Wednesday, November 28, 2012

හැමොටම කරදර තමයි ඉතින්........




   සඳුදා පත්තරවල පොඩියට දාලා තිබ්බට මොකද අද පාරට ආවම එක 138ක් වත් නෑ...............

ඔපාදුප කියනව ඇරෙන්න එක පිත්තල වාහිනියක් වත් වැදගත් ප්‍රවෘතීයක් කියන්නෑනේව ටිකක් කලින් පාරට ආව නිසා ලංගමයක් අල්ලගන්ඩ පුලුවන් උනා.........

හැබෑට හුඟක් ගෙවල්වල උදේට යම යුද්දේ තමයි ලමයිට කවන්නයි ඉස්කොලෙ යවන්න ලැස්තිවෙන්නයි අරකයි මෙකයි පොඩි පොඩි කරදර තමයි හැමොටම.... ඒත් පොඩියට හරි පෙර සැලසුමකින් වැඩ ටික ගොඩ දාගන්නවනම් ටිකක් කලින් පාරට ඇවිත් හිත සංතොසෙන් වෙලාවට වැඩට එන්න පුලුවන් වෙනව එතකොට බොසාගේ ආඳොනාවත් නවතිනව නේව......
  
හරි ඒකතාව පැත්තකින් තියමුකෝ......

 සුරංග ඉස්කොලේ යන කාලේ ඉඳන්ම හරි සෙල්ලක්කාරයා ඔය සෙල්ලක් කාරයයි සල්ලාලයයි දෙන්නේක් හරිය වැරදියට ගන්නව එහේම නෙවෙයි.....අපේ යාලුව කිතුනු බක්තිකයෙක්. මේදවස්වල බෙංගාල බොක්ක ආයිත් කැලඹිලා නිසා හැන්දැ කොරෙට ආපහු වහින්න පටන්ගෙන නේව...ඊයේ හැන්දැකොරේ වැස්සට කොටූඋන සුදෙශ් මාත් එක්ක ආගිය කතා කිය කිය ඉන්න කොට තමයි තැඹිලි කතා සෙට් එක කරලියට ආවේ......

සාමාන්‍ය පෙළටයි උසස් පෙළටයි පාඩං කරන කාලේ වගේම පංසලේ කටිනේ කාලේටත් ගමේ අපිට රජ මගුල් නේව...... රැබො වුනහම පාඩම පැත්තකින් තියල හොරෙන් තැඹිලි බොන්න පාන්දර බෙකරියේ මාලු පාන් කන්න එහේම ඒකාලේ අපේ කොල්ලො රුසියෝඅපිට කටිනේ දවස්වලට වගේම සුරංගලට පල්ලියේ මංගල්ලේ කාලේටත් ජොලීම තමයි...
  
වෙනද වගේම දවසක් කස්ටිය එකතුවෙලා පාඩං කරන්න ටික ටික රෑ වෙනකොට තැඹිලි බොන අදහස ඇවිත් සබේට...... හැබැ හතර වටේ තිබ්බ තැඹිලි ගස්වලට රස බලලා තිබුන නිසා තැඹිලි තිබ්බ ගහක් කස්ටියටම මීටරෙට ඇවිත්නැ,  යාලුවො ටික කල්පනා කර කර ඉන්න කොට සුරංග දැම්මා අයිඩියා එකක් ඔක්කොටම කතාකරගෙන මිනිහා තැඹිලි ගහ තියෙන ගෙදර ගාවට ඇවිදින්, මිනිහාම නැගලා තැඹිලි ගහට....

ටිකක් වෙලා යනකොට....  සද්දේට ගෙදර ඉන්න අයට ඇහැරිලා ලයිට් දාගන එලියට ඇවිත්. හතරවටේම ටොච් ගහල බලලා  ගෙදර හිටපු අය ආපහු ගේ ඇතුලට යනකොටම එක්කේනෙක්,  සද්දේ එන්නේ තැඹිලි ගහ පැත්තෙන් කියල..... අර ටොච් ගහපු මනුස්සයා තැඹිලි ගහට ටොච් එක ඇල්ලුව විතරයි..සුරංග ගහේ ඉඳං

ගොඩ්සි මාමේ මම සුරංග කිව්වලු….

