Tuesday, May 8, 2012

එතකොට බටයක් රුපියල් 50ක් ..., කාට හෝ ඇඟිල්ල දික්කල හැකිද.



    පොඩි එකා සන්දියේ...සිංහල අවුරුද්දට..අච්චීත් සීයාත්, අනේක් වැටිහිටි උදවිය සමගත් හුරතල් වී..සම වයසේ එවුන් සමග ඇති වෙන තුරු කෙලි දෙලෙන් ගතකොට..නව පාසැල් වාරයත් සමග ගෙදරට කොටුවෙන අපට පාසැල් අච්චු පොත්වලින් මිදිමට ඉඩහසර ලැබෙන්නේ වෙසක් සමය එළඹෙනවාත් සමගය...ඒ නම් නිර්මාණ යුධයකි...


   අටපට්ටන්, තරු,නෙලුම් මල්..දහ අටපට්ටන්, දාසය පට්ටන්..ප්ලේන්.මෙකි නොකි නිමක් නැති අරුම නිර්මාණ සැදිමට කුඩා අපි මෙන්ම ගමේ නගරයේ තරුනයන් වැඩිහිටි පිරිස් පෙළඹේ.කොළඹින් එතරම් ඈත නොවූනත් අපේ ගම් පලාතේ ඔය වෙසක් කූඩු සැදීමට ගන්නා බටගස් ඔනෑතරම් තිබිනි..දැනටත් තිබේ....නමුත් නගරයේ බට පඳුරක් සොයා ගැනිම කලුනික සේවීමට වඩා අන්තය...වඩා පහසුම දේ නම් පාරවල් අයිනේ බට විකිනිමට සිටින අයියලා මාමලාගේන් ඔවුන්ගේ මිලට ඒවා ලබාගැනිමයි...අහෝ බටගහක් ගිය උඩ..

  පොඩි එකා සංදියේ කූඩු තැනු හැටි මතක් වී මාහටද මේ වෙසඟේ වෙසක් කුඩුවක් සැදිමේ උවමනාව තදින්ම දැනුනි...පෙර මහරගම ගමක් වුව..දැන් එක මොඩර්න් නගරයකි..මහරගම බස්නැවතුම් පලේ තාවකාලික වෙසක් සැරසිලි කඩයක් දාමා ඇතිසැටි මාගේ විපරම් දැසට අසුවූයේ ඔය අල්ලපනල්ලේදීය...තකහනියේ මා එතැනට ගොස් බට ගස් දෙකක් ඉල්ලීමි..

මහත්තය බට ගහක් රුපියල් 50 යි....

ඈ......කොරන්නට දෙයක් නැත වෙසක් කූඩූ තැනිමේ මාගේ අරමුන රුපියල් 50ට යටවූයේ නැති..ඔන රුවනක් යැයි සිතා බට ගස් දෙකක් රැගෙන පැමිනියෙමි...මේ ගමේන් නගරයට පැමිනිමේ එක් විපාකයක් ද...කෙසේ වෙතත් බට ගස් කිහිපයකින් මාගේ අරමුන ඉටුවිය..ඇත්තේම ඒ නම් මහත් සතුටක් ගෙන දෙන්නකි.

 මේවර වෙසක් සතියේ බත් දංසැලක් දීමේ මහා කෘතවයට මාහටද දායක වීමට ලැබෙන්නේත් ඔය අතරේදිය..සැම වෙසක් මාසයකම කෙරෙන බැතිගී සරණියට අමතරව මේවර අපගේ රැකියා ආයතනය එනම් ජා.ඉ. බැංකුව මගින්  මෙම කර්ය්‍ය සිදුකිරිමට කටයුතු යෙදුනි...එහි සංවිදායක කටයුතුවලට මටත් දායකත්වය සැලසිමට හැකිවිම සතුටකි


   බත්  දංසැලක්   දීම...පොලිමේ සිට කෑම තරම් ලේසි නැත...අඩු තරමින් සති දෙකක වත් සිට සුදානම් විය යුතුය..අවශ්‍ය කලමනා ද්‍රව්‍ය හරි හැටි සුදානම් කරගත යුතුය...අපේ දන්සැලට අවශ්‍ය එළවලු ගෙන ඒමට මැනිං මාකට්ටුවට තවත් සහෘදයකු සමග යෑමට මාහට සිදුවිය...

