Thursday, October 3, 2013

අත් පටලා යමු ආයේ....


අපේ ලොකු රාජ් එතකොට සිරා මලයා එහේම සින්දු ගැන බ්ලොගේ ලෑටි ගාන කොට මටත් හීනියට හිතුනා ආපහු සිංදු කොත්තුවක් ලිව්වොත් හොඳා කියලා ඒත් ඒ අදහස පැත්තකට දලා මෙන්න මෙහේම ලියන්න හිතුනා...
  ආදරෙන් වෙලිච්ච පෙම්වතුන් ඉන්න වටපිටාවටත් හරියට වසන්තකාලේ එළැඹිලාවගේ හරි අපුරුයි නේව අන්න එහේම වෙලාවක පරිසරයත් සතුටින් බලාන ඉන්නේ මේ පෙම්වතුන්ගේ සතුට දිහා
මේගීයත් හරියට ආන්න ඒවගේ කියලයි මට හිතුනේ....

ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ....
          අසා සිටිනවා අපේ පෙම් පිළිසඳරේ...............
රසවැහේන සිලෝ ගීතිකා රහසේ....
          දැස්වලින් කතාකරමු...,  දැස් වලින් රහසේ.......

ආදරයක් හටගන්නත් සිතිවිලි හැඟුමන් පිබිදෙන්ට එපායැ.. ආදරෙන් කුල්මත් වෙච්චි පෙම්වතුන් යුවලකට  එකට මුනගැහිලා කල්පයක් පෙම්බස් දෙඩුවත් හරියට එක විනාඩියක් ගතවුනා වගේ තමයි ඉතින් දැනෙන්නේ මේ ගීයෙන් කියැවෙන්නේත් එහේම කතාවක් කියලයි මට හිතුනේ........

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්...
ඉඩ ලබාගනිමු තරමින් වියතක්..
හඳපානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ....

වෙලාවකට මොනදේ ලැබුනත් සැනහෙන්න බැරිගතියක් තියෙනව නේව ඒ අපේ මනුස්ස ජාතියේ හැටි කොච්චර ආදරෙන් වෙලීපටැලී සිටිය යුවලක් උනත් මොහොතකින් සිතිවිලි කැඩිබිඳි ඉගිලි යන්න තියෙන අවස්තාවන් බොහොම වැඩියි. තනි තරුවටත්, වික්ටර් රත්නායකයන් කියන්න ඇත්තේ ඒ ටික නේද...

මහද අරනේ ලතැවි ලතැවි...
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි...
මගෙන් ඉවත ඇදිලා සැනහී....
තනි තරුවේ......

ඔහොම ටිකෙන් ටික කැඩිලා බිඳිලා හැල හැප්පීම් වෙච්චි පෙම් කුඩුවෙන් එක්තරා දිනෙක කිරිල්ලි එක පැත්තකටත්, කුරුල්ලා තවපැත්තකටත් ඉගිලිලා යනකොට පරිසරයට උනත් එක දරාගන්ට බැරිවෙන්නේ හරියට වසන්තයෙන් පස්සේ කටුක ශීතලෙන් ගහකොල හැකිලෙන්නාක් වාගේ නොවෙද.. මේ ගියෙන් කියැවෙන්නේත් එවැනි කතාවක් ද....?

එපා හිරු පායන්න...
   අදින් පසු මගේ ලොවට...
අදයි අවසන් දවස..
   ඇගෙන් මා...
     මගෙන් ඈ සමුගන්න.........

මම හිතන්නේ කාලය තමයි බොහෝ ගැටළු වලට පිළිතුරු සපයන හොඳම බෙහෙත කියලයි වසර කිහිපයක් ගෙවිලා ගිහින් පැරණි සිතිවිලි වියැකිලා අලුත් සිතිවිලි පිබිදිලා ජිවිතේ වෙනස් වෙලා කාලය ගතවෙලා යන්නේ හරිම පුදුම විදිහටනේ.. ඔහොම ගෙවෙන ජිවිතේ ගිමන්හරින්නට නවතින තත්පර කිහිපයකදි අර පරණ මතක හිටිගමන් සිතිවිලි අතර හොල්මන් කරන එක සක්කරයටවත් නවත්වන්ට බැහැ කියලයි මගේ හැඟීම. අන්න එහේව් වෙලාවකට අපූරුවට ගැලපෙන ගීයක් නොවෙද මේ ගැයෙන්නේ.........!

දිනෙක හිරු බැස යන වෙලාවක...
සයුරු වෙරළක හුදෙකලාවක...
කල්පනාවේ සිටින මොහොතක...
මතක් විය සිතිවිලි අතීතෙක....