ටොච් එක ගහපු මනුස්සයත්

…. සුරංග පරිස්සමෙන් බැහැල යනව කියලා

බලන කොට මේකා මමාගේ  තැඹිලි ගහට තමයි වැඩේ දිලා තියෙන්නේ……

ආයෙමත් දවසක කස්ටිය ගිහින් තැඹිලි බොන්න එදා සුරංගයා ගහ මුල සෙරෙප්පු දෙක තියල තමයි ගහට 
නැගල තියෙන්නේ...තැඹිලි ගහ තිබිල තියෙන්නේ ගෙදර තාප්පෙට කිට්ටුවෙන්ම එදත් ඇහුන සද්දේට ගෙදර අය ලයිට් දාලා දොරවල් ඇරගෙන එනකොට සුරංග තාප්පෙට බැහැල පැනගෙන...කස්ටිය නොන්ඩි නොවි ගෙවල්වලට ගිහින්
  
අනිත් දවසට එලි උනාලු..... මෙන්න උදේ පාන්දරම අර ගෙදර අයිති අංකල් සුරංගයගේ සෙරෙප්පු කුට්ටමත් අරං ගෙදරට එනවලු බලන කොට ඒ අංකල් සුරංගගේ තාත්තගේ යාලුවෙක් සුරංගයා තාප්පෙන් පනින කොට අඳුනගෙන ඇවිත් තාත්තට කියලා

සුරංග තැඹිලි ගහ මුල සෙරෙප්පු දෙක දාලනේ ඇවිත්තියෙන්නේ මෙන්න මං අරගෙන ආවා……..
  
පල්ලියේ මංගල්ලේ කාලේ රෑ වෙනකං පල්ලියේ හිටපු සුරංගයි යාලුවො ටිකයි ගෙවල්වලට යන්න එනකොට පාරේ තැඹිලි කොම්බයක් තිබිලා…. ඔකට පයිං ඇන ඇන ඉස්සරහට එනකොට පාර අයිනේ තිබ්බ හිස් ගල් අරක්කු බොතලෙකුත් හම්බ වෙලා දෙකම අතට ගත්ත යාලුවො ටික ලඟම තිබ්බ ගේ දොරකඩින් බොතලේ හිටවල නැඹිලි කොම්බේ බොතලේ උඩින් තියල වටේම වැලි විසුරවලා ගෙවල් වලට ගිහිං .........උදේ පාන්දර වැඩට යන්න  දොර ඇරපු ගෙදර ඈයෝ ගේ දොරකඩ තිබුන අමුතු දේට හුනියමක් කියල බයවෙලා ජනෙලෙන් පැනල තමයි එලියට ගිහින් තිබුනේ.
   
හැබැ වැඩේ කියන්නේ එදා රෑම වෙන කවුද පල්ලියේ තැඹිලි ගහක හොරෙන් තැඹිලි කඩලා අර ගෙදර සිද්දිය නිසා තැඹිලි හොරා කැඩිල්ලට අහුවෙලා තියෙන්නේ අපේ සුරංගයි යාලුවො ටිකයි..

තවත් දවසක පල්ලියේ පාදර් සුරංගලට කියල තැඹිලි ගහක තැඹිලි කපන්න කියල ඔන්න මිනිහා යාලුවෝ ටිකත් එක්ක ලනුවකුත් අරං වැඩේට බැහැල දැන් යාලුවො කඹෙත් අල්ලගන ගහයට ඉන්නව තැඹිලි බාන්න ටික වෙලාවකින් තැඹිලි ගෙඩි ටික සිසිකඩ වැඩිලා පුපුරලා ගිහිං 

මෙකා ගැට ගහපු ලනුවට යටින් තැඹිලි වල්ල කපලා.....


   

66 comments:

  1. නියම කතා ටික. ජය...!

    ReplyDelete
  2. තැඹිලි සුරන්ගයා මෙව්ව දැක්කොත් බඩුම තමා.....

    අපේ එකෙකුත් තැඹිලි කඩද්දි අයිතිකාරය ඇවිත් මූ දුවලා.. අමු දවාලේ.. ගහේ අයිතිකාරය දවසක් අරුන්ගේ ගේ ගාවින් යනකොට තාත්තට කියාගෙන ගියාළු...
    \\මහතුං අපේ වත්තේ තියෙන තමුසෙලගෙ තැඹිළි ගහ හොඳටම කණාටුවෙලා.. විකුම් කොළුවට කියනවකෝ ගහවටේ සුද්ද කරල පෝර ටිකක් දාන්න කියලා\\

