Tuesday, September 18, 2012

උඩපන්දුව සිව්වැනි වරත් ගිලිහේයි ද...?







පංදු කෙලින වසන්තයේ පස් වසරක් ගෙවී          ගියා
මහසටනේ කෙලවරටම තුන් පාරක්         සපැමිනියා
ජගත් කිරුළ එජ් වීලා වෙන රටකට            විසිවගියා
සනා වාස් මුරළි කොල්ලෝ ක්‍රිඩාවෙන්     සමුගත්තා

රැකගන්නට ජගත් කිරුළ 96 යේ                                  හැකිවූවා
සොලොස් වසක් ඒ අසලම අපේ කොල්ලො ෆිල්ඩ්            කලා
සුරීය වැව ඉස්මත්තෙන් 20යි 20සේ හඬ                    ඇහේනවා
තරුණ ජවය පරිනත කම එක්ක කොල්ලෝ බැට්          කරනවා

එකපිට එක තුන්පාරක් උඩ පන්දුව ගිලිහි                  ගියත්
සිව්වැනි එක අත හරින්නේ නෑ නේව හොඳ    ක්‍රිඩකයෙක්
සිව්වැනි වරටත් වැරැද්ද කලොතින් ඒ                  ක්‍රිඩකයා
ඔහුගේ ක්‍රිකට් ක්‍රිඩාවේ ලොකු වරදක් තිබිය             යුතුය

මුනවීරයා නවක උනත් පදම් වෙච්චි                    ක්‍රීඩකයෙක්
ඩිල්ෂානුත් අනෙක් අන්තේ ලකුනු වේගේ         වැඩිකරනවා
ලංකාවට ගන්න ඇත්තේ එක් අභීත                       තීරණයයි
ඩිල්ෂාන්ද මුනවීරද මහේලයද මුලින්                       එන්නේ

එක පැත්තක සංගා ඉඳන් අලංකෘතව පහර               දෙනවා
පිතිහරඹෙන් වැඩක් දෙන්න චන්දිමාලයත්             දන්නවා
අගාධයේ පතුලේ උනත් ඇන්ජී ඉඳන්              ගොඩදානවා
හීන්සැරේ හොරෙන් හොරෙන් තිරී ලකුනු        රැස්කරනවා

මාලිංගයා දැක්ක ගමන් පිති කරුවන් පැන         දුවනවා
සද්ද නැතුව විකට් අරං අපේ කුලයා               වැඩදානවා
හිතාගන්න බැරි විදිහට මැතිවු තිසර ගේම          දෙනවා
එක් සිත්වී ගැහුවොතින් කිරුළ රටට අයිති        වෙනවා


ප/ලි

පොත් ප්‍රදර්ශණය අද ඇරඹෙනවා ඔබත් පොතකින් දායක වන්න



56 comments:

  1. අත් නොහැරේවා.... මේ පාරනම් අපේම වේවා!!!

    ReplyDelete
  2. මට නම් ක්‍රිකට් ගැන වැඩි උනන්දුවක් නෑ. බලමුකෝ ඉතිං මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. අපේ රටට ජය ලැබෙන්න කියල පතමු නේද

      Delete
  3. කීත් ෆ්ලෙචර්ගේ නායකත්වයෙන් පැමිණි එංගලන්ත පිලට අනුර රණසිංහ සහ අර්ජුණ රණතුංග එලව එලවා පහර දුන් හැටි, කඩුලු අතර දුවපු හැටි, බන්ධුල වරණපුර උඩු ගුවනේ සිට අල්ලා ගත් උඩ පන්දුව, දුලිප්, සිදත් ආරම්භක පිතිකරනය, කළුපෙරුමගේ පන්දු, අජිත්ද සිලවාගේ දගපන්දු, රවී, රුමේෂ් රත්නායක ඩබලගේ වැඩ කිඩ, එතකොට මහේෂ්ද සිල්වගේ කඩුලු රැකීම දුටු මට නම් 20 / 20 මොන බම්බුවක්දැයි තේරුම් ගන්න මාරුයි. එකදින නම් තව කමක් නැහැ. ක්‍රිකට්වල ජීව ගුණය මෙතැන නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ආතල් එකනම් කන්න හදන්න එපා අයියේ..... :D :D :D

