Monday, July 30, 2012

බිංදු - 8


                                    
ඉඩොරය දැඩිකමට වැව තරමක් සිඳිගොසින්ය. වෑකන්ඩිය හාත්පස රොන්මඩ සහිත ඉවුරු කිරිබත් කැටමෙන් ඉරිතලා ඇතත් කන්නය පොෂණය කිරිමට තරම් ජලය වැව සතුය.
                             කුහුඹුවකු මෙන් ඈතින් පෙනි නොපෙනි ගම තුලට ඇදී ආ ජිප් රිය මහවැලියට අයත් නොවන බව නිච්චියටම වැටහෙන්නේ රිය බඳෙහි තඩි අකුරින් පින්තාරු කර ඇති පො..ලි..ස්.. යන වැකියෙනි.කරත්ත පාරේ දුහුවිලි රොටු ඉහලට විසුරුවමින් පැමිණි රිය සිරිමල්ගේ නිවස අසලින් නතර විය.
  
" ම්..ගෙදර කවුද....? අපි පොලීසියෙන්...."

කාකි ඇඳුමින් සැරසුනු හැඩිදැඩි නිලධාරියා තම සහයකයින් සමගින් ගෙයි එලිපත්තට පියවර කිහිපයකින් ලඟාවිය..

  "ඇයි මහත්තයෝ කාටහරි කරදරක් වත් වෙලැයි...?"

දෙපොට තදවන්නට ඇඳසිටි සරමෙහි උඩු පොට මුදාහරිමින්ම සියදොරිස් නිලධාරියාගෙන් විචාලේය

" කලබල වෙන්ට කාරි නෑ ලොකු උන්නැහේ....බිංදු කියන්නේ ඔහේගේ කවුරුවත්ද..? "

තරමක් සන්සුන් නමුත් ගැඹුරු ස්වරයෙන් පොලිස් නිලධාරියා විමසීය

" මහත්තයෝ ඒ මගේ ලොකු කොලූගේ දරුවා නේව.."

" එකත් එහේමද..... කෝ දැන් ලමය ගෙදර ඉන්නවද ලොකු උන්නැහේ "

  පාසැල ඇරි ගෙදරවිත්, බිසෝ සමග දහවල් ආහාරය ගනිමින් සිටි බිංදුට.... ගේයි ඉදිරිපසින් ඇසෙන දෙබසේ තමා ගැන කතිකාවන බව වැටහිනි. හුන්තැනින් නැගීසිටි හේතෙම ඉදිරි දොරවෙත ආයේය...

 " සර් මම තමයි බිංදු ඇයි සර්...? "

" හේම්...තමුන්ටද.. බිංදු කියන්නේ.. කලබල වෙන්ඩ දෙයක් නෑ බිංදු අපිත් එක්ක පොලිසීයට ගිහින් එමුකො..පොඩි විස්තරයක් දැනගන්ඩ තියෙනව ඔය ලමයගෙන්....."

" ඇයි මහත්තයෝ මගේ දරුවා මොන වරදක් කලාටෙයි පොලිසියට ගෙනියන්ට තනන්නේ..."

 අඩියට දෙකට දිව ආ බිසෝ...බීතීයෙන් බින්දුව තම තුරුලට ඇදගත්තාය.

" ආ මේ බිංදුගේ අම්මා වෙන්ට ඇති...තමුන්ට කලබලවෙන්ට දෙයක් නෑ. කට උත්තරයක් ලියාගෙන      ලමයව ආපහු එවනවා..... උදේම පොලිසියට ඇවිත් ලමයව එක්කන් එන්ඩ පුලුවන්....
ම්....හරි බිංදු අපිට පරක්කු වෙනවා...සාජන් මේ ලමයව ජිප් එකට දාගන්නවා ...."

  තම සහයකයාට නියොග කල නිලධාරියා රිය ඉදිරි දොර විවර කලේය.

" අනේ මයේ පුතේ උඹට දෙයියන්නේම පිහිටයි පරිස්සමෙන් ඉඳපං අපි උදැහින්ම එඥං ..."

  රිය පිටුපස අසුනේ හිඳි බිංදුගේ දැත් දැඩිව අල්ලාගත් සියදොරිස්ගේ මහළු දෙනෙතින් කඳුලු කැටියක් කඩා හැලින

 කරකියාගත දෙයක් නොහී බිංදු රැගත් රිය දුහුවිලි රොත්තකුත් රැගෙන...  කඳුලින් බොඳවු දෙනෙතින් මැකි යන අයුරු  ඉදිරි දොර පියස්ස පාමුල බිසෝ බලාසිටියේය.......