වික්ටර් රත්නායකයන්ගේ මෙවන් අපූර්ව ගීත ගොන්නක කිමිදිලා හිටිය මට ඇතිවුන සිතිවිලි මේවිදිහට බ්ලොගේ ලැටිගාන්න හිතුනා, එහේව් ගීත ඔබට කොහොමද දැනුනේ...?  ඉඩහරින්න ඔබේ සිතිවිලි වලට ඉගිලෙන්නට….!!! 

  



33 comments:

  1. මරු! සිංදු ටික එකම කතාවකට ගෙනල්ල. ඕන නං ඕක ‍අනිත් පැත්තට හරවන්නත් පුළුවන් අතර මැද්දට මේව දාල,

    1.ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ....
    2.අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්...
    3.පොඩිදුවගේ සිනා මලයි පොඩිපුතුගේ කතා පෙලයි....
    4.පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා....
    5.තාත්තා උනත් මා බත සරි කරන...

    කොහොමද? :-)

    ReplyDelete
    Replies
    1. බැනේ ඉතින් කොරන්න යන්නේම ඒ ට්‍රැක් එකටමයි හෆොයි හික්ස්...!!!

      Delete
    2. පරණ සිංදු ඇදලා මාව කුලප්පු කරන්න එපා බොලව්..

      වික්ටර් ගේ සදකැන් වැටිලා / පෙම්බර මදූ මගේ / අදුර බිදින්නට / දෛවයෝගය / ඔබ නැතුව ඉන්න බැරි තරමට..

      කියල අහවර කන්න බැහැ බොලව්.. මහ රෑක, ලාවට සද්දෙ දාගෙන, අහන්නෝනි.. සූස්ති ඕන නැහැ.. තිබ්බොත් නරක නැහැ..

      ජය !

      Delete
    3. අනිවා සෑම් මෙවගේ සිංදු කොච්චරනම් විඳින්න පුලුවන්ද.....!!!

      Delete
    4. අම්මෝ...සිරාවට සෑමෝ!!!

      පෙම්බර මදූ තමා සුපිරිම ^_^

      Delete
  2. මම ආසම සින්දුවක් මේ අතර තියනෝනෝ නෝ

    ReplyDelete
    Replies
    1. අඩේ අපිටත් ඇහෙන්න කියපංකෝ බං......!!

      Delete
  3. ස්තූතියි Raj මාත් ආසයි මේ සිංදු වලට.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබේ ඇගයිමට....

      Delete
  4. මම මේක රස විඳලා පඬි ටෝක් දෙන්න ගිහින් රසය මරන්නේ නැතුව යන්න යනවා. උඹත් උඹලෑ තාත්තාගේ කාලේ සින්දු තමයි ප්‍රිය කරන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. මමත් මේ වර්ගයේම ඇන්ටික් පොරක්...

      Delete
    2. මුලින්ම මා තාත්තගේ රසිකයෙක්නේ ඩියුඩ්, මට මතකයි මා කුඩාකල, බිම්කරුවල වැටෙන සැඳෑයාමයේ තාත්තා පුටුවකට වෙලා සිංදු කියනවා මා අසා සිටින්නේ හරිම ආසාවෙන් ඒ තමයි මගේ රසිකත්වයේ ලදරුපාසල...!!!

      Delete
  5. සේරම රසයන් ටික එකතැනකට ගෙනැල්ලා

    ReplyDelete
    Replies
    1. රස සාගරයෙන් එක දිය බිඳක් පමනයි සහෝ බොහෝම ස්තුතියි...!!!

      Delete
  6. නියමයි.. මම ආසම සිංදු ටිකක් රාජ් අයියා අරන් ලියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතී මල්ලි අපි එක මගක කුරුල්ලො නේව...

      Delete
  7. මම ඉතාම කැමති ගීත පෙලක්ම මෙතන තියෙනවා..ඒ අතරිනුත් අපි හැගුම් වලට ඉඩ දී මොහොතක් ගීතයට ගොඩක් කැමතියි. ඒකෙ අන්තරා කොටසෙ තියෙන මයිනර් කෝඩ්ස් නිසා තමයි දුක ගතිය හොදට තීව්ර වෙන්නෙ...මේ ගීතයෙ පද ටික මතක් කලත් එහි සංගීතයේ යෙදෙන වයලින් වාදනය හැමවිටම මතක් වෙනවා. ප්‍රේමකීර්තිගෙ පද රචනා කොච්චර නම් හිතට දැනෙනවද ? මේ වගේ ගීත රචකයො අද අපිට ඉන්නවද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ සින්දු අතර දිවෙන වයලීන් ගීටාර් සහ කීබොඩ් වාදනයන් වගේම ටබ්ලා වාදනයටත් මා අතිශය ප්‍රිය කරනවා උඹට මතක ඇති අපි අම්පාරේ යනකොට ගී ගැයුවා....

