Tuesday, January 10, 2012

බාධක ජය ගැනීම සහ සියල්ලන්ටම ස්තුතී........( ගාලු ගමනෙන් පසු...)



 "  අභියා අන්න අරුං ගාල්ලේ සේට්වෙන්ඩ යන්නේ..."

 " හරි උඹ කියපං අපි දෙන්නත් එනවා කියලා....."


එවන් දෙබසකින් ඇරඹි ගාලු ගමන " ඔය කිව්වට ගුගල් එකේ සර්ච් කොරනව එහේම නෙවී ඔං" ඇයි යකො කුනු හබ්බ නොවැ තියෙන්නේ..


සයිබරයේ මහා බක්මහ මංගල්ලය ගැන ඉඟි දලුලා වැඩෙන්නට පටන්ගෙන තිබු වංගියේ ගාල්ලේ කොල්ලන් කෙල්ලන් ගේ මේ අඬ් හැරය..සයිබර් මංගල්ලයේ මගුල් බෙර වැයුමක් සේ අපට හැඟුනි.. 
  
  පොඩියා..බනියා..කිඩො..ගේ සවියෙන්..ගොඩ නැගුන ගාල්ලේ ගෙට්ටුවට සෑමටම ඇරයුම් කිරීම සයිබර් සහොදරත්වයේ බැම්ම තව තවත් දෑඩී ලේස ගොඩ නැගිමට හේතූ වු බව සයිබර් මිතුරන්ටනම් රහසක් නොවේ 


  ගාල්ලේ මිතුරන් එසේ සංවිධානය වන විට කොළඹ හරහා ගාලුයන්නට සිටි මිතුරන් එක්ව එහි රැගෙන යාමට අපද උත්සහ ගත්තේමු..


  උත්සහය සාර්ථකය නමුත්...." කට්ටක් කෑවේ නැත්නම්..ගතියක් නෑ වාගේ..." පොඩි පොඩි බර බරනම් විඳින්නට සිදුවිය. 


  මේ ගාලුගමන යට සැඟවුනු රසකතා ඒමටය..


අපේ නාකියා ගාලු යන්නට එන්නේ අනුරපුරයේ සිටයි... කොට්ටාවට තිතට හතට එන්නට කලින්දා රැයේම පිටත් වෙන්නට අප මිතුරාට සිදුවේ...




  ටවුමට පැමිනි නාකියාට පරණ මිතුරෙකු හමුවන්නේ අහම්බෙනි...මිතුරා සමග බියර් අඩියක් ගැහිමට ගොස් කොච්චිය වරදින නාකියාට කොළඹ එන්නට සිදුවන්නේ බසයේනි.අපි කලින් අසා ඇති පරිදි නාකියාට බසයනම් වහ කදුරු මේන් තිත්තය..ඒ බසයේ ගියොත් ඌට පෙෂර් හැදෙනා බැවිනි.  




    අතීතය කියාපාන්නක් මෙන් අපේ පරිණත බ්ලොග් කරුවන් නවකයින්ට හොඳ ආදර්ශයක් විය.ඔවුන් ගේ කියුම් කෙරුම් හි ඇත්තේ දැඩි සහොදරත්වයකි...හරිම එකමුතු කමකි...ඔවුන් පරිණතයැයි කියා පුහු ආඩම්බරයකින් ඔලු ගේඩි පුම්බාගෙන සිටියේ නැත..නවකයන් පරිණතයන් කියා බේදයක් කොයි විටකවත් තිබුනේ නෑති බව ඒහි සිටි ඔබ සැම දන්නා කාරනයකි..ගල්ලේ හමුව වර්ණවත්  වූයේ පරිණතයන්ගේ පැමිණීමෙන් බව දන්නෝ දනිති...අපගේ පැරණි සයිබර් මිතුරණී මේ ආචාරය ඔබටයි...


    මේ හමුවෙදී අපට හමුවන තවත් සුවීශේෂී පාර්ශවයක් සිටි ඒ බ්ලොග් පාඨකයන්ය..බ්ලොග් ලියන අපම අපගේ පිට කසාගන්නවාට වඩා සීන් එකේන් පිට එකේකුගේ සප් එකෙන්... කික් එක... වැඩි වෙන බව ඔබ කවුරුත් දනී... මේ ප්‍රණාමය බ්ලොග් කරුවන්ගේ හමුවට සහභාගීවු ඒ ඔබටයි. 


