Wednesday, March 27, 2013

යාල්පානම්..........




නින්දත් නොනින්දත් අතර ගෙවු දීර්ඝ හොරා කිහිපයට සමුදෙමින්ම... මා, යාපන ජැටිය අසලින් බසයෙන් බැසගතිමි. යාපනයට රාජකාරි මාරුවක් ලද මා සේවය කිරිම සඳහා මෙහි පැමින වසරක් පමණ ගතවී හමාරය. තම රාජකාරියේ අවසන් හොරා කිහිපය ගෙවන දිනකර යාපන ජැටිය මත්තෙන් අඩක් සයුර සිපගනයප්‍රධාන මාර්ගයෙන් අතුරු මගට බට මා බැංකු නිවෙස්නය කරා සෙමින් පිය මැන්නෙමි.

" අනේ සාමි....... මාතියා, එනවා……. මං බැලුවා මොකද.. අප්පා පරක්කු කියලා.. "

කල්පනාවේ නිග්මව අඩිය එසවූ මා තිගැසුනේ මුත්තු සාම්ගේ උස්ව නැගුන හඬෙනි..

"කෝ දෙන්ඩ බැග්යෙක මාතියාට හොඳටම මාංසි පාටයි... මම තේ යෙකක් වක්කොරන්නා..."

මුත්තුසාමිගේ සිංහල උච්චාරනයට විටෙක මාහට සිනහ පහල උවත් යාපනයට පැමින වසරක් ගෙවීත් හරිහැටි දෙමළ  උච්චාරණය කල නොහැකි  මා ගැනම, ඇතිවන්නේ කනස්සල්ලකි.
  
මෙහි මුල්කල සෑම සති අන්තයකම ගෙදර යෑමට සිත පෙළඹවුවත්, මාස කිහිපයක් ගතවිමෙන් පසු මෙහි ජිවන රටාවට මා බොහෝ සෙයින් හුරුවිය. දිනෙන් දින ලක්ෂ්මි කෙරෙහි ඇදීයන මාගේ සිත, මා වෙලාසිටි පාළුව තනිකම පලවාහැරිමද, ඊට තවත්.. රුකුලක් විය.

නමුත් ගම ඇවිත් නැවත මෙහි එනවිට සියූම් වේදනාවක් සිත්කොනෙක ඇකි මැකි යන්නේ අම්මාගේ ආදර සෙනෙහසින් උනුසුම්වන මතක යටිසිතෙහි පැල පදියම්වී ඇති බැවිනි. තල් අරඹ පසුකරමින් යාපන අර්ධද්වීපයට පිවිසෙන  මාසිත්හී, නැගේන සියූම් වෙදනා සමනය කරමින්…. ලක්ෂ්මී උඩුසිත්හී විද්‍යාමානවී තෙහෙට්ටුව පහවගොස් සියුම් ජවයකින් ගතසිත  ප්‍රබොදමත්වේ
පසුදින රාජකාරි දිනයක් වූ බැවින්, දුරබනුවෙන් මව අමතා සුරැකිව බව පසක් කොට ඉක්මන් නින්දකට පිවිසියෙමි.

----------------------------------------------------------------------------------------------------------------

" ගුඩ් මොර්නින් මිස්ටර්  ප්‍රසාද්..."

"ගුඩ් මොර්නින් ලක්ෂ්මි, කොච්චර කිව්වත්  මිස්ටර් කැල්ල අතාරින්නෙම නෑ නේද ඔයා.."

 මල්ගසා තනිකරලට ගෙතු හිසකේ, තිලකයකින් සැරසුන නළල් තලය සුන්දර සිනහවකින් සැරසුන මා වෂිකෘත කරවයි.

" කොමද...අම්මා සනිපෙන් ඉන්නවාද...? "

" ඔව් ඔව්...... ඔන්න මම ලේලි පොඩ්ඩවත් මතක් කලා..."

