෙන පුලුවන් තරම් බිම දිගේම ගහන්ට ඔන.. සීමාව පොඩි උනත් එකොලොස් දෙනේක්ම පන්දු රකින්නේ බඩි කිරිකට් වලලු...

  දැන් ඔය ඩබල් විකට් කියල එකකකුත් තියනව නොවැ..හැබැ මේකේ දෙන්නේක් පන්දුවට පහර දෙනකොට අනිත් පිලේ ඉන්නේ දෙන්නේක් විතරයි ඒ කිව්වේ කඩුලු රකින උන්දැයි..පන්දුයවන පොරයි විතරයි..හප්පේ අනිත් එව්වා වගේ නෙමේ මේ වැඩේ ඇයි වදේ බොල දාන ගමන් පන්දුත් රකින්ඩ එපෑ..හැබැ එළ බොලර් කෙනේක් නම් ඉතින් වැඩේ ගොඩ...

  දැන් එතකොට එකොලහ..එකොලහ පිල් දෙකටම සේට් වෙලා ඔය රට රටවල් වල එව්වො කිරිකොට් ගැහුවට මොකද..අපේ ගමේ නගරේ කොල්ලො නම් හවසට පිට්ටනියට සෙට් උනහම ඉන්න එවුන් ඔක්කොම දෙපැත්තට දාගෙන නොවැ ඔය කිරිකොට් ගැහිල්ල ගහන්නේ...

   අම්මපා ලංකාවේ කිරිකොට් ටිම් එකට තරං පිනා චාන්ස් සෙට්වෙන වෙන රටක් නැති තරං..ඇයි වදේ කී පාරක් නම් එහාට මෙහාට දොලනේ වෙලා ලොක කිරිකොට් කිරුල ලඟටම ගියාද...අර අතට ගත්ත දේ කටේ දාගන්ඩ පින නෑ කියන් නැහේ..අර ලඟට ගිය වේගෙන්ම ආපහු ඇදවැටෙන එකනම් රම්මෙපෙට පොරි හැලෙන්නැහේ වෙනවා...

   මොනව උනත් අර 1996 ගහපු ගැහිල්ල තමයි ගැහිල්ල....ඈ...ඔන්න ගහනව නම් ගැහිලි..
  
   අර කලින් කිව්ව වගේ කාගේ හරි කරෙන් කිරුළ කරා යන ගමනක් බලාගන්ඩ කට්ටියටම පුලුවන් මේදා පොටෙත් ඔස්ට්‍රෙලියාව දිහාට හැරුනොත්...

  අනේ ඉතින් එහේම වෙන්ටෑ හෙතුවාසනා ලැබේවා කියල ප්‍රර්ථනා කොරන්ට ඔං මේපැත්තේ ඇවිල යන ඔක්කොමල්ලා ඈ..ඈ...

  
  

Tuesday, February 7, 2012

ගමේ සෙල්ලම්..ඉන්ටර්නැෂනල් ඉස්කොල සහ ගමේ ඉස්කොලේ...



  මේ අවුරුද්දේ මුල්ම දිග නිවාඩුව බඩ පිරෙන්ඩ සමරපු ලංකාවේ උන්දැල හෙට ආපහු වැඩට යන්ඩ ලක ලැස්තිවෙනව ඇති නොවැ..ගෙන්දගම් පොලොවේ ඔට්ටු අල්ලන අපටත් මේ නිවාඩු දවස්වල ගමේ ගොඩේ ටිකක් වැඩිපුර කාලය ගතකොරන්ඩ ලැබුනා...

  තිබ්බ කාස්ටක ගතිය ටික ටික මැකිලයන්ට වැහිඇල්ලක් දෙකක් වැටුන නිසා ගස් කොලන් හිටං පණගහල ඇවිත්...ගිය ටිකේ කුඹුරු වපුරපු අපේ උදවියගේ හිත්වලට සැනසිල්ල මොදුවෙන්ඩ ඔන්න කුබුරු යායවල් කොල පාටින් දිස්නේ දෙනවා...

   අපේ පොඩි අක්කගේ පුත්‍රයා යන්නේ ඔය ජාත්‍යන්තර පාසලකට..ඒ කාලේ කොළඹත් ගමක් උනාට දැන් එහේම නෑ නොවැ..ඉතින් දැන් ඉන්න පොඩි එවුන්ට ගමේ ජිවිතේ අත්දැකීම් හරියාකාරව ලැබෙන්නෑ...ඒ කාලේ වගේ වෙල් ඉපනැල්ලේ දුවපනින්ට බඩවැටි වල සමනල්ලු පස්සේ අබන්ට..ගමේ ලිඳේ නාන්ට..දොලේ ජබු ගහන්ට නගරේ ඉන්න පොඩි ඈයන්ට ලැබෙන්නෑ වගේම උන්ට ඒවා හුරුත් නෑ...

