Monday, May 28, 2012

"තායිලන්තයේ රොසමල" දෙගොඩහරි ජාමයේ පිටවී දෙගඩොහරි ජාමයේම පැමිනියේමි.....




  හදිස්සියේම ලංකාවෙන් බැහැරවන්නට සිදු උන නිසා බ්ලොග්  අවකාශයෙන් මදකට ඇත්වන්නට සිදුවිය. නමුත් මා දැන් නැවතත් මාතෘ භූමියට පයගසා සිටිමි...ඒ නම් ගතට මෙන්ම සිතටද  මහත් අස්වැසිල්ලකි. දේගොඩහරි ජාමයක රටින් පිටවි දෙගොඩහරි ජාමයේම නැවත පැමිණියේමි.

 උතුරු තායිලන්තයේ චියාන්මායි නගරයට සේන්දු වීමට කාර්ය්‍ය බහුල බැංකොක් ගුවන්තොට හරහා ගොස් නැවත තවත් ගුවන් නැවක නැගී රට අභ්‍යන්තරයට පැයක පමණ කාලයක් ගමන් කල යුතුවන්නේය...නැතිනම් බසයක පැය 10 කුත්, කොච්චියක පැය12ක කාලයක් ගතකර  ඔබ චියාන්මායි වෙත පැමිනිය හැක. කාලය ගැන සිතතොත් වඩා නුවනට හුරු ගුවන් නැවක් තොරා ගැනිම නොවේද...?


 චියාන්මායි ගුවන්තොටින් රට අභ්‍යන්තරයට පිවිසෙන ඔබට තායිලන්ත රජ තුමාගේ රුව රැඳි පුවරු දැකගත හැක.එසේම නගර වැසියන් තමනගරය පිරිසිදුව තබාගැනිමට ගන්නා උත්සහය අපහට නම් මහත්වූ ආදර්ශයකි.එමෙන්ම නගරද්වාරය පසුකරන ඔබට පැරණි අරක්ෂක පවුරු වලල්ල දැකගතහැකියි.


 තම රට ගැන මහත් ඇල්මක් ඇති මේ වැසියන් පිටදේශීය නිශ්පාදිතයන් තම අවශ්‍යතා ඉටුකර ගැනිමට යොදා නොගන්නා තරම්ය.එසේම දෙශීය ආර්ථිකයට කාන්තාවන්ගේ දායකත්වය අතිමහත්ය. බොහො ගෘහ කර්මාන්තයන් හි ඔවුන් නියැලේන අතර ඉවත දමන බොහෝ දැ උපයොගී කොටගෙන නිර්මාණශීලී අත්කර්මාණ්තයන්හි ඔවුන් නියැලේ. මේසඳහා අවශ්‍ය හොඳ වෙළඳ පොලක් ඔවුන්ට නිර්මාණය කරදිමට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද කටයුතු කරතිබිම අපට ආදර්ශයක් නොවෙද...?



 තරුණ තරුණියන්ගේ මෙන්ම බොහෝ නගර වැසියන්ගේ ප්‍රියතම ප්‍රවාහන මාධ්‍ය මොටර් බයිසිකලය වන අතර ඒවා අපේ බයිසිකල් වලට සාපෙක්ශව තරමක් කුඩා ස්වරුපයක් ගනි. විශේෂයෙන්ම කිව යුතු වන්නේ මෙම රථ වාහන බොහොමයක් වායු දුෂණයෙන් තොරය. බස් රථ දක්නට නොමැති තරම් වන අතර ත්‍රිවීලර ඔවුන් හඳුන් වන්නේ " ටුක් ටුක්" යන අනුවර්ථනාමයේනි.


  ලංකාවේ මෙන් නොව ඉන්ටර්නේට් කැෆේ, තරුණ තරුණියන් අතර  මේ නගරයේ ඉතා ජනප්‍රිය අංගයකි...විශාල කැෆේ මගතොට දක්නට ලැබේ..



එසේම කුඩා නිවාඩු නිකේතන සඳහා ඔවුන් යොදාගන්නා ප්‍රචාරක පුවරු සිත් ලගන්නා සුලුය. 

             


51 comments:

  1. ''බොහො ගෘහ කර්මාන්තයන් හි ඔවුන් නියැලේන අතර ඉවත දමන බොහෝ දැ උපයොගී කොටගෙන නිර්මාණශීලී අත්කර්මාණ්තයන්හි ඔවුන් නියැලේ. මේසඳහා අවශ්‍ය හොඳ වෙළඳ පොලක් ඔවුන්ට නිර්මාණය කරදිමට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද කටයුතු කරතිබිම අපට ආදර්ශයක් නොවෙද...?''
    අපේ රටෙත් මෙහෙම වුනා නම්. මම හුගක් ආස දැනටමත් යන්තමින් අත්මතෘප්තියට කරගෙන යන දෙයක් තමයි මේ. උසස් පෙළට කරන නිබන්දනේට කලෙත් ''ඉවතලන ද්‍රව්‍ය ආශ්‍රිත බිත්ති සැරසිලි".

