Wednesday, July 11, 2012

ආ....ද...ර...ය.... කෙස් ගහෙන් මිස් උනොත් බූට් එකක්....


ආ....ද...ර...ය....

කල්ප

රාගැනිම්          

රාගය

ල්පැනීම්   





කෙස් ගහෙන් මිස් උනොත් බූට් එකක්....

ආදරය කියන වචනයේ තියෙන අකුරු 4 ර අතරේ ඔය ඉහලින් ලියලා තියෙන වචන සැඟවිලා නෑ කියල ඔබ හිතනවද....? 

සිතිවිලි අතරේ කිමිදිලා ඉන්න වෙලාවක මට එහේම හිතුනා

පොඩ්ඩක් හිතල බලන්න ඔය වචන අතර ආදරය දොලනය වෙන්නේ නැද්ද කියලා..............

අනික ඔය වචන වල ගැඹුරට කිඳා බැස්සොත් ඔබට නොහිතෙන එකක් නෑ  කාපු බූට් එකකට මුල් උනේ ඔය වචනයක්ම නේද කියලා.

හොඳයි උදාහරණයක් විදිහට ආකල්ප කියන මූලය ගන්ට ආදරයක් ඇතිවෙලා කෙල්ල එක්ක හරි කොල්ල එක්ක හරි ලස්සනට ආදරය ගලාන යනකොට ඔබෙ ඔලුවට වෙනස් විදිහේ සිතිවිල්ලක් පහලවෙනවා........
       
         ඒ කියන්නේ ආකල්පමය වෙනසකට ඔබ මුහුන දෙනව ඉතින් ඔබේ ඇතිවෙන වෙනස් වීම හේතුවෙන් ආදරයට තීත වැටෙන්ට බැරිද...?

ඒ වගේම ආකල්ප වෙනස් වීම නිසා වැනි වැනි ඉස්සරහට ගිය ආදරය දළුදාල ශක්තිමත්ව ඉස්සරහට යන්ට පටන්ගත්තොත් එකත් පුදුමයක් නෙමෙයි නෙද......?
 
  
ඉතින් මේ අපූරු වචන හතර ගැන ඔබට හිතෙන්නේ කොයි විදිහටද.....?


හොව් පොඩියකට නැවතිලා නිවිහැනහිල්ලේ පොඩ්ඩක් හිතන්ට ගැඹුරට.


මේ වචන 4 ර හරියට බැලන්ස් උනොත් ආදරේ සුන්දර කරගන්ට නොකැකි වෙන් නෑ නොවෙද..?


ඔබේ අදහසත්  පහලින් කෙටුවොත් අන්තිමට අපිට සුපිරි විසඳුමක් ලැබෙන එක සිකුරුයි..!!!!!!



        

69 comments:

  1. එකගයි. සම්පුර්ණයෙන්ම. එත් ආදරය කියන දේ විස්තරයක් කරන්න බැරි මහා සාගරයක්

    ReplyDelete
  2. ඔබේ අර්ථදැක්වීම සාධාරණයි.. ඒ උනාට වර්තමාන ආදරය ආර්ථික සාධකත් එක්ක ගොඩාක් පැටලිලා නිසා සැබෑ ආදරයක මිහිරක් ආදරවන්තයින්ට දැනෙනවාද යන්න ප්‍ර‍ශ්නයක්...

    ReplyDelete
    Replies
    1. ඔවු වානිජකරණය විකෘති විදිහට සමාජයට බලපාලා

      Delete
  3. adaraya kiyanne aththatama pissuwak thama

    ReplyDelete
    Replies
    1. එකපැත්තකින් එකත් හරි තමා

      Delete
  4. ආදරේ කියන්නෙත් හරිම මෙව්ව එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් හරිම මෙව්වා එකක් සහෝ

      Delete
    2. මේව්වා එකක් කිව්වේ කොව්වා එකක්ද අයියේ...

      Delete
    3. දන්නැද්ද අර මෙව්වා... දන්නෑ වගේ අහන හැටි...!

      Delete
    4. මෙව්වා එක එව්වා මෙව්ව වගේ නෙවේ ලු බං..

      Delete
  5. ඕකට උත්තර මංගාව නෑ බං... අන්න දුකා අය්යත් ලියල තිබ්බ....

