Saturday, December 31, 2011

මේ පාරෙන් එන්න....ගාලු යන්න එන්න සයිබරයේ යාලුවනේ...සතුටුවන්න එන්න…



    නව වසර ලබන්න ඔන්න මෙන්න කියලා ආපහු හැමොටම ආරාධනා කරන්නයි.....මේ සුදානම...දැන් ඉතින් හැමොම තරමක් දුරට විස්තර දන්නවනේ.....

        අහම්බෙන් හරි මගහැරුන අයටයි මේ පාර....

 සයිබරයේ අපේ ගාලු පුරේ යාලුවො මුල්වෙලා කරන සයිබර් හමුවට අපි හැමොම යන්ඩනේ ඉන්නේ.

ඔං කිව්ව විදිහට හැමොම යන්ඩ එන්ඩ ඔන....

කොලොම් පුරේ හරහා ගාලු යන්ඩ අත්වැල් බඳින හමොටම එකට එකතුවෙලා අපූරු අත්දැකිමකුත් ලබන ගමන් ගාලු යන්ඩ පුලුවන් හරි අපුරු දවසක් වෙවි ජනවාරි 7 ත් වෙනිදා..!

 වැඩේ සිද්ද වෙන්නේ මෙන්න මේ විදිහට තමයි.....

රැස්වෙන ස්ථානය - කොට්ටාව ප්‍රධාන බස් නැවතුම් පළ

         මාකුඹුර ෆිසා හට් එක ලඟට පැමිනේන ලේස මුලින්ම මාගේ ලිපියේ සඳහන් කලද, ඔබගේ පහසුව තකා බසය කොට්ටාව මංසඳියට රැගෙන ඒමට කටයුතු සුදානම් කර ඇත.
  *කොළඹ සිට පැමිනේන ඔබ කොට්ටාව මංසන්ඳියේ ප්‍රධාන බස්නැවතුම් පළ වෙත
පැමිනෙන්න.(පොලීසිය අසල ).බසයෙන් පැමිනෙන ඔබට 138 කොට්ටාව පිටකොටුව බසයේන් හො
138 හොමාගම පිටකොටුව බසයෙන් පැමිනිය හැක. *   උදැසන 7.00 වනවිට පැමිනිමට වග බලාගන්නේනම් මැනවි.කෙසේ වෙතත් ඔබ සැම පැමිනෙන තේක් අප කොට්ටාවේ රඳි සිටින්නේමු. නමුත් හැකි ඉක්මනින් පැමිනිම ඔබගේ යුතුකමකි.

පිටත්වන වේලාව -  උදැසන 7

      [ තිතට හතට එනවානම් ගමන සුබයි]

 බරපැන - රුපියල් 800

      [ ඔය කියල තියෙන්නේ පොඩි මැන් ගෙන්ඩ කිව්ව රුපියල් 200 ඇතුලත්වයි.]

   අපිත් එක්ක යන්න එන හැමොම එනබව මේතැන සටහන් කරන්න.. ගමන සංවිධානයට ඒක ලොකු හයියක්..අවශ්‍ය නම් කතාකරන්න එහි තිබෙන  දුරකථන අංකයට.
 
ඔන්න යාලුවො එක්කන් එන කට්ටිය යාලුවගේ බරපැනත් අරගෙනම එන්ඩ අමතක කරන්ඩ එපා

ගැහැනු ලමයිනේ හවස 5 හ වෙනකොට ආපහු කොලොම් පුරට එන එක සහතිකයි....

එහේනම් හැමොම ඒදාට හමුවෙමු....


ප\ලි

මේ තියෙන්නේ හමුව ගැන විස්තර කිව්ව පොඩි මැන්ගේ පොස්ටුව

එතකොට අපේ රංග අයියගේ පොස්ට්ටුව

ඒ විතරක්යැ ඇයි අපේ කිඩොගේ පනිවිඩේ


58 comments:

  1. කස්ටිය අපිටත් එක්ක එන්ජෝයි කරන්න. මංතුමාට නං එන්න වෙන්නෙ නෑ. මේ දවස්වල කරදර. හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  2. ඇයි මොකද මචං කරදරයි කිව්වේ මොකද උනේ..සුබ නව වසරක් මචං

    ReplyDelete
  3. කරදරයක් කිවුවට කරදරයක් නෙවේ. අධික වැඩ.
    mail-raj_wvp@yahoo.com

    ReplyDelete
  4. හා... 5ට කොබල එන්නට හැකි බව ඇසීමත් සතුටක්.. බැර පැන එක්හවු කරගත් වහාම කොම්පොම් කොරන්නම්... :D

    ReplyDelete
  5. නොදන්න නිසා අසමි... කොට්ටාවේ ඉදල ටිකැට් එක ගාල්ලට 380 /= දන්න තරමට...