      Delete
    2. වෙදනා.. අයියා කියන එකෙත් ඇත්තක් තියෙනවා.. 20-20 එහෙම ක්‍රීඩාවේ ජීව ගුණය නෑ වගේ තමයි මටත් හිතෙන්නේ.. ඒත් ඒ ක්‍රීඩාවේ වරදකට වඩා මගේ වෙනස් වීම නිසා වෙන්න ඇති කියලත් හිතෙනවා..

      ඒ කාලෙ දවස් 5 ම ක්‍රිකට් බලන්න පුළුවං උනාට.. දැං එහෙම කරන්ට විවේකයකුත් නැති එකේ.. 20/20 හොඳයි කියලත් හිතෙනවා..

      රෝයි, සිදත්, මහානාම, මඩුගල්ලේ, අරවින්ද, මාවන් ලගෙ පිතිකරණයේ තිබුණු සුන්දරත්වය දැන් නම් ක්‍රිකට් වල නැති තරම්..

      Delete
    3. බොහෝ දෙවල් කාලෙන් තාලෙට වෙනස් වෙනව නොවැ ක්‍රිකටුත් එහේම තමයි හැබැ ක්‍රිඩාව මුදල්වලට ගිජූ වීම මම දකින්නේත් අවාසනාවන්ත දෙයක් විදිහට

      Delete
  4. මගේ නමත් තියෙන්නේ... මමනම් කියන්නේ දිල්ශාන් යටින් එවලා මුණවීරයි මහියයි ඕපන් කරන්න ඕන කියලා. අකිලව නම් තාම ඇතුලට දාන එකේ තේරුමක් නෑ..ඒත් අපිට තියෙන්නේ පොඩි අවස්ථාවක් කියලයි හිතෙන්නේ.... මට හිතෙන්නෙම මේ පාර ජොකියෝ ටික ඉන්නේ නවසීලන්තේ හරි බටහිර ඉන්දීය දූපත්වල කියලා....

    ReplyDelete
  5. මේ පාර කප් එක අපිට

    ReplyDelete
    Replies
    1. මොනාද කියන්නේ අපිට අපිට

      Delete
  6. ක්‍රිකට් බයි චාන්ස් මලයා

    ReplyDelete
  7. මේ පාර කප් එක ඕනේ ඕනේ ඕනේ..............මයි...

    ReplyDelete
    Replies
    1. අනිවා..අනිවා...අනිවා.........වා..

      Delete
  8. බලමු බලමු. මේ සැරේවත් ගන්න පුළුවන්ද කියල. මයිල් කෙලින්වෙන කවි පන්තිය. :)

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් ස්තුතී..

      Delete
  9. අනේ අපි ෆයිනල් ආවොත් රජාව නම් ගෙන්නන්න එපා.....

    ReplyDelete
    Replies
    1. හික්ස්...කොහොම හරි දිනුවොත් ඇති

      Delete
  10. ඒත් ක්‍රිකට් කියන්නේ එදා දවසේ අඩුම වැරදි කරන කන්ඩායම දිනන අවිනිශ්චිතම ක්‍රීඩාවක්.බලාපොරොත්තු නොතබාගෙන ක්‍රිකට රසවිදින්න පුරුදුවෙනවනම් අපි හැමෝටම ජය පරාජය කෙසේවෙතත් ක්‍රිකට්‍ රස විදින්න පුලුවන්.
    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මචං ඒ වගේම පාසැල් ලමුන්ට අපි කාටත් ක්‍රිඩාවේ තාක්ෂනික ක්‍රම උපායන් ඉගෙන ගන්නත් පුලුවන් වෙනවා

      Delete
  11. අනේ මේ පාරවත් දින්නොත් හොඳයි... ජය වේවා..