    ReplyDelete
    Replies
    1. ඇත්ත බට්ටියේ...අපේ රටේත් කොච්චර දක්ශ අය ඉන්නවද නමුත් ඒයාලට හරි වෙළඳ පොළක් සකසා දෙනවනම් ලංකවේ ආර්ථිකය මිටවඩා හොඳ වේවී..අනික ඒ රටේ ලීඩස්ලට තමන්ගේ යන හැඟීම ඉතා විශීෂ්ඨ ලෙස පිහිටලා තියෙනව...

      Delete
    2. //රටේ ලීඩස්ලට තමන්ගේ යන හැඟීම ඉතා විශීෂ්ඨ ලෙස පිහිටලා තියෙනව..//

      දැන් මචන් උඹ කියන්නේ අපේ ලීඩස් ලට "තමන්ගේ" කියන හැඟීම නෑ කියලද ? :P

      Delete
    3. රටගැන අල්පව සහ උන් ගැන අති විශාලව...හැඟීම් ගොඩනැගී ඇත

      Delete
  2. හදිස්සියෙම ගිහින් හදිස්සියෙම ඇවිල්ලා වගේ

    ReplyDelete
    Replies
    1. ඔවු හදිසියේම ගියේ පුහුනු කඳවුරකට සහභාගී වෙන්න...

      Delete
  3. තවත් විස්තර එක්කල හොද පෝස්ට් එකක් දමන්න. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. උත්සහ කරන්නම් වෙදමහත්තයො බොහොම ස්තුතී

      Delete
  4. අපරාදෙනෙ බං අර Full Speed කැෆේ එකකින් බ්ලොග් එකක් ලියන්නයි තිබුනෙ?

    ReplyDelete
    Replies
    1. මචො අවම කාබන් නිපදවිමකින් ඒ කියන්නේ CO2 නිෂ්පාදනය අවම මට්ටමක තියාගෙන අපේ එදිනේදා ක්‍රියා කාරකම් සිදුකරගන්නේ කොහොමද කියන දේ ගැන පුංචි වැඩමුලුවකට සහභාගි වෙන්ඩ මම ගියේ..දවස් පහක් ගෙවුනා ඉතා වේගයෙන්..ඇත්තේන්ම ඔය කැෆේ වල අයකරන්නේ ඉතා සාදාරණ මුදලක්...

      Delete
  5. එහෙනං එයත් රට ගියා ඈ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කලිනුත් ගොහින් තියෙනව රජ තුමනි...අවසර..!!!

      Delete
  6. දැන් ලංකාවේ "අපේ" ත්‍රීවීල් වලට කියන්නේ "පට පට" කියලා...

    ReplyDelete
    Replies
    1. හික්ස්..බලහං කෝ ඔය ත්‍රිවිල් වලට පටබඳින නම් වල හැටි...ඇයි ආටාඑක කියලත් කියනව නේව

      Delete
    2. ඇයි ලජ්ජා ටැක්සිය.

      Delete
    3. ලැජ්ජා ටැක්සිය නෙවෙයි බං ... ලැජ්ජා නැති ටැක්සිය ....

      Delete
  7. පොටෝ කෑලි ටිකක්වත් අපිට බලන්න දාපු එක කොයිතරම් දෙයක්ද . තායිලන්තෙ කීවාම මගේ නම් හිතේ මැවෙන්නේ ලලනාවෝ තමා . තායි නංඟිලා මාර හැඩයි කියන්නේ !

    ReplyDelete
    Replies
    1. අම්මපා සඳරුවො..උඹ නම් අර සිඩී කෙස් එකේන් පස්සේවත් මට්ටුවෙලා නැති හැටි....

      Delete
  8. " මේසඳහා අවශ්‍ය හොඳ වෙළඳ පොලක් ඔවුන්ට නිර්මාණය කරදිමට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද කටයුතු කරතිබිම අපට ආදර්ශයක් නොවෙද...? "

    මෙන්න මේ ටික තමයි වැදගත්.. දේශීය දේට මුල් තැන දෙන්න කියලා හැමෝම කිවුවට ඒ වෙනුවෙන් යමක් හරියට කෙරෙන්නේ නෑනේ..

