Thursday, December 1, 2011

කොත්තුකාලා ඩී හයිඩ්‍රෙට් කරගන්ඩ කැමතිද...?



   පසුගිය සඳුදා ගෙදරට අවශය්‍ය කරන කලමනා ගැනිම සඳහා මා සහ මාගේ බිරිඳ මහරගමට පැමිනිවිට කොත්තුවක් කෑමේ තදබල ආශාවක් ඇයට ඇතිවිය..ඇතිවූ  බලවත් පෙරැත්තකිරීම හේතුවෙන්ම..කොත්තුවක් ගෙදර ගෙනගොස්..ඇයටද දී මාද කොටසක් කැවෙමි...

   ඇගේ පුංචී අම්මාගේ උපන්දිනය අඟහරුවාදාට යේදි තිබු බැවින් පන්නිපිටියේ..ඇගේ නිවසට ගොස් එහි සල්ලාපයේ යෙදි සිටින විට ඇඟ පතෙහි..කිසියම් අමාරුවක් තිබෙන බව පැවසීය....මේ හෙතුවෙන් තරමක් වෙලාසනින් නැවත ගෙදර පැමින..පසුදා රැකියාවට යායුතු බැවිනුත් ඉක්මනින්ම නින්දට වන්හ...

   එක්වරම මා බිරිඳ නැගිට නාන කාමරය වෙත දිව ගියේය..වෙලාව අළුයම 2 පමන වන්නට ඇත..ඇය වමනේ ගතියකින් පෙලෙන්නට විය...නැවත අළුයම 4 පමන වන විට ඇයට වැසිකිලි යැමට අවශ‍ය විය...
ඒ නින්දත් නොනින්දත් අතර ගේවි ගිය රාත්‍රියක් විය..

  රැකියා ස්ථානයේ අවශ්‍යයම රාජකාරියක් තිබු බැවින් පසුදා ඇය රැකියා ස්ථානයට ගියද වරුවෙන් ගේදර පැමිනියේ තිබු අපහසුතාවය උත්සන්නවු බැවිනි...

   මේදින සවස් වරුවේ ඇයට ප්‍රතිකාර ගැනිමට වෛද්‍ය තුමා හමුවූ අවස්තාවේ වෙද්‍ය තුමා පැවසුවේ ඇය මේවන විට තරමක විජලනයට පත්වී ඇති බැවින් සේලායින් සමග එන්නතක් දීය යුතු බවයි...

 ඉතින් අවශ්‍යය ප්‍රතිකාරද ගෙන හොඳ ගානකට තට්ටුවී රාත්‍රියේ ගෙදර පැමිනිමි...මෙයත් හරියට ඇටිකෙහෙල්..කෑවා නම් විඳවපං නරියෝ වගේ වැඩකී...

  කොත්තුවක් කනවා නම් ගෙදරදිම හාදාගෙන කන එක ඇඟට පතට කෙසේ වෙතත් පොකැට්ටුවට නම් ගුනය...

27 comments:

  1. දිල්ට නම් ඔය ප්‍රශ්ණය නෑ....දිල් කොත්තු හදන්නෙ ගෙදරමයි...

    ReplyDelete
  2. ඒකනං ඇත්ත මචෝ..මම අගෝස්තු ලංකාවට ගිය වෙලාවේ කොත්තුවක් කාලා දවස් 3 යනකං බඩේ අමාරුව හොඳ උනේ නෑ...කන්නම හිතං ගිය කෑම ගොඩක් මිස් උනා...ගෙදරම හදන එක තමා හොඳ...

    ReplyDelete
  3. අපෝ කඩේ කොත්තු කියලා වැඩක් නැහැ. කන්න නම් එපා කවදාවත්. මම නම් බබාට දෙන්නේ නැහැ. අපේ වෙදහාමිනේ ඕවාට කැමති නැහැ. අවශ්‍ය විටක ගෙදරම හදනවා. කෙසේ හෝ දැන් ඇය නිරෝගී නෙ... ඒ මැදෑ..... හොඳ පාඩම. රාජට අමාරු වුනේ නැහැ නේද?