  පෙර කීවාක් මෙන්ම සැඟව ගිය අපූරු අද්දැකීමක් මේහිදීද මා ලැබීය..


     අපගේ තවත් අපූරු පාඨකයේ වෙන Niriella ගාලු යන්නට පැමිනෙන්නේ ඉංගිරියේ සිටයි.. Niriella මුන ගැසුන මට මතකේට එන්නේ අපේ සයිබරයේ ඉලංදාරියාවයි..කොට්ටාවට හතට පැමිනිය යුතු උවත් Niriella පැමිනෙන්නේ 6ටයි...


  මා උදැසන කොට්ටාවට යාමට ප්‍රතම මාගේ ජංගම දුරකථනයට ආ කෙටි පනිවුඩයට ප්‍රරතිචාර දැක්විමට මා ඇමතුමක් ගත්තද ඇමතුම විසංදී වී නැවත මාහට කේටි පනිවිඩයක් ලැබිනි.


  " මචං මම අර බීරි පොර බං...."


 මේවන් වදනක් තෙපලිමට තරම් ඔහු නිහතමානි විය...ඔබවන් මිතුරන් සයිබර් යායට ශක්තියකි.


   කේසෙ නමුත් කිව යුතුම තව කරුණක් ඇත නාකියා වැන්නන් මහදුරක් ගේවා පැමිනේද්දී..Niriella වැන්නන් වෙලාවටත් කලින් පැමිනේද්දි..අප සැමගේ යුතුකම පොදුවේ යමක් සිදුවෙද්දී උපරිමෙන් එයට දායක විමය..


  කාල සටහනට අනුව කොට්ටාවට පැමිනි සියලුම මිතුරනී මේ උපහාරය ඔබටයි...


 නමුත් වගකිමක් ඉටුකිරිමේදි එකේකුගේ දෙන්නේකුගේ නොසැලකිල්ලෙන්..සියලු දෙනාටම ඒහි විපාක විඳින්නට සිදුවිම සුබදායක නොවේ.. නමුත් කණගාටුවට කරුණ නම් තමන් නිසා වටිනා කාලය කැපකල මිතුරන්ට කනගාටුව පල කිරිමටවත් අදාල පුද්ගලයින් උනන්දු නොවිමයි...


  ම්....මේ සියල්ල දැන් අතීතයට මුසුවී හමාරය...නමුත් අනාගතයේ මේවන් සිදුවීම් සිදු නොවිමට තරයේ සිත තබාගැනිමට කටයුතු කිරිම අගනා බව මගේ අදහසයි. 



    
   අපගේ ආචාරය පිදිය යුතු තවත් සුවිශේෂී පිරිසක් සිටි...ඒ අධීවෙගී මාර්ගයේ ආපදා සේවයේ යෙදි සිටින සේවක මහතුන්ය..ගාලු යන ගමනේදී අප ගමන් ගත් රථයේ කාර්මික දොෂය සිදුවු අවස්තාවේ..ඇමතුමක් දුන් සැනින් අපගේ සහයට පැමිණී ඔබටයි අපගේ උපහාරය..මේවන් සෙවක මහතුන් අපට පමනක් නොව රටටම ආඩම්බරයකි.
     
    එමෙන්ම සයිබරයේ මිතුරන් වෙත තොරතුරු සැපයිමට සහ සංවිධාන කටයුතු පහසු කරගැනිමෙදි..සිංහල බ්ලොග් කියවනය වේත සිදුකල ඉල්ලිමේදි ඒම කටයුත්ත ඉටුකර දුන් ඔවුනටත අපගේ උපහාරය පුදකරමු.





කොතේක් පාරම් බෑවද ඔබ සියලු දෙනා රුමස්සලට නොපැමිනියානම් අද මේ ලිපිය ලියැවෙන්නේද නැත...ප්‍රිතීමත් අත්දැකුමක් ලැබෙන්නේද නැත......එබැවින් ගාල්ලේ අපේ පුංචි ගේට්ටුවට පැමිණි ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතී වන්ත වෙමු.


යම් යම් හේතුන් මත ගාල්ලට පැමිනීමට නොහැකි වු නමුත් වචනයකින්  හෝ අපට දිරිදුන් මේතේරත් එතේරත් සිටින අපගේම සහුර්ධයනි අවසන මේ උපහාරය ඔබටයි 


  එසෙනම් සයිබර් මිතුරනේ..සයිබර් සිහින මංගල්ලයෙන් අපි ඔබ නැවත හමුවෙමු.........
    