    ඉතිං කොහොමෙයි කොරන්නෙ... ????

    ReplyDelete
  6. @ පොඩි මැන්
    ඒගාන අවුලක් නෑ...

    ReplyDelete
  7. ගාන මදි උනොත් මොනවා හරි කරමුකෝ.... නේද බන් රාජ්.. ඔන්න මම නම් එකෙන්ම රෙඩි...
    7 වෙනකොට කොලබ එන්න මම නම් ගෙදරින් 3.30 වත් එන්න වෙයි වගේ... කමක් නැ අපි එනෝ

    ReplyDelete
  8. මහා දානපති ලීමෝල් හිමිකරු හයිබ්‍රිඩ් දාවක හාවාගේ ඉස්පොන්සර් එකක් ලැබී ඇති බැවින් ප්‍රවාහන ගාස්තු සීග්‍රයෙන් අඩුවීඇති බව දැන් දැනගන්න ලැබුනා... :D

    ගෙඩ්ටුව වෙනුවෙන් ඇපකැප ඌ හාවට ප්‍රණාමය...!!!
    ලබන අවුරුද්දේවත් කෙලි පැටික්කියක් සැට් වේවාඑයි අපි එක සිතින් පතමු... ..!!!

    ReplyDelete
  9. හාවා විසින් කරනා මෙම සත්කාර වලට ඌට ලගදීම ලස්සන කෙල්ලෙකු කැමති වේවායි බොක්ක පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  10. දුකායි අප්පා මට එන්න බැරිවෙනවා අපේ ආච්චම්මගේ තුන්මාසේ දානේ එදාට.... :(

    ReplyDelete
  11. මොනවා කලත් ගැනු ළමයි ටික 5 වෙද්දී කොළඹට බස්සන්න.හික් හික්..

    ReplyDelete
  12. මමනං මේ සයිබර් අවකාශයට බොහොම අළුත්. මේ ගමනට එකතුවෙන්නත් ආසයි. එත් පොඩි ගැටළුවක්. නොගිහින්ම බැරි මංගල කාරණයනට සහභාගිවන්න අනුරාධපුරයට යන්න වෙලා මට ජන. 6 සහ 7. ඉතිං මේ වතාවේ සමාව ඉල්ලනවා.
    සැමට ජය !
    ඒ වාගේම සුභ නව වසරක් !

    ReplyDelete
  13. 7 ටම එන්න බැරි වෙයිද මන්දා.. දෙවා අයියාගේ වගේ ම සිද්දියක් තමයි මටත් ඔන්,,, :(( එත කොහොමහරි එන්නම්කෝ.. මාව දාලා යන්න එපෝ..

    ReplyDelete
  14. මම නොදන්න නිසා අහන්නේ දැන් යන්නේ සි ටි බි බස් වල නේද ? මම දැක්ක විදිහට පේපර් ආටිකල් වල තිබුන විදිහට බස් තියෙන්නේ මහරගමින් 6.00 , 8.00. 10.30. 12.30 . 2.30,.4.45 තමා.. හැම වෙලේම බස් යන්නේ නැහැනේ.. පැය දෙකෙන් දෙකට වගේ 2.30ට එන්න උනොත් ටයිම් මදි වගේනේ..

    දන්න කෙනෙක් දැනුවත් කරන්න... කොහොමත් තිතට අපි 7ට එන්න උපරිම ට්‍රයි.. යන්නේ සෙට් කරගත්තු වාහනේක නම් ගොඩ..

    ReplyDelete
  15. සෙට් කරගත්ත වාහනයක යන්නේ....කවුරුවත් දාල යන්නැ..ඉක්මනට එන්ඩො...

    ReplyDelete
  16. ශෝක් වැ‍ඩේ... කෙරෙන විදිහ අහන් හිටියත් ආසයි..ගෙම්බන්ට කොයිද එහෙම පිනක්...‍දීපංකරේ ‍නෙව...කට්ටියගෙ පොටෝ එහෙම බලන්ට බැරුවැ...රත්නත්තරේ පිහිටෙන් හැමෝම විනෝද වෙලා එන්ට...

    ReplyDelete
  17. අපිට නම් දුර වැඩියෝ.....!

