Wednesday, April 11, 2012

දුර්ඝ මැදින් දුවිලි ඇල්ලට...ගමනක අවසානය.........


ඈතීන දුවිලි ඇල්ලේ බොඳවුන සුන්දරත්වය දකින කොට.. එතනට යැමේ උවමනාව තවත් වැඩි උනා කිව්වොත් හරි...

  
වල්පොල මුල්ල කන්ද බහිනකොට පොඩිපහේ ලස්සන තැනිතලාවකට අපි පැමිණියත්, මේ තැනිතලාව පහුකලාට පස්සේ සීග්‍ර බැස්මකට තමයි අපි සෙන්දු උනේ.. නිතරම මිනිසුන් නොගැවසෙන හෙයින් මේ කැලයේ පැහැදිලි අඩිපාරක් දක්නට ලැබුනේ නැහැ..වැස්සට සුළඟට හැමවිටම කැලය වෙනස් වෙනව..විටෙක මහ රූස්ස ගස් කඳන් යටින් වගේම උඩිනුත් අපට පාර හදාගන්ඩ සිදුවුනා...





  ආගරත්න මාම හැමවිටම අපව දෛර්යමත් කලා ගමන ඉක්මන් කරන්නට...මන්ද කැලයට ඉක්මනින්ම රැ බොවෙනව..අතුපතර විහිදුන මහ රූස්ස කැලය තුලට හවස්වෙන්ට වෙන්ට හිරුඑලිය පතිත වීම බාලවෙනව...



 වල්පොලමුල්ල කන්ද පහලට තිබුන බැස්ම බැහැගෙන ඇවිත් නතර උනේ තරමක් ලොකු දොල පාරක් ගාවින්..මේ දොල පාරේ වතුර හරිම සිසිල්..ඒ වගේම අපි ගමනේදි අද්දැකපු කාරනයක් මේ වතුර උගුරක් පානය කරල බොහො දුර ගමන් කරන්න පුලුවන් බව..කාබනික ගතිය ටිකක් වැඩි නිසා ඒ ලක්ෂණ ඇතිවෙන්ට ඇතිකියල තමයි අපිට හිතුනේ..



  දොලපාරෙන් විඩා නිවාගත්ත අපි ඉලඟ දුර්ඝය වෙත ලඟා උනා ඒ කලුපහන කන්ද.. මගදි ආගරත්න මාමා කිව්ව විදිහට මේ කන්දේ සුද්දෙකුගේ පොල්වත්තක් තිබිල තියෙනව...දැන්නම් කනාටු වෙච්චි පොල්ගස් දෙක තුනක් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ..නමුත් බදන්ඩ බැරි විශාල මාර ගහක් නම් අපූරුවට කැලේ මැද්දැවේ වැවිලා තිබුනා...


  
  දවල් වෙල ගමන් කරන ගමන්ම අනුභවකල අපට හැන්දැවේ 5 විතර වෙනකොට කලු ගඟ ගාවට එන්න පුලුවන් උනා..වැඩිපුර හැන්දැවෙලා තිබුන නිසාත් අපේ ගමන් සගයන් කිහිප දෙනේක් යම් යම් ආබාධ වලට ලක්වෙලා හිටිය නිසත් තරමක චකිතයකින් තමයි අපි හිටියේ..



  දුහුවිලි ඇල්ල කඩාහැලේන කදුවැටිය සහ කලුපහන කන්ද අතරින් තමයි කලුගඟ ගලන්නේ...අනේක් දොලවල් වලට සාපෙක්ෂව මේ ගඟේ ඉවුරු දෙපස දරුනු විදිහට බැවූම් වෙලා තියෙන්නේ, ගඟට බහිනකොට හතර පයම උදවුකරගන්න සිදුවුන අවස්තා තිබුනා..ඒ වගේම විශාල ගල් කුට්ටි මතින් තමයි අනෙක් ඉවුරට සෙන්දු වෙන්නට තිබුනේ..වැහි කාලයකනම් මේ හරහා යන එක අතිශය අමාරු කටයුත්තක්...

  ඒ වගේම තමයි මේ කැලය කුඩැල්ලන්ගේ පාරාදිසයක්....මේ අඩවියට එනවනම් හොඳම කාලය මාර්තු  සහ අගොස්තු මාස අතර කාලයයි. අනෙක් කාලයට මෙහෙට හොඳටම වහිනව..පායන කාලයට සැඟවිලා ඉන්න කුඩැල්ලන් වර්ශාවත් එක්කම උඩට මතුවෙනව.. අනෙක හැම දුර්ගයක් හරහා අනේකට මරුවෙනකොට ලොකු දොලපාරවල් හරහයි ගමන් කරන්ට තියෙන්නේ ඉතින් වර්ශාකාලයට එය එතරම් සුබදායි කටයුත්තක් නෙමෙයි.