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් එපැත්තේ ගියා මචං

      Delete
  6. ඔව් ආදරය කියන වචන හතර ඇතුලේ ඔය දේවලුත් තියනවා..නමුත් ආදරය මෙහෙමයි කියලා වචනාර්ථයක් දෙන්න නම් හුගක් අමාරුයි කියලා හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් ආදරයා එක්තරා සීමාවකට කොටුකරන්න අමාරුයි

      Delete
  7. මම නම් දන්නේ ආදරය වේදනාවක් පමනයි සැබෑ සුවයක් නෑ කියලා විතරයි...

    ReplyDelete
    Replies
    1. එහේම කියන්ට එපා බට්ටියේ කලුවලාවන් අතරේ රිදී ඉරක් තියෙනවා

      Delete
  8. අපි ආදරය කරන්නේ අවංකවනම් අපේ ආදරය පිවිතුරුයි නම් මේ මොනව උනත් අවසානයේ ආදරය ජය ගන්නවා

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැ සමහරක් වෙලාවට කටුක අවස්ථා ගොඩකටත් මුහුන දෙන්ට වෙනවා

      Delete
  9. මට අවුල තියෙන්නෙ "ය" තමයි.
    තාම එහෙම වෙල නෑ නෙ..................

    ReplyDelete
    Replies
    1. තාම නෑ...නොනේ.

      Delete
    2. එහෙම එහෙම වෙන්නෙත් නෑ නේද..................

      Delete
    3. හෙක්..හෙක්..අපෝ නෑ..

      Delete
  10. සිංහලෙන් කිව්වොත් Live,Let Live කියල තමයි මම නම් ඔය වචන හතරේ තේරුම දකින්නේ..

    ReplyDelete
    Replies
    1. සහෝ ඒ සිංහල දැක්මත් සුන්දරයි

      Delete
  11. කථාවට මමත් එකගයි නමුත් ආදරයට අර්ථකතකයක් දිය හැකිද හරියටම ? ? ?
    මම හිතන්නෙ නිවාරදි අර්ථකතනයක් දිය නොහැකියි...

    ReplyDelete
    Replies
    1. එක එල්ලේම අර්ථකතයක් දිය නොහැකි නමුත් අපිට හිතාබලන්ඩ පුලුවන් නේද

      Delete
  12. සමුරු සයුරකි ආදරේ මිහිරි රහසකි ආදරේ නිමි නොවෙන බව දැනුනත් වෙන් වීමක් නොමෙති ...........

    ReplyDelete
    Replies
    1. අඩේ මමත් ඔය පදේ අසා තිබේ කොතැනකදී හෝ.....

      Delete
    2. මුල් තුනට නම් එකඟයි රාජ් අය්යේ
      යල් පැනීම් කියන දෙයින් අදහස් කරේ මොකද්ද??

      Delete
    3. යල්පැනිම කියල අදහස් කලේ අපේ සිතිවිලි තමයි මොකද ආදර සිතිවිලි වලට හොඳ ජීවයක් තියේ නම් කවදාවත් යල්පනින්නේ නෑ හැබැ ඔහේ වැනි වැනි යන සිතිවිලි නම් අපට තියෙන්නෙ, සිතිවිලි යල්පනින්න තියෙන ඉඩකඩ වැඩි නොවැ එතකොට ආදර කතාවට බ්‍රෙක් වැටෙනවා

      Delete
  13. මමනං දන්නෑ ඕවා.....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජ්ජුරුවො කොහොමෙයි ඔවා දන්නේ අඃතප්පුරයක් නෙව ඉන්නේ

      Delete
  14. මට ලැබිලා තියෙන අත්දැකීම් අනුවනම්...

    කලෙකදි වහලු - කලෙකදි රස වෙනවාලු....