    ReplyDelete
  18. කලිනුත් ෆෝම් එකක රෙජිස්ටර් වුනා. මේකෙත් රෙජිස්ටර් වෙන්න ඕනද සහෝ? මාත් කොළඹින් එන්නේ.

    ReplyDelete
  19. මම මේ පෝස්ට් එක මග ඇර ඇර හිටියේ එන්න වෙන්නේ නැහැ කියල කමෙන්ට් කරන්න වෙන නිසා.. ඒත් නොකියා ඉන්න එකත් හරි නැහැ කියලා හිතලා ආවේ යන පිරිසට සුභ පතන්න.

    සෑමාට ඊලග එකටවත් ඔළුව දාන්න හැකි වේවා !

    ReplyDelete
  20. @ කසුන්
    ඇත්තේන්ම මේ පොරමේ පුරවන්න කිව්වේ කොළඹින් ගාලු යන මිතුරන් කොපමණ ඉන්නවද කියල දැනගන්න...වාහන ඉඩපහසුම් ගැන බලන්න ඔන නිසා ඔක්කොම එකට යනකොට මුලින් දැනගන්ඩ එපැ කොච්චර පිරිසක් සහභාගී වෙනවද කියල සංවිධාන කටයුත්තට එක පහසුවක්

    ReplyDelete
  21. ගාල්ලෙ වෙච්ච මම කොළඹටම වුනානේ. එන්න වෙන්නේ නෑ නොවෑ. කට්ටියම අපිටත් එක්ක විනෝද වෙන්න. දුකයී හැබැයී. මොනවා කරන්නද? ඉදලා ඉදලා අවුරුදු 1 1/2 කින් ගමේ ගිහින් ආව විතරයී නේ. ඉතිං කොහේද නිවාඩු. බොරු ලෙඩක් දැම්මත් වැඩක් නැත ලෙඩ පිට හෝ මෙහි වැඩ කල යුතුමය.
    කට්ටියටම සුභ ගමන්.

    ReplyDelete
  22. මම එනව. හැබැයි මාව පරිස්සම් කොරහල්ල... මම බ්ලොග් කලාවටත් අලුත් නිසා ටිකක් බයයිත් වගෙ.... අනික මමත් නිර්නාමික බොලොග් කාරයෙක් (කාරයෙක්, කාරියක් නෙමේ ඕන්..) නෙ.... :)

    ReplyDelete
  23. ලොකු උනදල වෙනම යනවය කියලා අබී මාම කිව්වේ.. උන්ලා එක්ක මාව එක්න් යන්නෙ නෑලූ.. මං පොඩි එකාලු... මට කුඩාම්මගෙ සැලකිලි... :'(


    කිටුකො ඇවිත් පෙන්ට පොඩි එකාගෙ තරම...

    ReplyDelete
  24. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  25. 7 වෙනකොට මමත් එන්න උපරිම උත්සාහ දරනව.. අනේ චුට්ටක් පරක්කු උනොත් මාව දාල යන්න එපෝ!! ගම්පහින් 6ට නැගල 7 වෙද්දි කොළඹට ආවත් එතනිනුත් 138 බස් එකක එන්න ඕනෙ නේදෝ?

    ReplyDelete
  26. අදයි ආවෙ මේ පැත්තට....එන්නම්කො හැමදාම...

    ReplyDelete
  27. ශෝක් ආසයි මාත් එන්න, ඒත් බෑනෙ.....

    ReplyDelete
  28. එකතුවෙන්න ආසාවෙන්ම හිටියත් වැඩ වැඩි නිසා එන්න බැරිවෙන හැඩයි.(බ්ලොග් එක ලියන්නෙත් දෙගොඩහරි ජාමේ නොවැ). කොහොම වුනත් චාරිකාව සාර්ථක වේවා... ලබන සැරේනම් කොහොමවත් මාව දාලා යන්න ලැබෙන එකක් නෑ ඕං...

    ReplyDelete
  29. කට්ටියම පරිස්සමින් ගිහිල්ලා ඇවිල්ලා පොටෝ දාන්න අපිට බලන්න...ඉරිසියාවේ බෑ මෙව්වා දැක්කම....

    ReplyDelete
  30. @ පවනි..
    පොඩි කැපකිරිමක් කරල 6 කලින් ආවොත් කොළඹින් 138 හොමගම බස් එකේ නැගල මාකුඹුරට එන්ඩ පුලුවං 7 වෙනකොට කොහොමත් කවුරුවත් දාල යන්නේ නෑ..එහේම උනා කියල කවුරුවත් පරක්කු වෙන්ඩ එපා...

