Monday, May 13, 2013

නගර බබාලා....




අතීතයේ සිටි ගම්මුලාදැනි                                                       රාළලා
මඩට රජ උනේ වෙල්විදානේ                                                 රාළලා
පහු වෙනකොටැ ග්‍රාම සෙවක                                                 රාළලා
දැන් හයි කාරයෝ නගරාධිපති                                               රාළලා

වසර කිහිපයට සැරයක් ගම් තුලානේ                                    ඇවිදිනා
ගෙයින් ගෙට ගොසින් නැළවිලි ගී                                          කියනා
ගෝල බාලයින් සැම තැන ගුන                                               ගයනා
ඌගේ පැතුම ගම පුබුදා ගොඩ                                               නැගුමා

සංවර්ධනේ මුල් කොට ගෙන දස අත වර්ධනේ                     වෙනවා
අරකට මේකට කියලා එක එක බදු වැඩි                                වෙනවා
නිදි ගැට කැඩු නගර බබා අනෙක් අතට                         පෙරලෙනවා
ගමේ එවුන්ගේ කාලය අකාලයේ දිය                                    වෙනවා

වැඩක් පලක් කරගැන්මට නගර බබා වෙත                             ගියාට
දොළ පිදේනී නැතුව ඉතින් වැඩ කෙරෙන්නේ නෑ               හනිකට
හරි හපනුන් එකේ එවුන් වැරදි සොයා ගතු                          කියන්ට
හාර මාසයක් ගතවෙයි හැබැයි වැඩක්                             කරවගන්ට            

ඉහල ඈයෝ බෙරිහන්දී වේදිකාව මත                                නැටුවට
කොපමණ වෙහෙසක් ගත්තත් රට ජාතිය                       නංවන්නට
සිතුවිලි වල නව වෙනසක් හෙට දිනයේ ඇති                   නොවන්ට
තිස් වසරක් ගියා වගේ රට යයි පස්සෙන්                             පස්සට


33 comments:

  1. අප්පච්චියේ... මොනවා නැතත් දොළ පිදේනි නම් ඕනෑමයි. තනතුරු වල පරිණාමය නියමෙට දක්වල තියනවා. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුතී මල්ලි දොල පිදෙනි ගැන කවර කතාද පබ්ලික් ටොයිලට් ඇරුනු කොට

      Delete
  2. මේ අගේට ලියන්න පුළුවන් උන් නේ මුකුත් නොලියා ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. පස්වහන් දහසක සමාවෙන සෙක්වා පුලුවන් වෙලාවට මොනා හරි ලියනවා මයි මෙදවස් වල වැඩිපුර කොමෙන්ට් කොරන්න උනේත් නෑ නේව...

      Delete
  3. යකෝ ඉදල හිටල චරස් කෑල්ලක් ඉරෙව්වත් මේ අදහස් අපිට එන්නෙ නැහැනෙ.
    මොන මගුලක්ද කරන්නෙ මේ වගේ සිතුවිලි ලියපන්කො හැමෝගෙම ඇග හිරි වැටෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ ඉස්සර වගේ... දැන් විවෙකය අඩුයි නමුත් මාසෙට එකක් හරි ලියනවා සමාවෙයන්

      Delete
  4. නියම කවි සෙට් එක. ඕවයින් කෙරෙන සංවර්ධනේ ගැනනං කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත නගර සභාවට යනව කියන්නේ දවසම ඉවරයි...

      Delete
  5. අප්පට සිරි......එහේමෙයි.....!!!

    ReplyDelete
  6. එයාල බබාල නම් අපි කිරි සප්පයෝද රාජ් ...?

    මෙන්න මෙහෙම ලියපන්කො බන් වැඩ දාල ...

    ReplyDelete
    Replies
    1. ස්තුතී මචන් ඉස්පාසුවක් ලැබෙන හැම වෙලේකම ලියනව....

      Delete
  7. මේක කියවද්දි මතක් උනේ අර රන්වල පදනමේ පොඩි උන් සෙට් එක කියන කවි ටික. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ මමත් දවසක් ගියානේව මලේ ඔක බලන්න ඇත්තටම නියම වැඩක්...!!

