Thursday, July 26, 2012

ඇනොනිමස් ගෙන් Raj ට ලියුමක්...!!!



 හිතවත් Raj
                         
    ඔය උඩින් හිතවත් කියල ලිව්වේ අපි ඉස්කොලේ ගිය කාලේ ලියුං ලියන්ඩ පුරුදු වෙනකොට හිතවත් කියන කැල්ල දාන හින්ද මිසක්, උඹත් එක්ක මොන හිතවත්කමක්  ද මට . උඹ දන්නවද මම මේ ලියුම ලියන්ඩ හිතුවේ ඇයි කියල... අනික තෝ හිනෙන්වත් හිතන්ඩ නැතුව ඇති මං වගේ පොරක්ගෙන් ලියුමක් ලැබෙයි කියල නේද..? හික් කමක් නෑ දැන් ඉතින් පස්ස වනං ප්‍රිතියෙන් උඩපනින්ඩ ඔනනෑ.
                                      
                                   උඹ යකෝ ඉස්සර සිංහල බ්ලොග් සිංඩිය කියව කියව හිටපු එකානේ.අනික තොට මතකද බ්ලොග් ගඩොල්  මාරයා වගේ එවුන්ගේ බ්ලොග් පොස්ට් නිතරම කියෙව්වා.අන්න එහේම ඉන්න කොට තමයි බ්ලොග් ලියන විකාර අදහස තොගේ ඔලුවටත් ගැහුවේ.  
                    
                                  " පොඩියට වැඩක් පටන්ගන්ඩ ට්‍රයි එක " කියලනේ උඹ පටන්ගත්තේ දැන් උබේ වැඩේ සාර්ථකද...? හික් මේ ලියුම දකින මොලයක් තියෙන මිනිස්සු කමෙන්ට් එකක් විදිහට දායි උඹ ආපු ගමන කොච්චර සාර්ථකද කියල හේක් හේක්..  අපි බලමුකෝ....
                         
                                   උඹට මුලින් ඔන උනේ උබලගේ අර සොසයිටියෙන් කොරපු ප්‍රොග්‍රැම් මාකට් කරන්ඩනේ..එත් ඇයි උඹ  තාරුණ්‍යයේ අවකාශය කියල මහලොකු හැල්ලක් උඩින් දමාගත්තේ...හික් මට හිතාගන්ඩ පුලුවන් මොකද උඹ ලියන දෙවල් වෙනස් කලේ කියලා උඹට ඔන උනා තාරුණ්‍ය කියන යක්ශයාව අතකොලුවක් කරගෙන ඌ වටේ තියෙන විශබීජ උබේ කෙහෙල්මල් බ්ලොග් එක කියවන එවුන්ගේ ඔලුවලට දාන්ඩ..
      
එහේම නේද....හේක්...හෙක්...

                            අනික උබට ලියන්ඩ මහලොකු රුදාවක් තිබ්බනම් මොනා හරි මගුලක් මෙකේ කුරුටුගාල නිකා ඉන්ඩ තිබුන එත් උබ මොකද කලේ... උඹට මතකම නැ, පොඩ්ඩක් කල්පනාකරල බලහං මතකද කොළඹ හිටපු බ්ලොග්කාරයන්ව ගාල්ලේ එක්කං ගියා
   
                             උංගේ වෙලාවත් කාලා පැය ගානක් චාටර් කරවල ගියා ගාලු......... යකො මිනිහෙකුට කරන්ඩ පුලුවන් දේවලුත් තියෙනව බැරි මගුල් නොකර සද්ද නැතුව හිටියනං අද මෙව්වා අහන්ඩ වෙන්නේ නෑනේ.අනික උඹ ඒකෙන් පාඩමක් ඉගෙනගත්තේ නෑ තව කොල්ලො කෙල්ලො ටිකක් අල්ලගෙන අවුරුදු උත්සවේකුත් කොලා..... අම්මපා උඹට වෙන වැඩක් නැද්ද පාඩුවේ ලියන මගුලක් ලියාගෙන හිටපංකො ..
                   
