Thursday, May 10, 2012

බිංදු - 1ක


වෑකන්ද පිස හමායන සුළඟේ කර්කශ බව තවත් වැඩිවී ඇත..

යොවාද තම්පව....
                           ශක්‍ය මුනිං...............

කන්දේ ඉස්කොලේ ඇරෙන්නට තව වැඩිවෙලාවක් නැත.ඔය ඇසෙන්නේ  පාසැල ඇරෙන්න බවට ඇති හොඳම සාක්ෂියයි........


රෙදි ටික සොදා, වැව් දියේන් හොඳ හැටි නාගත් බිසො මැනිකා හනිකට වෑපිටිය දිගේ.. ලතාවකට වුව කඩිනමින් පා ඉක්මන් කරන්නේ සාගින්දරේ දිව එන කොලුවාට කලින් ගෙට ගොඩවෙන්නටයි...
කිරිහොදි සමග කරවල බැදුමක් ද සාදා තිබුනත්, කොළ මැල්ලුමට බිංදුගේ ඇති කෑදර කමටම බිසෝ මුකුනුවැන්නා කොල මැල්ලුමක් සාදන්නට හිතා ගත්තේය.

   බිංදුගේ ආච්චි ලෙඩ ඇඳට වැටුනායින් බොහො සෙනසුරාදා ඉරිදා දවස්වලට බිසො බිංදුත් රැගෙන සිරිමල්ගේ මහගේදරට යයි... අස්වනු නෙලිමෙන් පසු මේ, හේන් වැඩ පටන්ගන්නා කාලය බැවින් සිරිමල්ට තම අම්මාගේ ලෙඩ දුක් සොයා බැලිමට මහගේදර යාම අතපසුවිය නමුත් අඩුපාඩුවක් නොවෙන්නට  බිසෝ මැනිකා ඒකාරිය ඉටුකරන බව සිරිමල් දනි එය ඔහුට මහත් අස්වැසිලකි

'' හොඳටම බඩගිනි අම්මේ..."

"උබට ඉතින් කොයිවෙලෙත් සාගින්දරෙනේ....මුන අතපය හොදන් වරෙං මම බෙදලා තියන්නං..."

  පහවසරේ සිස්සත්තේ ඉහලින්ම සමත් නොවූනට බිංදු ඉගෙනිමට දස්සය. ඒබව පංසලේ ලොකු හාමුදුරුවො මෙන්ම නන්දාවති ඉස්කොලේ හාමිනේත් පහුගිය දොහක කියූ බව බිසොට මතකය.

" සිස්සත්තේ මහ ඉහලින් සමත් වෙන්ට ඔන නෑ ඉහලට ඉගෙන ගන්ඩ...ඔය සිස්සත්තේ පාස් නැති ඔන තරං මහත්තුරු ආන්ඩුවේ ලොකු පුටුවල ඉන්නේ..."

" කොලුව දස්සයා ඌට හොඳට උගන්නපල්ලා...."

පසලොස්සකට ලොකු හාමුදුරුවො පැවසුවේ එසේය...

" අම්මේ මම වැවට යනො...."

සිතිවිලි ගොන්නක කිමිදි හාල් කුල්ලේ බොල් අහුලමින් උන් බිසො...බිංදුගේ හඬින් අවදිවිය...

" පාඩං කොරන්නත් තියේ නේ, රෑ බොවෙන්නැතුව ඉක්මනට වරෙන් පුතේ...."



මිටින්හල කුරුල්ලෙකු මෙන් වත්ත පහලට දිව ගිය බිංදු, වැලේ තිබූ සරං කොටයද සමගින් අතුරුදන්  වන සැටි  පිලිකන්නේ දොර පියස්සට බරදී සිටි බිසො බලා සිටියේ මුහුනේ වියැකීයන සිහින් සිනාවත් සමගිනි.


විරාමය.....................

43 comments:

  1. හපොයි සියලු බලාපොරොත්තු සුන් නේ

    ReplyDelete
    Replies
    1. ඇයි එහේම කියන්නේ ටිකක් ඉන්න.....

      Delete
  2. දිගටම කියවලා බලමු...

    ReplyDelete
  3. ම්ම්ම්... තව ටිකක් දිගට ලියන්න පුලුවන්නෙ එක කොටසක්, Raj...