      Delete
    2. ඒ මතකය කවදාවත් අමතක වෙන්නෙ නෑ...හරිම සුන්දර දවසක්...

      Delete
  8. කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ කට්ටිය ඔක්කොම කියලා. මෙවැනි ගීත රස විඳින අය ඉන්න එක ඒ කලාකරුවන්ට කරන නිහඬ ගෞරවයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ගෞරවයක්........

      Delete
  9. මේවට කියන්නේ ලෑටිගානවයි කියලැයි.. හැක්.. අනික අර යකා කොහොමද ලොකු රාජ් උනේ. මට ඒක මාර පුරස්නයක්.. සින්දු ටික මං ආසම ඒවා..

    ReplyDelete
    Replies
    1. හපොයි මං ඔව්වට නෑ අර මාතලන් තුමා තමයි ඒ වැඩේ කොරල තියෙන්නේ,.........ස්තුතී ලොක්කා...

      Delete
    2. අඩෝ.....ව්! ගේමටද?

      Delete
  10. මේ වගේ විඳින්න පුළුවන් සින්දු හොදට දැනෙනවා පිටරටක තනි උනාම බන්..... ඔය සිර එහෙමත් කියල තියෙන්නේ එකනේ .... රාජ් පට්ට සින්දු ටික.... ලොකු රාජ් උබටත් එක්ක

    ReplyDelete
    Replies
    1. කොහොමත් ලංකාවෙන් පිටවෙලා දුරු රටකට ගියාම නඉකම කාන්සිය දැනෙනවා ඔය අද්දැකිම යන්තමට මමත් අත්විඳලා තියෙනවා ඇත්තටම ගීත කියන්නේ ඒ වැනි වෙලාවට ලැබෙන ලොකුම සහනයක් නේව, ස්තුතී ඔබට....!!!

      Delete
  11. ගීත ටික නිහඬවම රසවින්දා රාජ් ස්තූතියි,දැන් මෙවැනි ගීත වැරදිලාවත් ඇහෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. පොඩිකාලේ අපිට අහන්න ලැබුනේ ස්වදෙෂීය සේවය වෙලඳ සේවය කියන ගුවන්විදුලි චැනලයන් නේව ඒවයේ ගිය ගීත, ලමා අපි කොපමන ප්‍රිය කලාද නේද දැන් ඉතින් තාරුණයට වඩා වැඩි තැනක් ගුවන් විදුලියෙන් ලබාදෙන්ව නේව හැබැ ඒ නියම තැනද කියන එකේ නම් ගැටලුවක් තියෙනව කියලයි මට හිතෙන්නේ, ස්තුතී ඔබේ ඇගයිමට..!!!

      Delete
  12. ඔතනින් තනි තරුවේ ගීතය මගේ කැමතිම එකක් රාජ්...

    ... "එදිනෙදා ජීවිතය | Trance".

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ අපුරු සිංදුවක් සහෝ...

      Delete
  13. මෙහෙම මතක් කර දීමත් වටිනවා රාජ්. ඒ වුණාට මේ වෙලාවට බැලුවෙත් හැම දෙනාම මේ ගීත වලට කැමතියි. ඒත් මොන කරුමෙකටද මන්දා අද මේ ගීත නැහෙන්නේ වර්තමාන පරපුර මේකට කැමති නැති නිසා වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. වර්ථමාන පරපුරේ කැමැත්ත අකමැත්ත ගැන පුරෂ්ණයක් නේවෙයි මානම් දකින්නේ අද තියෙන බොහෝ ගුවන් විදුලි මාධ්‍ය මෙව්වා ප්‍රචාරණය කිරිමට දක්වන මැලිකමයි. මොකද වානිජ්‍යමය පරමාර්ථ මුදුන් පමුනුවා ගැනිමට දරන උත්සාහයේදි මෙවන් ගීත යටපත්වෙනවා එකෙන් වෙන්නේ තරුණ පරපුර මාධ්‍ය මගින් වෙනත් මගකට යොමුකරනු ලබනවා එතකොට තරුණ පරපුරට මෙවන් ගිත අත්හැරෙනව මට හිතෙන්නේ එයයි සිදුවෙන්නේ කියල, බොහෝ විට සහෝ

      Delete
  14. watch movies online & downlaod free
    http://adf.ly/XSTCv

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...