Wednesday, May 2, 2012

අද නම් කොහොම හරි ඇතුලේ දැම්මා.....



   දෙයියනේ කියල කාල ඇඳල ජීවත් වෙන්ඩ කියක් හරි හොයාගන්න අපේ ආයතනයේ ගොඩ නැගිලිවල පොඩි පොඩි වෙනස් කම් ටිකක් සිද්ද උනා ගිය මාස කිහිපයේ..

   මිස්ටර් සෙල්වනායගම අපේ ආයතනයේ ඉන්න ටැමිල් ට්‍රාන්ස්ලේට කෙනෙක්..අනේ ඉතින් හරි හොඳ මනුස්සයා නමුත් සිංහල උච්චාරනයේදි පොඩි නුහුරක් තියෙනව...එකට ඒ මනුස්සයට දොසක් කියන්ඩ බෑ...මොකැ අපිට හරි හරියට දෙමල කතාකොරන්ඩ පුලුවනැ..

   එදා ටිකක් අඳුරු වැහිබර දවසක්...දන්නවනේ වැස්ස දවස්වලට ඔෆිස් එනව කියන්නේ හෙන කට්ටක් නොවැ. බස් එකෙන් හරි තමන්ගේ වාහනේකින් හරි නැතුව මොටො බයික්කේකින් ඔෆිස් එනකොට තියෙන්නේ මොනවගේ ආතල් එකක් ද කියන එක දන්නේ බයික් පදින කස්ටියම තමා.

  වැස්සේම ඔෆිස් එකට ගොඩවෙච්චි සෙලවනායගම් උන්නැහේ කෙලින්ම ගියෙ වොෂ් රූම් එක පැත්තට. මිනිහා ඒ පැත්තට යනකොට වොෂ් රූම් එක පැත්තේ කිහිපදෙනෙක්ම හිටියා.... නමුත් වැඩි ගානක් ගන්නැතුව සෙල්වනායගම් උන්නැහේ කටහඬ අවදිකරලා...

  " අද නම් කොහොම හරි ඇතුලේ දැම්මා..."   

කිව්ව කතාවට එතන හිටිය අනෙක් ඈයො මුහුනේන් හැඟිම් එලියට දැම්මා මිසක හිතට ආපුවනම් කටින් පිටකොරල නෑ..........මොකද සෙලවනායගම් උන්නැහේ ලොකු දරු මල්ලො ඉන්න හෙට අනිද්දා විශ්‍රාම යන්න ඉන්න පොරක් නේව.

  හැබැ ඔතන හිටියා කට හැකර එක පියන් කොලුවෙක්...

ඌ  එකපාරටම අහපි.....,

" අනේ මහත්තයෝ ඒ පාර මොකද්ද කොරගත්තේ...."

අන්න එතකොට තමයි සෙල්වනායගම් උන්නැහේට කාරනේ මීටර් උනේ...පොඩි හිනහවක් එහේම දාපු සෙල්වනායගම් උන්නැහේ....

"' නෑ බං අද තමයි මගේ මොටර් සයිකලේ ඇතුලේ දාගන්ට පුලුවන් උනේ කියල කියපි..."

වෙලා තියෙන්නේ මෙකයි...

අපේ ආයතනේ තිබ්බ ගොඩනැගිලි කිහිපයක වෙනස්කම් සිදු උනාට පස්සේ බයිසිකල් වල එන අයට කලින් බයිසිකල් ගාල් කරපු තැන තිබ්බ ඉඩ ඇහිරුනා.. ඉතින් වැස්සක් එහේම වැටුනොත් හුඟක් බයිසිකල් වැස්සට තෙමෙනව..මොකද අර බයිසිකල් ගාලට ඇතුල් කොරන්න පුලුවන් සීමිත බයිසිකල් ගානක් විතරයි.... හැබැ අපේ සෙල්වනායගම් උන්නැහේට ඒදානම් තමන්ගේ බයිසිකලේ අර ගාල ඇතුලට දාන්ඩ පුලුවන් වෙලා....   

53 comments:

  1. අපොයි දෙයියනේ අහිංසක සෙල්වා මහත්තයා. කොහොමත් සිංහල බස දැන පාවිච්චි කළ යුතු අවියක් වැනිය. තියුණු බව නිසා දෙපැත්ත කැපෙන පිහියක් වැනිය. සරලය සුන්දර. ඒ වාගේම ගැඹුරුය. අසරණ සෙල්වා....

