Friday, March 9, 2012

නිකුත්කල දිනට පමණක් වලංගුයි....



කොහොමද කසාදයක් එහේම කරගත්තොත්.....


දැන් තනියම හිටිය ඇති නොවැ......දැන් ඉතින් අම්මල තාත්තල ගැනත් බලන්ඩ ඔනෑ......


ඈ බං ඔය කොල්ලට...., කෙල්ලට කසාදයක් කරල දෙන්ඩ එහේම කල්පනාවක් නැද්ද......


යකො ඔය හම්බෙලා තියෙන්නේ හොඳ චාන්ස් එකක් බැඳහං බං ආයි හිත හිතා ඉන්ඩ දෙයක් නෑ......


 හප්පේ පවුලක් පංසලක් නොවිච්චි ඔනෑම කොලේකුට කෙල්ලෙකුට ඇහෙන වචන නේ ඔවා.. ඔය කරකාරේ යන වැඩේත් ලේසි නෑ දැන් කාලේ.....


සල්ලි වියදං කොරන්ඩ ඔන තරං හේතු තියෙනව.....


අච්චිලගේ සීයලගේ කාලේනම් දවස් 7ක් මගුල් කනවලු...අනේ අප්පේ මේකාලේ දවස් 7ක් මගුල් කන්ඩ නං N.G.O එකකින් ආධාර ගන්ඩම වෙනව..දවස් 7ක් තියා දවස් දෙකක් මගුල් කනව කියන එකත් සැහෙන්ට දරුනුයි නොවැ.


ඔය කරකාරේ යන උත්සවේ ඉස්සර ගෙදරම කොලාට දැන් එහේම නෑ..ඔක හොටලකම තමා ගන්ඩ ඔන එහේමයි අපට උගන්නල තියෙන්නේ..ඒ විතරක් යෑ වැඩේ ලස්සනට ප්ලැන් කොරල තිතට වැඩේ කොරල දෙන්ඩත් දැන් කස්ටිය ඉන්නව..දහසින් බැඳි පියල්ලක් වගේ පොඩි තැග්ගක් විතරයි එයාල බලාපොරොත්තුවෙන්නේ..


ඉස්සර බුලත් දිලා කස්ටියටම මගුලට ආරධනා කලාට මොකද දැන් එක විතරක් මදි හොඳ කාඩ් එකක් දෙන්ඩත් ඔන කාඩ් එක පට්ටම එකක් වෙන්ඩ ඔන..නැත්තං මගුල් කන එකේනුත් වැඩක් නෑ ආයි බොවන්ඩ.....


කොහොමද කාඩ් එක පට්ට ඈ.........ගානත් අඩුයි



ප.ලි...
  ආ..අර මගුල් ගෙදරට කට්ටියම එන්ඩලා ..මේදවස්වල ගජරාමේට..කස්ටිය එකේ වැඩලු..ගොහිල්ලම බලන්ඩ


53 comments:

  1. මේක නම් සිරාම සිරා අයිඩියාස් එකක් නෙ..

    ReplyDelete
    Replies
    1. බං වෙනි අයියේ මේක ඇත්තම මගුල් කාඩ් එකක් මම නං ගම් මැකුව බං

      Delete
  2. හේ ‍හේ මම මේ හිතුවේ කේච්චි ටිකට් ගැන ලියනවා කියලා.
    මම මේ ලගදී දැක්කා සුපිරි පන්තියේ වෙඩින් කාඩ් එකක්. ඒක හදලා තිබුණේ ක්‍රෙඩිට් කාඩ් එකක් විදියට. ෂා මාරම ලස්සනයි. ඒකට නම් එකකට බර ගානක් යනවා මයේ හිතේ.
    (ඕං රාජ් අයියට මගුලක් ගන්න තියෙන්නේ කාඩ් පුරස්නෙ නම් මම විසදලා දෙන්නම්. බට්ටි දන්නවා ලස්සන වෙඩින්කාඩ් හදන්න. පේපර් කුලියන් ඕනනම් එහෙමයි නැත්නම් පංච් එම්බෙයිඩර් වලින් ඕනනම් එහෙමයි. )

