Monday, December 12, 2011

අරක්කු නං මතක්කරන්ඩ එපා...සනි අංකල්ගේ හොල්මන එයි..............



   කොඩියා..දන්නවනේ පොරව..., අර වතුර ටැංකියට නැග්ගේ....කොල්ලා දැන් කොළඹ හොඳ රස්සාවක් කොරනව...පොර නැවතිලා ඉන්නේ ජපුර කැම්පොස් එක කිට්ටුව......

 සනි අංකල් කියන්නේ හොඳට කාලා බිලා ජොලියේ හිටපු පොරක්..බීමේ තරමටම මිනිහට ඉක්මනටම ස්වර්ගස්ථ වෙන්ඩත් සිද්ධ උනා........සනි අංකල් හොයාගත්ත පිච්චියත් කන බොන දේට යටකලා මිසක් ගේදොර තමන්ගේ පවුල ගැන එච්චරම තැකිමක් කලේ නෑ...දරුවො තමන් හොයාගත්ත ජිවන සහකාරයො එක්ක ඒ ගොල්ලන්ගේ ලෝක වල කූඩු හදාගත්තා.... 

  අන්තිමට ගරාවැටුන ලොකු ගෙයක් එක්ක සනී ඇන්ටී තනිඋනා...  ටික දවසක් යනකොට ජිවත් වෙන්ඩනං සල්ලි ටිකක් හොයාගන්ඩ ඔන බව ඇන්ටිට තෙරෙන්ඩ පටන් අරං තිබුනේ.... එක හින්දම එයා ගේ බොඩිමක් කරගන්ඩ තිරනය කලා...

   නමුත් නවත්ත ගත්ත බොඩිං කාරයන්ට එච්චරකල් ඒ ගේදර සැනසිල්ලේ ඉන්ඩ හම්බ උනේ නෑ...ගේ ඇතුලේන් රෑට ඇහේන එක එක සද්ද වලට බයේ මේ ගොල්ලො බොඩිම අතහැරල යන්ඩ ගියා....
  කාලයක් යන කොට ඒ පලාතේම මේක බූත බංගලාවක් කියල ප්‍රසිද්ධ උනා...

       ඔන්න ඔය ජරමර අස්සේ..කොලඹට පාත්වෙලා බොඩිමක් හොය හොය හිටපු කොඩියට...මේ බොඩිම ගැන ඉව වැටුනා....මූයි මුටම සෙට් වෙච්චි තව යාලුවො හතර දෙනේකුයි.. ඇන්ටිව මුනගැහිලා කතාබස් කරගෙන...ඔය ගෙදෙට්ට සෙට් උනා...    

හැබැයි මේ යාලුවො සෙට් එකේත් හිටිය කලුවරට සද්ද බද්ද වලට බය එකේකුත්...මූට නින්ද යන්ඩ ලාවට හරි ලයිට් එලියක් ඔනේ...රෑට ගේ ඇතුලෙන් ඇහෙන සද්ද වලට ටිකක් හරි බය උනේ මූ විතරයි අනිත් එවුන් ඔව එච්චර ගනං ගත්තේ නෑ...මොකද හුඟක් දවස් වල රැවෙනකොට කට්ටියම ලාවට දෙකක් දාගන්න හින්ද...

    පරණ තාලේ ගෙයක් නිසා ගෙට ඇතුල් වෙන දොර ගාව එලියෙන් කාමරයක් තිබුනා සනි අංකල්ගේ නොනා තමන්ගේ අඩුම කුඩුම ටික ඔකේ තියාගෙන හිටියේ..ගේ ඇතුල තනිකරම කොඩියලගේ රාජ්ජේ වෙලා තිබුනේ...

