Tuesday, April 9, 2013

රේල් පාර දිගේ පට්ටිපොලින් හපුතලේට.....




අයියේ ඉක්මනට යමු.....මෙතෙක්වෙලා කොට කොටා ආ ප්‍රයිවෙට් බස් රථයෙන් බැස ත්‍රීවීලරයක නැගුන මා රාත්‍රී බදුලු කොච්චිය අල්ලාගැනිමේ අටියෙන් රියදුරා ඇමතුවෙමි. කෙසේ හෝ කොච්චිය පිටත්වීමට විනාඩි 15කට ප්‍රථම කොටුව දුම්රිය ස්ථානයට පිවිසිමට මාහට හැකිවිය.

    මෙවර රේල් හයික් එක යැමට කැමැත්තෙන් සිටි මිතුරන්ගෙන් නොයෙක් හේතුන් නිසා වැඩි අඩු විමෙන් පසු මා සමග 6දෙනෙක් ඉතුරුවිය. මා ස්ටෙෂමට පැමිණෙන විට ඔවුන් සියලුදෙනා පැමින සිටිම මාගේ සොම්නසට හෙතුවිය. 8 පසුවි මිනිත්තු කිහිපයකට පසු අප රැගත් තැපැල් දුම්රිය අඳුර පිරාන සීතල කපාගන බදුල්ල දෙසට හැල්මේ දුවන්නට විය...

  ගීත කිහිපයකින් මද සතුටක් ලැබ තවත් පැය කිහිපයක් කඩින්කඩ නින්දකට පිවිසියෙමු අළුයම 4.30ට පමන පට්ටිපොල දුම්රිය පොළට පැමිනි අප, දුම් රියෙන් බැසගතිමු. හිරු පායනතෙක් අපගේ නැවතුම් පල පට්ටිපොල දුමිරියපලයි.


උදැසන අධික සීතල ගතට යවුලකින් අනින්නාක් මෙනි...පට්ටිපොල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු සියලූම සෙවක මහතුන්ට අප ස්තුතී වන්තවෙමු. අපගේ ශාරිරික අවශ්‍යතා ඉටුකරගැනිමට සහ විවේක ගැනිමට අවැසි පරිදි දුම්රිය ස්ථානය ඔවුන් මනාව නඩත්තු කර තිබීම ප්‍රශංසනීය කරුණකි.


උදැසන 6.15 පමණ අපගේ චාරිකාව ඇරඹුවෙමු...අතීතයේ පුරුද්දට දෝ සුනඛ පොතකයන් දෙදෙනකුද අපගේ පසුපසින් වැටින. අධික සීතල අතරින් විටක සිල්පරකොටන් උඩින්ද විටෙක රෙල්පාර අද්දරින්ද හොර්ටන් වනස්පතිය අතරින් අප ගමන්කලෙමු.


සැතපුම් 1 1/2ක් පමණ ඉදිරියට ආවිට ලංකීය දුම් රිය මගේ උසම ස්ථානයට ලඟා විමට අපට හැකිවිය. මුහුදු මට්ටමේ සිට අඩි 6226ක උසකින් යුක්ත වු එතැන අප මොහොතක් රැඳුනෙමු. අධික සීතල නිසාමදෝ තෙහෙට්ටුව එතරම් නොදැනේ....නාස්පුඩු කිතිකවමින් නැවුම් වායුදහරා මොලකුහරයට රිංගීමට දරන තැත තරමක ආස්වාදයක් ගෙනදෙයි. උදෑසන පින්නෙන් තෙතබරී වු දුම්රිය මගෙහි ඉදිරියට පියමැනූ අපට ලංකාවේ දිගම බිම්ගෙවල් අතුරින් තුන් වෙනුවට දිගින් වැඩි බිම්ගෙය  දෘෂ්‍යමාන වූයේය.