    ReplyDelete
    Replies
    1. බට්ටි චුටි ඇඩ් එකක් දැම්ම වගේ :-))
      හැබැයි ඒක දාපු එක හොඳයි....කාට හරි ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්

      Delete
    2. අනේ නංගියෝ මම ඔය වලට වැටිලා ඉවරයි..අපො නොනට ඇහුනවත්ද..හික්

      Delete
    3. බට්ටි අක්කෝ ඕං මම ඇපොයිමන්ට් එකක් දැම්මෝ

      Delete
    4. මටත් සමහරවිට ඕනවෙයි වගේ බට්ටියෝ....!

      Delete
    5. ඔබා කිව්ව වගේ ඇඩ් නොවැ.. ;)

      Delete
    6. ඔබා මාමා & සෑම්
      ඔය ඉතිං මනුස්සයෙකුට උදව්වක් කරන්න හැදුවහම වැරදි ඇහෙන්මනේ බලන්නේ. :D

      ගැමී & ලහිරු
      කල් ඇතුව කියන්න වෙයි. මොකද ඉතිං සයිබර් අවකාශෙටම බෙදන්න වෙයි නොවෑ.

      Delete
  3. හැබෑ නේන්නං... ඒකත් නරක නෑ තමයි....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ වැඩේ ලාබයි.

      Delete
  4. නියම අයිඩියා එක.

    බඳින්නෙ මාරය වත්ද ?
    එහෙම හිතුනෙ කාරනා දෙකක් නිසා.
    එකක් මනමාළි ගේන්නෙ පදවියෙ ඉඳල ගම්පහ, යක්කලට.
    දෙවෙනි එක ඌට පදවියෙන් මෙහා කව්ද ගෑනු දෙන්නෙ කියල හිතුන නිසා....

    ReplyDelete
    Replies
    1. ඔබා අයියේ කට කට...සද්ද වහල වැඩ හික්

      Delete
    2. අර බයිසි මොටෝවට අඩයක් තීබ්බ ගෑනු ලමෙක්වත් සෙට් උනොත් කියන්න බෑ..

      Delete
  5. ඔය කෝච්චි ලව් එකක්ද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙන්ඩත් පුලුවං..නැත්තං මුං කොච්චි ටිකට් ගහයියෑ..නේද මචො

      Delete
  6. දැන් ඉතින් ඔය වගේ කාර්ඩ් එකක් ගහන්නද කල්පනා කරන්නේ ....:D

    ReplyDelete
    Replies
    1. ඔක හෙට අනිද්දට තියෙන මගුලක කාඩ් එකක් නොවැ..මම නං කරකාරේ පාටිය දාල අහවරයි

      Delete
    2. හේ මරු කාර්ඩ් එක.කෝච්චියෙදි යාලූන ජෝඩුවක් වෙන්න ඔනේ.

      Delete
  7. ශා... මාර ක්‍රියේටිව් අයිඩියා එකක් නේ... කොහොම මතක් වෙනවද මන්දා...

    ReplyDelete
  8. අපි පොඩි ඒවුං ඔව දන්නෙ නෑ.

    ReplyDelete
  9. අයියෝ කාඩ්එක දැක්කම මට ආයෙත් බදින්න හිතුන.

    ReplyDelete
    Replies
    1. උඹ හදන්නේ... රෑ වැටුන වලේ දවල් වැටෙන්ඩද

      Delete
  10. මට මේක කියවද්දිම මතක් වුනේ මාර එකක් හි හි...

    කොහොමද කසාද සහතිකෙත් ගැහුවනම් "නිකුත් කල දිනට පමණක් වලංගුයි" කියලා ඇ‍ඬෙනවනේ.... පට්ට අයිඩියා එකක් ස්ටේෂන් මාස්ටර් කෙනෙක්වත්ද දන්නෑ බඳින්නේ....

    පැනලා ගියොත් සල්ලි ඉතුරුයි නේ???