    ReplyDelete
  12. විස්සයි විස්සට අනාවැකි කියන්න ගියොත් අර ප්‍රසිද්ධ බැංකු අධ්‍යක්ශක තුමාගේ අනාවැකි වෙනවා , ඒ නිසා මොකා දින්නත් කමක් නැතැයි කියලා පුලුවන් තරමක් මැච් බලන එකයි මම නම් කරන්නේ , දැනට ලංකාව ඉන්දියාව දකුණු අප්‍රිකාව ගහන ඔක්කොම මැචුත් යමක් කරනවා වගේ පේනවා නම් වෙස්ට් ඉන්ඩීස් ලගේ එව්වත් බලන්නයි හිතාන ඉන්නේ , පොතේ හැටියට නම් ඉන්න දක්ෂම කණ්ඩායම් දෙක දකුණු අප්‍රිකාවයි ඉන්දියාවයි , හැබැයි අපේ උන්ට භූමි වාසියයි 'ලක්' එකයි තියනවා සැහෙන්න

    ප.ලි- මහේල දැන්වත් තෙරුම් ගන්න ඕනි ඉන්දියන් කාරයො මාලිංගට ඇට්ටි හැලෙන්න ගහනවා කියලා !

    ReplyDelete
    Replies
    1. බලමු මොකෑ වෙන්නේ කියලා

      Delete
  13. මට නං දැං කිරිකොට් ගැන මෙලෝ ආසාවක් නෑ.. මැච් එක ඉවර උනාට පස්සෙ ක්‍රික් ඉන්ෆො එකට ගොහිං දින්නෙ කවුද කියලා හොයලා බලන එක තමයි මගේ පිළිවෙල..

    මාලිංග මලයාටයි.. කෝලි කොලුවටයි පිං සිද්ද වෙන්ට මං කිරිකොට් අතෑරියා..

    කාලෙකට ඉස්සර කිරිකොට් ගැන මාත් ලිපියක් ලිවුවා.. ගහපු රිකට්, අහපු රිකට් හා බලපු රිකට් කියලා..

    ReplyDelete
    Replies
    1. හේම් වෙලාවකට මටත් බලන්න හිතෙන්නැ එත් මක්ක කොරන්නද හිත හීලෑ නෑ හරිම මුරන්ඩු නේව...

      Delete
  14. හ්ම්ම්..ජයම වේවා!

    ReplyDelete
  15. මේ පාර අපේම තමා පුතේ.... ඒක අනිවා

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ අනිවා

      Delete
  16. ක්‍රිකට් නරඹලා ක්‍රිකට් වලට චියර් කලොත් හැමදාම දිනුම්.

    ReplyDelete
  17. විස්ස යි විස්සෙ රස්නේ!!

    ReplyDelete
  18. මේ පාර අත හැරෙන එකක් නෑ...

    ReplyDelete
  19. Replies
    1. අනිවා ජයෙන් ජයම වේවා..!

      Delete
  20. කලින් කොච්චර පැරදුනත් මේ වතාවේනම් පරදින්න දෙන්න බැරියෝ

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් බෑ.............මයි

      Delete
  21. සුපිරිම සුපිරි කවි සැට් එක අයියා.

    ReplyDelete
  22. සද්ද නැතුව විකට් අරං අපේ කුලයා වැඩදානවා

    ඉස්කෝලෙ කාලෙ ඉදන්ම ඌ මගේ මිත්තරයා නිසා ඒ පදයට මම වඩාත්ම කැමතියි... ජය !

    ReplyDelete
    Replies
    1. අනිවා මචං එකනේ අපේ කිව්වේ...බන්ඩා කියන්නේ බොක්ක තමයි

      Delete
  23. කිකට් ගැනනම් මෙලෝඩෙයක් මං බබී ඩන්නෙ නෑ හලේ....:/

    බිංදු ගොඩාක් මඟඇරුනා.....ආයෙත් කියවන්නම් අයියෝ....

    ReplyDelete
    Replies
    1. කියවන්න කියවන්න...

      Delete
  24. කෝ .... මැච් බල බල ඉන්නව විතරද? බ්ලොග් එක ලියන්නෙ පොලිසියෙන් ද?

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...