ජිවිතේ කිසියම්ම දවසක බිම්ගෙයක් තුලින් පාගමනින් ගමන්කර නොතිබූ අප සිත්තුල තරමක චකිතයක් කුහුලක් ඇතිනොවූවායැයි කීවොත් ඒ මුලාවකි. සුළුවෙලාවක් බිම්ගෙය ඉදිරිපස ගතකල අප එය තරනය කිරිමට පටන් ගතිමු. දිගින් මීටර 321ක් පමණ වු ඒහි මධ්‍ය දැඩී අන්දකාරයකින් යුක්තවිය. තරමක දියසීරාවක්ද බිම්ගෙය තුල දක්නට ලැබුන අතර වැහිලිහිනින් විසින් සැදු සහ සාදමින් සිටි කූඩද දක්නට ලැබින. කුඩා විදුලිපන්දම් වල ආධාරයෙන් අප සුරැකිව බිම්ගෙය තරණයකලේමු.


ඔහෝ..... සොබාදහම් මාතාවගේ විෂ්මීය පරිසර පද්දතියක් හරහා අප සපැමින ඇත. දෙශගුනික කලාප දෙකක සංදිස්ථානය මේම බිම්ගෙයයි මෙතෙක් දැඩී සීතලෙන් වෙලි සිටි අප බිම්ගෙය තරණයත් සමගින් තරමක් සිසිල් වියලි දෙශගුනික ප්‍රදේශයකට අවතීරණය විමු. එසේම මේම බිම්ගෙය දිස්ත්‍රික් දෙකකටද මායිම්වේ පට්ටිපොල දෙසින් නුවර එළිය දිස්ත්‍රික්කයටත් ඔහිය දෙසින් බදුල්ල දිස්ත්‍රික්කයටත් බිම්ගෙය මායිම්වී ඇත.


  පෙරවරු 8 පසුවනවිට අපට ඔහිය දුම්රිය ස්ථානයට පැමිනිය හැකිවිය අප එහි පැමිනිමත් සමගම කොළඹ බලා ධාවනය වන දුම්රිය ද එහි පැමිනියෙන් අතරමග අප බලාපොරොත්තුවෙන් සිටි මෙම දුම්රිය එහිදි අපට මුනගැසිනි. ඔහිය වෙත අප ලඟා වීමෙදි බිම්ගෙවල් 4ක් අප පසුකරගෙන ආ අතර විශාල පාලමක්ද ඒ අතර විය  මීට ටිකකලකට ඉහතදී හොටන් රක්ෂීතයේ ඇතිවූ ගින්නේහි නටඹුන්ද තවම ඒහි දක්නට ලැබේ මේ සුන්දර වනස්පතියෙහි ඒ අඳුරු සටහන් සිතට ඇතිකලේ කනස්සල්ලකි.


ඔහිය ස්ටේෂම අද්දරින් මහ එළි තැන්නට ගමන් කලහැකි මාර්ගය වැටි තිබේ. එම මාර්ගය ආරම්භයේ ස්ථාපනය කර තිබු දැන්වීම් පුවරුව මොහොතක් නැවති කියවිමු.පට්ටිපොල සිට සැතපුම් 4 1/2ක පමණ දුරක් පාගමනින් පැමිණි අපට තරමක වෙහෙසක් දැනුණි. ගතට මෙන්ම සිතටද නව ජවයක් ලැබගැන්ම සඳහා ස්ටේෂම ඉදිරියෙහි තිබූ තේ කඩයට ගොඩවී ප්ලෙන්ටියකින් සන්තර්පනයවී ගමන්වෙහෙස මදකට යටපත් කරත්තෙමු.


ගතකල මඳ විවෙක කාලයෙන් පසු නව ජවයකින් නැවතත් ගමන ඇරඹීමු. ඉදිරියෙදි බිම්ගෙවල් 14ක් සමගින් කුඩා පාලම් කිහිපයක්ම තරණය කිරිමට තිබේ. ඔහියෙහි සිට ඉදල්ස්හින්න කරා අප ආ දුම්රිය මග දෙපස වන ලැහැබ ඝනව වැවී තිබින. අතීතයේ කඳු වැටි කැපීමෙන් ඒ හරහා වැටි තිබුන දුම්රිය මග බොහෝ අවස්තාවලදි පටු විවරයන් තුලින් ගමන්ගති.



