Tuesday, July 24, 2012

අලුත් පරම්පරාවක්.........




මහ උන්දැලා පුරසාරම්                                             දෙඩුවාට
තටම තටම බොරු පොරොන්දු                                  දුන්නාට
උගුර කඩං අඩි පොලොවේ                                       ගැහුවාට
ඔහොම වෙයි කියා අපි දැන                                     උන්නාය

මුංගේ බින්න ලක් වැසියෝ                                      ඉහිලුවට
නැහැ ඉවසන්නේ ලක් මව තව ඒ                                 බින්න
වැස්ස වලාහක දේවිත් අහක බැලුව                                කල
ඉරි තැලි තැලි වියැලෙයි අපේ වෙලී                                 ටික

රජුගේ වටේ ඉන්නා කෙවට්ට                                          රැල
කිය කිය යනව රට හැමැතැන                                හැමොටම
සරුව පිත්තලෙන් ඇඹුවට ඔය                                   කෙප්ප
හරියට කලා නම් සිදුවෙද මේ                                      ලෙසට

සංවර්ධන නාමෙන් ගොඩ නැගු                                    එව්වා
කෙරවලපිටියේ ආයෙත් පණ                                  ඇදෙනවා
නොරොච්චොලේ කැහැ කැහැ හති                             දානවා
ඔන්න අපේ විදුලිය රැ                                           කැපෙනවා

පුවතක් තියේ ලයිට් කපනවා                                 කියලා
පවුල් අවුල් විසඳෙනවා ඒක                                    නිසා
පොඩි උන් රැට ඉක්මනටම                               නිදියනවා
පරම්පරාවක් අලුතෙන්                                     උපදිනවා




63 comments:

  1. අන්තිම කවිය නියමයි :ඩී

    ReplyDelete
    Replies
    1. හික්ස් ස්තුතී....

      Delete
  2. ඒ කියන්නෙ ආයෙත් ජන ගහන වර්ධනය ඉහල යනව කියල
    :D
    :D

    ReplyDelete
    Replies
    1. වහපු "මාරි" කඩ ආයෙ අරින්න කියමු.

      Delete
    2. හපුච්චේ එහේම වෙයිදැ...?

      Delete
  3. Replies
    1. උබටනං හිනා...හිකිස්...

      Delete
  4. ආශ්චර්රෙ දෙපැත්තෙන් බේරෙනවා බං දැන්~

    ReplyDelete
  5. අන්තිම එක පට්ටය ..

    ReplyDelete
    Replies
    1. ස්තුතී ලොක්කා...........

      Delete
  6. පුවතක් තියේ ලයිට් කපනවා කියලා
    පවුල් අවුල් විසඳෙනවා ඒක නිසා
    පොඩි උන් රැට ඉක්මනටම නිදියනවා
    පරම්පරාවක් අලුතෙන් උපදිනවා

    7.30 ඉඳන් 9.30 වෙනකල් කැපුවොත් හොඳයි... අර මලකඩ දෙපැය කනක් ඇහිලා ඉන්න පුළුවන්.

    සංවර්ධනය කියන්නේ ආර්ථික විතරක් නෙවේ. අධ්‍යාත්මිකවත්

    භාවනා කරන්න වෙන්නැති ලයිට් කපන්නේ... :P

    ReplyDelete
    Replies
    1. අර කස්ටිය උද්ගොෂණ කොරයිද දෙපැය බලන්ට බැරිවෙන නිසා...සංවර්ධනය පාඩම උගන්නන දවස් වල අරගොල්ලො ඉස්කොලේ ගොහින් නෑ ලූ බං

      Delete
  7. ලයිට් කැපුවට ජනගහනය වැඩි වෙයි කියලා ෂුවර්ද? රේන් කෝට් වගේ ජාතිත් තියෙනවා නේ ...

    ReplyDelete
    Replies
    1. ඔව්ව ගැන එච්චර හිතන්ට එපා බං

      Delete
  8. //ඔන්න අපේ විදුලිය රැ කැපෙනවා//

    රෑට සම්මත විනාඩි වලින් පැය එකහමාරකුත් පාඨලී විනාඩි වලින් 45කුත්
    දවල්ට සම්මත විනාඩිවලින් පැය දෙකයි 3/4 කුත් පාඨලී විනාඩිවලින් පැය දෙකයි 1/4 කුත් වශයෙන් තමයි විදුලිය කැපෙන්නෙ.
    කියන්නෙ නම් ලබන 28 වෙනකල් විතරයි කියලා. ඒක හරියට මරිසිපාල O/L රිසල්ට් කිව්ව වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. එහේම නොව්නොත් නොවැ පුදුමේ....