-------------------------------------------

 ජාතික ඇඳුමෙන් සැරසී කඩිනම් ගමනින් පංසල් වත්තට ඇතුලු වූ ලොකු ඉස්කොලේ මහත්තයා ආවාසගෙයි දොරකඩටම එනතෙක් තමන්දෙස බලාසිටි ලොකුහාමුදුරුවන්ව නොදුටුවේය.

  " අපේ ලොකු හාමුදුරුවනේ.....ඔබවහන්සෙට අසනිපයක්වත්දෝ කියල මට සැකහිතුනා වහාම එන්ටය කියලා පයිංඩයක් ඒවාලා තිබිච්ච නිසා.."

" ම්...ලොකු ඉස්කොලේ මහත්තයා ඔන්න ඔහොම ඇඳිගත්තා ඥං.."

තම සුපුරුදු හාන්සි පුටුවේ දිග ඇදුන ලොකු හාමුදුරුවො මුල් ගුරුතුමා ඇමතීය...

" හරි වැඩක්නේව අපේ ඉස්කොලේ මහතයෝ වෙලා තියෙන්නේ...අපේ බිංදු කොලුව පොලිසියෙන් ඇවිත් කුදලන් ගොහින් නේව කට උත්තරයක් ගන්ටය කියාලා..."

"හැ..අර අහවල් එකටෙයි අපේ හාමුදුරුවනේ...ඒත් මං දන්න තරමින් නං  බිංදු අනවශ්‍ය දේවල පැටලිලා හිටියේ නැනේව..."

ගමන් තෙහෙට්ටුව නිසා තරමක් කලුවන් වී තිබු මුල් ගුරුතුමාගේ වත ඇසූ දෙයින් තව තවත් අඳුරු විය.

" සියදොරිස් උන්නැහේට හෙට උදැහැනම පොලොසියට එන්ටය කියාලයි උන්දැල ගොහින් තියෙන්නේ.."

" එත් අපේ හාමුදුරුවනේ මේ බලාන ඉන්ට හොඳ කාලයන් නේවෙයි නේව..දැන් අහන්ට දකින්ට වෙලා තියෙන ඒව්වයේ හැටියට..."

" ලොකු ඉස්කොලේ මහත්තයෝ ඔය බිංදු කොලුව ඉගෙන ගන්ට දස්ස  එකාවෙච්චි කොට...ඔව්වට ඉරිසියා කොරන එව්වො මේ යායේ නැතුවයෑ....ඉස්කොලේ මහත්තයත් පොඩ්ඩක් විපරමින් ඉන්ටකෝ...."

" එහේමයි අපේ හාමුදුරුවනේ...දැන් අපි මොකෑ මෙකට කොරන්නේ...."

" ම්....සියදොරිස් උන්නැහේට මං උපදෙස් ටිකක් දුන්ඥා..උදැහැනැක්කෙම පොලොසියට යන්ටය කියාලා අපි පොඩියක් හෙට වෙනකං ඉවසමුකෝ......"


විරාමය......



41 comments:

  1. ඔව්..ඔව්..ඉවසමු..ඉතිරි..කොටසටත්..!

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් තව කොටස් දෙකකින් විතර ඉවර වෙයි

      Delete
  2. මොකක්ද මන්දා මූසල කමක් මගෙ හිතේ හක්කලං කොරනවා ඕං...

    ReplyDelete
    Replies
    1. මුසල කාලයක් නෙව මලේ අපි පහු කොලේ

      Delete
  3. හ්ම් කථාව අමුතුයි ලියන විදියනම් ලස්සනයි බලනවා දිගටම මමත්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතී සිත්තමි ....

      Delete
  4. ඉක්මනට දාහං ඉතුරු කෑල්ලත්...බිංදුවා උදේ වෙනකං යහතිං ඉඳියි ද.......

    ReplyDelete
    Replies
    1. හරි හරි මචං පොඩිත්තක් ඉවසපන් ලොක්කා...

      Delete
  5. කතාවෙ ආඛ්‍යානය නම් නියමයි ගානට ගලාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ලොකු අයියට හංගන්ඩ දෙයක් නෑ නේව මේව්වයේ

      Delete
  6. ජිප් රිය මහවැලියට අයත් නොවන බව වගේම රාජ් ඒ ආපු පොලීසිය ලංකාවට අයිති නොවේදැයි කියලත් හිතුනා කතා විලාසයට...:D
    මමත් හිටියනෙ කාලයක් සිස්ටම් සී.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මෙය නිර්මාණයක් නොවැ හරය කෙසේ දැයි වැඩිහිටි ඔබ දන්නවා නේව...මහවලියේ විස්තරත් අපට කියන්න

      Delete
  7. කතාව ලස්සනට ඇදෙනව.....දිගටම බලනවා...