    ඒකනෙමේ අපි ඉන්නේ ලඟ ලඟ නොවැ.

    ReplyDelete
  4. @ දිල්
    එහේම තමා දිල් කරන්ඩ ඔන..

    @ නොදුටු ලොවක්
    අනිවා මචො...දන්නවනේ කඩේ ඇයො ඔවට දාන එවා..

    @ වෙදමහත්තයො...
    බොහොම ස්තූති ඔබට...මට මුකුත් අප්සෙට් උනේනැ..මම ඇහුව වෛද්‍ය තුමාගෙන් ඔය ගැන..හැමොටම එහෙම බලපැමක් නෑ කියල තමා එතුමා කිව්වෙ..
    වෙලාවක මුනගැහෙන්ඩ එන්නම් වෙද මැදුරට...

    ReplyDelete
  5. @ මහවෙදනා
    මගේ මෙම ඊ පතට ඔබගේ ඊ මග එවනමෙන් ඉල්ලාසිටිමි.traj1981@gmail.com

    ReplyDelete
  6. අපොයි රයිස් කැවත් කොත්තු කැවත් ඩි හයිඩ්රේට් නම් වෙනවා තමා. සමහර දවසට වතුර බීලා ඉවරයක් නැ

    කොත්තු කනවානම් විස්වාසවන්ත තැනකින්ම තමා කන්න ඕනේ නැත්තම් අමාරුවේ හික්ස්

    ‍අපේ ගෙදර අය හදන්න දන්නේ නැනේ ගෙදර හදනකම් හි‍ටියොත් කවදාවත් කන්න වෙන්නේ නැති වෙයි

    ReplyDelete
  7. හප්පේ මෙ මොනවා කතා කරනවද මේ දැනුත් කොත්තුවක් කාලා ඉන්නෙ හරිම අමාරුයි

    ReplyDelete
  8. අපෝ අපි කාපුව දැකලද මන්ද අද මේක දාල තියෙන්නෙ .
    …අද ඔෆිස් එකේ සෙට් එක කොත්තු කෑවා . මාත් පොඩ්ඩක් හොට දැම්ම ඒකට . තාමනම් අප්සෙට් එකක් නෑ .

    ReplyDelete
  9. අපේ කැම්පස් එක ලඟ නම් ගෙදරක හදනවා රු 50ටත් කොත්තු තියෙනවා, හැබැයි වෙජි! තාම නම් අවුලක් නෑ අපිට!

    ReplyDelete
  10. @ දේදුනු....
    සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට බොහොම ස්තුතී ආවට.... වෙලාවක කොත්තු හදන හැටි දාන්නම්...අනිවා දන්න තැනකින් තමා කන්ඩ ඔන

    @ ලොකු ජොන්...
    සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට බොහොම ස්තුතී ආවට.... අපොයි ඔක කනව වගේ නෙමේ උහුලන්ට ගියාම....

    @ ගිම්හානි...
    සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට බොහොම ස්තුතී ආවට.... හ හා...පරිසමෙන්..කැවොත් රහයි...විඳවිම ඉටත් වඩා අගේයි....

    @ ලහිරු
    සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට බොහොම ස්තුතී ආවට.... අඩේ 50 ට ඔය ගෙදර කස්ටිය සමාජ සත්කාරයක් කොරනවද මන්දා...

    ReplyDelete
  11. මම ජීවිතේට කටේ තියන්නෙම නැති කෑමක් කොත්තු..!! ඉස්සර කොලඹ කඩේකින් කොත්තු ගෙනත් බාගයක් කනකොට කෑලි කෑලි කැපුන කුරුමිනියෙකුගෙ කෑලි අහු උනා....මගේ හූ සද්දෙට ගෙදර ඔක්කොම බය උනා එදා...!!