      Delete
  8. ඔව්ව ඔහොම තමයි බන් . . මම නම් කියන්නේ හැම එකාම හැම චන්දයක්ම වර්ජනය කරන්න ඕන. වර්ජනය කියන්නේ ගිහින් හරහට කතිරේ ගහලා කපලා දාන්න ඕන. එතකොට උන් දැන ගන්නවා ඒ සිස්ටම් එක හරි නෑ කියලා. සිස්ටම් එක වෙනස් කරන්න වත් හිතයිනේ එතකොට.

    ReplyDelete
    Replies
    1. ඒකෙනුත් චාන්ස් එකක් ගන්න බලයි අපේ අයියලා...කෙන්තියට ලිය උන කවි හික්ස්

      Delete
  9. ආශ්චර්ය කියන්නේ ඕකට වෙන්න ඇති මයේ හිතේ :)

    ReplyDelete
    Replies
    1. තාම එක පටන් අරන් නෑ මහිතේ... :)

      Delete
  10. ඔන්න ඔහොම මහන්සි වෙලා හැමදාම පෝස්ටුවක් කොටන්නකො මෙයා එදා වේල ටුවර්ස් වගේ වෙන්නෙ නැතුව...දැන් පියෙක් වෙන්න කාලෙ ලගද ? වාහනේ ලෙසටම වැඩද ?

    ReplyDelete
    Replies
    1. හික්ස් එදාවෙල ටුවර්සුත් ඉන්න එපැ බං බ්ලොග් ලොකේ ස්තුතී මලේ දෙන තල්ලුවට වාහනේ දෙයියනේ කියල වැඩ ඔව් බං තව මාස 3යි

      Delete
  11. අදමයි අයියගෙ බ්ලොගේට ආවෙ.. කියලා වැඩක් නෑ..

    පෝස්ටුව නම් මල් 7යි.. අද කාලෙ වෙන්නෙ ඔය දේ තමා.. මොනා කරන්නද?? ආශ්චර්ය නේ..

    වෙලා ඇති විටක මේ පැත්තෙත් ගොඩ වෙලා යන්න..
    http://mathakamawatha.blogspot.com/?m=1

    ReplyDelete
    Replies
    1. ස්තුතී සචින් ඇවිල්ලා යන්න එන්නම්...

      Delete
  12. හොද විරෝධාකල්ප කවිය; ඇත්ත කතාව...!

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියලනම් ඔව්වට කප් ගහල නේව ඉන්නේ තැන්කු...

      Delete
  13. ඔන්න දැනුයි කියවන්න විවේකයක් ආවේ..

    ලංකාවේ සිස්ටම් එක ගැන මේ කියලා තියෙන්නේ හරි අපුරුවට.. ඔය බබාලා නලවන්න ගියාම අපේ වැඩක් කෙරෙනවා බොරු..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනෙෂ් මල්ලි....

      Delete
  14. රට ඉදිරියට ගියා කියලලා වැඩක් නැහැ..එතකොට පරිසර දෂණය හෙම වෙනවා..මෙහෙම තියෙන එකේ වරදක් නැහ වගේ මටනම්..

    ReplyDelete
    Replies
    1. හේම්...හරියට සංවර්ධනය වෙනවනම් පරිසර දුෂනය අවම වෙනව නමුත් මෙහෙ වෙන්නේ තනිකරම වර්ධනේ නොවැ

      Delete
  15. මොනවා කරන්නද ඉතින් ඕවාට පාලන ආණ්ඩුවට බැනලා වැඩකුත් නැ.. මොකා කලත් ඕක ඔහොමම තමා...

    රටේ මනුස්සයන්ගේ ආකල්ප වෙනස් කරන්න ක්‍රමයක් තිබුනොත් ඊට වඩා හොද දෙයක් වෙයි කියලා ලාවට හරි බලාපොරොත්තු තියා ගන්න පුළුවන් වේවි

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි වැදගත් ආකල්ප වෙනස

      Delete
  16. මොනවා කරන්නද.මේ ලඟදි විමල් වීරවංස හිටපු සහෝදරයත් කිවුවා එතුමා දාපු අළුත් මොකක්ද එකක්. අවුරුදු 2ක් ඉඳල තවම කෙරී ගෙන යනවා කියල. අමතිලට එහෙමනම් අපිට කොහොමද?.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් මමත් ඇහුව ඒ කතාව...හික්ස්

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...