" අප්පෝ ගුටිකන වැඩ කරන්නැතිව ඉන්න  ප්‍රසාද්, ඔයා මට ඔච්චම් කරනවා නේද...? "  

" එකනෙමෙයි... අප්පා, සනිපෙන්ද.....? "

ලක්ෂ්මීගේ අප්පා විද්‍යාචාරවරයෙකි, 35 වසරක පාසල් දිවිය හමාර කොට විවෙකී සුවයෙන් ගෙදර පසුවෙයි... විටින් විට ඇතිවන පපුවේ ඇවිලිල්ල හැරුනුකොට, ගමේ කොයි කා අතරත් ඔහු ඉතා සමාජශීලි ගෞරවාදරයට පත්වූ තැනැත්තෙකි.

------------------------------------------------------------------------------------------------------------

යාපනයේ ඇතැම් ගෘහයන් අප හින්දි චිත්‍ර පටවල දැක ඇතිවාක් වැනිය..නිවෙස් ඉදිරිපස මන්පෙත් මෙන්ම විසල් නිවෙස්හි ගෘහනිර්මාණ ශිල්පයේ ඇති ඉන්දියානු උරුව යාපනය, ඉන්දීය අර්ධද්වීපයට ලංව පිහිටිමෙන් ලත් අතුරු ප්‍රතිඵලයක් දොයි යන සිතිවිලි ඇතැම්විට මසිතෙහි උපදි සුන්දර එවන් මගකට පිවිසි මා ලක්ෂ්මිගේ ගෙදරට ගොඩවිමි.

" ගුඩ් ඉවිනින් අංකල්....."

නිවස ඉදිරිපස පොටිකොවේ තිබු ඇඳිපුටුවක දිග ඇදී ඔහු සඟරාවක් කියවමින් සිටි, තම උපැස්යුවලට යටින් මාදෙස බැලු හෙතෙම මඳ සිනහවක් පෑය.

" කොහොමද පුතා, කොළඹ පැත්තේ තොරතුරු එහේම..? "

වසර ගණනක් ගුරුවෘතීයේ නියැලීමෙන් ලද පන්නරයෙන් ඔහුට චතුරව සිංහල බස හැසිරවිය හැකිය.

" ම්....එහේමට විශේෂයක්  නෑ අංකල්, දැන් කරදරයක් නැතුව පාරේ යන්න පුලුවන්..හමුදා බංකර එහේමත් ගොඩක් දුරට අයින්කරලා..."

“ හෙම්..ලක්ෂ්මි, කෝ මේ ලමයා...අපිට තේටිකක් ගේන්න..."

මා මෙහි සිටි නිසාමදෝ.... ඔවුන් සිංහල බසින් එකිනෙකා ආමන්ත්‍රනය කිරිම, වරෙක මාසිත්හි නොසන්සුන් බවක් ඇතිකලේය.

" පුතා මං ඔයත් එක්ක මේගැන කතාකරන්න හිටියේ මේදේවල්.... තවදුරදිග යන්න කලින් වැඩිහිටියොත් එක්ක කතාකලොත් නේද හොඳ..? "

ලක්ෂ්මීගේ පියා සමගින් ආගිය තොරතුරු රටේ දෙශපාලන පසුබිම ආදියන්හි අල්ලාප සල්ලාපයෙහි යෙදි හුන් මා, නැවත බැංකු නිවස්නය වෙත පැමිනියේ තරමක් වියවුල් සිතිනි. මෙවර මහගෙදර ගියවිට පියා, සමගින් කතාකලයුතු වන්නේ මාගේ ජීවිතයේ ගතයුතු වැදගත් පියවරක් ගැන වූ හෙයිනි.

----------------------------------------------------------------------------------

" පුතා , තමුන්ගැන තිරණ ගැනිමේ වැඩි බරක් ඔයාට තියෙනව තමයි ..... නමුත් අම්මා ගැනත් ටිකක් හිතන්න ඔනා, හෙම්.....බලමු මම අම්මට කතාකරලා බලන්නම් කෝ."

සුසුමක් සලමින් තාත්තා මාහා පැවසු දෑ මාසිත්හි වියවුල් බව තව තවත් දැඩි කලේය.....

" එයා කොහොමද එයාට ඔන එවා කරන්නේ, වෙනජාතියක එකියකට දෙන්නද ඔච්චර දුක්විඳලා උස්මහත්කලේ..."