   මේ කියන දවසේ..කොඩියයි තව එකේ කුයි ඇරෙන්ඩ අනිත් එවුන් බොතලේට සෙට්වෙලා හිටියෙ....රෑ 12 ට විතර ඔතනින් එකේක් රත්තනපිටියේ රැ කඩෙට ගියා අප්ප ටිකක් ගේන්ඩ...ආප්පත් අරං ආපහු එනකොට කට්ට කරුවලේ බයිසිකලේ නැවතුනා...ටැංකියේන් බාගයක් පිරෙන්ඩ තෙල් තිබිලත් බයිසිකලේ නැවතුනේ ඇයි කියල හිතාගන්ඩ බැරි උනා...

  ඔය අතරේ ගොරක පිටිය පැත්තට යන්ඩ ආපු තව අයිය කෙනේක් තමන්ගේ අතේ තිබුන පෙට්‍රල් බොතලෙන් බාගයකුත් මේ ටැංකියට දාලාත් බයිසිකලේ ස්ටාර්ට් උනේ නෑ...මහරෑ බලං ඉන්ඩ බැරිතැන කොල් කරල ගෙන්න ගත්තා බොඩිමේ හිටිය තව දෙන්නේක්ව...දඟලලා..දඟලලා...යාලුවො  බයිසිකලේත් අරං බොඩිමට ආව...

   බයිසිකලේ බොඩිමට ගෙනත් ස්ටාට් කලාම...ගහපු ගමන් බයික් එක ස්ටාට්...කට්ටියම නිදාගන්ඩ ගිය වෙලේ එකේක් විතරක් සිගරැට් එකක් පත්තු කරගෙන...හැබැයි වැඩිවෙලාවක් ඔක උරන්ඩ හම්බවෙලා නෑ...දඩාස්ගාලා ආපු ලොකු සද්දේ හින්ද සිගරැට් එක පැත්තක දාලා ඌත් නිදාගන්ඩ ගිහිං....

     මහ පාංදර කවුද එකේක් දඟලනව ඇහිලා කොඩියට ඇහැරුනා...පොඩි සද්දේටත් මූට ඇහැරෙනව....බලනකොට ඉස්සරහ ඇඳේ ඉන්න එකා අතින් නේට් එකකට ගගහ පලයං පලයං කියල කාටදො බනිනව....

  අරූ හිනෙන් කෑ ගහනවදෝ කියන සැකේ නිසා කොඩියා මූව ඇහැරවන්ඩ ගිහින් නෑ....ටිකකින් සද්දේ නවතුන නිසා ...ආපහු කොඩියට නින්ද ගිහින්....නමුත් වැඩිවෙලාවක් යන්ඩ කලින් ...ඉස්සරහ ඇඳේ එකා ආයි දඟලන්ඩ අරං....

    නින්දත් නොනින්දත් අතරේ නොදැනිම එලි උනා...උදේ නැගිට්ට ගමන් කොඩියා ඉස්සරහ ඇඳේ එකාට කතාකලා....

 " මොකදබං උඹ රෑ දැඟලුවේ...."

" සනී අංකල් ආව බං...පොරට නිදාගන්ඩ මගේ ඇඳ ඉල්ලුව...."

" ඒකද උඹ පලයං...පලයං කිය කියා බැන්නේ...."

" ඔවු....මිනිහා ඉරි ඉරි සරමකුයි...ලා පාට සර්ට් එකකුයි ඇඳලා හිටියේ...
   අරුං තුන්දෙනා බීලනේ...උඹල කනව බොනව...මට සලකන්නෑ...මම අරූගේ ඇඟට යනව..කියල කිව්ව බං..."

    ඔය අරූ කියල කිව්වේ ලයිට් එලියක් නැතුව නිදාගන්ඩ බැරි එකාට....

\ලි 
   මේ කතාව තවම දිග හැරෙමින් තියෙන්නේ....ඉස්සරහට මොනාද වෙන්නේ කියල බලාගෙන ඉම්මු....



29 comments:

  1. හප්පේ කොඩිය ඔතනත් වීරය වගේ වහලෙට හරි නගියි....