 ඉදල්ගස්හින්න දුම්රිය පොළ වෙත සැතපුමකින් පමණ ලඟාවනවිට වනස්පතිය තරමක් දුරට අපගෙන් දුරස්වී මනරම් තේවතු යායක් දර්ශණය වන්නට විය.


  බොහේ සුන්දර කඩතුරාවන් හමුවේ වැසීගිය අඳුරු කතන්දර මෙන් සුන්දර තේවත්තේහි සැඟවගිය අඳුරු ජීවිත කතාවක්ද තේවතු මැදින් වට දුම්රිය මගේහි ගමන්ගත් අපගේ නෙත්මානයට හසුවිය. 



දුම්රිය මග දිගේ ඉදල්ගස්හින්න වෙත පැමිනි අපට මිහිදුම් සෙලයකින් වැසියමින් තිබු දුම්රිය පොළ මනරම්ව දිස්විනි. උදැසන 10.30 පමන වන විට ඉදල්ගස් හින්න ස්ටෙෂම වෙත පැමිනිමට අපට හැකිවිය.පට්ටිපොල සිට මෙතාක් අප සැතපුම් 10ක පමණ දුරක් පාගමනින් පැමිණ තිබිනි.



උඩරට දුම්රිය මගේහි පිහිටි දුම්රිය පොළ අතුරින් ඉදල්ගස්හින්න තවත් සුන්දර නැවතුමකි. පහළ කොස්ලන්ද සානුවට ඉහලින් පාවන වලාකැටි ඉදල්ගස්හින්න ස්ටෙෂමේ වහල සිපගනිමින් අනෙක් පසට පාවියන අන්දම විඳගැනිමට නම් ඔබ එහි මදක් නැවති සිටිය යුතුමය. එපමණක් නොව දුම්රිය පළ පිටුපසින් මනස්කාන්ත දසුනක් මවමින් කොස්ලන්ද සානුව මෙන්ම උඩවලව ජලාශය ඇස් මායිමෙන් ඔබ්බට විහිදීයයි.    


ඉදල්ගස්හින්න දුම්රිය පළෙහි සිට විඩා නිවාගනිමින් සිටි අප පසුකරමින් බදුල්ල දෙසටත් කොළඹ දෙසටත් දුම් රිය දෙකක් ගමන් ගත්තෙන් ගමන අතරතුර නැවත දුම් රියක් සමුවීමට තවත් බොහෝ වෙලාවක් ඇත. තරමක වෙලාවක් විඩානිවු අප නැවත අපගේ ගමන් ආරම්භකලෙමු.



 ඉදල්ගස්හින්න ස්ටෙෂම පසුකර මඳ දුරක් පැමිනෙත්ම හපුතලේ දක්වා ඇති දුම් රිය මගේහි අවසන් බිම්ගෙය  පසුකලෙමු. දැන් දැන් අප පසුකරන්නේ තරමක් වියලී දෙශගුන කලාපයකි, තරමක හිරු රෂ්මියක් සමගින් ගමනේ වේගය තරමක් අඩාලවි ඇත.   


දුම්රිය මගද තරමක වෙනසකට ලක්වී ඇත, මගේහි එක් පසක් දැඩි ප්‍රපාතාකාරව පිහිටා තිබින. එම බැවූම් ඇතින් ඈතට පෙනෙන තෙක් මානය තේවතු සහ අතරින් පතර නාගයන් වන් පාරවල් වලින් ද පිරි පැවතින.


ඉදල්ගස් හින්න පසුකර සැතපුම් 5ක් පමණ ආවිට මිදුමින් වැසිගත් හපුතලේ නගරය දර්ශණය වේ.


 ඒ අතරම කොළඹ දෙසට ගමන්ගත් දුම් රියක්ද අප පසුකර ගමන්ගත්තේය.