    තව විස්තර හා සේයාරූ පසුවට ඇතැයි සිතමි..

    ReplyDelete
    Replies
    1. ඇත්තේන්ම මටත් හිතුනේ ඔයටික..කොහේද...අපේ රටේ සිතුවිලි වල ප්‍රෂ්ණයක් තියෙනවනේ...දෙශපාලන වාදය වැඩි මචො..

      Delete
  9. // මේසඳහා අවශ්‍ය හොඳ වෙළඳ පොලක් ඔවුන්ට නිර්මාණය කරදිමට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද කටයුතු කරතිබිම අපට ආදර්ශයක් නොවෙද...? //

    අපේ රටෙත් මෙහෙම තැනක් හදලා දෙනවානම් හොදයි මං හිතන්නෙ.. තියෙන තත්වෙ තව වැඩිදියුණු කරලා හරි...

    අම්මෝ..අර කැෆේ වල ඉන්න සෙනඟ :O

    ReplyDelete
    Replies
    1. ම්..ගොඩක් අය කැෆේ පාවිච්කරනව...ඇත්ත අපේ රටේ ඔන තරම් සම්පත් තියෙනව පවතින්න දෙයක් කරන්නැති එකයි ප්‍රොබ්ලම් එක

      Delete
  10. පිටරට දේවල් වලින් යැපෙන්නැතිව දේශිය දේ අගය කරන එක කොච්චර දෙයක්ද ඕක අපේ රටේ කරන්න තිබ්බනම් කී දාහකට රස්සා දෙන්න තිබ්බද අඩුගානේ ස්වයං රැකියා වලට වෙළඳපොලක් හදලා දුන්නනම් මක් වෙනවද...

    අර අන්තිමට තියෙන bed and bike කියන එක මොකක්ද අයියේ?? ඒකට ගියාම ඇඳක් එක්ක බයිසිකලයක් දෙනවද?? නැත්තම් ඇඳක් තියෙන බයිසිකලයක් දෙනවාද??

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අපේ ලොක් වෙළඳ පොල කියල ඔය කොටුවේ තියෙන වැඩිදියුනු කරල ලංකාවේ ප්‍රධාන නගරවල ඔක ව්‍යාප්ත කරනවනම් මම හිතන්නේ හිතකර ප්‍රතිඵල ලැබෙයි..හැබැයි කරන්නං වාලේ බිල්ඩිං හදන්නැතුව සක්‍යතා අද්‍යනයක යෙදෙන්න ඔන.
      මල්ලි ඔය බෙඩ් ඇන්ඩ් බයික් කියල තියෙන්නේ පාරිබොගිකයන්ගේ ආකර්ෂණය ලබාගන්න...සාමාන්‍යයෙන් මෙම රටේ ගමනාගමනයට ප්‍රචලිත මාධ්‍යක් තමයි බයිසිකලේ..ඉතින් එකයි ඔහොම කියල ඇත්තේ නවාතැන් ගන්න අයට බයිසිකලයක් ලැබෙනව කියල වෙන්න ඔන...

      Bread & butter

      Bed & bike

      බලන්නකො ගැලපුම

      Delete
    2. ලංකාවේ කරන්නෙම නැති එක ඔය ශක්‍යතා අධ්‍යනය වෙන්න ඕනේ... ඕවා කරනව නම් අද තාර දාපු පාර හෙට කඩයියෑ...

      ඔන්න දැන් තේරෙනවා ගැලපීම

      Delete
  11. ආව් අප්ප.....^_^

    කෝමහලි ඩැන් ඉටින් ආවනේ......අර කටාවෙ ඉටුරු කොටස දාන්ඩ අයියෝ.........

    ReplyDelete
    Replies
    1. අනිවා දානව....ස්තුතී

      Delete
  12. මමත් ලඟදී ගියා. ගිහින් දාපු පොස්ට් එක මෙතනින් බලන්න. http://awidda-paya.blogspot.com/2012/03/amazing-thailand.html අපේ රටේ අය රැකියා හොයන අතරේ ඔවුන් කරන්නේ සුළු ව්‍යාපාර. කවුරු අතහිත දුන්නත්-නැතත් සුළු ව්‍යාපාර කරන්න නම් තමන්ගේ ආකල්ප ඒවාට ගැලපෙන්න ඕනේ. මට වෙලාවකට හිතෙනවා අපේ අය වැඩියෙන් ඉගෙන ගෙන ඉන්න එක තමයි හෙනේ කියල.

