Thursday, January 17, 2013

ලියුමයි..! බූට් එකයි....




  දැනට අවුරුදු බරගානකට කලින් ඒ කියන්නේ 90 දශකයේ ඔය සෙල්ෆොන් පඳුරක් පඳුරක් ගානේ තිබ්බේ නැහැ නොවැ. ඉතින් ප්‍රෙම වන්තයෝ තමන්ගේ පෙම් පනිවුඩ හුවමාරු කොරගත්තේ කොපි පොත්වල කොලවලටයි බොල්පොයින් පැනටයි පින්සිද්ද වෙන්ටයි. හැබැ ඉතින් තමන්ගේ කුමාරිකාවට සුපිරි අකුරුවලින් කොලේ පිරෙන්ට ආදර වැහි වස්සවන්ට කොලුපැටව් ෆුල් ට්‍රයි එක දුන්නැ කිව්වොත් එක ගල්පැලෙන බොරුවක් වෙනවනේව..!

  ලංකාව පුරා ඔය විදිහේ පෙම් ජවනිකා ඇතිවි නැතිවි යන අල්ල පනල්ලේ අපේ කොඩියත් ඉස්කොලේ යනවා, දැනටත් කොඩියගේ අත් අකුරු සුපිරි ඉතින් ඒකාලේ සිද්ද වෙච්චි හරි අපූරු සිද්දියක් තමයි මේ දිගහැරෙන්නේ...

    කොඩියගේ පංතියේ හිටපු යාලුවො දෙන්නෙක් බාලිකා ඉස්කොල දෙකක ගැනුලමයි දෙන්නේක්ට පන ඇරල කාටුකාගෙන තියෙන ඔක්කොම ශිල්ප ක්‍රම යොදාන තමන්ගේ හිතේ කැකැරෙන ආදරේ පුදකොරන්ට දතකෑව.

  ප්‍රේම කතාවේ මේ කුමාරිකාවෝ දෙන්නගෙන් එක් කුමාරිකාවක් අපේ යාලුවොත් එක්කම එකම ටියුෂන් පන්තිවලටමයි ආවේ ගියේ. හැබැ අනිත් කුමාරිකාව අපේ කොලුගැටයන්ට ඇහැගැටෙන්නේ සීමිත දවස් ගානකදි තමයි.

  ඔන්න ඉතින් මේ කොලුගැටවු දෙන්නටම අපේ කොඩියා බොක්කෙන්ම සපොර්ට් එක දුන්නා කාපු කටුවලින් අරික්කාලක් විතර වැටුනෙත් කොඩියගේ සාක්කුවට.

  නිතරම මුනගැහෙන කුමාරිකාවට බෑල්මට් එක දාගෙන හිටපු කොලු ගැටය කල් යල් බලලා වැඩේ ගොඩයන බව දැනගෙන තමන්ගේ ප්‍රථම ප්‍රේම සංදේශේ කුමාරිකාවට දිලා දැම්මා. ඔන්න ඉතින් කිරිගහට උල්පිහියෙන් ඇන්නහේ වැඩේ සුපිරියට ගොඩ ගියා..

 හැබැ වැඩේ කියන්නේ  අර කුමාරිකාව නොදන්න එකදෙයක් තිබුනා... පෙම් කොලේ තිබ්බ කිරි කිරි අකුරු අපේ කොඩියගේ බව, මොන කුමාරයද කැමති තමන්ගේ කුමාරිට දීපු මුල්ම පෙම් හසුන ලිව්වේ තමුන් නෙවෙයි කියලා කියන්ඩ. 

කොහොම හරි ඉතින් ඒ වැඩේ අවුලක් නැතුව ගොඩගියා කියමුකෝ....,

   නමුත් ප්‍රෂ්ණේ පටන්ගත්තේත් එතනින්ම තමයි…. නිතර මුන නොගැහෙන කුමාරිට බැල්මට් එක දාපු අනිත් කුමාරයත් දැන් හොඳකාලේ කියල හිතලා බොක්කටම වැදිලා හිටපු කුමාරිට තමන්ගේ ප්‍රථම පෙම් හසුන දුන්නා...

   කොලුගැටව් දෙන්නා නොදන්න කාරනාවකුත් ඔය අතරේ තිබුනා කුමාරියෝ දෙන්නා ගියේ පාසැල් දෙකකට උනාට ඒ කුමාරිකාවෝ දෙන්නම හොඳ යාලුවො බව

 දෙවැනියට හසුන ලබාගත්ත කුමාරිකාව තමන්ට ලැබුන මුල්ම පෙම් හසුනත් අරගෙන සිහිනෙන් වගේ ගියේ කලින් කිව්ව කුමාරිව මුලිච්චි වෙන්ට...හැබැයි වැඩේ පත්තු උනේත් මෙතෙන්දි තමයි..!  

