Thursday, February 21, 2013

බොක්කුව හදන දවස්වල.....




කරුණාවයි කරුණාවයි සමන්දෙවිඳු කරුණාවයි....!

සිරිපාදේ කාලේත් ආවනේව හැබැ මේ සතිඅන්තෙනම් පට්ට සෙනගක් ඉඳි  සඳුදා පොයනේව...

ඉස්කොලේ ඒලේවල් කාලේ අපේ යාලුවො සෙට් එකක් ගියා සිරිපාදේ ….

" මචං අපේ ෆැමිලිවල අය සිරිපාදේ යනව උඹල සෙට් එකත් වරෙන්ලා "

නිකං හම්බෙන අස්සයාගේ දත් ගයින්ඩ එපා කියන්නැහේ සෙට් එකම කැමතිවෙලා ට්‍රිප් එක යන්න..

ඔන්න කියාපු දවස ආවා කොල්ලො සෙට් එකෙන් ඉස්සෙලම නගින්න හිටපු එකා කබ කඩ කඩ පාරටවෙලා ඉන්නවලු වෑන් එක එනකං    

ටිකක් වෙලා යනකොට එනවලු දර හට්ටි මුට්ටි පටවගත්ත තඩි බස් එකක්. මූට හෙන අප්සෙට්ලු ඇයි ඉතින් යනව කිව්වේත් ෆැමිලිවල කස්ටියනේ බස් එකේ ඉස්සර ඉන්නවලු අච්චිලා සීයලා සෙට් එකක්ම.

"ඔය මල්ලි සිරිපාදේ යන්නනේද ඉන්නේ එහේනං නගින්න…"

ආපහු හැරිලා දුවන්ඩ කියලද අපෙ එකත් කටයි පු...වහගෙන නැගල බස් එකට. ඊටපස්සේ අනිත් කොල්ලො සෙට් එකත් මුනු ඇඹුල් කොරගෙන බස් එකට නැගල සිරිපාදේ යන්ඩ එපැ දෙයියනේ ඉතින්….

මගගෙවාගෙන ආපු කස්ටිය හැටන් නල්ලතන්නිය ඔස්සේ සිරිපාදේ කරුණාකරලා වරුගානක් ගෙවාගෙන උඩමළුවටම ඇවිත් මොකෑ වයසක උන්දලාත් එක්ක එපායැ හරිහරියට කරුණාකරන්න.

රැබොවෙලා ආපහු පහතට බැහැගෙන නල්ලතන්නිය හරියට එනකොට නඩේ පොඩි කලබලයක් ඇතිවෙලා එක පවුලක පොඩි එකෙක් නැතිවෙලා…….

මොකෑ කොරන්නේ කෙලින්ම ඇඟිල්ල දික්වෙන්නේ අපේ කොලුරැලටනේ ඔන්න ඉතින් අර අංකලුයි ඇන්ටියි එක්ක ආපහු උඩහට කරුණාකොරන්න පටං අරන්  කොල්ලොටික, ජපන් පංසල හරියටම ඇවිත්  එත් හොයාගන්ඩ බැරිවෙලා එතන තිබුන පොලිස් කුටියට පැමිනිල්ල කියලා…. හැබැයි වෙලාවට පොඩි එකාගාව සෙල්ෆොන් එකක් තිබිල තියෙනව

රාලහාමි : පුතාගේ වයස කියද…?

අංකල් :  අපේ ගේ ඉස්සරහා පාරේ බොක්කුව හදන දවස්වලනේ එකා ඉපදුනේ ..!

ඇන්ටි :  රාළහාමි, පොඩි පුතා ඉස්කොලේ හතවසරෙද කොහේද ඉන්නේ..!

රාලහමි :  පුතාගේ ෆොන් නම්බර් එක කියන්න…?

අංකල් : ඒක දන්නේ ලොකු එකා

රාළහාමි : එහේනම් ලොකු පුතාගේ ෆොන් නම්බර් එක කියන්න..?

අංකල් : එක දන්නේ ශෙඩ් එකේ නිමල්..!

රාලහාමි : එහේනම් නිමල්ගේ නම්බර් එක දෙන්න.?

අංකල් : එක දන්නේ එහාගෙදර උන්දැනේ..!

රාලහාමි : ඒ, නම්බරෙ කොහේන්ද හොයාගන්නේ …?

අංකල් : පොඩ්ඩක් ඉන්ඩ කොලකැල්ලක ලියලා තිබුනා...!

අපේ එවුන්ගේ වෙලාවට පොකැට් එකේ තිබුන කොලේක ඒ නම්බර් එක තිබිලා රාළහාමිට දිලා
ජංජාලේ කියන්නේ ඒපාර සිග්නල් නැතිලු කොහොමහරි පැයක් විතර කට්ටක් කාල කොල් එකක් අරං බලකොට පොඩි එකා පොලිසියේ එක්කේනෙක් එක්ක උඩ මළුවටම ගිහින්

උඩටයන්න බෑ කියල අපේ උං කන්කෙඳිරි ගාපු නිසා අර අංකලුයි ඇන්ටියි.. මළුවට ගිහින් පොඩි එකාව අරගෙන ඇවිත් ..!

කොහොම් හරි දවස් දෙකක් විතර ගෙවාගෙන අපේ උන්ටික ෆැමිලි ට්‍රිප් එක ගොහින් ඇවිල්ලා…!