    ReplyDelete
  12. පරන කොත්තුවක් කාල දවස් දෙකක් විතර වැසිකිලියක දුක් විඳින එකෙත් පොඩි ගතියක් තියනව බන්.හැම දාම නෙමේ ඉඳල හිටල.

    ReplyDelete
  13. මහරගම කොතනින්ද ඔය කොත්තුව ගත්තෙ...

    ReplyDelete
  14. මම නං අම්මට නංගිට නෝනට කෑම දෙන්නේ පරෙස්සමිණි. පොඩ්ඩ වැරදුනොත් ලෙඩවල්ය.(කාන්තා පාර්සවයට කොහොමත් විෂබීජ ශරීරගතවූ විට පිරිමින්ට වැඩිය අමාරුය). අවුරුදු හතරකට වඩා වැඩි කාලයක් හොස්ටල් බත කා පුරුදු මට නම් මොන ජරාවක් කෑවද කිසිදු ආපත්තියක් නොවේ.

    ReplyDelete
  15. @ වින්චැට් කිරිල්ලි...
    කියනකොට ඇඟත් හිරිවැටෙනව...

    @ කස්සා
    ම්..එකේ ආතල් එකකුත් නැත්තේම නෑ..හැබැ ඔව බවලත් උදවියට හරියන්නැ මචො...සහෝ..ඔසී පැත්තේ කොත්තු දාන්නැද්ද...

    @ දුපත් වැසියා
    කාගිල්ස් ෆුඩ් සිටි එකෙන් එලියට ඇවිත් බොරලැස්ගමුව පැත්තට ම්ටර 10 විතර යනකොට තියෙන හොටලේ

    @ රාජ්
    ඔව් බං ඔය ගැනුන්ට ඉක්මනට ලෙඩ හැදෙනව.. අපිටනං ඉතින් එච්චර අවුලක් නැනේ..

    ReplyDelete
  16. මම නම් හිතන්නෙ දැන් කාලම බඩ ගෙඩිය හොඳට පුරුදු වෙලාද කොහෙද... ඉස්සර නම් කෑවොත් ගියා... දැන් ෂේප්..

    ReplyDelete
  17. මමත් එක පාරක් 11 වසරේදී රෑක කොත්තුවක් කාල කිරි තේ එකක් බීල ඊට පස්සෙ ඔක්කොම වමනේ දැම්මා
    ඊට පස්සෙ ඉඳල මම කොත්තු කන්න කැමති නැහැ
    කොහොමටත් මම කඩේකින් කන්නේ නොකාම බැරිනම් විතරයි
    මට කඩේ කෑම කොහොමටත් අප්පිරියයි
    ටිකක් හරි කැමති බිත්තර ආප්ප වලට විතරයි.

    ReplyDelete
  18. එකදවසක් කොත්තුවේ කරපොත්තෙක් හිටියා, කදකාරයට අපේ තාත්තී අමු කුනුහරපයෙන් බැනලා අවා.. එදායින් මෙදා කොත්තු මට එපාම උනා..

    ReplyDelete
  19. @ පැණි දොඩම්...
    ස්තුතී සහො මේ පැත්තේ ආවට..සාදරයෙන් පිළිගන්නව...කොත්තුවට බඩ සෙට් වෙලා එහේනම්...

    @ ලොකූ
    ඔව ඔහොම තමා මචො...ගෙදර කෑම තරම් කොහෙද වෙන එවා...

    @ වර්ණා
    ස්තුතී සහොදරී මේ පැත්තේ ආවට..සාදරයෙන් පිළිගන්නව....හුඟක් කඩවල තියෙන්නේ ජහ ජරාවනේ ඉතින්...

    ReplyDelete
  20. කොත්තුවෙන් වෙලා තියෙන්නේ කෑඟ විෂ වෙලා වමනේ සහ බඩ යාමක්.

    ඩී හයිඩ්රේට් වෙන්නේ වමනේ සහ බඩ යනවිට අවශ්‍ය ප්‍රමාණයට වතුර නොබීමෙනුයි.