      මැනින් මාකට්ටුව අසලින් කෙතරම් ගමන්කර තිබුනද..ඒ තුල වැඩිකාලයක් ගතකිරිමට මාහට මෙවර අවකාශ සැලසිනි....ඒ නම් තරඟයකි බඩු විකිනිම හා මිලදිගැනිම අතර තරඟයකි...නමුත් මාකට්ටුව තුල වෙළඳුන් අතර ඇත්තේ සුහද බවකි..තම බිම් අඟලේ තබා ඇති එලවලු මිටි එහා මෙහා වූවාට ඔවුන් කාකොටා ගන්නේ නැත...ගනුදෙනුකරුකු  සොයන එළවලුව තමන් ලඟ නැතිනම් අනේකාගෙන් ඉල්ලා දිමට තරම් ඔවුන් මිත්‍රශීලිය...

   මාකට්ටුවේ සිටින බොහො වෙලඳුන්ට වෙන වෙනම නාට්ටාමිලාද වැඩ කරයි... මාහට හැඟුන පරිදි දවස අවසානයේ නාට්ටාමිලාට අරකී හාම්පුතුන් දවසේ කුලිය දෙනු ලබයි...වෙලඳුන්ගේ බඩු මෙන්ම ගනුදෙනු කරුවන්ගේ බඩුද එහා මෙහා ගෙනයාමට මෙකී නාට්ටාමිලා උපකාරිවේ.

"ඔය මහත්තැන්ලගේ බඩුටික පටවල දෙන්න...සල්ලි ඉල්ලන්න එපා ඒයාල දෙන දෙයක් සංතෝසෙන් බාර ගන්න..."
 
   මේ ඊට හොඳ නිදසුනක් නොවේද....

නමුත් කලබලකරි මැනින් මාකට්ටුව තුලත් රකුසන් රජකරයි....එතැන සිටි වෙලඳ මහතෙකු මා සමග සල්ලාපයේ යෙදි සිටි විටක එක් නාට්ටාමි කෙනේකු තම රැකියා සළු උනා පිරිසිදු ඇඳුමකින් සැරසී එලියට ඇදිනි...

" ඒයි මම යනව බැංකුවට...."

"  ආ NSB එකටද....."

අප දුටු එතැන සිටි තවෙකෙක් විහිලුවෙන් අසනු මා දිටිමි...

එවර මා සමග සල්ලාපයේ යෙදි සිටි වෙලඳ මහතා නැවත කටහඬ අවදිකලේ මාසිත කීරි ගස් වන අයුරෙනි...

" මහත්තයො  ඒ මනුස්සයා ඔය බැංකුවට නෙමේ ගියේ..කුඩු බොන්ඩ....දවසට 3000ක කුඩු ඔන...සමහර දාට ඉටත් වැඩි......''

 දවස පුරා දුක් මහන්සියේන් හම්බ කරනා මුදලින්, කුඩු රකුසාට බිලි වෙන්නට, මොවුන්ව මග පැදුවේ කවුද...?  කාට හෝ ඇඟිල්ල දික්කල හැකිද......................................  


53 comments:

  1. මේපාර කුඩු බදින්න ලෙඔසි ක්‍රමයක් සෙට් වුනා,කොටින්ම කුඩු බෑන්දේ නෑ රබර් පටි දෑම්මා,බට පතුරු ටික හරියට සුද්ද කරලා ගත්තාම විනාඩි විස්සෙන් කුඩුව බදින්න පුලුවන් කිසිම ගෙමක් නෑතිව.

    ReplyDelete
    Replies
    1. අම්මපා....ඒ කිව්වේ..රබර් පටි ටිකට බටපතුරු එක්කොලා කියලනේ හරි හරි

      Delete
    2. ඒ ක්‍රමය පරනයි ..