  කලු ගඟ පහුකරපු අපි දුවිලි ඇල්ලේ පහලම දිය ඇල්ල ගාවට සේන්දු වෙනකොට හවස 6ය විතර වෙලා..කොහොමත් දුවිලි ඇල්ල පටන්ගන්න තැන ඉඳල පහලට එනකොට කුඩා ඇලි කිහිපයකට බෙදිලයි ඇදහැලෙන්නේ..



 සැන්දැවේ මළ හිරු රැස් එකතුවෙලා එතැන මනස්කාන්ත දර්ශනයක් මැවිලා තිබුනා ඒ එක්කම අපි පහුකරගෙන ආපු කදුවැටිත් සිහින් මිදුම අතරින් ඈතින් දෘෂ්‍යමාන උනා..බලන්නකො කොහොමද සුන්දරත්වය...

   ඉක්මනින් රැබොවෙන නිසාත් පසුදින ආපහු එතනට පැමිනෙන නිසාත් අපි ඉක්මනින් එතැනින් නික්මුනා..මන්ද ඉගාවට සීග්‍ර නැග්මක් පහුකරන්නට අපට සිදුවී තිබුන නිසා.

  දෙයියන්නේ පිහිටින් අපි සැන්දැවේ 7 විතර වෙනකොට දුවිලිඇල්ල පිහිටි ගුහාවට ලඟාඋනා..මේ ගුහාව ඉහල සිට ගුහාවේ ගලේ නෙරුමට ඉදිරියෙන් දුවිලි ඇල්ල කඩා හැලේනව බලන්න සොබාදම් මාතාවගේ තවත් එක් අපූරු නිර්මානයක සුන්දරත්වය කොපමනද කියල...



  කෙතරම් ගතින් පීඩිතව සිටියත්, නියමිත ඉලක්කයට ලඟාවෙන්ට පුලුවන් උන නිසා ගමන්සගයන්ගේ සංතොශය ඉහවහා ගොහින් තිබුනේ.සුලු රාත්‍රි ආහාරයකින් සැනසුන අපි ගුහාව පිරිසිදු කරගේන නින්දට ගියෙ පසුදින ඉක්මනින්ම අවදිවෙන්නට තිබුන නිසා..ඇත්තේන රාත්‍රිය අධික සිසිලෙන් යුක්තයි..ඔබ එහි ගියොත් අනිවාර්යෙන්ම ගිනිමැලයක් ගසන්නට අමතක කරන්නට එපා..එය ආරක්ෂාවට මෙන්ම ශිතලේන් ආරක්ෂාවෙන්ඩ හොඳ උපක්ක්‍රමයක්.



   පසුදා හිමිදිරිය නිර්මාණය කරල තිබුනේ මනස්කාන්ත දර්ශනයක්....




මතක තියාගන්න ඔබට ඔන කරන වතුර ගන්නට වෙන්නේ කඩා හැලේන දිය ඇල්ලේන් එතැන සුන්දර වගේම සැඟවිච්චි අන්තරායකින්ද යුක්ත වෙනව ඉතින් වැඩි වීරකම් නොපෙන්වා කල්පනාවෙන් කටයුතු කරන්නට වගබලාගන්ඩ ඔන.



   උදැසන ආහරය සහ දහවල් ආහරයද සකස්කරගත් අපි ඉක්මනින් ආපසු පහලට බහින්න පටන්ගත්තා. පෙර සැඳෑවේ අප පහුකල දියඇල්ල මතට පැමිනෙන්නට අපට ඒහැටි වෙලාවක් ගත උනේ නෑ..




ඒ තැනින් උදේ වෙල සරිකරගත් අපට හවස 4 පහුවෙනකොට ඇටැන්වල, අගරත්න මාමලගේ නිවසට ලඟාවෙන්ට පුලුවන් උනා...

  ඇත්තේනම් ඔහු සැබැ නිරහංකාර මිනිසෙක්..ඇටන්වල ගැමියන් උවද නිර්ව්‍යජ ලෙස අප සැම පිලිගත්තා...ඔවුන්ගෙන් සමුගෙන පැමිනිම අතිශය හැගුම්බර අවස්තාවක් උනු බවනම් කිව යුතුමයි…!

ප.ලි.
  අප පිළිගන්නට සැරසෙන නැවුම් අලුත් අවුරුද්ද බ්ලොග් අවකාශයේ මිතුරන් සැමටම සතුට සපිරි සුබ මංගල්ලයක්ම වේවා..

සියලු මිතුරනි අප්‍රියෙල් 22 සයිබර් සිහින උළලේදී මුන ගැසෙමු..  

   

29 comments:

  1. ඒ වගේ ගමනක් හරිම ලස්සනයි...පින්තුරු ටික ලංකාවෙ තැන් කියල කියන්නත් බැරි තරම් සුන්දරයි..!

    ReplyDelete
  2. කිරිල්ලිගෙ කතාව ඇත්ත. ලංකාවේ තවත් අප්‍රසිද්ධ තැන් තියෙනවා කොළබ ගම්පහ අවට වුනත්. පුදුම ලස්සන තැන්..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත මාත් ඉතින් බන්ඩෙක් නොවැ....ගම්පහ ඇනිකට් එකම කොපමන සුන්දරදැ...