                               හේක් මට ආරංචි සයිබරේ ඉන්න අනිත් බ්ලොග් කාරයොත් අල්ලගෙන උබ තව නාඩගමක් නටන්ට ලැස්ති වෙනව කියලා...හොඳයි බලමුකො මම ඉන්නේත් උබලා අතරමනේ 
උබට මතකද උබේ නිවුන් සහොදරයා රාජ් ...මට හිතාගන්ඩ බැරි  තොපි දෙන්නා මරාගත්තේ නැත්තේ ඇයි කියලා ඇයි යකො එක නමින්ම තොපි දෙන්නා මේ සයිබරේ කරග්ගහන්නේ දැන්වත් මරාගනිල්ලා කෝ යකුනේ....
                              උබ මහලොකුවට බ්ලොග් ලියන්ඩ ගත්තට මොකද හැරිලා බලහං මේ අවුර්දු 2ටම තෝ ලියල තියෙන්නේ පොස්ට් 85 යි ඒව්වත් කියොලා තියෙන්නේ කියෙන් කීදෙනාද... යකො ස්තුතී කොරහං ඔය ඔක්කොටම උබේ ජරා බ්ලොග් පොස්ට් කියොනවට මෙතෙන්ට ඇවිත්.
                                
මොනා උනත් අද උඹේ බ්ලොග් එකට අවුරුදු 2ක් පිරෙනවනේ උඹට සුබ උපන්දිනයක් කියන්ඩයි මම මේ ලියුම එව්වේ. දැන්වත් මේ අටමගලේ අකුලගෙන පැත්තකවෙලා හිටහං හේක්..හෙක්...හේක්..

මීට
විෂ්වාසී
ඇනොනිමස්
  
Raj ගේ පාපොච්චාරණය....

ඉතින් යාලුවනේ මගේ බ්ලොග් එක පටන් අරන් අදට අවුරුදු 2ක් වෙනව. සයිබරයේ බ්ලොග් සමාජයෙන් ලත් දැනුවත් වීම්.... වින්දනය සහ අත්දැකුම් බොහොමයි...... මාගේ ලියුම් කෙරුම් තුලින් ඔබට යමක් ලැබුනාද යන්න තිරණය කල යුත්තේ ඔබමයි. සයිබරයේ මාගේ දායකත්වය ලබාදෙන්නට හැකිවූ සහ එවන් අවස්ථාවලදි මා සමග සහයොගයෙන් කටයුතුකල හැමොටමත්, මා කියවූ ඔබටත්,සයිබරයට මා ගෙනයන සියලූම සින්ඩි වලටත් බෙහේවින්ම ස්තුතී...!!!

ඒවගේම බස් රේඩියො නිර්මාණ තරඟයේදී කතාබස් සඳහා මාහට ආරධනා කිරිම සම්බන්දයෙන් ඔබටද බෙහෙවින් ස්තුතී [මේ සඳහා මා සමග අසරණයා වගේම පවනි තරංගාත් සහභාගි වුනා ]




ඉතින් වෙනදා වගේම නව පොස්ට් එකකින් නැවත හමුවෙමු....ජය.!!!



117 comments:

  1. අවුරුදු දෙකේ සංවත්සරේට මගෙන් හදපිරි සුභ පැතුම් මල්ලී . . .

    ReplyDelete
    Replies
    1. ස්තුතී දුකා අයියා අපි කරපු වැඩවලදි දුකා අයියගෙන් ලැබුන සපොට් එකටත් ස්තුතී

      Delete
  2. සුභ පැතුම් රාජ්!...

    ReplyDelete
  3. සුභ පැතුම් රාජ් !

    ReplyDelete
    Replies
    1. ස්තුතී ගිම්හානි

      Delete
  4. ඔන්න අපිත් වලියක් දාගමු බං මේ වලි ඉවරවුනාම. සිරාවට "ඇනෝගෙ" කතාව ඇත්ත. වෙන දෙන්නෙක් නං ‍මරාගන්නව නමට. උඹ Raj මම රාජ් කියල දැං නං හුඟදෙනෙක් දන්නව. එහෙනං උඹේ බ්ලොගේට සුභපැතුම්. ටිකක් වැඩිපුර ලියන්න බලපං.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..වැඩිපුර ලියන්න උත්සහ ගන්නවා අනිවා ස්තුති සහෝ...