      Delete
  9. උදේ හිරු එෆ් එම් එකේ නම් කිව්වෙ කෙරවල පිටිය නෙමෙයි කෙලවුන පිටිය කියලා... ;)

    ReplyDelete
    Replies
    1. හරියට වැඩකරන්නැතුව කුට්ටිය විතරක් ගැහුවම ඔහොම වෙනව මචො අපි තමා පවු

      Delete
  10. ලිපිනම් ලිපි රාජගේ ලිපි ...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඇත්තේයි ....ස්තුතී

      Delete
  11. කෑම එක කාල ඉවරවෙලා ආයෙ ඩෙසට් එකත් කනව ඊටපස්සෙ කෝපිත් බොනව. කනකොට වයිනුත් බොනව කියමුකො. ඊටපස්සෙ ලයිට් නාවොත් ලෙඩේ............

    http://emailkavikaari.blogspot.com/2012/07/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. ඒකනේ කාපුව බහින්ඩ එක්සයිස් කොරන්ට වෙනව....කලුවරේ ජරමරේ

      Delete
    2. කවිකාරිගෙ පෝස්ටුවෙ ලින්ක් එක කොපි කරගෙනත් ආවෙ.
      Raj
      මරු!

      Delete
  12. ලයිට් කපනවා නම් ලැප් එක චාජ් කරලා තියාගන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් උඹට කලුවරේම බලන්ට බැරියැ...@#$%%

      Delete
  13. ජාත්්‍යන්තර කුමන්ත්‍රන...!!

    ReplyDelete
    Replies
    1. කාටවත් ඇහේයි ඔව්ව කියන්ට නාකයි ලොක්කා

      Delete
  14. ලයිට් කැපිල්ල සිද්ධ වෙන විදියනම් වැඩක් නෑ කතා කරලා....
    පවුල් ප්‍රශ්න විසඳෙනම මදෑ....

    ReplyDelete
  15. අනේ බොලාට තේරෙන්නේ නැති හැටි.රටේ සුබසිද්ධිය උදෙසා යමක් කරන්න ගත්ත ගමන් බොලාලා උදැල්ල දානවා.රටේ ජල සම්පත එතකොට ලෝකේ ගල් අඟුරු ක්සය වීගොන යනවා.අපි දිගට හරහට විදුලිය පාවිච්චි කරපුහම ඉස්සරහට විදුලිය හදන්න වෙන්නේ තෙල් වලින්.(ලංකාවෙත් තෙල් තිබුනා ඒ උනාට ඒවා දැන් ඉන්දියාවෙන් උස්සලානේ).තෙල් වලින් කරන්ට් එක හදන්න ගියොත් අර හම්බන්තොට වරාය ,රන් මිණිතැන්න සිනමා ටෙලි ගම්මානේ වගේ වටිනා ව්‍යාපෘති වලට තියාගෙන ඉන්න සල්ලි ඉවර වෙනවා.ඇයි මහජනතාව වෙනුවෙන් අරන් දාන අක්කර සිය ගණන් වල ඉඩම් ගන්න සල්ලි නැති වෙනවා.ඒකයි චාටලී පම්පික මහත්තයා ඔය කරන්ට් එක කපලා විදුලිය ඉතිරි කරන්න හදන්නේ.රට ගැන හිතන්න කලින් රජ පවුල ගැන හිතන්න එපැයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං ලාභ දායී ක්‍රමවලට යන්නෙ නැතුව අපෙන් අහලද ඔය ඩීසල් බලාගාර, තාප බලාගාර ගෙනත් හයිකොලේ. විශේෂඥයො ගිහින් අධ්‍යයනය කොරල නෙව ඔය මඟුල් උස්සගෙන එන්නෙ. හරි හමන් විදියකට වැඩකරන ඒව නම් තව කමක් නෑ. ගේන්නෙම ඒ රටවල්වල පාවිච්චිකරල පැත්තකට දාන කසිකබල් යටිබඩවල්. ගෙන්නපු එවුන්ට නම් කොමිස් කුට්ටි ලැබෙන්න ඇති. අවුරුදුගානක් ගිහිල්ලත් නොවැස්සොත් රට අඳුරෙ. කොච්චර උඩ පැන්නත් අන්තිමට ඉතුරුවෙන්නෙ ජල විදුලි බලාගාර ටික විතරයි. විමලසුරේන්ද්‍ර මහත්තය වගේ මිනිස්සු හිටියෙ නැත්නම් සමහර විට තාමත් අපිට මුන්ගෙ නරිවාදං අහ අහ ඉන්න තිබුණ.

      Delete
    2. හරියට හරි නොවැ....

      Delete
  16. දැන් ඉන්නා පොඩි උන් හරි ඇඩ්වාන්ස්ය
    මේ නම් මහ එවුන්ගේ කට්ට කාමක්ය
    කියල නිදි වරන් හිටියොත් මල කෙලියක්ය
    ආවිට් ලයිට් යන්නට වන්නේ හෙලුවෙන්ය

    ReplyDelete
    Replies
    1. අපුච්චේ ඔය ගැන කම්පනාවට අවේ නැති හැටි...හික්ස්

      Delete
  17. ඉස්සෙල්ලම මම නිවුස් එක දැක්කෙ කවිකාරි අක්ක ලියපු පෝස්ට් එකකින්. ඒ වෙලාවෙ නම් ඒ ආවේගෙටම කමෙන්ට් කළා. දැන් සැර බැහැල. උන්ට ඕන මඟුලක් කරගත්ත දෙන් කියල පාඩුවෙ ඉන්නයි තියෙන්නෙ. ජහමනයටත් මේකෙන් සයිඩ් එකෙන් චෑන්ස් හම්බෙනවළු නෙව.

