Wednesday, December 28, 2011

ජනේලයෙන් පැනීම


මේ වකවානුව වන විට තාත්තා සේවය කල විදුහලේන් ඉවත්වී මාගේ මව සේවය කල පාසැලේ කනිෂ්ඨ අංශයේ ඉගේනුම ලැබුවෙමි...සිරිත් පරිදි වෙනදාක් මෙන්..පාසැල ඇරි ලොකුඅම්මාගේ පොඩි දොනිවු සුදු අක්කා සමග ලොකු අම්මාගේ ගෙදරට පැමිනි මා...දහවල් ආහරයද ගේන අක්කාත් සමග තාත්තාගේ මහගේදරට පැමිනියේමු...


   ඒකල ටෙලීවිෂණය නැමති සර්පයා අප වෙලා නොසිටිබැවින් ද...සීයාගේ ගෙය පිටුපස ලොකු කන්දක් සහ මනරම් දොලපහරක් තිබූ බැවින් ඒම පරිසරයට කුඩා අප මහත් සේ ඇලුම්කලේමු...නමුත් වර්ථමානයේ ආච්චි සියා මෙන්ම ඒම පරිසරයද කාලයත් සමග අතීතයේ සැඟව ගොසීනි....


    තාත්තාගේ මහගේදරම අප වාසය කල බැවින් පාසැල ඇරි ගෙදර එන තෙක් වන කාලය මා ගතකරන්නේ මහත් නොයිවසිල්ලේනි.......ඒ මන්දයත් ගේය පිටුපස ඇති වනරජ දහනට වැදි ඇතිවනතුරු සෙල්ලම් කිරිමට තිබු ඉමහත් ආශාවයි.


  මේ කන්දේ මුදුනට කිට්ටුවෙන් කලු ගල්තලාවක් තිබේ..පුංචි අප මෙන්ම මහ මිනිසුන්ද මේ ගලට පොලිස් ගලයැයි කියති..මිට හේතුවනම් අදතාක් වෙනතුරුත් මා දැන සිටියේ නැත...මේ පොලිස් ගල තේක් භූමිය මාගේ සීයාට අයත්වි තිබුනි..සීයා මෙන්ම ආච්චීද...කන්දේ තැනින් තැන ගල්වැටි දමා බිම සකසා..විවිද එළවලු ජාති සිටවා තිබුනි...සමහර දාක පුංචී මාද ඔවුනට අත් උදවු දීමි..නමුත් වැඩිමනක් මා සිදුකලේ ගස්වැල්වල එල්ලි කැලේ නැටිමයි. එසේම හවස්වු විට අච්චි සමග දොලට ගොස්..දොලේ පැන සීත්සේ දිය බුංගැසිමයි.


   මේදින සවස අක්කලා දේදෙනා ද මා සමග ආච්චිගේ ගෙදර පැමිනි හෙයින් ඔවුන් සමග මහගෙයි වත්තේ සෙල්ලම් කලේමි.මේ අතර තුර මා සියාගේ ගේ ඇතුලට රිංගුවේ සෙල්ලම් කිරිමට බොලය ගෙනයාමේ අදහසිනි...කාමරයට ගොස් බොලයත් රැගෙන එනවිට ගෙයි දොර වැසිතිබින..හවස්වී තිබු බැවින් සාලය තරමක් අඳුරුය...


   කුඩා මා දොරවෙත පැමිණිමට බියවිමි...නමුත් පුංචි මොලයට කදිම අදහසක් පහලවිය එනම් කාමරයේ ඇර තිබු ජනේලයේන් එලියට පැනීමයි...පරහකට තිබුනේ ජනේලයේ ජනේල් කුරු සවිකර තිබිමයි...නමුත් කෙසේ හො ජනේලයේන් පිටතට යැමට සිතා අමාරුවෙන් හෝ...... හිස ජනේලයේන් පිටතට රිංගවා ගතිමි...සිදුවු විපතක මහත ඔලුව ජනේලයේන් රිංගූවද ඇඟ කොටස ජනේලයෙන් රිංගවිය නොහැකිවිය...


   බයවු මාගේ කැගැහිල්ලට අක්කලා දෙදේනා පැමින සිදුවි ඇති හරිය අච්චිට පවසා ඇත...කරමින් සිටි කටයුත්තද පසෙක දමා අච්චි සහ සීයා යකඩ ඉනි දෙකක් ගෙන ජනේල් පොලු ඇත්කර මා ගලවා ගත්තේය...


   සිද්දිය කෙලවර වෙනවාත් සමගම අම්මාද ගේදර පැමිනියේය..නමුත් වැඩිහිටි කිසිවෙක් මාහට තැලුවේනම් නැත..


ප\ලි
ලබන්නාවු 2012 සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා.....

22 comments:

  1. මටත් එයවගේ සීන් එකක් උනා. අපේ ගෙදරට ආපු ලොරියකට නැගල දොරවහගෙන. අරිනහැටි දැනගෙන හිටියෙත් නෑ කෑගැහුවට කාටවත් ඇහෙන්නෙත් නෑ. එලියට ගන්නකොට හොදටම දාඩියදාල.:D
    සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ!

    ReplyDelete
  2. ලක් එකට මහදැනමුත්ත ඒ පැත්තෙ ආවෙ නැත්තෙ :-)

    ReplyDelete
  3. ආදරේ හිතෙනවා බං..ඔය වගේ ලඟින් යන දෙයක් මට වෙලා තියෙනවා.

    සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  4. හ්ම්ම් පොඩි කාලේ ඉදලම ගෙවල් වලට පනින එක පුරුදු වෙලා වගේ හිකිස්‌...