    ReplyDelete
    Replies
    1. ඉගෙනිම කොහොම වෙතත් ආකල්පවල වෙනසක් සිදුවෙනවනම් හොඳයි...ඒ වගෙම නිර්මාණ ශීලිත්වය ගැනත් වැඩිපුර අවදානය යොමුකල යුතු වෙනවා...

      Delete
  13. වටින කියන අදහස් ටිකක්... තව සවිස්තරව විස්තරකරානම් කියල හිතුනා....

    දිළිඳු කමට අභියෝගකල රටක්.. අපිට ගන්න තියන ආදර්ෂ බොහොමයි

    ReplyDelete
    Replies
    1. ඇත්තේන්ම මෙවැනි රටවල් වලින් ගතයුත්තේ හොඳ දේ පමණයි..නමුත් තියෙන වැරැද්ද අපේ උන් අහුලගන්නේ නරක දෙවල්ම නොවැ... ස්තුතී

      Delete
  14. මදි. මදි. හොඳටම මදි. ඔච්චර දවස් ගණනක් ඉඳලත් ඔච්චරද අනේ. ටිකක් ලොකු විස්තරයක් එක්ක අත්දැකීම් ටිකක් දාන්නකෝ අපිටත් දැන ගන්න. ඡායාරූප ටිකටයි තොරතුරු වලටයි ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හොඳයි...ඔබට බොහොම ස්තුතී

      Delete
  15. හොරෙන්ම ගිහිං හොරෙන්ම ආවේ අපි ටොපි ඉල්ලාවි කියල නේද?

    රටක විස්තර දානවනම් කොච්චර දෙයක් ද? හැමෝටම දැනගන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා..ස්තුතී මචො " අපොයි හොරෙන් නෙවී හදිස්සියේම.."

      Delete
  16. වටිනා කියන විස්තරයකි. හැබැයි ටිකක කලබලෙන් ලියා ඇති බවකුත් පෙනේ. තවත් විස්තර බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
    Replies
    1. දවස් කිහිපයකින් ලියන්න උනේ නැති නිසා කලබල ගතියක් තියෙන්න ඇති. ස්තුතී ඔබට

      Delete
  17. හොරෙන්ම ගිහින් හොරෙන්ම ආවා නේද? එල එල. විස්තර ඇතුව පෝස්ට් එකක් දාන්න. මෙහෙ ඇවිල්ලා කාබන් අඩුවෙන් පාවිච්චි කොරන හැටිත් ලියන්න. නැත්නම් ඉගෙනගත්ත එකේ වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. කාබන් අඩුවෙන් නිපදවෙන එක ගැන ලිපියක් දාන්නම් ඉදිරියේදී..ඇත්තේන්ම එය සංවාදයට ලක්විය යුතු දෙයක් තරුණ යන්ගේ සැලකිල්ලට ලක්විය යුතු දෙයක් ඇත්තේන්ම

      Delete
  18. ඉක්මන් ගමනක් ගිහිල්ල වගෙයි...
    ඒහෙනං අායි වැඩට බහිමු...

    ReplyDelete
  19. ඒක තමයි මෙයා හිටියෙ නැත්තෙ පේන්න..

    මම අද හවස උබලගෙ කන්තොරුව පැත්තෙන් ගියා..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි...ඔවු බන් පොඩි වැඩමුලුවකට ගොහින් ආවා

      Delete
  20. තව පෝස්ට් දෙකක්වත් දාලා තායිලන්තය ගැන අපට යම් "චිත්‍රයක්" මවාගන්න උදව් වුනොත් හොඳයි නේද...?

    ReplyDelete
    Replies
    1. එක හරි උත්සහකරන්නම් දිරිමත් කිරිමට ස්තුතී

      Delete
  21. අපේ රටේ අයටත් පුලුවන් අහක දමන දේවල් වලින් ගොඩාක් දේවල් කරන්න ඒත් කොහෙද...ගොඩාක් රටවල නගර වල පිරිසිදු කම ගැන ගොඩාක් ඉහලින් සැලකිලිමත් වෙනවා......

    ReplyDelete
    Replies
    1. ඔයා හරි ඔය ඔයාට අත්දැකිම් තියෙනව නේව විදෙස් නගර ගැන

      Delete
  22. ලස්සනයි.. බොදු රටක් නොවැ..

    ReplyDelete
  23. 'ටුක් ටුක්' නම් කියලා වැඩක් නෑ. 'චියාන්මායි' ගිහිල්ලා නෑ.:(

    මොකක්ද අර රෝස් මලේ කතාව?

    ReplyDelete
    Replies
    1. තායිලන්තේ වැසියන් චීයන්මායි හඳුන්වන්නේ තායිලන්තේ රොසමල කියල

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...