    අහලා නැද්ද ජීවනී ගැන?

    හැකි තරම් වතුර බොන්න.

    මං දන්න පවුලක ළමයා ආච්චී ගාව හිටියේ පොඩි කාලේ වමනේ / බඩේලිය ගිහින් විජලනය ඇවිල්ලා මොලේ කුරුවල් වුණා. අපාරාදේ ජීවිතයක්!

    ReplyDelete
  21. මම නම් දන්නවා කොත්තු කන්ට ආසම, ආසා එක්කෙනෙක්. ඒත් මම නම් කොත්තු කන්ට ආසා නෑ. මතක් වෙනකොටත් බඩ දනවා.

    නෝනාට ආය කොත්තු කන්ට දෙන්ට එපා....:D

    ReplyDelete
  22. @ කතන්දර
    ඔවු කකා එහෙම තමා උනේ....ඇත්තේනම විජලනය වලක්වාගන්ඩ අපි හැමවෙලේම උත්සහ කරන්ඩ ඔන...

    @ පොඩ්ඩි
    හරි හරි අපිත් දන්නව...අර කලු කොලු පොඩ්ඩනේද...හික්...අපොයි ඔව්...ආයි ගෙදර හදනව මිසක් කඩෙන් නම් ගෙනත් දෙන්නැ...

    ReplyDelete
  23. කඩෙන් කොත්තු නොකෑවට පෙරේදා seafood pasta කාලා මට උනෙත් ඔය ටික.... වමනෙ ගියේ......මම නම් පුළුවන් තරම් වතුර බිව්වා..... ඒ නිසා වැඩි අමාරුවක් උනේ නෑ.... හැබැයි ඉළ ඇට ටික නම් තාම රිදෙනවා....
    ලංකාවෙ ඉන්දැද්දි කාලයක් අපිත් කෑවා ගෙවල් ළඟ කඩෙන්..... දරුවන්ට නම් දුන්නෙ නෑ කවදාවත්....දැන් නම් ඉඳ හිටලා ගෙදර කොත්තු හදනවා පරාතා වලින්....

    ReplyDelete
  24. ඔබෙ හිතවතියක්December 4, 2011 at 8:40 AM

    මට හිතෙනවා ඔබ මෙවැනි දෙයක් බ්ලොග් එකෙ නොදා හිටියානම් හොඳා කියලා, විවෙචනයක් නෙමෙයි...හිතලා බලන්න බිරිඳ මේ කතාව ගැන මොකද කිව්වෙ කියලා.

    ReplyDelete
  25. @ මියුරු
    අපොයි...ඇත්තේනම් ඔය කඩවල කස්ටිය දාන රසකාරක නිසා ගොඩක් වෙලාවට කැම විෂවෙනව අක්කේ...

    @ ඔබේ හිතවතියක්...
    ස්තුතී ඔබේ අදහසට.." මගේ නොනනම් කිව්ව ඇයට කිසිම ප්‍රෂ්නයක් නෑ මේගැන බ්ලොග් එකේ සටහනක් දැම්මට..නමුත් ඔබතුමිට තියෙන රුදාව ගැනන්ම් පොඩි ප්‍රෂ්නයක් ඇතිවෙනව කියලා...." සහොදරි ඇයත් මේ බ්ලොග් එක කියවනව..ඉතින් ඔබ ඒ ගැන ගැටලුවක් ඇතිකරගන්ට අවශ්‍ය නැ...

    ReplyDelete
  26. විශ්වාසවන්ත තැනකින් ඇරෙන්න කොත්තු නම් හොඳ නෑ.. මම නම් ලංකාවට ගියහම ඔය හැමදාම කන එව්වොන්ගෙන් අහල එහෙම තැනකින් තමා ගන්නේ...

    කොයිකෙත් අවුල් තමා.. ඒත් ටිකක් හරි හොඳයි නේ.

    ReplyDelete
  27. අනිවා මචං...දන්න එකෙක් ගෙන් අහල ඔන කන්ඩ

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...