" යොදියේ, කෑගහල පලක් ඇතෑ අපි හෙමිහිට බලමුකෝ...කලබලවෙලා මෙව්වා විසඳන්ඩ බෑ.. ඉස්කොලේ හාමිනේ.. "

" ඔහේටනං  මොකද, පවුලටම ඉන්නේ එක කොල්ලයි... ඒකව දෙමළ්ලුන්ට දෙන්නද ඔහේ කියන්නේ...හැබැට... ඔය රස්සාව අතැරල ඔන්න ඔහේ ගෙදර ඉන්න කියන්ට...."

---------------------------------------------------------------------------------------------------

මොනයම් දෙයක් වෙතත් අම්මාගේ සිත පැරෙන අයුරින් යමක් පැවසීමට මා සිත නොනැමේ. නැවත මා රාජකාරියට පැමිනියේ පහනොවු වියවුල් සිතිනි,මහගෙදර පවතින වතාවරණය මත ලක්ෂ්මී සමග දෙඩීමද තරමක් අපහසු බව මට හැඟිනී.

ගෙදරින් පැමින දෙතුන් දවසක් ගෙවී ඇතත් තාත්තා සමග වුව හරිහැටි කතාබහක යෙදිමට මාහට නොහැකිවීමෙන්, මහගෙදර තත්වය කෙබඳු දැයි හරිහැටි නොදනී
  
" ප්‍රසාද් සර්ට, ලොකු මාතියා අඬගානවා.."

රජාගේ ඇමතිමෙන්.... කල්පනාවේ නිග්මව හිස දේඅතෙහි රුවාන ලිපියකට දෙඇස යොමුකොට සිටි මා තිගැස්සින.

" හරි රජා, යන්න මම එන්නම්.."

අත්‍යවශ්‍යම කාරණාවකට හැරුණු කොට කලමණාකරු තම කුටියට මා නොකැඳවයි...ඇතිවු කුහුලත් සමගින්ම මා එහිඇතුල්විමි.

" බොස් මට කතාකලාද..? "

" හේම්.. ඔව් ප්‍රසාද්, කොළඹ ගියවෙලේ ට්‍රාන්සර් එකක් රික්වෙස්ට් කලාද...? "

" න්..නැහැ..සර් ඇයි..? "

" ප්‍රසාද්ව පැලියගොඩට මාරු කරලා....මේ ෆැක්ස් එක ආවේ දැන්..."

" මොනවා...සර්........! "


නිමි.....

  පලි

     අර අවුරුදු උත්සවේ මෙපාරත් තියනවලු නේද එහේනම් යමු එපැත්තේ අප්‍රියෙල් 21 වෙනිදට තියෙන්නේ මහරගම යුත් සෙන්ටර් එකේ කියලයි ආරංචි මෙන්න විස්තර....





Thursday, February 21, 2013

බොක්කුව හදන දවස්වල.....




කරුණාවයි කරුණාවයි සමන්දෙවිඳු කරුණාවයි....!

සිරිපාදේ කාලේත් ආවනේව හැබැ මේ සතිඅන්තෙනම් පට්ට සෙනගක් ඉඳි  සඳුදා පොයනේව...

ඉස්කොලේ ඒලේවල් කාලේ අපේ යාලුවො සෙට් එකක් ගියා සිරිපාදේ ….

" මචං අපේ ෆැමිලිවල අය සිරිපාදේ යනව උඹල සෙට් එකත් වරෙන්ලා "

නිකං හම්බෙන අස්සයාගේ දත් ගයින්ඩ එපා කියන්නැහේ සෙට් එකම කැමතිවෙලා ට්‍රිප් එක යන්න..

ඔන්න කියාපු දවස ආවා කොල්ලො සෙට් එකෙන් ඉස්සෙලම නගින්න හිටපු එකා කබ කඩ කඩ පාරටවෙලා ඉන්නවලු වෑන් එක එනකං    

ටිකක් වෙලා යනකොට එනවලු දර හට්ටි මුට්ටි පටවගත්ත තඩි බස් එකක්. මූට හෙන අප්සෙට්ලු ඇයි ඉතින් යනව කිව්වේත් ෆැමිලිවල කස්ටියනේ බස් එකේ ඉස්සර ඉන්නවලු අච්චිලා සීයලා සෙට් එකක්ම.

