Tuesday, April 24, 2012

මෙක කාගේ අවධානයටද දාන්නේ අම්මපා....



තිබ්බ අන්තිම ෂොට්ලිව් එකත් දාගෙන ඔෆිස් එකෙන් එලියට බැහැල 140ක එල්ලුනේ මරිය කඩේට යන්ඩ..ආ මරියකඩේ කිව්වේ මරදාන පැත්තට ආයිබොවං..අපේ කොල්ලන්නේ කෙල්ලන්ගේඅවුරුදු උත්සවයක් තිබුනනේව පහුගිය දොහේ..එකේ පොඩි වැඩකට තමා ඔය කියන පැත්තට ඇදුනේ...

  කොළඹ නගර සභාවට අයිති විනොදාංශ සහ ක්‍රිඩා කටයුතු අංශය තියෙන්නේ මරියකඩේ පොදු වෙලඳපොල ගාව තියෙන බිල්ඩින් එකේ...කොළඹ නගරය සුන්දර කරන වැඩ සටහන් කොච්චර ක්‍රියාත්මක උනත් නගර සභාවේ මේ ගොඩනැගිල්ලි වලට නම් ඒ ක්‍රියාකාරකම්වල හුළඟක්වත් වැදිල නැති බවක් තමයි දකින්නට තිබුනේ...මේ අවුරුදු කාලයේත් ගොඩනැගිලි වල පිටත මෙන්ම ඇතුළතත් කිසිම පිළිවෙලක් නැති අඳුරු ස්භාවයක් තමයි දකින්නට ලැබුනේ...
    
රාජ්‍ය ආයතනවල වැඩකරන සේවකයන්ගේ ගති පැවතුම් පිළිබඳව මටත් යම්කිසි අත්දැකිමක් තිබෙන නිසා..මේ ආයතන මන්දගාමීව ඉදිරියට යෑම ගැන ඇත්තේ අපැහැදිලි චිත්‍රයක්..කෙසේ වෙතත් අංශය පුරා සෙවකයන් තුල අවුරුදු සිරි ඉසිරි කලබලකාරී වාතාවරණයක් පැවතියත්... මා ආ කාරණය පැවසු සැනින්, ඒ පිළිඹඳව කටයුතුකිරිමට තරම් කාර්‍යමණ්ඩලය කාරුණික වූනා...

නමුත්...

 " මහත්තයෝ මේ බිල ටවුන් හොල් එකට ගෙවලා..රිසිට් එක මෙහෙට ගෙනත් පෙන්නන්න... එතකොට අවසරය සහතික කරල දෙන්නම්..."

ෂොට්ලිව් එක දහවල් කෑම පැයත් අලලාම දැමු බැවින්...ගොඩය නැතිනම් අනිවා හාෆ්ඩේ එකකට කෙලවෙන්නේය...

 රටේ ප්‍රධාන නගරයේ ඇති වැදගත් මහජන අවශ්‍යතා ඉටුකරන ආයතනයක එක් එක් අංශ්‍යයන් වර්ථමානය වන විටත් එක් වහලක් යටට නොගෙන මෙසේ විවිධ තැන්වල ස්ථාපිත කොට තැබිම කෙතරම් ප්‍රායෝගිකද යන්න සලකා බැලිය යුත්තකි.

පවතින රජයන්ට මේ පිළිඹඳව කෙලින්ම ඇඟිල්ල දිගුකිරිම කෙතරම් සාධාරනද යන්න කෙසේ වෙතත්..රාජය ආයතන පාලකවරුන් මේ සම්බඳයෙන් මීට වඩා ධානාත්මක ඇසකින් බැලිය යුතුය යන්න මාගේ හැඟීමයි. වර්ථමානයේ කාලය ඉතා වටිනා සම්පතක් බවට පත්වී ඇති වටාපිටාවක, රටේ ජනතාවට තම අවශ්‍යතා අඩු කාලසීමාවක් යටතේ ඉටුකරගැනිමට අවශ‍ය පහසුකම් සැලසීම ආයතන පාලකයන්ගේ වගකිමයි. විශේෂයේන් රාජ්‍ය අංශයන්හි රාජකාරි කිරිමේදී සේවකයන්ට තම රාජකරිය මනාව ඉටුකිරිම සඳහා සෑම අංශයකින්ම හිතකර පසුබිමක් සැකසීමද අංශ පාලකයන්ගේ එක් වගකීමකි.  