      Delete
    2. මගෙ බ්ලොග් එකට මුලින්ම ආවෙ සිංහල රාජ්. අවුරුදු උත්සවේ සංවිධානය කරන්න පටන් ගද්දි මං හිතුවෙ එයා තමයි මේ කියලා. ඇහැට දැක්කාම තමයි වෙනස් කියලා අදුනගත්තේ. උඹලා දෙන්නවත් රණ්ඩු වෙයල්ලා බං. මේ ටිකේ වලියක් බේතකටවත් නැති එකේ...!

      Delete
    3. මේ රාජ් ඒ රාජ් දෙන්නෙක්ද?

      Delete
    4. ඔවුනේ ඒ රාජ් සහ මේ Raj අතර අකුරුවල සහ බස් වහරේ වෙනසක් ඇත

      Delete
    5. @ pradeep

      අනේ අනේ චිකිත්සක මහත්තයා කියන එව්වා

      Delete
    6. උබල දෙන්න නිසා මම මොලේ කොලොප්පං කොරං හිටියා මුල් කාලෙදි !

      Delete
    7. උඹලා දෙන්න වළි දාගන්නේ නැත්තේ උඹල කොල්ලෝ නිසා කෙල්ලෝ දෙන්නෙක් වුනානම් බලන්න තිබ්බා මෙතන එහෙනම් එක ගිනි විච්චුම්බරයක්.

      Delete
    8. @අසරණයා - ඔන්න කිවා.... :P

      Delete
  5. තුන් වෙනියට් ඔයට් සුබ පතන්නේ මම. සමහරවිට ඒක වැරදිත් වෙන්න පුළුවන්. ඔයාව ම්ම් අදුන ගත්තේ සයිබර් සිහින සැණකෙළිදී. එකත් අහම්බයක්. පස්සේ අපි දෙන්න හොඳ මිතුරන් වෙන්න වැඩි වෙලා ගත වුනේ නෑ. ඔයා දෙකේ ඉඳල තුනට යන ගමනට් මගේ උණුසුම් සුබ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. සයිබර් සැනකෙලියෙ තියෙන එක් වටිනා දෙයක් තමයි මිතුරන් හඳුනා ගැනිමට හැකිවීම ස්තුතී සහෝ

      Delete
  6. දඟ මල්ලගෙනුයි මගේනුයි සුභ පැතුම් රාජ් අයියේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතී නංගෝ දෙන්නටම....

      Delete
  7. සුබ පැතුම් මලයා අවුරුදු දෙකට.. ඉස්සරහට කරන්න ඉන්න වැඩ සටහන් වලටත් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තුතී වෙනි අයියා සපොර්ට් එකට

      Delete
  8. මම බ්ලොග් අවකාශයේ මුලින්ම හඳුනාගත් සගයා.....බොහොම සංතෝෂයි......!!!

    තුන වසරට සුබ පැතුම්.....!!!

    ReplyDelete
    Replies
    1. හරිම අපූරු මුනගැසිමක් නේද...ඇත්තටම සතුටුයි. ස්තුතී සුමිත් අයියා

      Delete
  9. අඩේ මේ රාජ් කොල්ලා ලියන්න පටන් අරන් අවුරුදූ 2k ඉවරද මරු ඒ . එක නෙමෙ අර අක්කා දවසක් කිවාලුනෙ ඔෆිස් එකෙත් බ්ලොග් ගෙදරත් බ්ලොග්. ඉතින් උබ සාර්තකයි සහො ජයම වෙවා

    දැන් පොඩ්ඩක් වැඩ වැඩි පස්සෙ එන්නම්කො කෙක් කන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඇහුනොත් එහේම මලකෙලියයි ජුලි හතයි කෑ නොගහ හිටු..හික්ස්

      Delete
    2. මම නම් අක්කගෙ කටින්ම ඇහුවා ඔය කතාව... තිත් දෙකයි පී...

      Delete
    3. ඔය ඉතින් මෙතන විනාශ නොකර හිටු..

      Delete
  10. Replies
    1. අඩේ ස්තුතී මාරයියේ...

      Delete
  11. මගෙනුත් සුභ පැතුම් මචං :))

    ReplyDelete
  12. සුභ පැතුම් Raj

    ReplyDelete
  13. මෙන්න මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  14. ඔන්න මගේනුත් සුභ පැතුම් දැන් පාටි එකක් එහෙම නැද්ද 

    ReplyDelete
    Replies
    1. පොදු වැඩවලදී එකතුවෙලා වැඩකරපු ඔබටත් ස්තුතී ගුණේ...