 හාත්පස මිදුම ගලන සැන්දෑ වරුවේ අපගේ අරමුන සපත කරගැන්මට අපි සමත්විමු ඒ සවස 3.00 පමණ වනවිට හපුතලේ දුම්රිය පළ වෙත පැමිනිමට අපට හැකිවීමෙනි. 



ඒ වන විට සැතපුම් 16 ක් බිම් ගෙවල් 19 ක් පසුකර අප පැමිණ සිටියෙමු.

කිවයුතුම කාරණාවක් ඇත පැනිදොඩම් බ්ලොගය ලියන අපේ සහෘද නුවන් සහ ලක්දසුන් බ්ලොගය පවත්වාගන යන සියලූම සහෘදයන්ට අපගේ ස්තූතිය පුදකරන්නේමු මන්ද ගමන සාර්ථක කරගැන්මට ඔවුන්ගෙන් ලද තොරතුරු අතිමහත්ය.



55 comments:

  1. මාර ආස පෝස්ට් එකක්... නියම ආතල් එකක් ගන්න ඇති නේද? මාත් ඉදල්ගස්හින්නේ ඉදලා හපුතලේට පයින් ගිහින් තියනවා..කාලයක් ඉදල්ගස්හින්න අපේ ගෙදර වගේ තමා තිබුණේ මිරිගම කොල්ලන්ට.. ඒ කාලේ මතක් වෙනකොටත් දුකයි.

    ReplyDelete
    Replies
    1. පරණ මතක අලුත් කරන්නත් එක්කලා අතිතේ ගැන ලියමු නලීන් අයියා

      Delete
  2. මගෙත් ලොකුම ආසාවක් තමයි රේල් හයික් එකක් යන එක.. මේක කියෙව්වහම ඒ ආසාව දෙගුණ උනා.

    ReplyDelete
    Replies
    1. යමන් පුලුවන් සපොර්ට් එකක් දෙන්නම්..

      Delete
  3. නියම ගමනක් වගෙයි. පිංතූර ටිකත් ලස්සනයි.

    ReplyDelete
  4. මේ අතරමගදී නේද මම කෝල් කලේ ?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ සුදීක එතකොට අපි ගමනේ අරික්කාලක් විතර ඇවිදින්....

      Delete
  5. ඔන්න රාජ් මමත් ආශාවෙන් පුල පුලා ඉන්න දෙයක් කරන්න. රේල් හයික් එක. උඹලා හරි වාසනාවන්තයි.

    මේකෙ අනිත් ෆෝටෝස් තියෙන තැනත් කියාපංකො.

    ReplyDelete
    Replies
    1. ෆෙස්බුක් පැත්තේ ආවොත් බලන්න පුලුවන් ඉතිරි පින්තුර ටික කොහොම හරි රේල් හයික් එක්ක යන්න බලන්න ඉස්සරහට ස්තුතී ඔබට

      http://www.facebook.com/media/set/?set=a.10200905375699313.1073741825.1312802543&type=1

      Delete
    2. This content is currently unavailable
      The page you requested cannot be displayed right now. It may be temporarily unavailable, the link you clicked on may have expired, or you may not have permission to view this page.

      Delete
    3. මොකද කියන්නේ? යමුද අපිත් එක්ක එකක් :)

      Delete
  6. හරිම සුන්දර , විනෝදජනක ගමනක් වගේ .
    …පිංතූර ටික බැලුවම තේරුම් යනවා ගමනේ සුන්දරත්වය .

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ගිම්හානි හරීම සුන්දර අද්දැකීමක් ස්තුතී...

      Delete
  7. මමත් රේල් හයික් එකක් ගිහින් තියේ..සාතන් අයියයි බට්ටයි එක්ක කියලා වැඩක් නැති තරමට සුන්දර ගමනක්... ආයෙත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ ගමන් මාර්ගය පංකාදුයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම් ග්‍රෙට් වෙස්ටන් ඉඳලා ඉදල්ගස්හින්නට යන්න පුලුවන්නම් නියමයි...