 ප\ලි 
 පිංතුර බලන්න එන්න



52 comments:

  1. නිරි ඇල්ල සහෝදරයාගෙ කන්ටෑක්ට් නම්බර් එක ලැබෙන්න සලස්වන්න රාජ් මට.. සැබවින්ම ඔහු එතන සුවිශේශී චරිතයක් වුනා..කනගාටුයි ඔහු සමඟ ඔහුගේ පැමිණීම සතුටක් බව කියන්නට නොහැකි වීම ! නමුත් ඔහු තේරුම් ගන්නට ඇතැයි සිතමි ! සැබැවින්ම හමුව නම් අති විශිශ්ඨයි. ලොකු සතුටක් තවමත්... දැන කියා, හඳුනා ගන්න ලැබීම .. අප්‍රේල් හෝ ඊට පෙර නැවත හමු වෙමු !

    ReplyDelete
  2. ඔන්න එව්වා වෙනි අයියා....

    ReplyDelete
  3. නියමයි..ගොඩක් සතුටුයි....
    අපිටත් දවසක් පුළුවන් වුනොත් එකතු වෙන්නම්කො...

    ReplyDelete
  4. එකනම් ඇත්ත නේ වෙනි අයියේ
    ඒ අයියත් එක්ක කතාකරන්න විදියක් තිබුනේ නැනේ
    අපරාදේ

    ReplyDelete
  5. එදා එන්න වෙච්ච නැති එකට දුකයි. එත් ඕගොල්ලෝ හරි හිනා වෙලා හිටිය නිසා සතුටුයි

    ReplyDelete
  6. අප්රියෙල් මාසෙ හමු වෙමු.

    ReplyDelete
  7. ඇත්තටම ඒ වෙච්ච දේට මට ගොඩාක් කනගාටුයි.. මම ඒ පිලිබදව සමාව අයදිනවා.

    ReplyDelete
  8. @ ඔබා මල්ලි..
    ඔව්.. ඔව්... හමුවෙමු.

    ReplyDelete
  9. කොහොම වුනත් රාජ් .. එකෙක්වත් මග දාල ගියෙ නෑ. වෙලා ගියා වුනත් මිනිහ හැමෝවම අරගෙන ගියා.
    ඒක මම අගය කරන දෙයක්.

    ReplyDelete
  10. කාවවත් හලා ගමන් නොයන බවට හොඳම උදාහරණය මෙය බව පසක් කරමි.!!


    කෙසේ වුවද..... ගෙට්ටෞව සාර්ථකය.... එයට තවත් ටීකා උවමනා නැත. ඉදිරි ගමටන අපිත් එක පයින්.... (ටිකක් අමාරුයි නේද.. ඒක නිසා දෙපයින්)

    ReplyDelete
  11. අපිටත් සෙට් වෙන්න තිබුනනම් කියල හිතෙනව.සතුටුයි

    ReplyDelete
  12. @ දුෂ්
    එහේම තමා හිතන් නැති දෙවල් වෙනවා..අවුලක් නෑ..කොළඹදී සේට් වෙමු..මේ..ගෙදර කස්ටිය එක්ක වලි දාගන්නේ එහේම නෑ..

    @ ඔබා අයියා
    අනිවා අපි මගබලන් ඉන්නේ..

    @ වර්ණා
    අන්න නියම වැඩක් නංගී වැරදුන තැන් හදාගෙන අපි ඔක්කොම ඉස්සරහට යමු...

    @ කුමාරයා
    ස්තුතී...ඔබගේ වටිනා කාලය කැප කලාට

    @ පවනී
    අනිවා මචං..ඔ වැරදුනා..මචී..හික්

    ReplyDelete
  13. ඈ බන් ෆොටෝ නම් දැක්ක හෝ ගාල... කෝ උබ... අදුන්නල දියන්

    ReplyDelete
  14. එන්න බැරි වීම පිළිබඳ කණගාටුයි.. වඩාත්ම ජේ...:D ඊලඟ සැරේ හම්බෙමු කට්ටියවම.. කෝ ඇත්තට රාජ් අයියා???