    ReplyDelete
    Replies
    1. දිගටම රැඳි සිටියට ස්තුතී ඔබට

      Delete
  8. ඉවර කරලම කියපන් එක හුස්මට කියවන්න

    ReplyDelete
    Replies
    1. අනිවා උබේ බ්ලොගේ හරි කොමෙන්ටුවක් දානවා තව දෙකයි මචන්

      Delete
  9. බින්දු කොලුවාට කරදරයක් හෙම නොවේ යැයි සිතමි. ඊළග කොටස බලන්නට සැදී පැහැදී සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඔය කලබල අස්සේ මොනවා නොවෙන්ඩ ඇද්ද මචං....

      Delete
  10. කොමෙන්ට්ස් දාන්න බැරි උනත් මම කතාව දිගටම බලනව අයියේ..අපෝ.පොලිසියද:(:(

    ReplyDelete
    Replies
    1. ස්තුතී කිරිල්ලි

      Delete
  11. මම මුලටම ගිහින් කියවල එන්නම්කෝ..:)
    අපි තවම මෙහෙට අලුත්නේ සහෝ..:)

    ReplyDelete
  12. මුල ඉඳන් කියවන්ඩ වෙයි වගේ.. හිමීට කියවගන එන්නම්..

    ReplyDelete
  13. ඉවසන එක තමා කරන්න බැරි. ඉතුරුටික ඉක්මනට දාන්ඩෝ ....

    ReplyDelete
  14. පව් බං හෙට වෙනකල් බිංදුවා කූඩුවේ තියන එක වැරදී..

    ReplyDelete
    Replies
    1. කොච්චර වැරදි දිවල් එකල සිදු උනාද මචං

      Delete
  15. ඇයි කට උත්තරයක්‌ ගන්න රෑ එක්ක ගියේ. එතන අමොකක් හරි ගුප්ත දෙයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කට උත්තරයක් ගන්ටය කියලා කොච්චර මිනිස්සු ඉස්සර අරගෙන ගියාද සමහරක් අය අදටත් නෑ මචං

      Delete
  16. අද ටිකයිනේ.. රැයක් කුඩූවේ ඉන්නවා කියන එක හරි භයානක දෙයක්..

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් පොඩ්ඩක් දැම්මට පොලොසිය කියන්නේ ලංකාවේ බයානක තැනක් නේව මලේ

      Delete
  17. ඇති ඔයින් ගියා... පොලෝසිය නම් ඔන්නෑ!

    ReplyDelete
  18. අප්පා ඔහොම අහිංසකය් කීදෙනෙක් නම් ගම් වල ඉරිසියාකාරයින්ගෙ කේලම් වලට අහුවෙලා ටයර් සෑ වල ගියාද ?

    ReplyDelete
    Replies
    1. එකනම් එහේම තමයි වෙනි අයියේ...

      Delete
  19. බිංදුට මොනවා වෙයිද..? අනේ ඊලග කොටසත් ඉක්මනටම කියවන්න ඔනි දැන්නම් අයියේ....

    ReplyDelete
  20. මම හිතන්නේ අර මුදලාලියාගෙ කුමන්ත්‍රණයක් බිංදු ඉගෙන ගන්න එක ගැන තිබුන ඉරිසියාවට කරපු... බිංදු ආපහු එන්න ඕනෙ හැබැයි ඒ එලියට එන බිංදු ඇතුලට යද්දි හිටිය බිංදු නොවෙන්න පුළුවන්... සමාජය ගැන කලකිරුණු වෛරය පිරුණු කෙනෙක් වෙන්නත් පුළුවන්.නැත්තම් සමාජය වෙනස් කරන්න මොලෙන් වැඩ ගන්න කෙනෙකුත් වෙන්න පුළුවන්... සෑහෙන්න කුතුහලය පිරෙනවා අප්පා

    ReplyDelete
    Replies
    1. බලමු සහෝ තව ටිකයි

      Delete
  21. කෝ බං බින්දුවා .....

    ReplyDelete
    Replies
    1. හපුච්චේ ඉක්මනටම ලියන්නම්

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...