  ඔබ කොළඹ සැරිසරන විට ...යම් හෙයකින් ඇස්වාට්ටුව පසුකරමින් කොළඹ විශ්වවිද්‍යාලය දෙසට හෝ සතුටු උයන පසුකරමින් පිටකොටුව දෙසට ගියහොත් ඇසගැටෙන මහඟු ගෘහ නිර්මානයකි කොළඹ නගර ශාලාව..

  අදාල ගෙවීම් සිදුකිරීමට මා එහි ඇතුල්වීමි. ඉදිරිපස දොරටුවේ නිලධරයන්ගේන් තොරතුරු විමසා හරි පාර දැන ඉදිරියට ගියෙමි. මට සිතුන පරිදී අතීතයේ යම් කිසි දිනක වෙනස්වීම් සිදූවූවාට පසු අද තව වෙනතුරු මේ පරිශ්‍රය අභ්‍යන්තරය අලුත් වැඩියාවකට භාජනය වූ සොරුපයක් දක්නට නැත..බොහො අංශයන් ආවරනය වී ඇත්තේ පරණ කබඩ් වලිනි..
   
ශරීරයේ අන්ත්‍ර එලියට ඇද දැමූවක් ලෙසින් ආයතනයේ දුරකථන රැහැන් අභ්‍යන්තර විදුලි සැපයුම් රැහැන්  විසල් කුලුනු වටා එති එල්ලෙමින් ජනිතකලේය දුක්මුසු හැඟීමකි.. කාර්යාල ලීමෙස වලට බරදී..ජේෂ්ඨ ලිපිකරුවන් කිහිප දෙනකු කිරාවැටෙමින් සිටියේ, උදැසන ආහාරයේ බරගතිය වැඩිවිමෙන් දෝ..නැතිනම් අලුයම ගේදොර වැඩකටයුතු ඉටුකිරිමෙහි ලා ඇතිවූ විඩාව නිවා ගැනිමටදෝයි යන සැකය මසිතෙහි උද්දීපනය කරමිනි...

කෙසේ වෙතත් නව පත්වීම් ලබා මුදල් කවුලුවල රාජකාරියේ යෙදි සිටි නිලධාරින් මාගේ අවශ්‍යතාව ඉක්මනින් ඉටුකර දීමට යුහුසුළු විය.. ඇත්තෙන්ම ඒ නම් පැසසිය යුක්තකි..නමුත් ඔවුන් සේවයේ මුහුකුරා යද්දි පැරණි සමහරක් සේවකයන් මෙන් අකාර්‍යක්ෂමය නැමති යක්ෂයාට ගොදුරු වේදොයි යන ජුගුප්සා ජනක හැඟිම මසිතේ ජනිතකලේය. 

දහවල් කෑම පැය ගෙවියාමට මත්තේන් කාර්යාලයට යැමේ අරමුනින් මා නගර ශාලාවෙන් පිටවිමි.


50 comments:

  1. අමුතු විදිහටනේ ලියන්නෙ මලය.. ඈ..?
    කැමති හිතේ කියවන්ට...
    - ජය -

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියා බොහොම ස්තුතී...

