Thursday, December 22, 2011

සෙලියුලර් බාල්දිය...........



  කලුවයි අජියයි බණ්ඩාරවෙල ගියේ...බණ්ඩාරවෙල බ්‍රාන්ච් එකේ ගිනුමක සිද්ද වෙලා තිබ්බ පටලැවිල්ල ලෙහන්ඩ... දෙන්නා නැවතිලා හිටියේ අපේම ක්වාටස් එකක..ඔය හැම නිකෙතනයකම වගේ මෙහෙත් හිටිය කැම උයල දෙන්ඩ සෙවකයෙක්...ඉලක්කම් එක්ක ඔට්ටු අල්ලලා..ඇතිවෙලා මුන්දෙන්නත් ඔලුව සැහැල්ලු කොරගන්ඩ හිතලා ටවුම පැත්තේ කැරකිලා එන්ඩ ගිහින්.....

    බ්‍රාන්ච් එක කිට්ටුව..තිබුන එළවළු කඩයක් දැකල දෙන්නම ගිහින් එතනට එළවළු ගන්ඩ..ඉටපස්සේ මුන්දෙන්නා ටවුම වටේම කරග්ගහල..ආපහු බ්‍රාන්ච් එකට ඇවිත් වැඩ...ඉක්මනට වැඩේ ඉවර කරගන්ඩ ඔන නිසා දෙන්නා මහ රෑ වෙනකම්ම වැඩකලා..
  බ්‍රාන්ච් එකට ඇවිත් ටික වෙලාවකින් අජියට එනව කොල් එකක්..කලුවගේ නොනගෙන්..

  " මල්ලි, අයියා කෝ ඒයාගේ ෆොන් එක ආන්සර් කරන්නැනේ..."

 " මේ..... මෙතන ඉන්නේ.      කලුවා..උඹට අක්කා කතාකරනව..."

  කලුව ෆොන් එකට උත්තර දෙන එක පැත්තක තියල ෆොන් එක හොයනව...ඒකම ජන්ජාලයයි...

 " අජියා මගේ ෆොන් එක කෝ බං..."

" මං දන්නේ කොහොමද උබේ අතේනේ තිබ්බේ..."

" ඒ..යකෝ අමතකවෙලා කඩේකවත් දාලා අවද බං..."

" අපො අපි ඇවිත් දැන් පැය 2ක් විතර වෙලානේ බං දැන් ඔකේ කැලිත් නැතුව ඇති...."

 " අඩේ ෂුවර් එකට අර එළවළු කඩේ දාලා එන්ඩ ඇත්තේ බං..."

දෙන්නත් එක්ක එලවළු කඩේ ගාවට යද්දි කඩේ වහලා..පස්සෙන්දා උදෙත් ගිහින් බැලුවට ෆොන් එක හම්බවෙලා නෑ...තව දවසකින් විතර ගියවැඩෙත් ඉවර උන නිසා කලුවලා කොළඹ ඇවිත්...
  කොළඹ ආවට පස්සේ මු වෙන සිම් එකක් අරගෙන...
         කලුවගේ ඔෆිස් එකේ ඌ එක්කම එකට වැඩකරන එකේක් ඉන්නව ටිකක් අවුල් පොරක්..මු දන්නව කලුවගේ ෆොන් එක නැතිවුන විත්තියත්.
  කට්ටිය සෙට්වෙලා අරුට බාල්දියක් පෙරලමු කියල කතාවෙලා...පොරගෙ නම කමල්, කලුව  කොල් එකක් අරගෙන ඔෆිස් එකේන් මොකද මේ වෙනකොට කමල නිවාඩු දාල ගෙදර..

 " කමලා අර ෆොන් එක රින් වෙනව පොඩ්ඩක් බලපං ටොක් එකක් දාන්ඩ පුලුවන්ද කියල..."

 හැරෙන තැපැලෙන් අර ෆොන් නම්බරෙට කොල් එකක් එනවලු...

 " මට යාලුවෙක් මේ නම්බර් එක දුන්නේ ඔය බණ්ඩාරවෙල එළවළු කඩේ නේද...."