    ReplyDelete
  18. කමෙන්ට් එකක් දාන්න සිංග්‍රීසියෙ කොටලා, පොඩ්ඩක් එලියට ගිහින් ආවා ගල් පතුරක් හොයාගන්න. ඊට පස්සෙ මකලා දැම්මා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ...

      Delete
  19. හෑ........... ඉකමනට අපිත් පවුල් පන්සල් වෙලා අර අන්තිම කවියෙ වගේ අලුත් පරම්පරාවක් බිහි කොරන්ට ඕනි රටේ අනාගතය වෙනුවෙන් වත්.අවුරුද්දට එක පැටියයි.අවුරුදු 20න් ආශ්චර්යෙ.තිත් දෙකයි කැපිතල් පී ඈ :P

    ReplyDelete
    Replies
    1. හිටු කලබල නොවි...

      Delete
  20. මුලින්ම මේ දවස් වල රාජ් ට අමුතුම ඒවා හිතෙනවා කියලා දැනිලා තියෙන්නේ.. මොනවා උනත් බන් ඔහොම කියන්න නාකයි නේද අන්න අපේ සැලරියත් වැඩි කරලා දිලා....
    අලුත් පරම්පරාවට කන්න බොන්න දෙන්න වෙන්න ඇති...

    හිකිස් ඕක අපි වගේ අයට තවම අදාල නැහැලුනේ

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ පොඩී නෙව තාම හම්බෙලා අලුත් පඩියක් නෙමේ බක්කක්...

      Delete
  21. අන්තිම කවිය තමා මට හොඳට තේරුනේ..හික්ස්.:D:D:D

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්තට ..හික්ස්...

      Delete
  22. අපේ රටට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දැනටමත් රාජ සම්පත් ලැබිලා නේව

      Delete
  23. පාට-ලී දිනක් කිව්වා ලයිට් කැපුවොත් තමන් අස්වෙනවා කියලා..


    මතක නැතුව ඇති එයාටවත් :))

    ReplyDelete
    Replies
    1. අපෝ ඔය ඇත්තන්ට මතක ශක්තිය අදු නෙව විගහට මතකේ ඩිලිට් වෙනව හික්ස්

      Delete
  24. පාඨලී මෙහෙත් ඇවිල්ලද කොහෙද අපිටත් හිටපු ගමන ලයිට් කපනවා.

    ReplyDelete
    Replies
    1. වසංගතයක් බං ඔක පරිස්සං වෙයං

      Delete
  25. සිරාම කවි සෙට් එක අයියේ.. අන්තිම කවිය... :)

    ඔක්කොම හරි.. මම වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් මල් කඩන්න ගන්න වෙලාවටම ලයිට් නෑ.. ඔය වෙලාවට තමයි ඉතින්....

    ReplyDelete
    Replies
    1. අපුච්චේ හැබැ කලුවරේ මල් කඩන කොට පොඩි ජොලියක් තියෙනව නැද්ද හා... ඔන්න අද නගා තමයි මුලින්ම කොමෙන්ටුවක් දාල තියෙන්නේ දෙන්නම කැමති අන්තිම එකට .....

      Delete
  26. අන්තිම කවියනම් පට්ට...

    ReplyDelete
    Replies
    1. ස්තුතී හික්ස්...

      Delete
  27. රෑ පුරාවටම ලයිට් කැපුවොත් නම් ඉතින් ජනගහනය වැඩි වෙයි සෑහෙන්න.. ගේ ළඟ තියෙන ගහේ වෙරළු මල් පිපිලද කියලා බලන්න පුළුවන් අපිටත්..

    ReplyDelete
    Replies
    1. ගෙදර ගියානම් හරි නෙව

      Delete
  28. රාජ් අයියා හෙන කවි කාරයා නොවැ... එල එල...

    ReplyDelete
    Replies
    1. අපොයි මම තාම කනවැල අල්ලනව බං හික්ස්..

      Delete
  29. කාලීන කවි සංග්‍ර‍හයක්... නියමයි !
    සිංහල ජනගහනය අවදානමට ලක්වෙලා තියෙන නිසා ජනගහනය වැඩි වෙන එකත් හොදා...

    ReplyDelete
  30. ලංකාවෙ අපේ ලංකාවේ..
    ආශ්චර්යය....... බය වෙන්න දෙයක් නෑ..

    ReplyDelete
  31. මේක මරු කවියක්...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...