"ඔය මල්ලි සිරිපාදේ යන්නනේද ඉන්නේ එහේනං නගින්න…"

ආපහු හැරිලා දුවන්ඩ කියලද අපෙ එකත් කටයි පු...වහගෙන නැගල බස් එකට. ඊටපස්සේ අනිත් කොල්ලො සෙට් එකත් මුනු ඇඹුල් කොරගෙන බස් එකට නැගල සිරිපාදේ යන්ඩ එපැ දෙයියනේ ඉතින්….

මගගෙවාගෙන ආපු කස්ටිය හැටන් නල්ලතන්නිය ඔස්සේ සිරිපාදේ කරුණාකරලා වරුගානක් ගෙවාගෙන උඩමළුවටම ඇවිත් මොකෑ වයසක උන්දලාත් එක්ක එපායැ හරිහරියට කරුණාකරන්න.

රැබොවෙලා ආපහු පහතට බැහැගෙන නල්ලතන්නිය හරියට එනකොට නඩේ පොඩි කලබලයක් ඇතිවෙලා එක පවුලක පොඩි එකෙක් නැතිවෙලා…….

මොකෑ කොරන්නේ කෙලින්ම ඇඟිල්ල දික්වෙන්නේ අපේ කොලුරැලටනේ ඔන්න ඉතින් අර අංකලුයි ඇන්ටියි එක්ක ආපහු උඩහට කරුණාකොරන්න පටං අරන්  කොල්ලොටික, ජපන් පංසල හරියටම ඇවිත්  එත් හොයාගන්ඩ බැරිවෙලා එතන තිබුන පොලිස් කුටියට පැමිනිල්ල කියලා…. හැබැයි වෙලාවට පොඩි එකාගාව සෙල්ෆොන් එකක් තිබිල තියෙනව

රාලහාමි : පුතාගේ වයස කියද…?

අංකල් :  අපේ ගේ ඉස්සරහා පාරේ බොක්කුව හදන දවස්වලනේ එකා ඉපදුනේ ..!

ඇන්ටි :  රාළහාමි, පොඩි පුතා ඉස්කොලේ හතවසරෙද කොහේද ඉන්නේ..!

රාලහමි :  පුතාගේ ෆොන් නම්බර් එක කියන්න…?

අංකල් : ඒක දන්නේ ලොකු එකා

රාළහාමි : එහේනම් ලොකු පුතාගේ ෆොන් නම්බර් එක කියන්න..?

අංකල් : එක දන්නේ ශෙඩ් එකේ නිමල්..!

රාලහාමි : එහේනම් නිමල්ගේ නම්බර් එක දෙන්න.?

අංකල් : එක දන්නේ එහාගෙදර උන්දැනේ..!

රාලහාමි : ඒ, නම්බරෙ කොහේන්ද හොයාගන්නේ …?

අංකල් : පොඩ්ඩක් ඉන්ඩ කොලකැල්ලක ලියලා තිබුනා...!

අපේ එවුන්ගේ වෙලාවට පොකැට් එකේ තිබුන කොලේක ඒ නම්බර් එක තිබිලා රාළහාමිට දිලා
ජංජාලේ කියන්නේ ඒපාර සිග්නල් නැතිලු කොහොමහරි පැයක් විතර කට්ටක් කාල කොල් එකක් අරං බලකොට පොඩි එකා පොලිසියේ එක්කේනෙක් එක්ක උඩ මළුවටම ගිහින්

උඩටයන්න බෑ කියල අපේ උං කන්කෙඳිරි ගාපු නිසා අර අංකලුයි ඇන්ටියි.. මළුවට ගිහින් පොඩි එකාව අරගෙන ඇවිත් ..!

කොහොම් හරි දවස් දෙකක් විතර ගෙවාගෙන අපේ උන්ටික ෆැමිලි ට්‍රිප් එක ගොහින් ඇවිල්ලා…!