    ඔං දැන් අජිය තමයි ෆොන් එකට අන්සර් කරන්නේ. ලේන්සුවක් තියලා  හොඳ සිංහලේන් උත්තර දිලා....

 " මොන එළවළුද ඔයි මේහේ ඇති එලවලුවක් නෑ...#@%^&!"

 ටික වෙලාවකින් කමලා ඔෆිස් එකට කොල් කරනවලු...

" කලුව වැඩේ අවුල් වගේ බං ඌ මට කුනුහරුපෙන් බැන්නනේ..."

  " හරි කමලා අපි බලමුකො...." කියල කලුව ෆොන් එක තියල...

හැබැයි යාලුවොටිකට බයිට්කලා මදිවගේලු...පස්සේ දවසෙ අජියා කමලට අර නම්බරෙන් කොල් කරලා.....

 " මේ නම්බරෙට කොල් එකක් ඇවිත් තිබුනා.... මම හිටියේ නෑ...මේ කඩේ කොලුවනේ අරන් තිබුනේ..කවුද මහත්තයා..?

 කමලත් රහකරලා කතාකරනවලු දැන්..

" හරි..හරි ප්‍රෂ්ණයක් නෑ මම ගම්පොල ඉන්නේ මට එළවළු වගයක් ඔන දානේ කට.... ටිකක් වැඩිපුර ඔනේ වැඩේ කරගන්ඩ පුළුවන් වෙයිද...?"

" පුලුවන් මහත්තයා..මොනවද ඔන.."

" මට කැරට් කිලෝ 5....අල කිලෝ..8........."
ඔයවිදිහට කමල හෙන ඔඩර් එකක් කියොගෙන යනවලු...අජියයි අනිත් එවුනුයි ස්පිකර් ෆොන් දාගෙන හිනාව තදකරගෙන හිටියේ හෙන අමරුවෙන්ලු....

 " හරි මහත්තයා අපි කොළඹ යන්නේත් ඔය පැත්තේන් ඒ යනගමන් ඔඩරේත් බාගෙනම යන්ඩ පුලුවං මහත්තයා ඇඩ්‍රස් එක දෙන්ඩකො..."

 අජියත් බොක්කටම දිලා..

" හරි මම වෙලාවයි තැනයි කොල් එකක් දිලා කියන්නම්..."

කමලා ෆොන් එක තිබ්බා....

 තප්පර ගානයි ගියේ ඔං එනව කොල් එකක් ඔෆිස් ෆොන් එකට ලයින් එකේ ඉන්නේ කමල...

" කලු වැඩේ හරි ෆොන් එක තියෙන්නේ එළවළු කඩේම තමයි..උං මගේ කතාවට ඇඳල ඉන්නේ..මොකද කරන්නේ..දැන්.."

 කතාව අහල ඔෆිස් එකේ සෙට් එකටම හිනා කෙලවරක් නැතුව...

" හරි උබ හේට කොල් එකක් දිපන් අපි බ්‍රාන්ච් එකේ සුසන්තයව යවමු එතකොට ෆොන් එක මාට්ටු කරගන්ඩ පුලුවං..."

දැන් කමලගේ හිතේ බ්‍රාන්ච් එකේ සුසන්තයා සිකුරිටි පොරත් එක්ක ෆොන් එක අල්ලන්ඩ එළවළු කඩෙට යනව කියලා...

  අනිත් දවසෙ උදේ අර නොම්මරෙට කමල කොල් කරනව....

 " හලෝ මුදලාලි මගේ ඔඩරේ හරිද...? මට ගාන හදල කියන්ඩ..."


 " හරි හරි මහත්තයා එතකොට ඔක්කොම...."

  "  ඒයි ගන්නව ඔය ෆොන් එක මෙහාට...තමුසෙට කොයින්ද මේ ෆොන් එක...අඩො ඒදා උඹ බොරු නේද කිව්වේ...පටාස්...."

 " අනේ ගහන්ඩ එපා මහත්තයො...."
 

 අජිය තමයි කොල් එකට උත්තර දිලා තියෙන්නේ...ඔය අස්සේ කලුව කමලට ඇහෙන්ඩ අජියට කැගහල ..."  බොරුවට අජියට ගහනව වගේ රඟපාලා

 ඔය අස්සේ තව එකේක් ෆොන් එක අරන් සුසන්ත විදිහට කතාකොරල..."