      Delete
  15. ඇනෝ අච්චර කියලත් අහන පාටක් නැහැ වගේ
    දැන්වත් කියන දේ අහපන්කෝ
    සුභ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. අඩේ ඇත්තනෙන්නං බං, ස්තුතී මරේ...

      Delete
  16. සුභ පැතුම්!!!!!!!
    කවදත් තරුණයන් අතර ඔබ තවත් එක් තරුණයෙක් වුනේ නැහැ. මොළ කුරුවල් වුනු පිස්සො, පුස්සො, අතර ඔබ නියම තරුණයෙක් බව බ්ලොග් සමාජයට කීප වාරයක්ම පෙන්වා තිබෙනවා. ඉපදෙන හැම දහදෙනාගෙන් එක් කෙනෙක් දෙන්නෙක් විතර තමයි නායකත්ව පෞරුෂය අරන් එන්නේ, ඔබත් ඒ අතර කෙනෙක්. ඔබේ වැඩිමහල් සමාජයේ සාමාජිකයෙක් හැටියට මට සතුටුයි අපේ දරුවන්ට ඔබලා වැනි අය නායකත්වය දෙනවට. චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබගේ අදහස් ගෞරවයෙන් පිළිගනිමි

      Delete
  17. සුබපැතුම් සහෝ !!!!

    ReplyDelete
  18. සුභ පැතුම් රාජ් අයියේ....

    මං හිතන්නෙ මූද කොහෙද අර ප්‍රධාන සංවිධායක කියලා පොරටෝක් දෙන එකා...

    ReplyDelete
    Replies
    1. කව්...කවුද පොරටොක් දෙන එකා.... ස්තුතී මල්ලි වැඩවලදි දුන්න සහ දෙන සපොර්ට් එකටත්....

      Delete
  19. සුබ බ්ලොග් උපන්දිනයක්,Raj ට හදවතින්ම සුබ පතනවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී සහෝ....

      Delete
  20. එල එල තරිඳුවා. දිගටම ලියපන් ඔය මොනව හරි. සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. එළකිරි පැතුම් මචෝ ජයවේවා....."මගේ සමකාලීන පාසල් මිත්‍රයා"

      Delete
  21. හදවතින්ම සුබ පතනවා රාජ් අයියේ. බ්ලොග් එකට වගේම ඔයාගේ නායකත්ව ලක්ෂණයට. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුතී මල්ලි උඹලා මහන්සි නොවෙන්ට කරපු වැඩ සාර්ථක වෙන්නේ නෑ

      Delete
  22. සුභ පැතුම් සහෝ..දිගටම ලියන්නකො :)

    ReplyDelete
  23. මමත් උඹට සුබපතනවා අයියේ .. උඹ හිතාගන්නවත් බැරි තරම් උතුම් මිනිහෙක් .. මට මගේ නෑදෑයෙක්වත් නොකරපු තරමේ උදවු උඹ කරලා තියනවා . මට ඒවා මැරෙනකම් මතක තියෙයි ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ඔව්ව කතාකරන්ඩ ඔන දේවල් යෑ..උඹත් එක්ක බලන කොට බ්ලොග් ලොකේ මම කුඹියෙක් බං

      Delete
    2. ඔව් බ්ලොග් ලෝකෙට මමත් ආවෙ සඳරු නිසා..!

      Delete
  24. රාජ්, උඹට මගේ උනුසුම් සුබපැතුම් කොල්ලෝ! ටිකයි හොඳයි න්‍යායට මම කැමතියි රාජ්.
    It's the quality that matters, not the quantity!
    මේක හරිම නිර්මාණශීලීබවත් කිවයුතුමයි
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබලගෙන් ලැබු පන්නරය තමයි මේ... මමයි ඔබට ස්තුතී වන්ත වෙන්න ඔන...

      Delete
  25. නියමයි අයියා සුභ පැතුම්, බ්ලොග් ලෝකේ හම්බුනු තවත් නියම පුද්ගලයෙක්

    ReplyDelete
  26. සුභ පැතුම් සහෝ...!