      Delete
    2. මගේ කමෙන්ටුවත් මෙතනටම දාන්නම්කො... කියන්න තියෙන්නෙ රාජ් අයියා උඹ අපිට පාඩුවෙ ඉන්න නොදී අවුස්සනව කියන එක තමා.. :)

      පැතුමො මොකද කියන්නෙ?... යමුද?..

      Delete
    3. අන්න එළ ගිහින් වරෙල්ලා...ජය...

      Delete
  8. යකෝ උඹල බැඳලත් ට්‍රිප් යනවා නේ.

    මමත් 2002- 2004 වෙනකන් හැම අවුරුද්දකම මේ වගේ ට්‍රිප් එකක් ගියා.

    ReplyDelete
    Replies
    1. මචං බඳින්න කලින් හිටන්ම මගේ වයිෆ් දැනගෙන හිටියා මම මේවගේ පිස්සු පීකුදු වැඩ කොරනව කියල ඉතින් අවුලක් නෑ බං

      Delete
    2. ට්‍රිප් දෙකයිනෙ..

      Delete
    3. ඔව්නේ කොච්චියෙන් පට්ටිපොලට කකුල් දෙකෙන් හපුතලේට හික්ස්..

      Delete
  9. හොඳ ලිපියක්, ලස්සන ෆොටෝ ටිකකුත් දාල තියෙනවා. ළමා වියේදී ඉස්කෝලේ නිවාඩු දුන්නම රැ කෝච්චියෙන් කොළඹ ඉඳල හපුතලේ ගිය කාලය මතක් උනා.රැ කෝච්චියෙන් බදුලු යනකොට නානු ඔය පහු උනාම පෙනෙන අලුයම දර්ශනය බලන්න ඇස්දෙක පින් කරලා තියෙන්න ඕනෑ කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත කැපවීමක් කලොත් ප්‍රතිඵල සුබයි ස්තුතී

      Delete
  10. පට්ට ට්‍රිප් එක සහෝ කවදා අපිට යන්න චාන්ස් එක හම්බ වෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. උත්සහ කරපන් බැරිවෙන එකක් නෑ ජය

      Delete
  11. පොඩි කාලේ ගෙදර කට්ටියත් එක්ක ගියාට පස්සෙම නයිට්මේල් එකේ යන්න බැරි වුණා.. දැන් කාලෙක ඉඳන් එකක් ප්ලෑන් කර කර ඉන්නවා තාම ක්‍රියාත්මක කරන්න බැරි වුණා.. අපි එක සැරයක් ඉදල්ග්ස්හින්න ස්ටේෂන් එකෙන් කන්ද බැස්ස පහළට.. මරු ගමනක් ඒකත්.. තාත්තගෙ ගම නිසා තාත්ත පාරවලුයි පැත්තයි හොඳට දන්නව.. තාත්ත නැති වුණාට පස්සෙම ඒ වගේ ගමනක් යන්න බැරි වුණා.. ළමයි බමයි එන්න කලින් එකක් යන්න ඕනේ.. මේක මරු ගමනක්.. යනන සෙට් වෙලා උඹෙන් උපදෙස් ගන්නම්.. :)

    ReplyDelete
    Replies
    1. මචං ඉදල්ගස්හින්නේන් හල්දුම් මුල්ලට බහින්නත් පුලුවන් කිලොමිටර 9ක් ද කොහේද තියෙන්නේ එළ කොහොම හරි යමන් ඔනවෙලාවක කතා කරපන් ජය

      Delete
    2. ඉදල්ගස්හින්නන් හල්දුම් මුල්ලට තමා අපි බැස්සේ.. උපන් ගම හල්දුම්මුල්ල බං.. :)

      Delete
    3. අප්පට සිරි එහේමද හල්දුම්මුල්ල සුන්දර පලාතක්නේ මගේ මහප්පා කියල තියෙනව පුරාවිද්‍යාත්මක නටබුන් බොහොමයක් ඔය ප්‍රදේශයේ තියනව කියලා...