      Delete
    2. ආයෙත් අහලා කෙටවල ඇනිකට් එක ගාව හවස් වරුවේ ලස්සන මම පුදුම ආසාවකින් විදින්නේ...හවස් වරුවේ ඉර බැහැලා යනවාත් එක්කම ඒ හරියේ වෙල්යායේ සුන්දරත්වය වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි

      Delete
  3. ෆොටෝ නම් මාර ම ලස්සනයි අයියේ!

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට සුබ පතන්න අමතක වුණානේ අයියාට... යහපත් පින් සිතිවිලි වැඩෙන සුබ අලුත් අවුරුද්දක් වේවා එහෙනම්!

      Delete
    2. මලයටත් එසේමයි....

      Delete
  4. දුම්බර මිටියාවතේ දුවිලි ඇල්ල මම තාම දැකල නැහැ...
    ඒත් නකල්ස් කඳු මුදුනට නැගපු ජිවිතයේ අමතක නොවෙන චාරිකාවක් ගැන මතකය අළුත් උනා මේ පෝස්ට් එක බැලුවට පස්සේ..
    එදා අපි යන්න හිටපු ගමන් එක්ක දුවිලි ඇල්ල බලන්න යන්න පුළුවන් කමක් තිබුනේ නැහැ
    අපි නකල්ස් කඳු මුදුනෙන් එහා පැත්තට බැහැලා මී-මුරේ දිහාට යන්න ගිහින් අතරමං උනා
    පුදුම කට්ටක් කාල තමයි ආපහු පාරවල් හොයාගෙන හිටපු තැනට ආවේ.
    ඒ ගමේම දෙමළ මනුස්සයෙක් තමයි අපේ ගයිඩ් විදිහට ආවේ... :))

    උඹටත් පවුලේ සැමටත්, බ්ලොගය බලන්න එන සැමටත් සුබ අළුත් අවුරුද්දක් වේවා....!!

    ReplyDelete
    Replies
    1. උඹ ගිය ගමන ගැනත් ලියපන්...

      Delete
  5. මට තවම බැරි වුනානේ ඔය පැත්තෙ ගිහින් එන්න...
    දිය ඇලි නම් අපේ ගම පැත්තෙත් ඉස්සර තිබුණා. ඒත් මිනිස් වාසයෙන් තොර ඔය වගේ ප්‍රදේශයක තියෙන දිය ඇල්ලක සුන්දරත්වය තමයි විඳගන්න ඕන.

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. අනිවා නිවුන් සහොදරයා...

      Delete
  7. ස්වභාවධර්මයෙ අපූරු නිර්මාණයක්!
    සුභ අලුත් අවුරුද්දක් වෙවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තේන්ම ඔව්, සුබ අලුත් අවුරුද්දක්...!

      Delete
  8. දුවිලි ඇල්ලෙ GPS Location තියෙනවද?නැත්නම් තියෙන තැනක් දන්නවද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් අබියගෙන් අහල බලන්ඩ ටිකක් හිනවෙන්ඩ ලියන්නේ..

      Delete
  9. අපිට ඉරිසියා හිතෙන ගමනක් නේ ගිහින් තියෙන්නේ.නියම තැනක.ඒ වගේම ෆොටෝස් ටිකත් මාර ගති.

    ReplyDelete
  10. අනා ආස හිතෙනවා :(

    මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
  11. Replies
    1. ඔව් මචො පුලුවන්නම් යන්ඩ සපොර්ට් එකක් දෙන්නම්

      Delete
  12. පින්තූර ටිකක් දාලා අපිවත් ගමනට සහභාගි කරගත්තට ස්තූතියි

    ReplyDelete
  13. අපි එද්දී ඉතින් සිහින උළෙලත් ඉවරයි.. ඉංගිරිසි රාජ් අයියත් ඒ පැත්තේ ගිය බව සෑමාගේ පෝස්ටුවෙන් දැනගතිමි... දුවිලි ඇල්ල කියන නම අහල නම් තිබුණා... දැක්කේ අද තමා...

    ReplyDelete
  14. නියමයි..මාත් දුවිලි ඇල්ල ගියා වගේ..මේ සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි රාජ්...පොටෝස් ටිකත් මාර ලස්සනයි..මගේ ආසාම එක තමයි අන්තිම පොටෝ එක..හැබැයි දුවිලි ඇල්ල ඉස්සරහින් පොටෝ එකක් දාලා නැති එකනම් පොඩි අඩුවක් වගේ කියලා හිතෙනවා..ඒත් ඒ අඩුව පොඩ්ඩක්වත් පෝස්ට් එකෙන් දැනෙන්න දිලා නම් නැ..

    ReplyDelete
  15. උඹේ කමෙන්ට් එක දිගේ හොයාගෙන ආවෙ. කියලා වැඩක් නෑ මචං, මේව නොදැක ජීවත් වෙලා වැඩක් නෑ :)

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...