      ඒකාලේ ඕව කරල තියෙන්නේ ඔට්ටපාලු වලින්..

      Delete
    3. අපි තාම කරනවා බං. ඒත් දැන් ඔට්ටපාළු ටික විකුනලා කඩෙන් රබර් පටි ගෙන එක ලාබයි මට හිතෙන හැටියට

      Delete
  2. හෆ්ෆා... වෙසක් කූඩු, බට, හැම සැරසිල්ලක්ම දැන් හරිම ගනන් තමා.. උණ බට හොයාගන්න බැරි නිසා අපිත් හදපු කූඩු කඩෙන් ගෙනවා..:(

    ReplyDelete
    Replies
    1. ම්..ඔක තමා අවාසනාවන්ත තත්වය.....

      Delete
  3. කූඩු කතාවට වඩා කුඩු කතාව හිතට වැදුණා...මොන අපරාදයක්ද?

    ReplyDelete
  4. මචන් උඹ මහරගම එන්.එස්.බී.ද ඉන්නේ.මගේත් යාලුවෙක් ඉන්නවා මහරගම එන්.එස්.බී.එකේ ගයාන් රත්නසේකර කියලා.

    ReplyDelete
    Replies
    1. මම ඉන්නේ මහරගම මචො නමුත් වැඩ හෙඩ් ඔෆිස් එකේ...

      Delete
  5. ඔය අටපට්ටං හදනවට වඩා සිම්පල් ප්ලෑන් එක තරුව හදන එක. ත්‍රිකෝණ හතරයි කෝටු කෑලි 6 යි. අලවන්නත් ලේසියි !!

    ReplyDelete
    Replies
    1. ඔව් සිම්පල් ප්ලැන් එකක් ම්...

      Delete
  6. මම ගමේ ඉන්න කොට අවු. 3ක් ම කූඩු හදලා විකුණුවා. ගමේ කියලා නෑ හදන තරමකට ඉල්ලුම තියෙනවා. මම මාසයකට විතර කලින් පටන් ගන්නේ. කූඩු 100ක් 150ක් විතර හදනවා. එකම සයිස් එකේ ලොකු කූඩු තමයි හදන්නේ. කොල අලවලා සේරම කරලා විකුණුවේ රු.100ට. මට මේ රාජ් අයියා බටේක මිල කියද්දී හිතුනා වෙසක් මාසේ ගමේ ගිහින් කූඩු හැදුවනම් හරි කියලා. කූඩු හදලා විකුණලා ගන්න සල්ලි වලට වඩා මම හුගක්ම ආස වෙසක් දවසේ ගමේ ඇවිදිද්දී හැම ගෙදරම මගේ කූඩු එල්ලලා තියෙනවා දකිද්දී ඇගට දැනෙන කියන්න බැරි හැගීමට....
    (ඔන්න රාජ් අයියගේ එකෙන්ම මම දෙවෙනි ඇඩ් එකත් දාගත්තා :D)

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ඔනම නිර්මාණයක් සිදුකරල එකේ ප්‍රතිඵලය බුක්ති විදිනකොට ලැබෙන සතුට මිලකරන බෑ .........

      බට්ටියේ ඔනෑ ඇඩ් එකක් දාගත්තට මගේ තරහක් නෑ ඔං...D

      Delete
  7. කුඩු කාරයො කීප දෙනෙක්ගෙම ජීවිත කතාව ඇහුවහම ..ඇඟිල්ල දික් කරන්න සිය ගානක් ඉන්නවා රාජ්..අතේ දුරින් තියා ගන්න පුළුවන් නම් පොඩ්ඩක් අහලා බලන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙනි අයියේ..උත්සහ කරල බලන්නම්

      Delete
  8. හදපු කූඩු විකුණනවට වඩා බට විකුණන එක හොඳයි. එතකොට කොහෙමහරි කූඩුව හදන්න වෙනවනෙ. එතනනෙ සතුට තියෙන්නෙ..