    ReplyDelete
  15. ෂා..හ්.. මාව හයිලයට් වෙලා තියෙන තරමක්....!!!
    කොහොම උනත් උඹලට ගොඩාක් ස්තූතියි, මාව interest කළාට
    (මේක කියන්න ගිහින් පොඩි මෑන් ගෙන්නම් මම හොදට බැනුම් ඇහුවා)
    එදා ගේට් එකේදි හමුවුන/ නොවුන, මා සමග කතාකළ/නොකළ
    හැමෝටම එක සේ ආදරෙයි කියන්න මේක අවස්ථාවක් කරගන්නවා.
    // රාජ්// මචං මම දිගටම පාඨකයෙක් වෙන්න අදහසක් නෑ. ළගදිම බ්ලොග් එකක් පටන් ගන්නවා උඹලත් උදව් කරනවානේ. (දැන් තියෙන්නේ තාක්ෂණික ගැටළුවක්.
    //වර්ණා// ඔන්නෝවා අල්ලලා දාන්න.. ආයෙ එහෙම වෙන්නෙ නෑනෙ..
    //වෙනි// අවුලක් නෑ බං අපි ආයෙ හම්බවෙනවනෙ...මහ කාලයක් නෑනේ අප්‍රේල් වලට
    //මහිම// ඒකෙ කිසි අවුලක් නෑ...

    ReplyDelete
  16. සෙට් එකම අපේ ගමටනෙ ඇවිත් තියෙන්නෙ..රූමංසල පැත්තට.. :O

    ReplyDelete
  17. @ Sumith Niriella :- සිරාවටම උඹ ඔය මැසේජ් එක වුව්වාම මම උඹට බැනල මැසේජ් එවපු මෙසේජ් එක.. උඹ කොහොම හරි ඇවිත් කරට අත දාල කතා කරා... ගෙට්ටුවේ ආව සුවිශේෂම පුද්ගලය උඹයි මටනම්.... සිරාවටම.... ආයෙ හෝදන්න දෙයක් නෑ...

    බ්ලොග් එක ගැන ගැටලුවක් තියෙනවනම් අනිවා කියපං... ෆුල් සප් එක දෙනවා.... :D

    @ රාජ් :- ගෙට්ටුව ගැන ලියවුන හොදම පෝටුව දැක්කෙ උඹෙන්..

    පොඩි මෑණ් මම රාජ් කියල එකෙක්.. අහීත දාන්නවනෙ අහීතයත් එක්ක මාත් එනවා...

    කියල ගෙට්ටුව නිසාම අදුනගත්ත උඹ නිසා සෑහෙන පිරිසක් ආතල් එක ගත්තා,,, උන්ගෙ ආතල් එකට උඹ කෑව කට්ට තමයි උඹ ආතල් එකට ගත්තෙ...

    උඹ සිරා පොරක් බං...

    ජය වේවා...!!! ගෙට් එක නිසා මට ලැබුන අනිත් සුවිශේෂ පුද්ගලයා උඹයි...

    ReplyDelete
  18. ඉතින් මචන් කට්ටියම එකින එක ෆොටෝස් වලින් අඳුන්වල දෙන්න විදියක් නැද්ද.එදා කොට්ටාවෙන් යන්න පරක්කු වුනේ ඇයි.කවුරුවක් කියන්නේ නැහැ අනේ.

    ReplyDelete
  19. ඇත්තටම මම මගේ බ්ලොග් එකට කමෙන්ට් කරන කෙනෙක් විදිහට (රාජ් ලා දෙන්නෙක්) උන්නු උබ දැන් මගේ සහෝදරයෙක් තරමට ලං වෙලා.මේ ටික කාලේ අපි ගොඩාක් දේවල් මේ ගැන කතා කලා.... චැට් එකෙන් අපි කොහොමහරි එකතු වෙන්න වැඩක් කරමු කියලා අභි අයියාගේ පොස්ට් එකෙන් පස්සේ කතා කරලා තියන කොට තමයි පොඩි මැන්ගේ පොස්ට් එක දැක්කේ.... එදා ඉදන් උනු හැමදෙයක්ම ගොඩක් ලස්සනට උනා..

    ඇත්තටම උබ කැපවිමෙන් කරපු දෙයක් නිසා ගොඩක් දෙනෙක්ට සතුටක් ලැබුනා....

    උබ දන්නවානේ ඕන දේකට මමත් ඉන්නවා කියලා... එකතු වෙලා හැම දෙයක්ම හරියට කරමු..