දෙන්නත් එක්ක පෙම් හසුන කියවන්ට ගත්තා ලියුමේ අත් අකුරු දැක්ක ගමන් මුලින්ම සංදේශේ ලැබුන කුමාරි කියපි මගේ ලියුමෙත් තිබ්බේ මේ අත් අකුරුමයි කියලා... අර සිහින ලොකේ හිටපු කුමාරිකාව පියවිසිහියට ආවේ එතකොට,

  පුල් අප්සට් එකේ හිටපු කුමාරිකාව පහුවෙනිදම අපේ කොලු ගැටයව මුන ගැහුනා..

 "හාපුරාකියලා මම දෙයක් පටන්ගන්න ගියා නමුත් ඔයා පටන්ගන්න කොටම මට වංචා කලා කව්ද මේ ලියුම ලිව්වේ"

අසනිමහා වරුසාවක් කඩා වැටෙන්නැහේ තිබ්බ ආවේගෙට කුමාරිගේ ශ්‍රි මුවෙන් වචන කඩාපැන්නා

  ඉතින් කොලු ගැටය වෙච්චි සිද්දිය කියල දැම්මා නමුත් ඒ වැඩේ හරිගියේ නෑ ලියුමක් නැතුවම ආදර කතාව ජයගන්න තරමට වැඩේ සැට්වෙලා තිබ්බත් වෙච්චි සිදුවීමෙන් ඒ කතාව ලත්තැනම ලොප් උනා.!

හේම්....

නමුත් ......

කලින්ම සංදේශේ හුවමාරු කරගෙන නිතර මුන ගැහුන අනිත් කුමාරයයි කුමාරිගේයි පෙම් පලහිලව්වට නම් අවුලක් වුනේ නෑ කියල තමයි ආරංචී..!

හරි කතාව ඉවරයි…! එක හේයි කියමුකො.....

අපේ බ්ලොග් අයියල අක්කලා නංගිලා මල්ලිලා මාමලා නැන්දලා වෙන්ට තාත්තලා වෙන්ට අම්මලා ඔක්කොම මේ 27වෙනිදා ගම්පහ මල්වත්තට එන්ටලා ඇවිල්ලා ෆුල් ජොලියක් දාලා යන්ටලා….




   

56 comments:

  1. අපේ මහත්තයත් මට ඔය හොර වැඩේ කරලා තිබ්බේ.. හැබැයි මං නං දෙවනි ලියුමෙන් දැනගත්තා පළවෙනි ලියුම නම් මෙයා නෙවෙයි ලියලා තියෙන්නේ කියලා.. හි හි

    ගේට්ටුවට නම් සොරි තමයි.. ඉහි ඉහි ඉහි...

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙලින්න එපා අපේ එකායන බලාපොරොත්තුව හිරු..

      මොකද හිරු නැත්තම් වහිනවා එදාට !

      Delete
    2. මෙන්න කිඹුල් කඳුලූ....

      Delete
    3. අද "ඉ" යන්නක් වැඩි වෙලා...

      Delete
  2. මේක නම් ගොඩක් පොදු අත්දැකීමක්. 90 දශකයේ වගේම 2000 දශකයේත් මුල. mobile phone ළමයිගේ අත්ට් එන්න කලින් කලේ කොච්චර සුන්දර දේවල් උනාද . පොස්ට් එක ලස්සනයි. ලියල තියන විදියත් අපූරුයි.

    ReplyDelete
  3. සුන්දර අතිතයක් බොහොම ලස්සනට කියල තියනවා රාජ්. මේ පෝස්ටුවත් එක්ක 9 -10 පන්තිවලට මාත් හිතින් ගියා. වෙන කොහෙවත් නෝවේ ගෙට්ටුවට එන්නේ නැ කියල උඩින්ම කියන හිරුවලගේ ඉස්කෝලේ පැත්තට.

    ReplyDelete
    Replies
    1. පාසැල් කාලය ජොලි කාලේනේ අයියේ..

      Delete
  4. කාලයක් මාත් අනුන්ට ලියුම් ලියුව්ව බං. උන් සැට් වුනේ මම නිසානේ :)

    ReplyDelete
    Replies
    1. එහේනං ලබන ආත්මේ උඹට දෑවැද්දට අන්තක්පුරයක්ම ලැබෙන්නැතෑ

      Delete
  5. මාත් ඔහොම එකක් ලියල දීල එකක් ගොඩ දැම්ම. දැන් උන් දෙන්නට ළමයි 3ක් ද කොහෙද ඉන්නවා.. ලියුමේ බලේ.. හික්...