    ReplyDelete
  11. මගුල් කියන්නෙ එපා වෙන සබ් එකක්.
    මේ කන්තෝරු ඇඳුමින්ම ගිහින් බීල නටල එන්න තිබුනනම් කොච්චර හොඳද
    ඇඳුම් ගන්න සපත්තු මදින්න වැ ඩ කෝටියයි..එපා වෙනවා..

    ReplyDelete
  12. මාත් කවද හරි බැන්දොත් කියන්නං. මට ලාබෙට කාඩ් එකක් ගහල දියං. කෝච්චි ටිකට් නැත්තං බස් ටිකට් එකක හරි කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා දෙමු රියල් වැඩක්

      Delete
  13. කෝකටත් කියල බ්ලොග් ලියන කියවන කීප දෙනෙකුට පෝස්ට් එකේ ලින්ක් එක ඊමේල් කළා, මාරය මල්ලිට කොපියකුත් එක්ක :-)

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මේක හදපු කෙනා කවුරු උනත් සිරා ක්‍රියේටිව් කෙනෙක් . .

    ඔබා මාමා අයියේ . . උඹේ හඳහන මාරයට කියලම බලෝ ගනින් . . . හික්ස්

    ReplyDelete
    Replies
    1. ඌ හඳහන් හදන්නෙ ඔය මඟුල් විශ්වාස කොරන එවුන්ටනෙ ;-))

      Delete
  17. හුටා..එකක් මූගේ අතට ගියේ කොහොමද..?

    ReplyDelete
  18. ඒ... මම හිතුවෙ මේ කෝච්චි ටිකට් එකක් ගැන කියලා.. අයියේ මාර අයිඩියා එකක් අඅ... සුපිරියි!!!! :D හිකිස්ස්ස්...

    ReplyDelete
  19. අඩේ මරු අයිඩියා එකක් නේ...මේ දැක්කමයි මෙහෙම එකක්....

    ReplyDelete
  20. අඩේ කෝච්චි ටිකට් එකෙන් දවස ඇතුලත දොතුන් පාරක් යන්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. අපි දන්නෑ බාප්පලා හිටියොත්..එහේම හික්

      Delete
    2. නැහැ බං සිරාවට මම අහල තියෙනවා එහෙම පුලුවං කියලා

      Delete
  21. නියම් කාඩ් එක. මාර ක්‍රියේටිව්. ඔය කියන තරම් වියදමක් යන්නේ නෑ. මගේ කැලැසික් පික්ස් වල ඇති අඩු වියදම් කිට් එකක් ගිහින් බලන්න.

    ReplyDelete
  22. අඩේ... මමත් මේ වැඩේම තමා කරන්න ඉන්නේ :D

    ReplyDelete
  23. ඇත්ත කතාව :D අපේ අක්කගෙත් වෙඩිම ළඟයි. එයාටත් කාඩ් එක සුපිරියටම හදනවා දවස ගානේ එකේ අඩුපාඩු හොය හොයා, නිකන් කාඩ් එකක් නොදී.:D මේකනේ ලේසිම ක්‍රමේ :D

    ReplyDelete
  24. වෙඩිම තියන්න තිබ්බෙත් කෝච්චි ස්ටේෂන් එකක :)

    නියම අයිඩියා එක..

    ReplyDelete
  25. කෝච්චිය මිස් කරගන්නවා හෙම නෙමෙයි

    ReplyDelete
  26. S12 set ගෙනාවම ඒකෙ වෙඩින් තියන්නත් දෙනවලුනෙ...එතකොට කෝච්චි ටිකට් වෙඩින් කාඩ් නැගල යයි. :D

    ReplyDelete
  27. නිර්මානශීලීත්වය තුලින් වියදම් අඩු කරගන්න පුලුවන් සෑහෙන්න..ඕනම තැනක!ටිකක් රාමුවෙන් පිට හිතන්න විතරයි ඕන~

    ReplyDelete
  28. අහ හොන්දවෙලාවට මට මේක කියුවේ :

    ReplyDelete
  29. හෙනම ක්‍රියේටිව් අප්ප......:)))

    ReplyDelete
  30. පට්ට අයිඩියා එකක්...

    ReplyDelete
  31. Replies
    1. අපොයි ලඟපාතම ඉන්නව...

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...