      Delete
  12. Umba meka organize nokaranna mee experienc eeka ganna gannahamba wenne naha hike una thibunata rail hike ekak giya first time eka .. Idalgashinne dii gathha lunch ekanam patta ... Ara balli wath mathak karanna ona ... Hi hi hi ... Thank you for updated this ... Jaya weewaa !!!

    ReplyDelete
    Replies
    1. ලොක්කා කොහොමද කෑම ..ඇත්ත මචන් ඒ බලු පොතකයන්ට හොඳට හයිකින් පුලුවන්....වෙලාවක ආපහු බොතල් නුඩ්ල්ස් ටිකක් හදමු හික්ස්...

      Delete
  13. දැක්කම ඉරිසියා හිතෙන පින්තුරත් සමග හොද ලිපියක්.ඉස්සර දවස් ගණන් ගිය ගමන්වල මතකය අවදි කරවනව.පින්තුර ටික කීප සැරයක්ම රෝල් කර කර බැලුව.නියමයි රාජ්.

    ReplyDelete
    Replies
    1. ඔබ කියූ ඒ අතිතය ගැනත් ලියා අපිව දැනුවත් කරන්න බොහේම ස්තුතී අදහස්වලට...

      Delete
  14. අනේ බං රාජ් ඇඩෙන්නම ලියල පොටෝ එහෙමත් දාලා. ඇඩෙනවා බං අපි ගියපු හැටිත් මතක් උනාම..

    ReplyDelete
    Replies
    1. නියමයි මචන් ආපහු කොහේ හරි යමන්...

      Delete
  15. ලොවෙත් ඈ......!

    අපි එකසැරයක් ඔය උසම ස්ථානේ ඉදන් බිමට චූත් කලා :)

    http://harshana-bc.blogspot.com/2012/08/blog-post_30.html

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ එච්චර උඩ ඉඳන් එහේනම් බිමට වැටෙන්ඩ නැතුව ඇති හික්ස්...පට්ට

      Delete
  16. "රේල් පාරේ ගමන් කරන අයවලුන්ට අච්චු කරනු ලැබේ" කියලා නෝටීස් එකක තාම අපේ ගෙවල් ලඟ ලෙවල් ක්‍රොසින් එකේ තියනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්වා මේ ප්‍රසිද්ධියේ කියන කතාද හැබැට හික්ස්....

      Delete
  17. ආසා හිතෙන විස්තරය....

    හොට බිම ඇනෙන්න කලින් අපිත් යනවා.

    ReplyDelete
    Replies
    1. අන්න එළ ඇවිද්ද පය දහස් වටිනේව අනික සුමිත් අයියට ඔක කජ්ජක්ද...

      Delete
  18. මරුනේ ට්‍රිප් එක.. මොකෝ කියන්නේ රාජ් අයියේ මේ නිවාඩුවේ මාත් ආවම යමුද අපිත් සෙට් වෙලා..

    ReplyDelete
    Replies
    1. අනිවා කොහේ හරි යමු....එළ

      Delete
  19. රසවත් විස්තරයක් සහ අනගි පින්තූර රැසක්. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී දිරිමත් කිරිමට...

      Delete
  20. නියම චාරිකාව... කාටවත් ලේසියෙන් හිතෙන්නැති දෙයක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතී සෙන්නා හැබ අපේ බ්ලොග් ලියන තව කිහිප දෙනෙක්ම මට කලින් මේ චාරිකාව ගිහින් තිබුනා කොහොමත් ඔය හයික් යාමේ පිස්සුව දරුණුවටම මට තියෙනව මචං

      Delete
  21. http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg

    ReplyDelete
    Replies
    1. ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

      Delete
  22. ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  23. හෑමොම කියනව වගෙ අපිටත් යන්න ආස හිතෙන්න ලියල තියෙනව

    ReplyDelete
  24. ආසාවෙ බැරුවා...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...