    කුඩු ගැන කතාකරන කොටනම් ප්‍රෙෂර් එක ඉහළ යාම වලක්වන්න බෑ. ඒ හින්ද මොකුත් ලියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මහන්සියෙන් දෙයක් ගොඩ නැගුවම ලැබෙන සතුටනම් ඇත්තටම විස්තර කරන්න අමාරුයි නේද....ඇත්ත කුඩු ගැන කතාකරන කොට දැනේන්නේ වේදනාවක්

      Delete
  9. කූඩු හදන්න බටම ඕනෙ නැහැ. ඔය ප්ලාස්ටික් පතුරු වගේ දෙයක් වුවත් සෑහෙනවා. තව කොපමණ දේවල් තියේද?

    මොනවායින් හෝ තමන් හදලා එල්ලන කූඩුව තමා වටින්නේ. මම දුවට දැන් කියලා දීල තියන්නෙ එයා තනියම හදනවා.

    ReplyDelete
    Replies
    1. නියමයි..පොඩි කාලේම ඔයවගේ දෙවල් කරන කොට නිර්මාණ කුසලතාව වැඩිදියුනු වෙනව

      Delete
  10. දැන් ගොඩක් ගෙවල් වල කූඩු හදන්නෙ නෑ. කොහෙන් හරි සල්ලි වලට ගන්නවා. රැකියාවේ කාර්යබහුලකම එක්ක ඒක පහසුයි තමයි. ඒත් දරුවන්ගෙ කාලෙ වෙනකොට කූඩුවක් හදන්න දන්න කෙනෙක් ඉතුරු වෙන එකක් නෑ. අනිත් කාරණය තමයි කූඩු හදන්න දැනගෙනත් හදන්නෙ නැති එක. මම දැක්කා අපේට සමහරු කූඩු හදපු නැති එක ලොකු දෙයක් විදියට මුහුණුපොතේ දාලා තිබුනා. අනේ මන්දා...
    “රට යනවා පර දේසෙට - අපි යනවා පර ලෝකෙට
    අන්තිමේදි බලපුවාම අන්දරේල අපි සේරම....“

    ReplyDelete
    Replies
    1. මේ වගේ දෙවල් වලින් සිද්දවෙන්නේ අලුත් පරම්පරාවට මේ දේවල් ගලාගෙන යාම හීන වෙන එකයි..පොදුවේ ගත්තහම අපේ ශිෂ්ටාචාරයේ පැවැත්මට එය ලොකු හානියක්

      Delete
  11. රුපියල් 50ට තිවුන බටපතුර නුගේගොඩට යද්දි 85යි අප්පා
    ඒත් කිව්වත් වගේ ගමෙන් නගරෙට ආපු පලියට රුපියල් 50ට 85ට වෙසක් කූඩුවක අරමුණ යට කරන්න පුළුවන්ද...සල්ලි කියලා බලන්නැතුව මාත් හැදුවා වෙසක් කූඩු..!!

    ReplyDelete
  12. ගමෙන් නගරයට එද්දී අපිට ගොඩක් දේ මග හැරෙනවා....අහපව් හැරිලා බලද්දී වෙලාවකට හිතෙනවා අපි නගරයට ඇවිත් ලබා ගත්තු දේට වඩා නැති කර ගත්ත දේ වැඩියි නේද කියල....මම නම් ඔන්න වෙසක් කුඩු හැදුව...එත් නගරේ ඉන්න බොහොම දෙනෙක් කඩෙන්නේ ඕව ගන්නෙ.එත් බට පතුරු ටිකක් හරි,බිම බට හරි සල්ලි දීල හැරි ගෙනත් පොඩි එවුනුත් හවුල් කරන් වෙසක් කුඩුවක් දෙකක් හැදුවොත් හොදයි නේද,දරුවන්ගේ නිර්මාණශීලි ශක්තියත් වර්දනයට එක පිටුවහලක් වේවි...
    කුඩු ගැන කතා කලොත්,ගොඩක් දෙනෙක් ඕවට ඇබ්බැහි වෙලයි ඉන්නේ...නිවැරදි මාර්ගෝපදේශනයක් ලැබුනොත් ඒ අයව යහපත් මාර්ගයට ගන්න පුළුවන්.හැකි නම් එවන් අයව එවැනි මාර්ගෝපදේශනයක් ලබා ගතහැකි තැනකට යොමු කරන්න...කුඩු කාරයෝ කියල සමාජයෙන් කොන් කරලා දානවට වඩා ඒක තවත් වටිනා ජිවිතයක් සමාජයට එකතු කිරීමක් වේවි.....