    ජය හා සතුට

    ReplyDelete
  20. @ පිස්සාගේ පලාමල්ල
    ඔය අපේ අධිවේගියේදි අපිට උදව්කරපු මිතුරන් එක්ක ඉන්නේ මං තුමා මචො

    ReplyDelete
  21. ඇත්තටම මම මගේ බ්ලොග් එකට කමෙන්ට් කරන කෙනෙක් විදිහට (රාජ් ලා දෙන්නෙක්) උන්නු උබ දැන් මගේ සහෝදරයෙක් තරමට ලං වෙලා.මේ ටික කාලේ අපි ගොඩාක් දේවල් මේ ගැන කතා කලා.... චැට් එකෙන් අපි කොහොමහරි එකතු වෙන්න වැඩක් කරමු කියලා අභි අයියාගේ පොස්ට් එකෙන් පස්සේ කතා කරලා තියන කොට තමයි පොඩි මැන්ගේ පොස්ට් එක දැක්කේ.... එදා ඉදන් උනු හැමදෙයක්ම ගොඩක් ලස්සනට උනා..

    ඇත්තටම උබ කැපවිමෙන් කරපු දෙයක් නිසා ගොඩක් දෙනෙක්ට සතුටක් ලැබුනා....

    උබ දන්නවානේ ඕන දේකට මමත් ඉන්නවා කියලා... එකතු වෙලා හැම දෙයක්ම හරියට කරමු..

    ජය හා සතුට

    ReplyDelete
  22. කරන්න දෙයක් නෑ බං.. අපි හිතන්නැති දේවල් වෙනවනෙ හදිස්සියෙම.. උඹේ කැපවීම නියමයි.

    ReplyDelete
  23. මගේ සුභ පැතුම් මට ද වැඩ ගොඩක් තිබූ නිසා දැනුයි ආවේ. ඔබට නැවත මෙවැන්නක් කිරීමට ශක්තිය ලැබේවා. මම ආවා එදා ඒත මම එනකොට ගොඩක් හවස් වෙලා. එහෙමම මාතර ගියා. ඒක මගේ සාමාන්‍ය ගමන. ඔබ සැමට සතුටුදායක ලෙස මේ දිනය ගේවන්න ලැබුනු බව දැන ගැනීමම මට සතුටක්.

    ReplyDelete
  24. බ්ලොග් අවකාශේ හමෝම මේ විදිහට එකට එකතු වෙලා සහෝදරවත්වයෙන්, සමගියෙන් විනෝද වෙලා ඉන්න පුළුවන් නම් කොච්චර ලස්සනද...!

    සයිබර් උළෙලත් අති සාර්ථක වේවා....!

    ReplyDelete
  25. @ ඉන්දික
    මචො අපි ඔක්කොම කොහොම හරි මුනගැහේමු

    @ හිතු
    ඔය ඉන්නේ මම අපේ අධිවෙගයේ මිතුරන් සමග

    @ නිරිඇල්ල
    උඹට සප් එකට අපි ඔන වෙලාවක ඉන්නව..උඹට වචන ගැටගහන්ඩ බැරි උනාට උඹේ සතුට මට දැනුනා මචං

    @ පොඩි මැන්
    අපි අපේ පිටවල් කසා ගන්නව කියල කවුරු චොදනා කලත්..උබල හරියට සෙට් උනේ නැත්නම් මේච්චර සතුටක් කොයින්ද මචො...බ්ලොග් ලොකේ මට මුනගැහුන සුපිරි පොරක් උඹ.

    @ දේවා
    ගාලු ගමනට මගේ හෙවනැල්ල වගේ ඉඳගෙන ශක්තියක් උන අනිකා උඹයි මචො...ඉස්සරහටත් එකතුවෙලා වැඩ කරමු මචං...ජය

    ReplyDelete
  26. @ පැණි දොඩම්
    අනිවා මචො ජිවිතේත් හරියට ඒ වගේ...ඉස්සරහටත් සෙට් වෙමු මචො

    @ මහවෙදනා
    ඔබේ කාර්යබහුල සහ ලොකු වගකිමක් දරන කෙනේක් බව අපි දන්නව..ඔබගේ වචන අපට ලොකු ශක්තියක් ස්තුතී ඔබට

    @ දුමී
    මුලින්ම ස්තුතී මේපත්තට ආවට...ඇත්තේනම් ඔබ වැන්නේකුගේ ආශිර්වාදය බ්ලොග් ලොකයටම ශක්තියක්

    ReplyDelete
  27. එලකිරි ආ..... වැඩේ නියමට ගියා!!
    යාලුවෝ ගොඩාක් අදුන ගත්තා...විනෝද වුනා...
    නියමයි!
    ආ...
    අනික රාජ් එක්ක මම සිංදුවකුත් කිව්වා හරිය!!