      Delete
    2. අන්න මතක් වුනා නම ....
      22 අවුරුදු උත්සවයෙදි දැකල පුරුදුයි කියල හිතුන කෙනෙක්ව දැක්කත් හරියටම නම මතක් වුනෙ නෑ.
      තිස්ස මහත්තයා ... සමාවෙන්න ඕන එදා අඳුනගෙන කතාකරන්න බැරි වුන එකට...
      රාජ් මලයත් සමාවෙන්න ඕන පෝස්ට් එකට අදාළ නැති කමෙන්ටුවක් මෙතන දැමුවට ....

      Delete
  2. දැන් බොහොමයක් ආයතන වල වගේ මුදල් ගැනීම බැංකු වලට භාර කරා නම් හරි(එහෙම කිව්වේ නගර සභාවට ආසන්නයේම තියෙන බැංකුවේ වැඩ කරන නිසා නොවේ). එය කාලීනව බොහෝ ආයතන සුදු කරන්නේ එම ආයතන වලට එනිසා අනවශ්‍ය පිරිවැයක් ඉතිරි කර ගැනීමට හැකි නිසාය. බොහේ ආයතන (රාජ්‍ය පවා) දැන් අන්තර්ජාල ගෙවීම් සඳහා ජනතාව දිරිමත් කරයි. උදාහරණයකට රේගු දෙපාර්ථමේන්තුව එම ආයතනයට ගෙවිය යුතු මුදල් අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීම්ට කටයුතු යොදන බව පුවතක දුටිමි. එසේ කල විට ඔවුන්ගේ ගිණුමටම මුදල් බැර වන නිසා රැගෙන යාමේදී ඇති අවදානම් බව හා අක්‍රමිකතා අඩු වීමට හේතු වේ. දැනට ඇති අනිත් ක්‍රමය නම් එම ආයතන තුල බැංකු වල සේවා මධ්‍යස්ථාන පිහිට වීමයි. දැනට රේගුව, ආර්.එම්.වී, වරාය.

    ReplyDelete
    Replies
    1. මුදල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් යම් සතුටුදායක තත්වයක් තිබුනත් ඕක හැමවිටම හරියන්නෙ නෑ. මොකද රජයේ කාර්යාල කිට්ටුව බැංකු නැති නිසා. ලක්ෂ ගනන් මුදල් ගන්න අවස්තා වලදි අපිත් සමහර වෙලාවට පාරිභෝගිකයන් බැංකුවට යවනව(ව්‍යාජ මුදල් පරීක්ෂාවක් හරියට කරන්න බැරි නිසා). ඒත් බලන්න ඕන සේවා දායකයගෙ පහසුව. අනිත් අතට මම වැඩකරන කාර්යාලයේ බැංකු ගිණුම තියෙන්නෙ මහජන බැංකුවෙ. එතකොට අපිට දවසකට එන පිරිස බැංකුවට යැව්වොත් බැංකුවෙ අයට වෙන වැඩක් කරන්න බැරි වෙනව.

      Delete
    2. අඩේ මහජන බැංකුවෙද වැඩ..මම ඉතිරි කිරිමේ බැංකුවේ නොවැ..

      Delete
    3. ඉතින් කමක් නෑනෙ බං ...
      ඔය බැංකු දෙකම ලඟ නෑයොනෙ ...

      Delete
    4. :පි අඩා දෙන්නම බැංකු වලද :)

      Delete
    5. ඔන්න ආයි පටලොගන්ඩ හදනව ඔයකියන්නේ මායි..ඇවිද්ද පයයි ගැන

      Delete
    6. නමුත් සටන පාවාදෙන තත්වයක් පෙන්න තියෙන්නේ බලමු...

      Delete
  3. රට දියුණු වෙන්න නම් මෙ වගෙ රාජ්‍ය අායතන දියුණු වෙන්න ඔනෙ...

    ReplyDelete
  4. රාජ් අයිය එක්ක කතා කොරන්න බැරි වුනානෙ ඊළඟ පාර අනිව කතා කරනව ඇවිල්ල......ආහ් ලංකාවෙ රාජ්‍ය ආයතන ගැන කතා කරන එක විහිලුවක්නෙ රාජ් අයියෙ......