    ReplyDelete
    Replies
    1. ඔව් උඹටත් ඇති රසබර සිදුවීම් නේද මචං

      Delete
  6. මටත් ඔය රාජකාරියම කරන්න ‍වුනා ඒ කාලේ, මට අකුරු රටා කිහිපයකින් ලියන්න පුළුවන් හින්දා වැඩේ අල වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියගේ අකුරු නම් එහේම වෙන්ටම ඔනෑ ව්‍යාපාරෙත් එක්ක නේද

      Delete
  7. ඉස්සර අපේ ක්ලාස් එකේ හිටිය චාමිනි කියල යාලුවෙක්... ගොඩාක් මහතයි... ඉතින් කොල්ලො පස්සෙන් එන්නෙ නෑ කියල හරිම අප්සෙට්.. අම්මත් දන්නව ඉතින් මෙයාගෙ අප්සෙට් එක.. එයා තමයි අපේ ලව් භාන්ඩාගාරික.. හෑමෝටම හම්බවෙන ලියුම් තිබුනෙ මෙයා ලග ගෙදර.. හම්බවෙන ලියුම ටක් ගාල දෙනව මෙයාට ගෙදර ගෙනියන්න.. හෑබෑයි ඔන්න හිටපු ගමන් එක එකාට ඕනි වෙනව කොල්ල පලවෙනියට එහෙම නෑත්නම් දෙවෙනියට දීපු ලියුම බලන්න.. ඉතින් චාමිනීට ඉල්ලීම ඉදිරිපත් කලාම පහුවදාට ගෙනත් දෙනව... හුගක් වෙලාවට වෙන කාගෙහරි එකක් තමයි ගෙනත් තියෙන්නෙ ඉතින් අර ලියුම බලන්න ආසවෙන් ආපු එකා කන්නෙත් නෑ එදාට... චාමිනීගෙ හත්මුතු පරම්පරාවම මතක් කරකර හූල්ල හූල්ල ඉන්නව...

    ReplyDelete
    Replies
    1. හික්ස් ඔව් ඇත්තට ඔව්වා මතක තියාගන්ඩ පුලුවන්යෑ මරු ලයිබ්බ්‍රිය

      Delete
  8. ප්‍රේම සම්බන්ඳකම්වලදි තුන්වැන්නෙක් ගාව ගන්ටම නරකම නරකයි.
    එතකොට ඉතින් ලියමයි...බූට් එකයි...දුකමයි තමා...:)

    ReplyDelete
    Replies
    1. එකනේ පොඩ්ඩියේ හිතේ කහටක් තියෙ නං කෙලින්ම කියලා දාන එකනේ තියෙන්නේ නෙද

      Delete
  9. හි හි මේක කියවනකොට අපි 10 වසරේදී මගේ වෙච්ච වැඩක් මතක් උනා......

    සිංහල මිස් - කාගේද මේ පොත....? මෙහාට එනවා අයිතිකාරයා...

    යාළුවා - ඔය පොත මගේ මිස්...

    මිස් - මොනවද ළමයෝ මේ අකුරු වල හැටි.... සමහර ඒවා කියවගන්නත් බෑ... දැන්ම හදාගන්නවා අකුරු ටික.. නැත්නම් කොල්ලෙක්ට ලියුමක් වත් දී ගන්න විදිහක් නැති වෙනවා...

    යාළුවා - මිස් පොත බලලා දෙන්නකෝ... මන් ඒ වැඩේ බලාගන්නම්.. මන් ගන්නවා ෆෝන් එකක්....

    ReplyDelete
    Replies
    1. 20වෙනි සියවස කිට්ටුව පාත වෙච්චි වැඩක් වගේ..

      Delete
    2. අපොයි ඔව් හරියටම 20වෙනි සියවස ඇතුලේ

      Delete
  10. යා යා. මාත් ඒ දවස් වල අනුන්ගේ කුමාරිකාවන්ට හසුන් පත් පිළියෙල කරල දෙනවා තමා..

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් සමාජ සේවකයෙක්....ජය

      Delete
  11. මම ජීවීතේට මගේ ගෑල්ලමයෙකුට ලියුමක් දීලා නෑ.. ඒත් අනුන්ගේ ගෑල්ලමයින්ට ලිව්වෙ මමයි... මිල්ටන්ගේ සින්දුවක් තියෙනවමයි....