    ReplyDelete
  28. මට එන්න බැරි උනා පොඩි ප්‍රශ්න කිහිපයක් නිසා. ඒ උනාට අප්‍රේල් 22 නම් අනිවා එනවා. කට්ටිය සතුටු උන ෆොටෝ බලලා මටත් මාර ෆන්. ඇත්තටම හයි‍වේ එකේ බස් එකෙන් බැහැලා ඇවිදින එක මාර ආතල් ඇති නේ.

    ReplyDelete
  29. සංවිධායකයන් ඇතුලු හැමෝගෙම කැපවීම අගය කරනවා!!!!

    ReplyDelete
  30. අප්‍රේල් වල මුනගැසීමට බලාපොරොත්තු වෙමි

    ReplyDelete
  31. @ chamikawp
    අනිවා මචො වැඩේ පට්ටය..උබේ සින්දුවත් පට්ටය..අප්‍රියෙල් 22 ඉට වැඩිය පට්ටය....

    @ සබිත
    ස්තුතී මචො

    @ බිම්සර
    ඒදාට සේට් වෙමු..අනිවා

    @ ගැමියාගේ පත් ඉරුව
    උබ එන්ඩම ඔනේ

    ReplyDelete
  32. අපිත් කවද හරි හම්බවෙන්න බලමුකෝ.....

    ReplyDelete
  33. උඹ ගැන නම් කියන්න මටත් වචන නෑ. නැවත මුණ ගැහෙන්න ලැබෙයි කියලා හිතනවා.
    මම ගෙදරට එනකම්ම හොයලා බලලා කතා කරපු එකටත් තුති සහෝ.

    මඩ මේවාද? අන්න උඹව මම හේදුවා.

    ReplyDelete
  34. අනේ අප්‍රේල් වෙද්දි කොන්ත්‍රාත් ඉවර නෑනෙ....

    ReplyDelete
  35. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete
  36. හැමෝම අඳුනගන්න ලැබුන එක ලොකු සතුටක්,. ඒ ඇති වුන බැඳීම නම් කවදාවත්ම අමතක වෙන එකක් නෑ

    ReplyDelete
  37. රජ් කොල්ලගේ ලින්ක් එකට ටැංකූ මේ ෆොටෝ ටික තමා බං හොය හොය හිටියේ කස්ටියගේ මුනු ටික බලන්න..

    ලබන පාර කෙසේ හෝ එමි..

    ReplyDelete
  38. අය්යෝ ඔයාලා ඔච්චර පරක්කුවෙලා කොට්ටාවෙන් පිටත්වෙන බව දන්නවානම් මටත් එන්න තිබුනා. කලින් දවසෙ හවස මම ආබාධිත නිවාසෙට දානෙ දුන්නනේ. ඉතිං ඒකට උයන්න ගත්ත බඩු අස්කරන්න තිබුන නිසයි ආවෙ නැත්තෙ. ඔයාල 10 වෙනකන් කොට්ටාවෙ ඉන්න බව දන්නවනම් එන්න තිබුන. අස්පස් කරන වැඩ සේරම ඉවර කරල9.30 ට විතර පිටත්වුනා පිල්ලෑවෙ බෝධිය වදින්න යන්න.

    කමක් නැහැ කොළඹ තියන එකටවත් එන්න බලමුකො.

    මාලි

    ReplyDelete
  39. වැඩේ නැගල ගියාට සතුටුයි. බලමු ආයෙත් දවසක සෙට්වෙන්න.

    ReplyDelete
  40. අඩේ ඒ උබද එල එල... ඔහොම හරි දැකගන්න ලැබීම සතුටක්. අප්‍රේල් සෙට් වෙමුකෝ කෝම හරි

    ReplyDelete
  41. @ තාරක
    අනිවා හම්බේමු මචො

    @ නාකියා
    කොල්ලොනේ බං..