    අයියටත් සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා...

    ReplyDelete
  5. ඒ කාලෙත් ජනෙල් පැනිලි සෙල්ලම කොරලා වගේ...

    සුභ නව වසරක් වේවා.. !

    ReplyDelete
  6. පොඩි කාලේ ඉඳලම කොටු සීන්...... ශික්.....

    ReplyDelete
  7. ඉස්සර දිල් අම්මයි අප්පච්චීයි එක්ක ජීවත් උන ගෙදර වලව්වක් වගේ ගෙයක්...ඒකෙ තිබ්බෙ පරණ තාලෙ ජනේල...ඒවට දාලා තිබ්බෙ දිග් අතර යකඩ කූරු..කෙට්ටු සරීර කූඩුව ඔය කූරු අස්සෙන් අපූරුවට එළියට ගන්න දිල්ට පුළුවන්....අම්මට යතුර ගන්න අමතක උන දවසට...දිල් පැංචි වැඩ්ඩ වගේ ඔය කූරු අස්සෙන් රිංගලා ගිහින් දොර අරිනවා....

    ReplyDelete
    Replies
    1. අච්ච්ට හුකන වල් කතා නැද්ද මෙ blog eke

      Delete
  8. අපේ ගෙදරත් ඔය කියන ජාතියේ යකඩ කූරු ගහපු ජනේලයක් තිබුනා
    අපිනම් ඒ අස්සේ රිංගන්න ගියේ නැහැ වෙලාවට
    නැත්නම් උඹට වෙච්ච සෙතේම තමයි වෙන්නේ

    අර ඔබා මාම කිව්වා වගේ වෙලාවට මහදැනමුත්තා උඹලගේ ගෙවල් පැත්තේ හිටියේ නැත්තේ
    නැත්නම් බලා ගන්න තිබ්බ උඹේ ඔලුවටත් වෙන දේ

    ReplyDelete
  9. අප්පා මමත් අනන්ත ඔය ජනෙල් කූරු අස්සෙන් රිංගලා තියනවා එක වතාවක්වත් හිර වෙලා නම් නෑ . මගෙ වාසනාවටද මන්දා ?

    ඔබාගේ කතාවට +++

    ReplyDelete
  10. ඔය තැන් තැන් වල රිංගන්න ගිහින් හිර වෙච්ච දේවල් මතක් වෙන කොට හිනාත් යනවා. ලියන්න ඕනි පෝස්ට් එකක්ම !

    ReplyDelete
  11. ඒ කාලේ තැලුවේ නැති එකේ වැරැද්ද තමයි ඔය... හික් හික්....

    ReplyDelete
  12. @ රාජ්
    වෙලාවට උබට හුස්මගන්ඩ බැරි උනානම් එහේම බ්ලොග් ලියන්ඩ වෙන්නේ දිව්‍යලොකේ ගිහින් තමා...

    @ ඔබා අයියා
    මගේ වෙලාව හොඳයිනොවැ අයියේ වෙලාවට බෙල්ල නොකැඩි බේරුනා

    @ අසරණයා
    ස්තුතී මචො..පොඩිකාලේ අපි හැමොම දඟයිනේ බං

    @ වර්ණා
    පොඩි එවුන් දඟයිනේ නංගියේ

    ReplyDelete
  13. @ අභීත
    කෑගහන්ඩ එපා බං නොනට ඇහේයි...හික්

    @ දිල්
    ඇතියන්තං අතක්පයක් නොකැඩි බෙරිලා...

    @ ලොකු
    මුන්ට විසේනේ මචො හික් හික්

    @ හිස් අහස
    උබ වාසනාවන්තයි මචන් තැන්කූ..අර + + + වලට

    @ වෙනි
    ලියපං අයියා

    @ ලහිරු
    කැතයි හොඳේ..හික්

    ReplyDelete
  14. අපේ ගෙදර හිටපු පූසටත් ඔය වැඩේ වෙනවා ඉස්සර . . හික්ස්

    ReplyDelete
  15. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්....:D කොහොමද ටිකිරි මොළේ??

    ReplyDelete
  16. මගේ යාළුවෙක් දළදා මාලිගාව බලන්න ගිහිල්ලා වැටෙන් රිංගලා බෝගම්බර වැව පැත්තෙන්.මූවත් ඔය වගේ හිරවෙලා..වැඩේ කියන්නේ පොලීසියෙන් ඇවිත් යකඩ බට දාලා අර කූරු ඈත් කරලා මූව එලියට අරං තියෙන්නේ...වෙලාවට පයින් යන උංට අර බැලුං පරීක්ශනේ කරන්නේ නැත්තේ..මූ අහිංසක පාට් එකක් දාලා මරුවෙලා.අනික් උන් කිව්වේ මූ කෙලින්ම දිව්වේ වෑන් එකට කියලා..කලිසමේ මුත්‍රාගිහිල්ලා බඩ තදවෙච්ච පාරට.....

    ReplyDelete
  17. @ දුකා
    සාදරයේන් පිලිගන්නව මේ පැත්තට..

    @ හිතූ...
    ටිකිරි නිසා හොඳට ගියා..හික්

    @ නොදුටු ලොවක්
    පවු යකො...ඌ

    ReplyDelete
  18. ඇයි අප්පා රැවුල ගෑවිලා අනතුරු ඇගෙව්වේවත් නැද්ද හික් හික් පට්ට සීන් එක මේ වයස කීයෙදි විතරද

    ReplyDelete
  19. ලබන්නාවූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන ප්‍රීතිමත් නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....ජය වේවා

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...