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලත් කතා කලේ නැද්ද! අපි එහෙනං නාව එකමයි හොද. :)

      Delete
    2. හරි හරි මාත් වැරදි කොහේද පස්ස ගිනිගත්ත එකා වගේ එහේ මේහේ ඇවිදින එකනේ කලේ..අවුලක් නෑ පස්සේ සෙට්වෙමු..

      Delete
    3. අනේ එහෙම ලොකුකමකට නෙවෙයි රාජ් අයියෙ.....මම ආවෙත් පරක්කු වෙලා ඒකයි....ඊළඟ පාර ආවම අනිව කතා කරනව.......

      Delete
    4. //එහේ මේහේ ඇවිදින එකනේ කලේ..//

      රාජ් වැඩක් කරල නැහැනේ.. බොරුවට ඇවිද ඇවිද ඉදලා.. හිකිස්.

      Delete
    5. යකො කට කට කාටහරි ඇහෙහි....

      Delete
  5. අනිවාර්යෙන්ම මේවගේ දේවල් නිවැරදි වෙන්න ඕන. එක් රාජකාරියක් සම්බන්ධයෙන් ස්තාන දෙකකට යන්න වෙනව කියන්නෙ මහ විකාරයක්. කාර්යාලයක් පිහිටුවීම/පිරිසැකැස්ම කියන කාරණයේදී මූලිකවම අවධානය යොමුකරන දෙයක් තමයි කාල වේලාව ඉතිරි කරගැනීම. එතනදි එක් කාර්යක් ඉටුකරගන්න අවශ්‍යකරන සියලුදෙනා පුළුවන් තරම් කිට්ටුව ඉන්න ඕන. මේව මූලිකම නීති. ඒව කඩවෙනව කියන්නෙ කාර්යක්ෂමතාවය ගැන කතාකරල වැඩක් නෑ.
    රාජ්‍ය සේවකයන්ගැන නං මං ඕන තරම් කියල ඇතිනේ. පැරණි සේවකයන්ට සාපේක්ෂව අලුත් අය කාර්යක්ෂමයි.

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ එහේම තමා වෙන්ඩ ඔන...

      Delete
  6. අඩේ අප්පා.... රාජ් අයියා ෂෝට් ලිවි දාලා ගිහින් බලලා තියෙන දේවල්... හොද වෙලාවට ඒ විදියට ගියෙ. නිවාඩු දාලා ගියානම් පෝස්ට් 3-4ක් ලියන්න වේවි. මොකද හැම රාජ්‍ය ආයතනයක්ම වගේ දැන් පණ අදින තත්වයේනෙ තියෙන්නේ.... (එහෙම නැති කීපයකුත් තියනවා...)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ පණ අදින තැනින් ගොඩ ගන්න එක.. ඒ ඒ ප්‍රධානින්ගේ වගකීම...ඔක රජයේ ආයතන වලට පොදු කරුණක්..

      Delete
  7. සෑහෙන මහන්සි වෙලා තියනවනේ...කොහොම උනත් හොද වැඩකටනේ..
    ඔය රාජ්‍ය ආයතන ගැන නම් කතා කරලා වැඩක් නෑ අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. ස්තුතී...නමුත් රාජ්‍ය ආයතන වලට අලුතෙන් එන සෙවකයන්ට නව පනක් දීලා ඉස්සරහට ගත්තොත් අනාගතේ රාජ්‍ය ආයතන වලට වරදින එකක් නෑ

      Delete
  8. තව කල්යන කොට ඕවා නෙට් එකෙන් කරගන්න පුළුවන් වේවි!

    ReplyDelete
    Replies
    1. දැන් උනත් පුළුවන් කරන්න ඔනනම්

      Delete
    2. ඔව් පාස්පොට් ඔෆිස් එක වගේ සමහර ආයතන නව තාක්ෂණය භාවිතාකරනව..