    @ වැලිමැඩියා
    කවදා හරි සෙට් වෙමු මචො ඉස්සෙල්ලා රස්සාව ආරක්ෂා කොරගනින්

    @ jacksonlibrary
    ස්තුතී ඔබට

    @ සැම්
    අනිවා වරෙන්

    @ මාලි
    අනිවා එන්ඩ

    @ රාජ්
    අඩේ කොළඹ එකට වරෙන්..

    @ පලාමල්ල
    අනිවා...

    ReplyDelete
  42. ගෙට්ටුවට එන්න බැරි උනාට බ්ලොග් වලින් ෆොටෝ සහ විස්තර දැකල ගොඩක් සතුටු හිතුනා
    ලංකාවට ආවට පස්සේ තියෙන ගෙට්ටුවකදී සෙට් වෙමුකෝ
    අප්‍රේල් 22 එකට එන්න වෙන්නෙත් නැහැ
    මම ලංකාවට ගොඩ බහින්නේ 27 වෙනිදා :((

    රාජ්, උඹේ මුණත් තහඩුවේ පොඩි පළපුරුදු ගතියක් තියෙනවනේ බං
    ලංකාවේදී හම්බවෙලාම බලමුකෝ :)

    ReplyDelete
  43. ගෙට්ටුව ගැන කියවපු හොඳම පෝස්ට් එක මටත් මේක තමා... ඇත්තටම මූණු වත් දැකලා නැති සෙට් එකක් සංවිධානය කරගෙන වැඩක් කරපු හැමෝම ගැනම ආඩම්බරයි. මොකද එන්න බැරි වුනත් මමත් උඹලා එක්කම බ්ලොග් ලියන එකෙක් නිසා...

    අපි හැමෝම අප්‍රේල් හමුවෙමු... සිහින උළෙල සාර්ථක කරගන්න ෆුල් සප් එක දෙමු... බ්ලොග් කරුවන්ට ජයවේවා !!! 2012 සයිබරයේ විප්ලවීය වසරක් වේවා !!!

    ReplyDelete
  44. උඹේ පිතූරයක් නැද්ද මේ අතරෙ?

    ReplyDelete
  45. @ ලොකූ
    උඹ 27 ත ආවම අනිවා සෙට් වෙමු මචො...

    @ චතුරංග
    ස්තුතී සහෝ සයිබර් උළේලට වරෙන්..ජය

    @ රාජ්
    මචො අපේ අධිවෙගයේදි උදවු කරපු මිතුරන් එක්ක ඉන්නේ මං තුමා

    ReplyDelete
  46. එල එල,නියලමයි රාජ් අයියා.......අපි කවුරුත් එදා රූමස්සලදි සතුටුවුනා...නියමෙට,..ඒත් මට පොඩි දුකක් හිතුන මොකද මම කලින් දැනගෙන හිටියෙ නෑ Niriella අංකල්ට කන් ඇහෙන්නෙ නෑ කියල..,මන් එයාට කතාකරා අඳූරගන්න, එයා මගේ අත අල්ලල අනිත් අතින් සංයා කරල කිව්ව එයාට කන් ඇහෙන්නෙ නැතිබව.,ඒ වෙලාවෙනම් මට මාර දුකක් හිතුන පුදුමයකුත් එක්ක,.....:(
    ජයවේවා....!!! 22 සෙට් වෙමු....

    ReplyDelete
  47. කොළඹ සංවිධායකතුමා ගමන නියමෙට වැඩේ කරලා තියෙන බව පිටින් බලන අපිට පේනවා, තමනුත් තෘප්තියක් අරන් අනිත් අයටත් ඒ තෘප්තිය ලබා දෙන එක කොච්චර වටිනවාද..ආයි පාරක් ගියොත් මාත් අනිවාර්‍යයෙන්ම එනවා...

    ReplyDelete
  48. කොකාකෝලා බීලා තියෙන්නේ නිකං ද... මොනවා හරි කවලං කරලද....

    ReplyDelete
  49. @ චිරාන්
    නිරිඇල්ල සිරා පොරක් සහෝ..අනිවා 22 වරේන්

    @ සුළඟ
    ස්තුතී...

    @ ඔබ නොදුටු ලොවක්
    කට්ටියක් නිකම්ම බොනකොට..තව එකේක් කළවං කොරගේන බිලා මචො..

    ReplyDelete
  50. කට්ටිය මැක්සාම ෆන් එකක් අරන්... එල එල... මට එන්න බැරි වුනානේ...

    ReplyDelete
  51. අවුලක් නෑ...22 වරෙන්

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...