" කමල් අයියේ වැඩේ හරි අපි ෆොන් එක ගත්තා..." කියාගෙනම ෆොන් එක කට් කරලා..


විනාඩි ගානක් ඇතුලත කමලා ඔෆිස් එකට කොල් කරලා වීරය වගේ ටොක්ස් දෙනවලු....
 
 " මචො වැඩේ හරිනේ කොහොමද මගේ ගේම එළනේ...."

ඔෆිස් එකේ උනුත් කමලට ලකුනු දාල ෆොන් එක කට්කරලා...බඩ පැලෙනකං හිනාලු කස්ටියට....

 දවස්  තුනක් විතර නිවාඩු පිට හිටිය කමලා එනවලු වැඩට රටක් රාජ්‍යක් අල්ලපු එකේක් වගේ....ඇවිත් හෙන ටොක්ස් දෙනවලු...හැබැ අද තව වෙනකං පොර දන්නැ ඔෆිස් එකේ කස්ටිය ඒදා උව අන්දපු බව.............



ප/ලි
   අද ටිකක් වැදගත් දවසක් නේ....අද වගේ දවසක තමයි මගේ අම්මා ඉස්සෙල්ලාම මවු පදවිය ලැබුවේ...ඒ කියන්නේ මගේ උපන්දිනේ නොවැ....
   





 

25 comments:

  1. එහෙනම් ඉතින් සුභ උපන් දිනයක් වේවා !

    ReplyDelete
  2. කතාව ගැන කියන්න කලින් හැපි බර්ත් ඩේ කීවා... ලියපං කොල්ලෝ තව බර්ත් ඩේ 100ක් යන කල්...

    මේ වගේ ෆෝන් ආතල් මරැ බං.. පව් වැඩේ ඕක මෙච්චර කාලෙකට ලීක් වුනේ නැද්ද බං..

    ජය ශ්‍රී...

    ReplyDelete
  3. මුලින්ම සුභ උපන් දිනයක් වේවා !!!!
    එළ කථාවක්...බඩ අල්ලං හිනා උනා..ඔ‍ෆිස් එකේ උං මගේ දිහා බලන්නේ නෑ දැං,උංගේ හිතේ මට පිස්සු කියලා.....

    ReplyDelete
  4. සුභම සුභ උපන් දිනයක් වේවා!!!!

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් අයියා.... බ්‍රාන්ච් එකේ ෆොන් ආතල් කථා නම් ගොඩායි... බලමුකෝ දවසක ලියන්න..... ජයවේවා....

    ReplyDelete
  6. @ වෙනී
    ස්තුතී වෙනි අයියා

    @ සැම්
    ස්තුතී මචං අනිවා..පුලුවන් තරං කල් ලියනව

    @ ඔබ නොදුටු ලොවක්
    ස්තුතී සහෝ...ඔව ගනං ගන්ඩ එපා බං...අපේ ආතල් එක අපි ගම්මු....

    @ මහවෙදනා
    ස්තුතී වෙදමහත්තයා

    @ දේවා
    ස්තුතී සහෝ අනිවා ලියපං..අඩේ අර වැඩේ කොහොම හරි ගොඩ දාමු

    ReplyDelete
  7. සුභ උපන් දිනක් පතන අතර තව සුභ උපන් දිනයන් කප්පරක් සමරන්නට වාසනාව ලැබේවායි පතනවා...!!!

    කතාවත් එන්ජෝය් කළා.

    ReplyDelete
  8. බලපං උඹටයි මටයි මුං කියන්නෙ නිවුන් සහෝදරයො කියල. ඒත් මම කවදාවත් හිතුවෙ නෑ මගේ උපන්දිනේ දවසට කලිං දවසෙ උඹේ උපන්දිනේ තියනව කියල! මගේ උපන්දිනේ හෙට! හික්! උඹයි මමයි දෙන්නම රාජ්ල. බලපං ඒකෙත් හැටි. කොහොම උනත් කමක් නෑ, උඹට සුභ උපන්දිනයක් වේවා! අම්මටත් දීර්ඝායුෂ ලැබේවා!