    ReplyDelete
  2. අනේ අම්මේ උදේ පාන්දරම මාව බය කොලා නේද.. ;/ :/

    ReplyDelete
  3. පරිස්සමින් ,,,, ආවොත් එහෙම කාට කියන්නද

    ReplyDelete
  4. //අරුං තුන්දෙනා බීලනේ...උඹල කනව බොනව...මට සලකන්නෑ...මම අරූගේ ඇඟට යනව..//
    හපොයි අම්මේ! අරූට ජීවත්වෙන්න වාසනාව ලැබුනද ඊට පස්සෙත්.

    ReplyDelete
  5. යකෝ ඕක ඉවරයක් ම වෙලා දැම්මනම් හරිනේ... හොඳම තැන නවත්තල.. සික්... ඉක්මනට අහගෙන දාපන්කො

    ReplyDelete
  6. නියම කථාවක් වගේ දාමු දාමු ඉක්මනටම.

    ReplyDelete
  7. රාජ් ල දෙන්නෙක් ද?
    එක රාජ් ට බ්ලොග් දෙකක් තියෙනවාද?
    මේ රාජ් ගේ බ්ලොග් එකේ, ඒ රාජ් කමෙන්ට් කරනවාද?

    ReplyDelete
  8. @කතන්දර
    මම, එහෙම නැත්තං සිංහලෙන් රාජ් කියන්නෙ රාජ්ගෙ නවාතැන ලියන එකා.

    මේ බ්ලොගේ(RAJ-තාරුණ්‍යයේ අවකාශය) අයිතිකාරයා ඉංග්‍රීසියෙන් RAJ කියල නම තියන එක්කෙනා. රාජ්ල දෙන්නයි බ්ලොග් දෙකය්. දැං පැහැදිලීනේ.
    දෙන්නට දෙන්න පිට කහගන්න එක අපි දෙන්න අතරෙත් තියනවා:P
    ආ... මම හිටියෙ කකාගෙ පරණ පෝස්ට් වල ටැබූ සබ්ජෙක්ට්ස් දාපු කොමෙන්ටු හොය හොය. ටැබූ ඉන්න කාලෙ මම බ්ලොග් කියෙව්වෙ නෑනෙ. ඉඩ තිබුනොත් ලින්ක් ටිකක් කතන්දර එකේ දාන්න.

    ReplyDelete
  9. හප්පේ හොල්මන් කතා... එක සිද්ධියකට දිල් මේ දවස්වල බය වෙලා ඉන්නේ...ඒ ගැන පස්සෙ ලියන්නම්... කොඩිය වැඩ්ඩා...මොනවා කරලා නතර වේවිද දන්නෙ නෑ

    ReplyDelete
  10. @ ඔබ නොදුටු ලොවක්
    බලමු මචො

    @ වර්ණා
    බයවෙන්ඩ එපා ඔයා මත්පැන් පානය කොරන් නැනේව...

    @ දුපත් වැසියා
    එක නේන්නං

    @ රාජ්
    පොඩි පොඩි අවුල් තියෙනව..තාම එහේමට කරදරයක් නෑ..මචො

    @ පලාමල්ල
    මං දන්න ටික තමා දැම්මේ..ආරංචියක් ලැබුන ගමන් දානව මචො

    @ මහවෙදනා..
    බලමු වෙදමහත්තයා මොකෑ වෙන්නේ කියලා

    @ කකා
    ඔවු සහෝ නම රාජ් උනාට මේ බ්ලොග් දෙකක්..ටැපලේන් නෑනේව...

    @ දිල්
    ඒත් මං බැලුව මොකෑ දිල් සද්දයක් නැත්තේ කියලා..හැබැට මොකාටද බය උනේ...

    ReplyDelete
  11. හෆ්ෆා... පවු අර අහිංසකයා !

    ReplyDelete
  12. මේක එතකොට හොල්මන් කතාවක්... හොඳා බලමු ඉතුරු ටිකත්...