    ReplyDelete
    Replies
    1. බලාන යනකොට එකත් ඇත්ත වෙන්ට පුලුවන් නෙව අයියේ

      Delete
  15. ආදරේ ඔක්සිජන් වායුව වගේ.. පේන්නෙ නෑ ඒත් තියෙනවා.. දැනෙන්නෙ නෑ..ඒත් අපිව ජීවත් කරවනවා.. වැඩි උනත් අඩු උනත් අපිට යම් අපහසුතාවක් දැනෙනවා..මව් කුසෙන් බිහිවෙලා අන්තිම හුස්ම හෙලන තෙක්ම අපි ළඟ තියෙනවා..රාගය දීප්තිමත්ව ගිණි ගන්න නම් ආදරය කියන ඔක්සිජන් අත්‍යාවශ්‍යයි..මේ දැන් මට හිතෙන්නෙ ඔන්න ඔහොමයි..

    ReplyDelete
    Replies
    1. නැවතිල්ලෙ හිතල බැළුවම ...... ඒකත් හැබෑව.

      Delete
    2. බලාන යනකොට වෙනි අයියේ ආදරය වටා ගෙතිච්ච නිර්වචනත් හරිම අපූරුයි නේද

      Delete
  16. පොඩි කාලෙ The Police කියන සංගීත කන්ඩායම ගයපු මේ ගීතය මගෙ ප්‍රියතම එකක්. මුල් පද හතර විතරක් කිව්වොත්:
    Love is like oxygen
    You get too much you get too high
    Not enough and you're gonna die
    Love gets you high...
    වෙනියගෙ කමෙන්ට් එක දැක්කම මතක් වුනේ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රිසි සිංදු ගැන නම් ඩියුඩ්ට තියෙන්නේ අපූරු මතක සම්භාරක් නේව ආදරය කියන වචනයත් එක්ක බැදුනු නිර්මාණ නම් අපමනයි නේද

      Delete
  17. කියවන්න ආපු පලවෙනි දවසෙම කරකෝලා අතාරින පෝස්ට් එකක් කියෙව්වේ..
    කෙස්ගහෙං මිස් උනොත් සිරාවටම බූට් එකක් තමා..

    ReplyDelete
    Replies
    1. ස්තුතී මේපැත්තේ ආවට ආපහු එන්න....සහෝ සමාජයත් එක්ක බැඳුනු දෙයක් නේව ආදරය

      Delete
  18. ආදරේ ඇතිවෙන්නෙත් නැති වෙන්නෙත් කෙස් ගහක පරතරේ වගේ සුළු දෙයකින්...එත් සැබෑ ආදරේ මහා මුහුදක පරතරයකින් වත නැති වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. එක හරි සුන්දර හදවත් සිත් දෙකක බැඳීම හරිම ශක්තිමත් ඔව්

      Delete
  19. ඕක නිකං මොකක්ද එක වගෙ....... එක එක අයට එකාකාරයි...:))

    ReplyDelete
    Replies
    1. හරියට හරි ලොක්කා

      Delete
  20. අයියටත් හිතෙන දේවල් ඈ... අනේ මන්දා ආදරේ හැඩය තාමත් හොයනවා මම, හම්බවුණොත් කියන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. නිවිහැනහිල්ලේ හොයපන් මල්ලියේ සුන්දර හැඩයක් ලැබෙන්න කියල පතනවා

      Delete
  21. අනේ මන්ද, අර (සිංහල) රාජ් කිව්ව වගේ ඒකත් මාර මෙව්ව එකක් තමයි. සමහරු ආදරය නිසා ජීවත් වෙනව. සමහරු ආදරය නිසා මරා ගන්නව.

    ReplyDelete
    Replies
    1. එකනම් සහතික ඇත්ත නමුත් මරාගන්න එකනම් සුබ දෙයක් නොවෙයි..මරාගන්නේ ආත්මර්ථකාමය වැඩි නිසා නෙව

      Delete
  22. අනිවාර්යෙන්ම......පට්ට

    ReplyDelete
    Replies
    1. එකනේ පට්ට...පට...පට

      Delete
  23. පට්ට ඇත්ත අයියේ....

    රාගය නිසාමත් ආකර්ශණය ඇතිවෙනවා ඒ ආකර්ශණය මත ආදරය ඇතිවෙනවා කියන එකයි මමත් හිතන්නේ.... ආදරයේ පදනම රාගය විය යුතුයි.පස්සේ කාලෙකදි රාගය රහිතවත් ආදරය ගෙනියන්න පුළුවන් වේවිද දන්නෑ මම කියන්නේ 60 පැන්නම...