    ReplyDelete
  31. @ තරූගේ ලොකය..
    සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට ස්තුතී..ආයේත් එන්න...

    ReplyDelete
  32. Raj - මයෙ අම්ම අප්ප තමයි ඕන් මොනව හරි කීවොත් ඉතින්.. නැත්නම් ඔයිට වඩා කැප කිරීමක් කොරන්ට උනත් මට නම් බැරි කොමක් නෑ ඕන්.... හික් හික්...
    හරි හරි රාජ් අයියා, මම 6ට එන්න විදියක් බලන්නම්කො... කොළඹ ඉඳන් මාකඳුරට එන්න පැයක් වත් යයිද?
    කොහොම උනත් මම එනෝ....

    ReplyDelete
  33. මම ගොඩක් අලුත් කෙනෙක් බ්ලොග් වලට... .. .ඒත් එන්නනම් ආසයි ... කන්ෆර්ම් කරන්න කලින් මහත්තයගෙන් අහන්න එපැයි ... කවදට කලින්ද කන්ෆර්ම් කරන්න ඕනෙ ?

    ReplyDelete
  34. @ සම්මානි
    යාලුවො හැමොම යන නිසා බයවෙන්ඩ දෙයක් නෑ..බ්‍රහස්පතින්දා ඒ කියන්නේ ජනවාරි 05 වෙනිදා වෙද්දීවත් කන්ෆර්ම් කරන්ඩකො

    ReplyDelete
  35. යාලුවනේ බ්ලොග් අවකාශයට මේ අලුතින් එකතු උන Thanikadaya .s කොල්ලටත් එන්න අවසර තියේද ඹබ තුමන්ලාගේ විනෝද චාරිකාවට.

    ReplyDelete
  36. @ අනිවා වරෙන්

    ReplyDelete
  37. @ පිස්සා පලාමල්ල
    උඹ අප්‍රියේ මාසේ එනවනේ..මෙගා වැඩේට සෙට්වෙමු ..මම දන්නවා උබේ හිතේ කහටක් නෑ කියල බොක්ක මචාං

    ReplyDelete
  38. ඕන්න ඉතින් මමත් දැම්මා. හැමදාමත් එන්න කියලා හිටයත් කිසිම දේයකට එන්න ලැබුනේ නැ. බලමු මේකටවත සහභාගි වෙන්න පුළුවන් ද ? කියලා.

    ReplyDelete
  39. මම බ්ලොග් ලියන්නෙ නැහැ. කියවනවා විතරයි. බ්ලොග් ලියන අයව හඳුනාගන්න කැමතියි. ඒ නිසා බලං හිටිය මේ සැරෙත් කට්ටිය කොළඹට සෙට් වෙයි කියලා පොඩි වෙලාවකට ඔලුව දාලා හලෝ කියල යන්න. කොහෙද මේ සැරේ කට්ටිය ගාලු යනවලුනෙ.
    මම ආසයි පුලින තලාව ලියන අක්කණ්ඩි , හා පැටික්කි, එතකොට බ්ලොග් ගඩොල්, රංග මගෙ ලෝකය, අත්තම්මගෙ පෙට්ටගම වගෙ මම කියවන බ්ලොග් (තව ලැයිස්තුවක් තියෙනව) ලියන අයව හඳුනගන්න.
    දැං ඔයගොල්ල කවුරුද ගාල්ලෙ යන්නෙ? කොහෙටද යන්නෙ ? මටත් පුලුවන්ද ඔයාලට එකතුවෙන්න? හැබැයි මම ඔයාලව වත් ,ඔයාල මාව වත් අඳුරන්නෙ නැහැනෙ .

    මම මාලි

    ReplyDelete
  40. මටත් සීට් එකක් තියන්ඩ අරී. අනුරාධපුරේ ඉදලා එන නිසා 7 ටම එන්න බැරි වෙයිද මංදා. උපරිම ට්‍රයි කරන්නම්. දාලා ගියොත් නම් ඔන්න උඹලට මං පොල් ගහනවා :D

    ReplyDelete
  41. @ මාලි -මාත් ඔය එකෙක්වත් අදුනන එකක්යෑ. 2012 පළවෙනි ට්‍රිප් එක කියලා හිතාගෙන එන්නයි තියෙන්නේ.