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ ඔබටත්

      Delete
  27. Replies
    1. එළ මචං දෙන සපොට් එකට ස්තුතී

      Delete
  28. ඕන් සඳකිඳුරගෙනුත් සුභ පැතුම් ඈ.සූට්ටියටවත් පාටියක් දාමු :p

    ReplyDelete
    Replies
    1. දාමු දාමු...ස්තුතී මල්ලි වැඩවලට දෙන සපොර්ට් එකට

      Delete
  29. ආ ..... මම පරක්කු වෙලා නෙව. ඔන්න මගෙනුත් සුභ පැතුම් !

    තව චිරාත් කාලයක් අපි වෙනුවෙන් ලියන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියල නැවතත් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ සහෝ ස්තුතී හැමදාම මා කියවනවට...

      Delete
  30. මතකද සයිබර් ෆෙස්ටිවල් එකේදී මම උඹ කරට අරන් කරපු වැඩේට දීපු කමෙන්ට් එක.. :ඩී

    ඒ වගෙම බ්ලොග් ලෝකෙට අපි ඔළුව දානකොට උඹලගෙන් අපි ඉගෙන ගත්ත දේවල් තිබ්බා..

    වසර දෙකට ආසිරි මල්.. එක රාජ් කෙනෙක් පියෙක් වෙද්දි උඹ බ්ලොගේ උපන්දිනේ සමරන එකේ උබටත් කොලු පැටියෙක් හදාගෙන ඉදිරියට යන්න ලැබේවා කියල පතනවා..

    කෙල්ලෙක් හදා ගන්න එපා මේ කලබලේ.. මොකද රාජ්ට ඉන්නේ කොල්ලෙක් නේ.. පරිස්සම් කර ගන්න බැරි වෙයි..

    තාත්ත වගේ හැදුනොත්..

    ජය සහෝ.. රාජ්ල දෙන්නගෙම ගති ගුණ දන්න නිසා ඕනෙ දෙයක් පොල්ලෙන් ගැහුව වගේ කියන්න පුලුවං.. හිකිස්..

    ජය නැවතත් !!

    ReplyDelete
    Replies
    1. අම්මපා සැම් මලේ ස්තුතී මගේ පිට කැසුවට බ්ලොග් ලොකේ සලකුනු කිහිපයක් තියෙනවා ඉන් එක සලකුනක් උඹ ...ජය

      Delete
    2. ඊයා උබේ පිට කසන්න..

      ගදයා..

      Delete
  31. හදවතින්ම සුභපතනවා...රාජ්..
    ජයම වේවා..! රාජ්ල දෙන්නටම වාසිය් එතකොට මේ දවස්වල..!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සතුටුයි මගේ නිවුන් සහොදරයා තාත්තා කෙනෙක් වීම ගන මචං

      Delete
  32. උනුසුම් සුභ පැතුම්! තව තවත් දිගු කලක් සාරවත් කථිකාවත් වල යෙදෙන්න ශක්තිය ලැබේවා!

    ReplyDelete
  33. සුබපැතුම් රාජ් අයියා..
    දිගටම ඔය වගේ වැඩ කරන්න තව තවත් ශක්තිය ලැබේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී කසුන් මල්ලි දැන් ඉතින් ඔයාලත් වැඩට බහින්ඩ ඔන ඉස්සරහට ජය

      Delete
  34. මගෙනුත් සුබ පැතුම් !

    ReplyDelete
  35. සුභ පැතුම් සහෝ...!

    උඹලා වගේ වුන් තමයි බ්ලොග් ලොකේ වර්ණවත් කරන්නේ.. ආඩම්බරයි උඹ ගැන

    ReplyDelete
    Replies
    1. උඹලගේ සපොර්ට් එක නැතුව කොහේද මචො ස්තුතී ජය

      Delete
  36. මම පටන් ගත්තු මුල් කාලේ ඉඳල මගේ එකට අපු කෙනෙක්.ඒත් මෙච්චර පරණ කෙනෙක් වෙලා අපිට සැලකුව විදිය මාරයි මචං ආධුනිකයෝ කියල කිසි වෙනසක් නොකර. මම දන්නේ නැහැ මේක එච්චර පරණ බ්ලොග් එකක් කියල. පොස්ට් එකත නියමට ලියල තියෙනවා
    ආඩම්බරයි සිරාවට..