      Delete
  9. තව කොච්චර නම් අපි හැදෙන්න ඕනෙද. මං හිතන්නේ අපට සෑහෙන කාලයක් යාවි. සමහර විට තව පරම්පරා දෙක තුනකින් වත්.....අපි බලමු

    ReplyDelete
    Replies
    1. අනිවා මම කියන්නේත් අවශ්‍යකරණ පහසුකම් දීලා සෙවකයන් දෛර්යමත් කරලා අනාගතේ රාජ්‍ය ආයතන සාර්ථකත්වයේ හිනි පෙත්තට ගෙන්න ඔන

      Delete
  10. අනෙ අම්මේ ලංකාවෙදි නම් වැඩක් කර ගන්න යනව කියන එක භයානක හීනයක්....!!

    ReplyDelete
    Replies
    1. එහේම කියන්න එපා අපි අපේ රට ඉදිරියට ගෙනියන්න හරි විදිහට ට්‍රයිකරන්න ඔන

      Delete
  11. මෙතන තියෙන්නේ ඒවගේ අකාර්යක්‍ෂම ආයතන වලින් එකක් විතරයි ඒත් තව කියාක්‌ තියේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත අතීතයේ වැරදි අනාගතයට ගෙනියන්නැත්නම් තමා හොඳ නේද මචො

      Delete
  12. මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න ඕනේ මචං..

    කස්ටිය රජයේ රැකියා හොයන්නේ ඇයි.. ?? නිකං ඉන්න බලාගෙන.

    ReplyDelete
    Replies
    1. නැ බං ඒක සම්පූර්ණ ඇත්තක් නෙවෙයි....හුගාක් උන් රජයේ රැකියා හොයන්නෙ සුරක්ෂිතතාවය ගැන සලකලා.
      අනිත් එක නවාතැනේ රාජ් කිව්ව වගේ අතීතයට සාපේක්ෂව රජයේ සේවකයා දැන් කාර්යක්ෂමයි.5S හරි මොන බම්බුවක් හරි ගෙනල්ල ඒ වැඩේ කරලා තියෙනවා

      වෙනස් කරන්න ඕන පැරණි ආකෘතියයි.

      Delete
    2. හරියට හරි සුරක්ෂීත තාව තමා දැඩිව බලපාන්නේ...ඇත්තේන්ම පරණ ආකෘතිය වෙනස් වෙනවනම් මේවා මීට වඩා වෙනසක් ඇති වේවි

      Delete
  13. ඔය කොළඹ නගර සභාව ගැන වැඩසටහනක් කලා slida එකේ 2008/10 MPM Batch එක. නමුත් ඒ යෝජනා හමස් පෙට්ටියට තමයි ගියෙ.

    ReplyDelete
    Replies
    1. එකනේ සහෝ නිලධාරි වාදය සහ දෙශපාලන බලපැම් මත වෙනසක් කරන්න හදන අයටවත් ඒදේ කරන්න අමාරුයි

      Delete
  14. මොකද කියන්නේ ඔය බිල්ඩින් එකටත් ප්ලේන් එකක් යවමුද???

    ReplyDelete
    Replies
    1. බිල්ඩිම මොනාකරන්නද මචො..ඇතුලේ ලොකු පුටුවල ඉන්න එවුන්ගේ මොලේට මොකක් හරි යැවුවනම් තමා අගේ