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හොඳයි ඉස්සරහට එහේම කරන්න උත්සහ කරනව..ස්තුතී

      Delete
  4. පෙරේත කමට ලියලද මන්ද බං.. අපිට මදියෝ...

    උබ අපිව ටෙස් කොරනවද ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මචො මම මාව ටෙස්කරනව..ස්තුතී

      Delete
  5. සාර්ථක ආරම්බයක්....

    ReplyDelete
  6. කතාවේ කතා නායකයා බිංදු කියලා හිතෙන නිසා කොල්ලට කරදරයක් නෑ කියලා හිතනවා.. බලමුකෝ අනිත් කොටස ආවම...

    ReplyDelete
    Replies
    1. බලමු සහෝ කියවන ඔබ සැමගේ අදහස්වලට මා බෙහෙවින් ගරුකරමි..ස්තුතී

      Delete
  7. කියවන්න පටන්ගත්තා විතරයි ඉවරයිනේ....ඉතුරු ටිකත් ඕනී....

    ReplyDelete
  8. චැහ් .. කොටස් ටික ඔක්කොම දාලා ඉවර උනාම කියන්න අන්තිම එක බලනවා

    ReplyDelete
    Replies
    1. අනිවා ඔක්කොම දාල කියන්නම්...ජය

      Delete
  9. හයියූ පොද්දම පොද්දයිනේ............

    ගොඩාක් ලස්සනයි.....ඉතුරුටිකත් ඉක්මනට දාන්න අයියෝ.............

    ReplyDelete
    Replies
    1. ස්තුතී...ඉක්මනට ලියනවා...

      Delete
  10. ඉතුරු කොටස එනතුරු මග බලා සිටිමි....

    ReplyDelete
    Replies
    1. ඔබගේ බලාපොරොත්තුව ඉටුකරමි...

      Delete
  11. පස්සෙන් එලෝන අපි...

    ReplyDelete
    Replies
    1. සතුටින් දුවමි....

      Delete
  12. දිගට ලියන්න. ආසාවෙන් කියවමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී වෙදමහත්තයො....

      Delete
  13. මදියෝ.....
    ලස්සනයි ලියවිල්ල....ඉතුරු හරිය කියවන්න එනව අනිවා...ඩෙෆා...

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබා මාගේ අනිවා ලියනව...

      Delete
    2. ඉතුරු හරිය කියවන්න ඔබා මාමට ආයේ එන්න වුනේ නෑනේ එහෙම කිව්වට..

      Delete
  14. Replies
    1. හපෝ නැත ඉක්මනටම ලියනෝ

      Delete
  15. හෆ්ෆා.. :/ ඇස්පිල්ලමයි ගැහුවෙ අයියා කතාව නවත්තලා.. ඉක්මනට ඉතුරුටික ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ලියනවා....

      Delete
  16. ලස්සන කතාවක්. කතාව වචන වලට පෙරලෙනකොට අපේ හිතේ රුප ඇඳෙනවා.

    ඊලග කොටස තෙක්.......!!!

    ReplyDelete
  17. රසිකයා ඔහොම අතරමං කරන්න එපා බං.. කියවන්න පටන් ගත්තා විතරයි කතාව ඉවර වුනා.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං පර්යෙෂණ මට්ටමේ තවම සමාවෙයං

      Delete
  18. බුඩි ආසම ජාතියේ කතාවක් වගේ, ලියලා තියෙන විදිහ නම් මරු ... එක කොටසකට මීට වඩා දාන්න පුලුවන්නම් මරු, රාජු මේක මෙගා කතාවක් නෙමේ නේ??? :) :)

    ReplyDelete
    Replies
    1. මෙගා නම් නෙමේ නමුත් කොටස් කිහිපයක් ඉදිරියට ලියවෙයි කියල හිතෙනව..නමුත් එක තීරනය වෙන්නේ ඔබ සැමගේ කැමත්ත මත...ස්තුතී

      Delete
  19. හයියෝ... පටන්ගත්ත තැන ම නවත්තලා නෙ ?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ..හික්ස්....

      Delete
  20. වෙනස් විදිහකට ලියන්න අරන් නේද ?

    ReplyDelete
  21. ඉංග්‍රීසි රාජ් කෝ ඉතිං ඉතුරු ටික? විරාමය දිග වැඩියි!!


    henryblogwalker the Dude

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...