  හැබැයි වැඩිහිටියො විදිහට අපි දැනගන්ට ඔන...ගමේ සුවඳ ගමේ කම උන්ට කාවද්දන්ට...ඔය නගරවල් වල කලබලකාරි පරිසරේ කලබලේට උන් හැදුනට.. ඉංගිරිසි පන්නේට හසිරුනාට...අම්මාට තාත්තට  වැඩිහිටියේක් වගේ කතාකොලාට.... මොකද මං එහේම කියන්නේ මේ පොඩි ඇයො වෙලාවකට වැඩිහිටයන්ට කතා කරන්නේ..අර ඉංගිරිසි චිත්තර පටිවල පොඩි ඈයො වැඩිහිටියන්ට කතාකරන රලූ විදිහටමයි...ඔය ආභාශයට  තනිකරම ලමයින්  නැඹුරු වෙන්නේ ජාත්‍යන්තර පාසැල් වල තිබෙන උප සංස්කෘතියෙන් ලංකාව වැනි රටකට ඒවගේ දෙවල් නම් කිසිසේත්ම ගැලපෙන්නැ..මොකද අපේ මිනිස්සු හදවතින් මීට වැඩිය අම්මලා තාත්තලා එක්ක බැඳිලා නොවැ ඉන්නේ...ඒ බැම්ම ඔය රලූ දේවල් වලින් සුනුවිසුන් වෙලා යාවී.....

   අනිත් අක්කල පොඩි උන් එක්ක මහගෙදරට එන්ඩ කලින් පොඩි අක්කයි අපියි මහගෙදරට ආව..ඉතින් පොඩි මැන් ගේ අනිත් සෙනාව එන්ට තව වෙලා තියෙනව.... මේකාට කම්මැලිකම යන්ටත් එක්ක වෙලපැත්තට ගියා..මොකෑ මූ ජිවිතේට වෙලකට බැහැල නෑ නොවැ....වෙල් නියරෙ ඇවිදින්ට මුලින් මෙකා බය උනා..පස්සේන් පහු මිනිහට ආසාවේ මාවත් ඉස්සර කොරන් මෙකා දුවනව..වෙලේ එක් පැත්තක පොඩි දියපාරක් ගලනව..දිය පාරේ එක් ඉවුරක පුවක් ගස් පෙලියක් එක පුවක් ගහකින් කොළපොතත් එක්කම එක ඉත්තක් ගැලවිලා කුඹුරේ නියරට වැටිලා...

  අපි පොඩිකාලේ කරපු සෙල්ලමක් මතක් උන නිසා ආපහු කුඹුරෙන් එනකොට ඔය කොළපොත් ඉත්ත ගෙදර ගෙනාව...පොඩි එකාව කොළපොතේ ඉන්දවල අර ඉත්තේන් ඇදගෙන යනකොට මිනිහට හරි සතුටුයි...අපි පොඩි කාලේ කරපු ඔය සෙල්ලම් මෙයාලටත් වලන්ගුයි කියන එක මේවයින්ම පෙනව නේද...

  ඒ විතරක් යෑ..කුඹුර ගාව තියෙන ලිඳේ නාන්ඩ ලොකු අයියා මෙකව අරගෙන ගියා..බාතෘම් එකේ ශවර් එකට ඔලුව අල්ලං නාපු පොඩි එකාට හරියට අවුරුදු වගේ මුව ලිඳ ගාවින් අරගෙන එන්ඩ බලකරන තරමටම මූ ඒවට ආසකලා... හවස මහගෙදරට ආපු අනිත් පොඩි ඇයො එක්ක මුන්දැ හරි හරියට අර කොළපොත් ඉත්තත් එක්ක සෙල්ලම...ඒ විතරක් යෑ..කට්ටිය එක්කම අර ලිඳේ නාන්ඩ පොරේ...කම්පියුටර් සෙල්ලම් ගෙම් ඔක්කොම අමත වෙලා ... අර ගහකොල එක්ක මුන් හරි හරියට ඔට්ටු වෙනව... ඉතින් බලන්ඩ තරඟ කාරි ලොකේන් එලියට අරන් මේ පොඩි ඇයන්ටත් නිදහසේ හුස්මක් ගන්ඩ අපි පුරුදු කරොත් උනුත් උන්ගේ සිත් තුල හැංගිලා තියෙන සුන්දර ලමා ලොකේ ... කොම්පිටර් ගෙම් ජිවිතවලින් මිදිලා මොහොතකට හරි ගහකොල එක්ක ඉඳි නේද...

 අපේ ගමේ පාසල අපි ඔක්කොටම තාම මතකයි නොවැ..රබර් ගෙඩිවලින් කරත්ත හදපුවා..ඉස්කොලේ ඇරිල එනකොට දං පඳුරු තලපුවා..මදටිය ඇටවලින් සෙල්ලම් කරපු හැටි...හැබැයි ගමේ ඉස්කොලේ ටිචර්ට පොඩි ඈයො රලු විදිහට කතා කලාද..ඉස්කොලේ ලොකු මහත්තය එනකොට ඔක්කොමලා පන්තිය ඇතුලේ

ඒකාලේ අපි කිව්වද අපිව එක්ක යන්ඩ අම්මා පොඩක් පරක්කු උනොත්..

 " යු ආර් ෆිෆ්ටීන් මිනිට් ලෙට්..." කියලා ඔන්නං පොඩ්ඩක් අඬන්ට ඇති එච්චරයි නොවැ..

ඉතින් බලන්ඩකො ගමේ ඉස්කොලෙයි ඉන්ටර්නැෂනල් ඉස්කොලේ පොඩි ඇයො කතා බස් කරන රටාවේ වෙනස....මොකද හිතෙන්නේ...ම්