    ReplyDelete
  9. @ ඔබා
    ස්තුතී ඔබා අයියේ ...

    @ රාජ්
    එකත් මාර සීන් එක නේද මචං..මොනා උනත් ටිකක් හරි එකවගේ හිතන උන් කොහේදි හරි සෙට්වෙනවලුනේ...ස්තුතී මචං සුබපැතුම් වලට...වෙලාවක හම්බෙමු...පුලුවනම් ඊයක් එවපන් traj1981@gmail.com මේ මෙල්ලුවට

    ReplyDelete
  10. පට්ට කතාව! ඒ වගේ ම සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  11. සුභ උපන් දිනයක් අයියේ....සියලු සිහින සැබෑ වේවා....!!..ඒ එක්කම අනිත් රාජ් අයියටත් සුභ උපන් දිනයක්...!!

    ReplyDelete
  12. මේ දවස් වල යන්නෙම ඇඳපු කතමයි නේද?.රාජා සුභ උපන්දිනයක් වේවා!!

    ReplyDelete
  13. @ ලහිරු
    ස්තුතී සහෝ

    @ වින්චැට් කීරිල්ලි
    ස්තුතී නංගියො...

    @ අසරණයා
    ස්තුතී සහෝ

    ReplyDelete
  14. මේ අර අපි දන්න කියල අජියල,කලුව ල ද? මරු සීන් එකනේ.

    ReplyDelete
  15. මුලින්ම උඹට සුබ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා.
    උඹත් ඉපදිලා තියෙන්නේ මරු දවසකනේ
    අපේ අම්මටත් දෙසැම්බර් 22 කියන්නේ හොඳට මතක තියෙන දවසක්ලු
    එයාටත් එයාගේ පලවෙනි පුත්තරය ලැබිල තියෙන්නේ මේ වගේ දවසක :))

    මචන් උඹලත් මාරම වැඩනේ කරන්නේ...
    උඹල ඊට පස්සේ අරූව බයිට් කලේ නැද්ද

    ReplyDelete
  16. ලනු දෙන්න එහෙම දන්න අය නෙමේ වගේ.පවු බං

    ReplyDelete
  17. @ මාධව
    ස්තුතී මචො..මොනාකරන්ඩද...ඌවත් ට්‍රැක් එකට දාගන්ඩ එපැ

    @ සමාධී
    ඔයා දන්න කස්ටිය තමයි හැබැ සමහර නම් මනක්කල්පිත ඒවා

    @ ලොකු
    යකො ඔං බලපං ඒකේත් හැටි මචො සුබ උපන්දිනයක්...එකයෑ අපේ අනිත් රාජ් සහොදරයා ගේ උපන්දිනේ 23 බං... බයිට් කලේ නෑ දැන් ඌ ටිකක් හිතල මතල වැඩකරනව

    @ කස්සා
    හහා අහිතක් හිතල කරපු දෙයක් නෙමෙයි මචො...අඩේ නත්තල් හිතල එහේම කොහොමද ඔහෙට

    ReplyDelete
  18. සුබ උපන්දිනයක් වේවා සහෝදරයා,,,

    ReplyDelete
  19. සුභ පැතුම් මචං

    ReplyDelete
  20. අනේ මට මේ පෝස්ට් එක මග ඇරිලනෙ....

    පරක්කුවෙලා උනත් සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා....!!

    ReplyDelete
  21. @ දුපත් වැසියා
    ස්තුතී සහො

    @ සබිත
    ස්තුතී සහො

    @ මියුරු
    එකට කමක්නෑ ස්තුතී අක්කේ

    ReplyDelete
  22. කතානම් පට්ට පට පට...

    ඔන්න සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  23. යකෝ උඹලත් මාර වැඩනෙ කරල තියෙන්නෙ ආ...ඕකා දැනගත්ත දවසට උඹලව කයි.

    ReplyDelete
  24. මුලින්ම සුභ උපන් දිනයක් වේවා..

    කලුවාගෙ නොම්මර දුන්නොත් ලොකු උදව්වක්.. (ඌට ඇඳගෙන නාපු හැටි කියන්න. . හික් හික්..)

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...