    ReplyDelete
    Replies
    1. නෑ මචන් ඌ එල පොරක් දැන් විදෙශ ගතවෙලා ඉන්නේ

      Delete
    2. /අපේ වත්තේ තියෙන තමුසෙලාගේ තැඹිලි ගහ/
      බකස්.. :D

      Delete
  3. නියම කතා ටික බං

    //මෙකා ගැට ගහපු ලනුවට යටින් තැඹිලි වල්ල කපලා.....//

    මේ වගේ වැඩ කරන්නේ නම් අපේ පැත්තේ කට්ටිය බං . උන් කලොත් කරන්නේ මෙහෙම එකක්ම තමයි , මට දැන් සැකයි උබත් අපේ පැත්තේ වත්ද කියලා..හිකිස්

    ReplyDelete
  4. අර හූනියමේ සීන් එක තමා මරු... හි හි

    ReplyDelete
    Replies
    1. එහේම බයවිල්ලක්...

      Delete
  5. ඇයි යකෝ ... මුංට තැඹිලි ගෙඩියක් පේන්න බෑනේ.

    ReplyDelete
  6. තැඹිලි කතා.... හිකිස්..... මට අපේ කැලුම් බී අයියා ලියන තැඹිලි ගැන මකන් උනේ හෙඩිම දැක්කම.

    ReplyDelete
    Replies
    1. හේ....එහේනම් තවත් තැඹිලි ස්ටොරියක් නේද නගේ

      Delete
  7. සුටි සුපිරි කතා නේ මේවා...

    ReplyDelete
    Replies
    1. එකනේ මෙව්වා තැඹිලි ඉස්පෙසොල්....

      Delete
  8. හූනියමට බය උන එක අහන්න දෙයක්ද...උදේ පාන්දර ...හි හි හි මරු කතා ටික..

    ReplyDelete
  9. මිනිස්සු බය වෙලා පැනල ගිය හැටි මට මැවිලා පේනවා .හේහ්

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. අපේ කස්ටිය පොඩි දේටත් කලබල වෙනවනේ මචං

      Delete
  10. දැන් උඹට කියන්න ඕන උනේ බස් කතාද තැඹ්ලි කතාද?
    මොනා උනත් තැඹිලි කතා නම් මරු . . බස් ගැන නම් රටේ ජනාදිපති මාහින්ද මහත්තයා උනාට බස් කන්ට්‍රෝල් කනර උතුමා ගැමුනු රජානේ බන්z . .

    ReplyDelete
    Replies
    1. හේම් බස් කතාව ඇතුලේ සැඟවිච්චි කතාත් ඇති අයියේ තැඹිලි කතා ඇගයුවට ස්තුතීයි

      Delete
  11. ඔවට කියන්නෙ හොර කුරුම්බා කතා කියලා.. මේවා ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ එව්වා එළ බස්කතා වගේ යෑ

      Delete
  12. උදේ ටිකක් කියවල නැවැත්තුවෙ මේක නිදහසේ බලන්න ඕන හින්ද... :) ඔය සුරංග වැරදිලාවත් කලුතර පැත්තෙ නෙමෙයි නේද?...

    මටත් හොර කුරුම්බ කතා මතක් වුනා පෝස්ට් එකකට දාන්න තරම්...

    ReplyDelete
    Replies
    1. නෑ මචං බොල්ගොඩ ඔයෙන් කොළඹ පැත්තට වෙන්ඩ එළ දාපං කතා සෙට් එකක්

      Delete
  13. සුරංගයා මාට්ටු වුනාම බැනුම් අහලා නැහැ නොකරපු වරදකට අහුවෙලා.

    ReplyDelete
  14. පට්ට මචං...එකපෙලට මතක් වෙන්නෙ...හිකිෂ්...!

    අපි උ.පෙ ට පාඩම් කරන කාලෙ වෙච්ච දෙයක්.. දවසක්..,
    පාඩම් කරල ඇතිවෙලා කට්ටියට තැඹිලි බොන්න ඕන උනත් අහල පහල කොහේවත් ඉතුරුවෙලා තිබුනෙ නැහැ,..අපිම වග කියල...
    යාලුවගෙ ගෙදර ගහේම ගෙදරට හොරෙන් කඩන්න සූදානම....ගහට එකෙක් නැගල ගෙඩි දෙක තුනක් කඩනකොටම යාලුවගෙ තාත්ත පිටිපසෙන් ඇවිල්ල කියපි..මටත් එක්ක දෙකක් වැඩිපුර කඩාපල්ල කියල...ගහේ හිටපු එකා බෲස් ගාල බාගයක් බැහැල ආයි නැගල කඩල අංකල් එක්ක බෙදාහදාගෙන බීල ,කුරුම්බත් කෑව.