40 comments:

  1. සුපිරි ආතල් අංකල් කෙනෙක්නෙ....

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් අංකල් කිව්වට අවුරුදු 70 විතර වයසලු

      Delete
  2. හහ්හහ් හා.... යකෝ නොම්බරේ වටේ ගිහින්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. යකෝ පරංගියා කෝට්ටේ ගියා වගේනේ නම්බර් එක හොයන් තියෙන්නේ.
    :)

    ReplyDelete
    Replies
    1. එතන හිටපු පොලිසියේ උන්ටත් හිනාලු කෙස් එකට...

      Delete
  4. හරිම සුන්දරයි මචං අර නම්බර් එක හොයාගත්තු විදිය.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ගමේ සුන්දර මිනිස්සුනේ..

      Delete
  5. අද අමුතුම කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් අයියා සමාජයේ අපූරු සිදුවීම් නේ වෙන්නේ

      Delete
  6. මාර වටයක් ගිහින් නෙ බං !

    ReplyDelete
    Replies
    1. මුලින් මුලින් අපේ උන්ටත් ෆ්ලවර් ජම්ප් වෙලා පස්සේ හිනාලූ සීන් එකට..

      Delete
  7. අන්න ට්‍රිප් ඈ...
    ආතල් කං දෙකෙංම බේරෙනවා දොරේ....

    ReplyDelete
    Replies
    1. ආතල් කිතල් පොල්තෙල් තරියා...

      Delete
  8. ඔහොම අය තාම ඉන්නවද බං..!

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් පරණ මිනිස්සු ගම්වල තාම ඉන්නවා..

      Delete
  9. ෆෝන් නම්බර් එක හොයා ගත්තු හැටි නම් හරිම ලස්සනයි. :)

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩියේ පරණ අහිංසක මිනිස්සුනේ ...

      Delete
  10. අපේ තාත්තහ් ෆෝන් නම්බර් හොයාගන්නෙ එහෙමයි එයාට මගේ නම්බර් එකවත් මතක නෑ. මල්ලිගෙ එක විතරයි මතක. මට කතා කරන්න ඕන උනාම. ඉස්සෙල්ලම කතා කරන්නේ මල්ලිට. ඊට පස්සෙ ලියාගන්නවා. ලියාගත්ත තැන ඊට පස්සෙ මතක නෑ. වයස 85. ඒත් පාරේ යන්නෙ නම් කොල්ලා වගේ. ඇහෙනවත් අඩුයි. ඒත් කියන්නේ ඇහෙනවා කියලා...

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි ලොකු අයියේ පරණ මිනිස්සු ඒයාලගේ හදවත් හරි හයි‍යයි...

      Delete
  11. හොඳ වෙලාවට බෝක්කුව හැදුවෙ කොයි කාලෙද කියල ඇහුවෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත තමා මචං

      Delete
  12. එළ ඉස්ටෝරිය මචෝ....

    ReplyDelete
  13. වාසනාවට වගේ එහා ගෙදර උන්දැගේ නම්බර් එකනම් අංකල් ළග තිබුණා නේද....?

    ReplyDelete
    Replies
    1. පට්ට සීන් එක සුමිත් අයියා...

      Delete
  14. ඔය ඔක්කොම අහගෙන ඉන්න ඉවසීමක් තිබුනද ඔය පොලිස් කාරයට.. පුදුමයි ඌ ජාතිය ඇමතුවෙ නැතුව..

    මාර ඩිරෙක්ටරි සේවාව ඒක...

    ReplyDelete
    Replies
    1. එකාටත් අන්තිමට හිනාලු සෙන්නා වැඩේට...

      Delete
  15. ෆෝන් නොම්බරයක් ගිය දුරක්..

    ReplyDelete
    Replies
    1. ෆොන්නොමර වලට කොච්චර දෙවල් කොරන්න පුලුවන්ද නේද මල්ලි...

      Delete
  16. හොද වෙලාවට ශෙඩ් එකේ නිමල් හිටියේ.. :D

    ReplyDelete
    Replies
    1. වෙලාවදත් අහනව නැත්නම් තාම සිරිපාදේ හික්ස්...

      Delete
  17. බෝක්කුව හදන්න පටන් ගත්තේ කොයි කාලෙද එතකොට???

    ReplyDelete
    Replies
    1. ෂ් ඔව්වා ප්‍රසිද්දියේ අහන පුරස්නද හත්වලාමේ...

      Delete
  18. එහා ගෙදර උන්දැගේ නම්බරේනම් මතකයි ඈ. එතැනදී ඇන්ටිගෙන් ගුටියක් එහෙම කෑවෙ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. වෙලාවේ හැටියට ඇන්ටිට මීටර් වෙලා නැද්ද කොහේද...

      Delete
  19. තරහ ගන්න එපා මන් fake frofile එකෙන් අවට මේවගේ වටින ලිපියක් ඔබට මග හැරෙන්න පුළුවන් හින්දයි යොමු කරන්නේ, ඔයත් යම්දුරකට කොටස් කාරයෙක් නේද කියල මේ ලිපිය කියවල බලලා තෙරුන් ගන්න http://anonymousaya.blogspot.it/2013/03/blog-post_9.html

    ReplyDelete
    Replies
    1. ඔය ලිපිය බලන්න මට පර්මිෂන් නෑ මචං

      Delete
  20. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...