      Delete
  15. දැන් ඔය අලුත් උපාදිධාරි කොල්ලෝ කෙල්ලෝ ටිකක් ආණ්ඩුවේ කන්තෝරු වල වැඩ කරන හින්දද කොහෙද ඉස්සරට වඩා නම් කාර්යක්ෂම ගතියක් තියෙනවා. ඉස්සරට වඩා අලුත් තාක්ෂණයත් පාවිච්චි කරනවා. මේ ලගදි මම ගියා අපේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට. ඉස්සර තිබ්බ එක ගොඩාක් දුරට වෙනස් වෙලා. කට්ටිය අලුත් තාක්ෂනෙට වැඩ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචො ඒක හොඳ ප්‍රවනතාවයක්...ඔය තත්වය ඇදවැටෙන්නැතුව ඉදිරියට ගෙනයන්න කවුරුත් සප් එක දෙනවනම්..අනාගතේ මිටවඩා සුබදායක වෙයි

      Delete
  16. වැරදි ටික හිත නොරිදෙන ගානටම පෙන්නල..... අහිංසක විදියට......

    මෙ ක්‍රමේ අපේ කට්ටියට දිරවයිද මන්දා......

    ඔය ප්‍රෂ්නෙට කරන්න තියෙන්නේ.... අර උඩ කමෙන්ට්වල තියෙන්නැහේ ගෙවීම් ලඟම තියෙන බංකුවකට අනුයුක්ත කරන එක තමයි..... ඔන්ලින් සිස්ටෙම් එකත් හොඳයි.... හැබැයි ටිකක් කල් යයි....

    ඔය පුරවන්න තියෙන පෝරම එහෙම ඉන්ටර් නෙට් එකෙන් ඩවුලෝර්ඩ් කරල පුරවගෙනම යන්න පුලුවන් විදියෙ වැඩපිළිවෙලක් දියත් කළොත් තවත් ලේසියි.... ( සහතික කිරීම් කරගන්න අවශ්‍ය පෝරම ගන්න දවසයි බාරදෙන්න දවසයි ඔක්කොම දවස් දෙකයි )

    ඔය හැමදේම ක්‍රියාත්මක වෙන ආයතනත් ලංකාවෙ තියෙනවා.... ආදායම් බදු දෙපාර්තමේන්තුව වගේ... හැබැයි එහෙම තිබ්බයි කියල රස්තියාදුවෙ අඩුවක් නෑ....

    ඒවගේම මම පහුගිය කාලෙ රෙදි පිළි පංගු මණ්ඩලයත් එක්ක කටයුතු කලා.... රජයේ අනිත් ආයතන වලට සාපේක්ෂව කාර්‍යක්ශම සේවයක් ලබාදෙනවා.... ස්තුතිවන්ත වෙන්න ඕනෙ ඒ ආයතනවලට

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත සමහර ආයතන හොඳ මහජන සේවයක යේදෙනව...අනිත් එවත් ඒ මට්ටමට එනවනම් කෙතරම් හොඳද

      Delete
  17. මෙතන තියෙන්නේ නිලධාරින් වැඩ නොකරන එක නෙමෙයි එහෙම එවුනුත් කිහිප දෙනෙක් ඇති මං කියන්නේ බහුතරය ගැන අපි තාම කරගහන් යන්නේ සුද්දා අපිට නිදහස දෙනකොට තිබුන නිති රිති ටික තමයි සුද්දා ඔවා හැදුවේ උන් අතේම බලය තියා ගන්න ඔන නිසා අපි තාමත් එවා කරගහන් දුක් විදිනවා 

    දැන් බලන්න එකම දෙට ආණ්ඩුවේ චක්‍රලේක කියක් නම් තියෙද කියලා අර රේගුලාසි කියයි මේ රේගුලාසි කියයි වැඩක් කරන්න ගියාම ඔය ඔක්කොම බලන්න වෙනවා එකක් හරි මිස් උනොත් එක පාස් කරපු නිලධාරියා ඉවරයි 