    ආදරයට වහල් වෙන්න හොඳ නෑ කියලා කොයිතරම් හිතුවත් ආදරය කරන කොට නිකන්ම ඒකට වහල් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ආදරයට වහල් උනාට කමක් නෑ හැබැ වහලේක් නොවී නේද

      Delete
  24. ආදරය ගෑන් ඉතින් තවම හරියටම නිර්වචනයක් දෙන්න පුලුවන් කෙනෙ නෑහෑලුනේ.. ඒත් ඈත්තම කියන්නම්කො පොස්ට් එක කියවලා ඉවර උනහම මට ඈත්තම හිතුනේ රාජ් දන්න දේවල් කියලා තමයි..
    ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතී මලේ මේ ඉතින් මට හිතුන එක් පැත්තක් නොවැ...අපි නොදන්න තව කොච්චර නම් දෙවල් තියෙද ආදරය ඇතුලෙත් ඉන් පිටතත්...ජයෙන් ජය

      Delete
  25. ආදරේ යල් පනිනවද? මට එක පාරම හිතුනේ ඒ ගැන.. හැබැයි ඉතින් අමතක කරපු බුට් ගැන හිතුවොත් නම් ඒක ඇත්ත.. ඒත් බූට් නැති ආදරයක යල් පැනීමක් නෑනේ.. හරිද මන්දා කිවුවා..

    ReplyDelete
    Replies
    1. හරියට හරි ආදරේ යල්පනිනව කියන්නේ ප්‍රතිඵලය බූට් එකක් කියන එකනේ

      Delete
  26. ආදරේ ද............ඔව්වා මන් දන්නේ නැ අයියෝ.. :p

    සිරාවටම මේක ඇත්ත තමා.ඔය හතර එකට තිබුනොත් ආදරේ තියනවා.ඔකේන් එකක් හරි මිස් උනොත් සොරිම තමා

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එහේම

      Delete
  27. අදරේ නැතිවෙන්න ඒ දෙන්නාග් විතරක් නෙමෙයි දෙමාපියන්ගේ කැමැත්ත අකමැත්තත් හේතු වෙනවා. ඒ යාගෙ දෙමව්පියෝ. ඒත් සැබැ ආදරේ එහෙම නැ කියන්න එපා.මට එයාව විශ්වාසයි.. මටත් දැන් සති දෙකකට විතර උඩින් වුනේ ඒකයි..තාමත් බැ හිත නිවා ගන්න හදා ගන්න.නමුත් ඔයා හරි.

    ReplyDelete
    Replies
    1. අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් තිබෙන ආදරය නිසා ස්මහර වෙලාවට ආත්මාර්ථකාමි තීරණ වලම ඉන්නව වෙලාවකට එවායින් හොඳක් සිද්දවෙනවා වගෙම අවාසනාවන්ත තත්වයකට මුහුන දෙන්ටවෙන අවස්ථාත් නැතුව නොවෙයි. කොහොම උනත් ඔයාගේ ජිවිතයට සතුට ඉක්මනටම ලඟාවෙන්ට කියල මම ප්‍රර්ථනා කරනවා

      Delete
  28. මේක සරල දෙයක් නෙවෙයි ඒත් ඉතිං පොඩ්ඩ බැරි වුනොත් ලොකු විනාසයක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  29. ප්‍රේමය නිසා ශෝකය උපදී
    ප්‍රේමය නිසා භය උපදී
    ප්‍රේමයෙන් මිදුන කල
    ශෝකයද,භයද නැත

    ReplyDelete
    Replies
    1. අපි පෘතක්ජන මිනිස්සු නොවැ කස්සා

      Delete
  30. අයියා කියලා තියෙන කාරනා හරි තමා.. අනේ මංදා.. ආදරේට නිර්වචන නෑනෙ..

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත හිතු

      Delete
  31. මට නිකන් මෙව්වා මෙව්වා වෙලා ගියා ඇත්තටම මොනවද අර වචන හතරේ තේරුමි....
    ආදරේ හරියට අර වචන හතර වගේද මන්දා හරිම බරයි ඒ මදිවට තෙරුමි ගන්නත් බෑ අනේ මන්දා...........

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...