    ReplyDelete
    Replies
    1. ලොක්කයියේ මිල්ටන් හොඳ සහයක් දිලා තිබ්බා පෙම් පත්වලට නේද

      Delete
    2. හෙහ්.. මගේ ෆස්ට් ලව් එකේ හොරාගත්ත ලියුමට දැම්මෙත් බෝල අකුරු වලින් “මධු මල ලෙස“ ගොං හරකා නෙව ඒ කාලේ... හැක්...

      Delete
  12. චැහ් පටන් ගන්නත් ඉස්සෙල්ල මිනිහට බූට් එක වැදිලා නොවැ.. තමන්ට පුලුවන් හැටියට ලිව්වනම් ඉවරනෙ.. අනික තමනට ලැබුන ලියුමෙ තියන දේවල් තමන්ටත් කලින් තුන්වෙනියෙක් දන්නවා කියලා හිතුනම මොන කෙල්ලද කැමති වෙන්නෙ..

    ReplyDelete
    Replies

    1. එකනේ මචං ඔව්වා කෙලින්ම කියලා දැම්මනං අහවරනේ නේද

      Delete
  13. මගේ නං අකුරු අජූවයි. ලියුං ලියලත් නෑ.

    ReplyDelete
    Replies
    1. මගෙත් අකුරු හකුරු වගේ මචං

      Delete
  14. එකම ෆොන්ට් එක පාවිච්චි කලාම තියෙන අවුල ඕකනේ. මට නම් ෆොන්ට් කීපයක් තියෙනවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ මම කියනවා ඔන්න......

      Delete
  15. මම කොල්ලොන්ගේ ලිවුම් වටවෙලා කියවනවා එත් මම ලියපු කුළුඳුල් ලිවුම තනියෙම ලිවුවේ පුදුම අමාරුවකින්. ඒත් දුනේ නැහැ.අකුරු කැත වැඩි..

    ReplyDelete
    Replies
    1. ලව්කොරන්න ගත්තම වෙන දෙවල් නේද මචං

      Delete
  16. උපෙ කරන පන්තියේ කොල්ලන්ගේ ලියුම් වැඩි හරියක් ලිව්වේ මම. ලියුම ලියා ගන්න ඔන ඒකා දළ සැකැස්මකුයි ගැලපෙන සිංදුයි. රෝල් එකයි මාලු පාන් එකයි අරන් එනවා මාව හම්බ වෙන්න. මම වැඩ දාල මල් ඇදලා ඒක ඒක විකාර දාලා ලියුම ලියලා දෙනවා. ඌ මම ලියපු ලියුම බලාගෙන උගේ අකුරින් ආපහු ලියුම ලියනවා. ඇදපු සේරම කොහොම හරි කොපි කරනවා. කාලයක් නම් අවුලක් නැතිව වැඩේ ගියා. මම මගේම කියලා ලියුමක් ලියලා ඒක හරි ගියාම එයාගේ මාර්ගයෙන් ලීක් උනා ලියුම් ලියන්නේ මම කියලා. එතනින් පස්සෙ රෝලුත් නෑ මාලු පානුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔකනෙ මචන් චීත්තයක් කොහෙන් හරි ගැවුනොත් දිගටම පාඩු තමයි

      Delete
  17. අම්මටසිලි රාජ් අයියා දැන් මේ සීන්කොන් එකේ මොන කොළුගැටයද කිවුවනම්? හිකිස් හා හා එවුවා ඔනි නැ මරැ සිද්ධිය හැබැයි. ;)

    ReplyDelete
    Replies
    1. කොඩියා අපේ ඉස්කොලේ නෙවෙයි බං හික්ස්..

      Delete
  18. ෆෝන් එක හොයා ගන්න කලින් ජීවිත...

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් උඹලට කලින් පරම්පරාවල් නෙව ඔය

      Delete
  19. මටත් ඉස්සර අකුරු රටා කීපයක් ලියන්න පුළුවන්. ඒ වුනාට සාමාන්‍යයෙන් පාවිච්චි කළේ එකයි. දවසක් මම සිංහල පොතේ ප්‍රශ්න එක ෆොන්ට් එකකිනුයි උත්තර එක ෆොන්ට් එකකිනුයි ලිව්ව, මිස් පොත බලන්න ගිහින් මට කතාකරල අහනව “මේ මොකද ළමයො මේ“ කියල.