    ReplyDelete
    Replies
    1. යහපත් විදිහට හිතන තව එකේක් අඳුන ගන්න ලැබිම සතුටට කාරණයක්...ජය

      Delete
  13. වෙසක් කුඩුවට ගියපු කල. අපේ ගමේ ඉස්සර වෙසක් දවස පහුවෙලා දවස් දෙකක් වගේ පහන් වැටි පත්තු කරනවා. එත් දැන් දැන් ඒ පහන් වැටි පත්තු කරන එක වෙසක් දවසට විතරක් සීමා වෙලා. වැරැද්ද මිනිස්සුන්ගේද නැත්තම් ආර්ථිකයේද ?

    අර මනුස්සයට දවසට 3000 ක කුඩු බොන්න ඕනේ නම් මිනිහගේ මාසික ආදායම කොහොම වෙන්න ඕනෙද අප්පා. ඒ මනුස්සය හොරෙක් මංකොල්ලකාරයෙක්ද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මහන්සි වෙන නාට්ටාමි කෙනෙක් දවසට ඔය වගේ ලොකු ගානක් හොයනවා තමයි. ඒත් ඔය කුඩු ගැහිල්ල වගේ වැඩ වලට ගියාම ඒ මනුස්සයාගේ අතේ ඉතුරුවෙන සල්ලියක් නෑ. ඒ හින්දම තමයි ඒ මනුස්සයා හැමදාම එක තැන.

      Delete
    2. හරියට හරි එක තමයි ඇත්ත තත්වෙ...අනික මම අහල තියෙන විදිහට කුඩු විකුනන්නේ කාල් විදිහට කුඩු විකුනන අය කිලො එකේ පැකට් කාල් කියන අනුපාතයට පොඩි පැකට් හදනව අන්න ඒ එකක මිල රුපියල් 1000 කට වැඩි ඉතින් ඔකට දරුනු විදිහට ඇබ්බැහි වුන කෙනෙක්ට රුපියල් 3000ක් යනව කියන එක හරි ඇති..නමුත් එක නෙමේ ප්‍රෂ්නේ ඔය කාලකන්නි කමෙන් මේ මිනිස්සුන ගොඩ ගන්නේ කොහොමද කියන එකයි....

      Delete
  14. මාතෘකා කීයක් ආවරනය කරලද! කූඩුයි කුඩුයි දෙකම!!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මා ලද අත් දැකුමක හරස් කඩක් සහෝ

      Delete
  15. කූඩුයි කුඩුයි දෙකම පෙනෙන්නේ එක වගේ වුනාට හරියට අහසයි පොළවයි වගේ! ඒ වුනත් මොකඛරි දුක්බර කතාවක් තියෙනවා ඒ හැමෝම ළඟ!

    ReplyDelete
    Replies
    1. ඔව් සැඟ වෙච්චි තිත්ත කතාවක් ඇති...

      Delete
  16. දැන් කූඩු හදන්න බට වෙනම, හදපු කූඩු වෙනම, අලපුවා වෙනම, වගේ වර්ෂන් තියෙනවා බං.. මාරයි..

    එන්.එස්.බී යනව කිව්වම රාජ්ට මල දෙපිටින් යන්න ඇති..

    ජය..