    ReplyDelete
    Replies
    1. එළනේ දාපං පොස්ට් එකක්...

      Delete
  15. හික්....හික්....හී...
    ඔය ලනුවට යටින් වල්ල කැපීම නම් සිරාම පොරවල්ටත් සමහර වෙලාවට වෙනවා.

    ReplyDelete
    Replies
    1. එකත් එහෙමද සුමිත් අයියේ....D

      Delete
  16. කතා ටික නියමයි. අර සෙරෙප්පු ගලවලා දිවපු සීන් එක මරු

    ReplyDelete
  17. Ado uba set elama dalla mama surangata meka share karanawa ..... Hondama eka umba dawasin me set eka liyapu eka ... Ela ....... Awasanawata aththa kathawak .. :D

    ReplyDelete
  18. අපිට ඉතින් කොහෙන්ද හොරෙන් තැඹිලි කඩන්න වාසනාවක් :/

    ReplyDelete
    Replies
    1. එහේම කියල හරියනවැ...කඩලා බැලුවනං....

      Delete
  19. අපි නම් ඉතිං හොර තැඹිලි බිමට අතඇරියෙ නෑ...ළිදේ කඹෙන් බෑවා මිසක්කා...

    ReplyDelete
    Replies
    1. ගහේ කටු උල්කොරන්න ඔනැද බංඩලගේ...

      Delete
  20. විභාගෙට පාඩම් කරනකොට හොරෙන් තැඹිලි බිව්වේ නැත්තම් පාඩම් කරපුවා ඔලුවට යන්නෙ නෑ..


    ජය..

    ReplyDelete
  21. හැමෝම විභාගවලට පාඩම් කරද්දී තැඹිලි හොරෙන් කඩනවනේ අප්පා මොකෝ අප්පා ඒ ....හි හි

    ReplyDelete
    Replies
    1. නැත්තං පත්තියන් වෙන්නෑ පාඩම්....

      Delete
  22. හික්ස්ස්.. මරු කතා ටික... :D රෙහානි කිව්වා වගේ හුඟාක් අය පාඩම් කිරිල්ල කෙසේවෙතත් හොර පොල් කඩන්න දස්සයි වගෙ..;)

    ReplyDelete
    Replies
    1. ඔව් අඩුගානේ ඒ ජොබ් එක හරි තියෙනවනේ....හික්ස්

      Delete
  23. මේක දැක්කොත් සුරා ලණුව නොකපා බොලාගෙ වල්ල කපනවා මම දන්නවා !

    ReplyDelete
    Replies
    1. ඌ එච්චර දරුණු නෑ මචං...!

      Delete
  24. තැබිලි කතා ටික ගති... කඩෙන් අරන් බොද්දි කොහෙද හොරෙන් කඩන් බොන ආතල් නැද්ද මන් අහන්නේ

    ReplyDelete
    Replies
    1. අනිවාමචං හුඟ කාලෙකින් දැක්කේ කොහොමද ජිවිතේ....ජය

      Delete
  25. මම මුලින්ම තැඹිලි වල්ලක් බාන්න ගිය මුල්ම දවෙසේ කම්බෙට යටින් කැපුවේ..

    සුරංගය අහිංසකයා නේද බං..

    ReplyDelete
    Replies
    1. මරු වැඩේ ඔව් මචං සුරංගයා හොඳ එකා

      Delete
  26. කතා ටික එල .. මමත් දැක්කා වතාවක් දිසාපති තුමාලෑ වත්තේ තැඹිලි කඩන්න ගිය කොල්ලෝ සෙට් එකක් පොලීසියට මාට්ටු වෙලා ඉන්න හැටි ..

    ReplyDelete
    Replies
    1. ස්තුතී මලේ ලියපං තැඹිලි කතාවක්....

      Delete
  27. ඔන්න රාජ් කාලෙකින් ලොල් ල්කතාවක් ලියලා තියෙන්නෙ. මේක ඉවසීම ගීන කතාවක්. මම පොඩි කාලෙ කියවපු සිබිල් නැන්දගෙද කොහෙද කතාවකත් තිබ්බා වැලගෙඩියක් බාපු හැටි ඔය විදියටම.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...