    ඒ වුනාට මට ඔය ලියුම් ලිවිල්ල නම් සෙට්වෙල නෑ බං. අනෙක ඉස්සර පොත් ගනන් ලියන අපි දැන් කොච්චර අඩුවෙන්ද ලියන්නෙ, මේ කීබෝඩ් එකට කොටනව ඇරෙන්න අත්සනක් දාන්න ඇරෙන්න පෑනක් අල්ලන්නෙ නෑ, තව ටික කාලයක් යද්දි මෙහෙම ගිහින් අකුරු ලියන්න බැරිම වෙයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. එකනම් හරි සිංහල අකුරු ලියන පෙලක් වෙලාවට මටත් ටැපලෙනව මචං

      Delete
  20. මගේ ලියුං ලිවුවෙනං අපේ ජොන්ටා..
    ඒ දවස් වල ෆෝන් තිබ්බත් ලියුමකිං වෙන වැඩේ ෆෝන් එකෙං කරන්න බෑ කියලා අපි තේරුං අරං හිටියේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලියුම් ෆොන් වගේද රහට ලියහැකිනේව

      Delete
  21. අඩේ වෙන්ඩ තාත්තා කාලෙකට පස්සෙ පෝස්ටුවක් ලියලා... බොලා දන්නවද සිරා කොලුවගෙත් අකුරු හතරැස් හින්දා ඉස්සර පන්තියෙ බහුතර කොල්ලො ලව් ලෙටර් ලියාගත්තෙ මට කියලා... ලව නැගලා යද්දි ලැබෙන චොකලට් එහෙමත් ඒ කාලෙ උන් මට දීලා කෑවෙ...

    ReplyDelete
    Replies
    1. එහේනං ඉස්කොල තුනෙන්ම රහට කන්ට නැතෑ මලයා

      Delete
  22. අනුන්ගේ ලියුම් ලිවීමද, ඒවා අදාළ තැන් වලට බාර දීමද පින් අතේ වැඩකි. එවන් පින් වැඩියෙන් රැස් කරගත්තෝ කවරහුද? (මෙහෙම ලියන්න අමාරුයි බන්)

    අපේ රටේ තියෙන ෆෝන් කම්පැණියි, සන්නිවේදන කම්පැණියි කොච්චර පින් රැස් කරගන්නවා ඇද්ද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් පිං කොහොම වෙතත් කොල්ලන්ගේ පොකට් එකටනම් කෙල වෙනවා....

      Delete
  23. මම කොහෙත්ම ලියන්න යන්නේ නැහැ ලියන් තියෙන හැම දෙයක්ම Type කරලා තමයි දෙන්නේ එතකොට කවුරුවත් කියන්නේ නැහැ අකුරු කැතයි කියලා.

    ReplyDelete
  24. හිකිස්‌.....,,,අකුරු කොච්චර ලස්සන වුනත් මට නම් ඔය චාන්ස් ඇදිල නෑ... දැන් ඉතින් ලියුම් ලියන්නෙ කවුද? ෆෝන් එකේ කොටන්නෙත් ඉංග්‍රීසියෙන්... සිංහල ලියුම් ඉවරයි...

    ReplyDelete
  25. මචං මමත් ලියුං කප්පිත්තෙක් මගේ යාලුවන්ට පිං සිද්ද වෙන්න. උඹ මේක දාපු එක හොඳයි. ඒ කතා ටිකත් දිග අරින්න පුළුවන්.

    ReplyDelete
  26. හික්ස්... පරණ සිද්දි හෝ ගාල මතකයට ආව... මං කවදාවත් ලව් ලෙටර් ලියල නැති උනාට අනිත් උන්ගෙ ඒව අම්බානක කියවල තියෙනව... ඒ වගේම ඒව ලියන්න උපදෙසුත් දීල තියෙනව... අරූගෙ ලියුමෙන් බාගයක් මුගෙ එකට, මුගෙ එකෙන් බාගයක් අරූට වගේ... අලකලංචියක් වෙච්චි බවට ආරංචියක් නම් ලැබුනෙ නෑ... හැබැයි උන්ට හම්බුවෙච්චි ලියුමුත් ඔහොම අනුන් ලියපුවද දන්නෙ නෑ.... කෙල්ලො නම් අනුන්ට කියල ලියව ගන්නෙ නැතුව ඇති මං හිතන්නෙ.... හික්ස්...

    ReplyDelete
  27. මාසයක් ගියා, ලින්නැතෙයි.

    ReplyDelete
    Replies
    1. ලබන සතියෙ දෙයක් ලියනව ස්තුතී දෙන තල්ලුවට මචං..!

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...