    ReplyDelete
  42. @ මාලි
    ඇයි දෙයියනේ..කොළඹින් යන කට්ටිය එන්ඩ ඔන තැන ඔය උඩ තියෙන ලිපියේ දාල තියෙන්නේ...බ්ලොග් ලියන කොළඹ හරහා ගාලු යන හැමොම..ඒදාට යනව ඔයත් එන්ඩ..හැබැයි දාල තියෙන ලිංක් එකට ගොහින් කන්ෆර්ම් කරන්ඩ..

    ReplyDelete
  43. @ නාකියා
    කවුරුවත් දාල යන්නැ බං..දෙව් එන්නේත් කුලියාපිටියේ ඉඳන්..ඌත් එක්ක සෙට්වෙලා හරි වරෙන්..හැබැ පුතො කොහොම හරි වෙලාවට වරෙන්..මචො..අඩේ අර ලින්ක් එකට ගිහින් කන්ෆර්ම් කොරා නේද..ඒ වැඩේ කරපං සහෝ..

    ReplyDelete
  44. රාජ් අයියගෙ තර්ජනාත්මක කමෙන්ටුව නිසාම මෙහෙ පැමිණියෙමි.. තවමත් මම වැට උඩය.. ගෙදරින් අවසර ලැබුණු විගස, පැමිණීම තහවුරු කරන්නම්...:) මට හරියටම කියන්නකෝ යන්නෙ මොකේද,මුදල් හදල් කොච්චරද? මොනාද ගේන්න ඕනෙ. විස්තර ටිකක්..;)

    ReplyDelete
  45. @ හිතූ
    ඇයි දෙයියනේ ඔය තඩි අකුරෙන් උඩින් ලියල තියෙන්නේ කියක් ගෙන්ඩ ඔනද කියල. තව වැඩිපුර කියක් හරි ලඟ තියාගත්තට කමක් නෑ හදිස්සියට ගන්ඩ...අපි යන්නේ වැන් එකක...ඒවා ඔක්කොම බුක් කරල තියෙන්නේ කම්ෆර්ම් කරන ඔක්කොටොම මම ජනවාරි 5 වෙනිදට කොල් කරනව..තව විස්තර ඔනේනම් 0773002262 මගේ ෆොර්න් එකට කොල් කරන්ඩ..

    ReplyDelete
  46. එළ එළ අපිත් එන්ඤං අබේපාල මාමාගෙ බසේ......

    ReplyDelete
  47. ෆේස් බුක් එකේ පින්තූර දාන්නලා හොඳේ . . එන්න බැරි වුනු අපිට ඒවා දැකලා සතුටු වෙන්න පුලුවන් එතකොට.

    ReplyDelete
  48. @ දුකා
    අනිවා දානවා..සහෝ

    ReplyDelete
  49. කොලඹින් එන අය අමතක නැතිව මතක් කරල ඔය මාකුඹුරෙ පීට්සා එකෙන් උණු උණු එව්ව එකක් ගෙන්න ප්‍රශ්නයක් නෑ,පැයෙන් එන්නත් පුලුවන්නෙ...:D

    ReplyDelete
  50. මචං සයිබර් සැනකෙලිය කියලා එකක් දැක්කා සමහර බ්ලොග් වල..මොකක්ද ඒ සීන් එක....

    ReplyDelete
  51. මම බ්ලොග් ගොඩක් වෙලාවට කියවනවා... ට්‍රිප් එක යන්න ආසාඉ එත් එන්න හම්බ වෙන්නේ නැ...

    ReplyDelete
  52. දැන් තමා නොවැ සීන් එක හරියටම දැක්කේ! බොලේ එන්න නම් ආසයි. ඒත් මම ගිය සතියෙ නොවැ දකුණු ලක සංචාරයක යෙදිලා ආවේ. දැන් නිවාඩු ඉවරායී.

    එන්න වෙන්නෙ නෑ. ගිහින් ඇවිත් ෆොටෝස් එහෙම දාපල්ලා! මට ඉරිසියායි!

    පරිස්සමෙන් ගිහින් එන්න. උපරිමයෙන් විනෝද වෙන්න. ජය වේවා හැමෝටම!

    ReplyDelete
  53. මම එමි.. ඔන්න කොන්ෆොර්ම් :D

    ReplyDelete
  54. කස්ටියටම සුභ ගමනක් ප්‍රාර්ථනා කරනව. (මංතුමාට එන්න උනෙත් නෑ දාගත්ත වැඩෙත් අප්සට් ගියා.) පරිස්සමින් ගිහිං එන්න.

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...