    මේවා මේ එක ආයතනයකට එක පුද්ගලයෙකුට විතරක් හදන්න බැ මුලු රාජ්‍ය සේවයම ප්‍රතිව්‍යහුව ගත කරන්න ඔන අන්න එත කොට තමයි අර නිලධාරි වාදය එන්නේ මොකද ආයතන ප්‍රතිව්‍යහුව ගත කරන කොට ආයතනයේ කිහිප දෙනෙකුගේ රැකියා නැති වෙන්න පුලුවන් මොකද නවින තාක්ෂණය සම්බන්ඳ කලාම කිහිපදෙනෙක් කරන දෙයක් තනි පුද්ගලයෙකුට කරන්න පුලුවන් වෙනවා

    මට මතක් වෙනවා අපි එක පාරක් රාජ්‍ය ආයතනයකට ගියා මුලු ආයතනයම පරිගණක ගත කරන්න ලෝක්කා එක්ක ඔක්කොම කතා කරලා එලියට එන කොට කිහිප දෙනෙක් ඇවිල්ලා අපිට කතා කරා උන් අපේන් අහනවා මල්ලි උඹලා අපේ JOB එකට කෙලින්නද හදන්නේ කියලා ඔහෙම දවස් 2-3ක් යන කොට ආයතනය වැඩේ අතඇරියා සේවක විරෝධය නිසා එතකොටත් සැහෙන්න ගානක් වියදම් වෙලා වැඩෙට 

    දැනුත් තාම පරිගණක ගත කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයට අයිති ආයතන ටික විතරයි අනිත් ඒවා කවද වෙයිද කියලා තමයි අපිත් මේ බලන් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. මෙහේමනේ මචො..අපේ රටේ දැනට තියෙන රාජ්‍ය අංශයේ සංස්කෘතියට අනුව..ඔය වෙනස එකපාරටම කරන්න අමරුයි..නමුත් ආයතන වෙන් වෙන්ව ගත්තහම ටිකෙන් ටික ඔයදේ සිද්දකරන්න පුලුවන්නම් මම හිතන්නේ ඒ ක්‍රමය වඩා පහසුයි..ඔබ හරි ආයතනයක් ගත්තහම යහපත් සහ අයහපත් කල්ක්‍රියාවන් ඇති පුද්ගලයන් සිටිනව..නමුත් ඉහලම තලයේ සිටින නිලධාරින් හරි මිනිහව හරි පුටුවට දානවනම් තත්වය යහපත් වෙනවනේ

      Delete
  18. මම නම් කවදාවත් ඔය ටවුන් හෝල් එක ඇතුලට ගිහින් නෑ, නමුත් මගෙ ප්‍රියතම ගොඩනැගිල්ලක් පිටතින් බැලුවාමනම්.
    ආන්ඩුවෙ කන්තෝරුවකට ගියොත් නම් කලකිරීම හැර වෙනත් දෙයක් ලැබෙන්නෙ කලාතුරකින්. සමහර පුද්ගලික ආයතනත් එහෙමනෙ.

    මොනවා කිව්වත් හුඟක් ආයතන වල පරන කබඩ්වල ගොඩ ගහපු දූවිල්ලෙන් වැහුන කහ පාට පරණ ෆයිල්. බිමත් ෆයිල්, මේස උඩත් ෆයිල්. නිදිමත ආකල්ප, මන්දගාමී සේවය. අන්තර්ජාල, පරිඝනක? විහිලු කරනවද?

    ඔය කියන ආකල්ප වෙනස්වෙලා කාර්‍යක්ෂම වෙනකල් අපි තව අවුරුදු කීයක් බලා ඉන්න ඕනෙද? අපි දැනට මුළු ජීවිත කාලයක් බලන් ඉඳලා තියෙනවා...

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දැන් නම් මචො නවක සෙවකයන්ගෙන් පොඩි පහේ ජවයක් පෙන්නුම් කරනව බලමු තව ටිකක්

      Delete
  19. මොනා කරලා හරි අයියා 22 ගිහින් නේ... ඒක කොච්චර දෙයක්ද? මට නම් දුකේ බෑ....

    ReplyDelete
    Replies
    1. ඉගාව එකට සෙට්වෙමු නංගී

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...