    උබල වැඩක් නැහැ බං බොරුවට නම්බර් සේව් කරගන්නවා. කෝල් කලාම කවුද කියල අහනවා.. :පී

    ReplyDelete
    Replies
    1. උඹේ අර ඩිස්ප්ලේ නැති ෆෝන් එකට මෙසේජ් එකක් එව්වා නම් හරිනේද?

      henryblogwalker the Dude

      Delete
    2. අනේ නෑ බං ...එහේම ආවෙගයක් සිතට ආවේ නෑ....

      හැබැ පුතො මගේ කසිප්පු වලින් මටම ගහන කොටනම්...අම්මපා..හිටු වෙලාවක විජේරාමෙට එන්ඥා....හික්ස්..ජය

      Delete
    3. @henry - ය‍කෝ ඒක ‍දොදුගේ ෆෝන් එක ;)

      @රාජ් - උබ විජේරාමෙ එද්දි අපි ගාල්ලේ.. හිකිස්.. විස්තර පසුවට.. ජය !

      Delete
  17. බටේ 50 ක් වෙනවා කිවුවහම මම හිතුවේ වෙන බටයක් ගැන.

    හැමෝටම ඉතින් බට වවන්න බැහැනේ ඒත් සල්ලි දීලා බට අරං ගෙදර කූඩුවක් හදන එක ඇඟට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මාත් වැරදි බටයක් හිතුවේ !

      Delete
    2. බට කවුරුත් වවන්නෑ බං ඔව ඉබේ වැවෙනව.වැඩේ තියෙන්නේ ඉබේ වැවෙන ඒවා කපන් ඇවිත් විකුණන කොට මිලක් ඇඩ් වීමයි...එක අතකට කමක් නෑ බං කාගේ හරි බඩ වියත රැකෙනවනේ....

      ආ..මේව්ව කොල බට මචො..හික්ස්

      Delete
  18. බීම බට වලිනුත් කූඩු හදන නේද ? :)

    ReplyDelete
  19. මම දන්නෙත් නෑ ඉතින් උණ බට කූඩු හදන්න.... කාඩ්බෝඩ් එකක් හැදුවා ග්ලාස් පේපර්ස් දාල....

    ReplyDelete
    Replies
    1. ඒත් කමක් නෑ...මොනව හරි නිර්මාණයක් නේව...සංතොසයි නේ

      Delete
  20. අපට නම් ඔය කිසි අවුලක් නෑ. ගග අයිනේ බට පඳුරු තියෙනවා. ඉඩමේ රබර් ගස් වල ඔට්ටපාළු තියෙනවා. ඕක කපලා සුද්ද කරලා ගැට ගහලා හදන්න තියෙන කම්මැලිකම තමා අවුල.:(

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු ලඟ තියෙන කොට අගේ නෑනේව....අම්මපා..

      Delete
  21. කූඩු නං ගොඩක් හැදුව. කුඩු ගැන ඕන්නං මෙතනින් බලන්න.

    ReplyDelete
    Replies
    1. එළ..... ඔක ඉතින් මමත් කියේව්වා නේව...

      Delete
  22. අපේ ඉන්දරේ හදනවා කූඩු බට හෝ වෙන සැකිල්ලක් නැතුව ජපන් 'ඔරිගාමි' ක්‍රමේට. ඊළඟ වෙසක් එකට ඉස්සෙල්ලවත් පෝස්ට් එකක් දාන්නම් එහෙම කූඩු හදන විස්තරේ ඇතුව.

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් ඔබා මාමේ දැනුවත් කිරිම් ඉතා වටිනව....

      Delete
  23. හම්මටසිලි අපේ ගෙවල් පැත්තෙ ආවනම් බට නිකන් ගන්න තිබුනා...

    ReplyDelete
  24. ඉල්ලුවනං බට දෙනවනෙ ඇති වෙන්න :D :D

    ReplyDelete
  25. ඉස්සර අපේ වත්ත පහලත් බට පඳුරු තිබ්බ අපි නම් හැමෝටම දුන්න ඒ කාලෙ...හැබැයි උණ ගස් නම් වික්කා........

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...