    ReplyDelete
    Replies
    1. මචං බ්ලොග් ලොකේ කවුරුවත් අලුත් පරණ කියලා නෑ වැඩ කාරයො කොහේත් පොරවල් තමයි උඹත් එයින් එකෙක්...ස්තුතී මචං

      Delete
  37. සුභ පැතුම් අයියේ.. අපි අදුනගෙන ගොඩක් කල් ගියේ නෑ මගේ හිතේ.. ඒත් ඉතින් අයියා සයිබර් සැනකෙලියට කරපු දායකත්වය ගැන එහෙම හොදටම මාත් දන්නවා.. දවසක හමුවෙමු.. දිගටම ලියමු අයියේ.. " බිංදු " කතාවට තමා මම වැඩියෙන්ම කැමති ඔන්න... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතී මල්ලියේ ලංකාවට ආපු වෙලාවක මුනගැහේමු..මගේ පුංචි ප්‍රයත්නය අගයපු එකට බොහොමත්ම ස්තුතී

      Delete
  38. සුබ පැතුම් රාජ්!!! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී පොඩ්ඩියේ

      Delete
  39. මගෙනුත් සුභ පැතුම් අයියේ....

    ReplyDelete
  40. ගොඩාක් පහුවී සුභ පතන මගේ පැතුමත් එක්කර ගන්න...

    ඔබේ බ්ලොග් ජීවිතය තව තවත් සාර්ථක වේවා !

    ReplyDelete
    Replies
    1. කොහේද මචන් පරක්කුවක් ස්තුතී ලොක්කා

      Delete
  41. සුභ පැතුම් රාජ්... මං හිතන්නෙ අයියෙක් වෙන්ට ඇති...:D
    කන්න දේකුත් දීලම ගියානම්.

    ReplyDelete
    Replies
    1. ඔන්න කිරිටොෆි ඔවු ඔවු අයියකෙනෙක් ද කොහේද ....D ස්තුතී නිසු

      Delete
  42. ඔන්න මගෙනුත් සුබ පැතුම් ...
    අහම්බෙන් දැක්කෙ මේක ....

    ReplyDelete
  43. හැපී බ්ලොගිවසරි අයියා මම නම් වැඩිය මේ පැත්තේ ඇවිත් නැහැ.දිගටම එන්නම්කෝ ඒක නිසා තව අවුරුදු ගානක් ලියන්ඩ ඕන හරිද?

    ReplyDelete
    Replies
    1. ස්තුතී නිශාන් ඔන වෙලාවක වරෙන්

      Delete
  44. සුබ පැතුම් අයියේ.... මගෙනුත්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ලහිරු මල්ලි

      Delete
  45. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    පරක්කු උනාට සොරි ඈ.. :-))

    ReplyDelete
    Replies
    1. මොන පරක්කුවක්ද රජ තුමනි ජය

      Delete
  46. ෂා..... 100% නිර්මාණශීලියි...

    මීට කලින් කවදාවත් අපි හමුවෙලා නෑ මගෙ හිතේ.. උඹේ සංවත්සරේට දාපු මේ ලිපිය තමයි මම මේ බ්ලොග් එකේ කියවපු මුල්ම ලිපිය. ඒක මාර ගති නොකියා කොහොමද.. අවුරුදු දෙකටම උඹ ලිව්වෙ ලිපි 89 නම් ඒවා ලෙසටම අති කියලා හිතෙනවා....

    ඔන්න ඇඩ් කළා බ්ලොග් රෝලට.. අද සිට දිගටම එමි ...

    සංවත්සරයට සුබ පැතුම්... ඉදිරියට යෑමට ශක්තිය !!

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී සෙන්නා හැමදාමත් එන්න සාදරයෙන් පිළිගන්නවා

      Delete
  47. සුභ පැතුම් අයියණ්ඩි :) ඉක්මණින් 100 බැට් කිරීමට හැකිවේවා :D

    ReplyDelete
    Replies
    1. ස්තුතී මල්ලියේ....

      Delete
  48. පොඩ්ඩක් පරක්කු උනා සහෝ...උණුසුම් සුභ පැතුම්.......

    ReplyDelete
    Replies
    1. මොන පරක්කුවක්ද ස්තුතී මචං

      Delete
  49. මේ වදන් තුළ සැඟව ඇති ඔබේ නිර්මාණ හැකියාව හරිම අපූර්වයි.මගේ සුබපැතුම්

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...