Thursday, September 13, 2012

කාච සිත්තරා.............






නෙත් අගින් දකිනා දසුන්......
ඉවතලන නෙක වර්ණයන්.
සුන්දර රටා වියමන්..
බැහැර කෙරුවද මතකයෙන්...............
ගෙත්තම් කොටැ කාච ඇසකින්..
කොනිති ගා මනැසේ අගිස්සක්.
නැවතී හැරී බලන සේ…….!
බැහැරවූ.....දසුනක්....වර්ණයක්....වියමනක්.........
තබයි අපූරු සිතුවමක්.!
 ලෝ පාමුවේ…………..
කාච සිත්තරෙක්.!

55 comments:

  1. කවුද බං දන්න එකෙක්ද ?

    ජය !

    ReplyDelete
    Replies
    1. නෑ මචන් පොදුවේ කැමරා ශිල්පියා ගැන ලිව්වෙ ජය..!!

      Delete
  2. කාච සිත්තරෙක් ගැන කියවපු පළවෙනි නිසැදස.....

    ReplyDelete
    Replies
    1. එහේමද ස්තුතී මචං

      Delete
  3. මෑන් එල බුවෙක්.... පොරට පුළුවන් කාලය නවත්තන්න...

    ReplyDelete
  4. මේ කියන්නේ සමිරයා හරි වෙනි අයියා හරි ගැන නෙවෙයිනේ. අර වල් හාවා වෙන්නත් බැරි නෑ :)

    ReplyDelete
    Replies
    1. උඹ හරි ඔනම කෙනේක් මේවත් එක්ක හරි විදිහට වැඩකරන

      Delete
  5. මීගොඩයගේ කතාව ඇත්ත බං. මමත් බ්ලොග් වලදි පලවෙනි වතාවට මේ මාතෘකාව ගැන නිසඳැසක් කියවුවේ. එල, වෙනස් තේමාවක් ‍තෝරගත්තම කියවන එවුන්ටත් දැනෙනවා. ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ඇගයිමට ස්තුතී එය මට ශක්තියක්...ජයෙන්...ජය

      Delete
  6. තෙවැන් ඇසින් ලෝකය දකින්නා ගැන ලියැවුණු අපූර්ව නිර්මාණයක්

    ReplyDelete
  7. කවුරුවත්ම නොදකින කෙනෙක්ව ඔබ දැකලා.

    ReplyDelete
    Replies
    1. මචන් මේදවස්වල ඔය සම්බඳ වැඩ වගයක් කරනව ඉතින් පොඩි අදහසක් ආව ස්තුතී

      Delete
  8. ඔව් ඇත්ත. පින්සලෙන් රචනා කරනවා වගේම කාචෙකින් රචනා කරන්නත් හොඳ රුචිකත්වයක් තියෙන්න ඕනෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  9. කව්ද බං ඔය සිත්තරා...

    ReplyDelete
    Replies
    1. උඹ අපි හැමෝම හැබැ හරි විදිහට වැඩකරන

      Delete
  10. කැමරාකාරයා ගැන වැදගත් කතාවක්...

    ReplyDelete
  11. මි වගේ කෙනෙක් ගැන ලියවුණාමද කොහෙද!

    ReplyDelete
  12. දැන් නම් කාචයෙන් එහා මෘදුකාංගත් සපෝට් කරනව සිත්තරේ නිම කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි....තාක්ෂණය හරිවිදිහට උපයොගි කරගන්නවනම් හොඳ දේවල් එලිදකිනව

      Delete
  13. ඇත්ත ඇත්ත...
    කාච සිත්තරා කරන්නෙත් වටින නිර්මාණයක් නේන්නං..

    ReplyDelete
    Replies
    1. හුඟක් වෙලාවට මෙලො රහක් නැති ජරා දෙවල් කරන එවුනුත් නැත්තේ නෑ නමුත් ඉතින් හොඳ දේ අගයන්ට එපායෑ ජය

      Delete
  14. මමත් කාලයක් පොටෝග්‍රැපි කලනිසා ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. එහේමද මමත් කැමති විශයක් මචං

      Delete
  15. බොහොම අගෙයි මල්ලි. මෙවා තමයි නිර්මාණ කියන්නේ. බ්ලොග් අවකාසෙත් මල් පත්තර වගේ ප්‍රේමයයි, බූට් පාරවල් ගැයි ලියවෙන කවිවලිනුයි නිසදැස් කියන අඬෝවැඩියාවලින් පිරිලා.

    ReplyDelete
  16. නිර්මාණය නම් එල!
    ඒත් කාචයක් තිබුන පලියට ඔහු සිත්තරෙක් නෙමෙයි නේද??:)

    ReplyDelete
    Replies
    1. මෙකේ දෙපැත්තක් තියෙනව හරිවිදිහට නිර්මාණ කරන සිත්තරුන් නැත්තේම නෑ ස්තුතී අදහසට

      Delete
  17. පද ටික අපූරුයි!
    'කාච සිත්තරෙක්.!' කියන වචන දෙකෙත් අමුතුම ලස්සනක් තියනවා.
    ජය!

    ReplyDelete
  18. අනේ කොච්චර දෙයක්ද මේ වගේ අලුත් සංකල්පයකින් කවි ගොතන එක...බලන බලන හැමතැනම විරහව... බූට් කාපු නැති උන් ලියන්නෙත් විරහව ගැන විතරයි.... ජය !

    ReplyDelete
  19. තමන් දකින දේ අනුන්ට පෙන්වන්න වෑයම් කරන්නා : කැමරා ශිල්පියා.
    තමන්ට හිතුන දේ අනුන්ට පෙන්වන්නන වෑයම් කරන්නා : බ්ලොග් ශිල්පියා ?

    ReplyDelete
  20. ලස්සන කවියක් !!!

    ReplyDelete
  21. ඇත්තටම ජායාරුප ශිල්පය පුදුම දෙයක් තමා

    ReplyDelete
  22. වෙනස් මාතෘකාවක්.. ලස්සනයි කවි පෙල රාජ් අයියේ..

    ReplyDelete
  23. කාච සිත්තරා.. හ්ම්ම්.. මම කවියෙන් සිතුවම් අඳින කවි සිත්තරෙක් ගැන නම් කවියක් ලිව්වා.. ඒත් කාච සිත්තරෙක් ගැන මතක් වුනේම නැනේ.. ලස්සන කවියක් අයියේ.. ජය වේවා.

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...