    ReplyDelete
  13. බෙබේලා මැරුණත් ඉතින් බෙබේලම තමයි... මොනාද අයියො... හොඳම තැනින් කතාව නවත්තලා....

    ReplyDelete
  14. මල මගුලයි.අරූගෙ ඇඟට ගියානම් ඌත් බොන්න පටන් ගන්නව ශුවර්

    ReplyDelete
  15. රාජ් ලා 2න්නෙක් ද? මම දැනුයි දන්නේ

    ReplyDelete
  16. මමත් හොල්මනක් දැකල තියනව ඇත්තමයි.......ඒක හොල්මනක් කියල මම දන්නෙත් නැහැ......පස්සෙ අම්මලගෙ කටින් අහු උනේ........මම නම් ආසයි හොල්මන් බලන්න.....මම බය නැහැ එයාලට..........

    ReplyDelete
  17. වින්චැට්කිරිල්ලි, ඒ කතාව ලියන්නකෝ

    ReplyDelete
  18. ඊලඟ කොටහ එනතුරු මග බලමින්

    ReplyDelete
  19. charitha......
    ලියන්නම්කො මගෙ බ්ලොග් එකේ ලඟදීම.........

    ReplyDelete
  20. @ විනි
    බලහං අයියේ පාඩුවේ අරක්කු ටිකක් බිලා ඉන්ඩ නැතිහැටි

    @ ඔබා අයියා
    ඇත්තටම සිද්දවෙන කතාවක්..බලමු

    @ මුයුරු
    අක්කේ තොරතුරක් ලැබුන ගමන් පොස්ට් එකක් දාන්නම්

    @ කස්සා
    ඌත් අඩිය ගහනව බං හැබැ ඌ කලුවරට බයයි

    @ වර්ණා
    ඒකනේ කියන්නේ...

    @ වින්චැට් කිරිල්ලි
    අපි බයවෙයි ඔවට නේද...

    @ හිස් අහස
    අනිවා මචො ඉක්මනටම

    ReplyDelete
  21. හොල්මන් සමග සහයෝගයෙන් ජීවත් වෙන අය ගැනත් අහලා තියනවා....
    කියමු බලන්ට ඉතුරු ටිකත්....

    ReplyDelete
  22. @ kandyan
    ස්තුතී මේ පැත්තේ ආවට....බලමු මචො මොකද වෙන්නේ කියල...

    ReplyDelete
  23. හෆා..මේක කියෝලා අද රෑට මම බය වෙයිද දන්නෙ නෑ...:(

    හිහ්!!! ලියමුකෝ ඉතුරු ටිකත් බලන්න..

    ReplyDelete
  24. නියමයි.ඊළඟ එකත් ඉක්මනට දාපන්

    ReplyDelete
  25. යකෝ මේ මහා රෑ මං තනියම ඉන්නේ වැඩිය බය කරන්න එපා..මේක මේ ඇත්තම කතාවක් ද?

    ReplyDelete
  26. @ හිතූ
    ඔයා මත්පැන් පානය කොරන්නැනේව..එහේනං බයවෙන්ඩ දෙයක් නෑ..ආරංචියක් ලැබුන සැනින් ලියමි.

    @ නලින්
    ස්තුතී මේපැත්තේ ආවට..ඉක්මනටම දානව මචො..

    @ අසරණයා
    ඇත්තටම වෙච්චි..තාමත් වෙන සිද්දියක්..අද නොබි හිටහං එතකොට අවුලක් නෑ...හික්

    ReplyDelete
  27. හික් හික් ෆට්ට ෆට්ට...දාමු බලන්න ඉතුරු ටිකත්! හෙහ්..අපිව බය කරන්න හිතුවා මදි!!!

    ReplyDelete
  28. කතාවේ හොඳම හරිය දාල නැහැනේ
    ඉක්මනට දාපන්...

    ReplyDelete
  29. @ ලහිරු
    අපොයි නෑ මම අහිංසකයි බං...හික්

    @ ලොකු
    එළ දානව...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...