    ReplyDelete
  2. ඒකනම් සහතික ඇත්ත වෙදමහත්තයො...

    ReplyDelete
  3. ගෝල්ඩ් ෆිෂ් මලයත් දාලතිබුන ඔයවගේ කතා ටිකක්. මම හිත්වෙ උදේම කුණුහබ්බයක් ඇදබෑව කියල.

    ReplyDelete
    Replies
    1. නෑ මචො..අපේ සෙල්වා ලොක්කා කතාකරපු විදිහටම ලිව්වෙ නැත්තං ගතියක් නෑ නේ එකයි

      Delete
  4. කොහොමත් වැස්ස දවස්වල ඇතුලෙම දාන එක හොදා. මම නම් වැස්ස දවස්වලට රේන් කෝට් එකක් පාවිච්චි කරනවා පාක් කරන්න කලින් රේන් කෝට් එක දානවා

    ReplyDelete
    Replies
    1. ඔන්න කරනවනම් වැඩ...

      Delete
  5. වචන කතා කරද්දී විතරක් නෙවෙයි ඇයි ලියද්දිත් හුගක් පරිස්සම් වෙන්න ඕන.මේ වගේ ඒවා ලාම්පුරේ පෙයාර්කරේ....

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් බට්ට් නගේ

      Delete
  6. මාවත් හොල්මං වෙලා ගියා

    ReplyDelete
    Replies
    1. ඔක තනිකර වචන හරඹයක් නේව, කස්සා අවුරුද්දටවත් මේ පැත්තේ ආවේ නැද්ද මචො..

      Delete
    2. කොහෙද වෙලාවක් බං

      Delete
  7. වචන මාලාව (vocabulary) අඩු ඕනෑම කෙනෙක් මේ අන්දමට කථා කරනු ඇත. මේ සිංහල දමල භාෂාවන් අතර වූ සිද්ධියකි. සිංහලය රාජ්‍ය භාෂාව වූ දිනවල මීට වඩා හාස්‍යජනක දේ සිංහලයන් - සිංහලයන් අතර සිදු වී ඇත. එකල ප්‍රසිද්ධ කොළඹ විදුහලක එක්තරා විවිධ ප්‍රසංගයක් විය. සියල්ලෝම හැකි පමණ හොඳින් සිංහල භාෂාව භාවිතා කලහ. මෙයින් උද්දාමයට පත් විදුහල් පති තුමාද සිංහලෙන් කථාව ගරු ගාම්ඹීර ලෙස ආරම්භ කලේය. තිරය එසවූ පසු ප්‍රසංගය නැරඹිය හැකි බව පැවසීමට එතුමා භාවිත් කල වචන කාගේත් හසිතෝප්පාදයට භාජනය විය. එතුමා මෙසේ පැවසීය. " දැන් ඉතින් රෙද්ද ඉස්සුවම සෙල්ලම පෙනෙයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වචන පාවිච්යේදි පරිස්සම් වෙන්ඩ ඔන නේව

      Delete
  8. අපොයි ඇති යාන්තමි ඔහොම ගිහිං තියෙනවා. මමත් උඩ ගියා හෙඩිම කියොපු ගමන් වැඩෙි දෙල් කොරගෙනද කියලා... හික්ස්..!!!

    ReplyDelete
    Replies
    1. එකනේ මචො කියන්නේ....ඇයි උඹ විතක් ඔක ඇහුන වෙලේ මටත් ඔක හිතුනා

      Delete
  9. ජේ ආර් ලොක්කත් කිව්වෙ ...මම‍ කොරනවා..තවදුරටත් කොරාන්ඩ බලාපොරොත්තු වෙනවා කියලා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත..ඇත්ත...දැන් ඔය ගොලයො රොත්ත කොරන්ට තනන්නේ...නේද සුමිත් අයියා

      Delete
  10. මට කියවගෙන යද්දි හිතුනේ වැසිකිලියට සම්බන්ධ කේස් එකක් කියලා... කාලෙකට කලින් දුමි අයියා ලියලා තිබ්බා මෙහෙම වචන වැරදිලා කට්ටිය නාපු සීන් එහෙම :D

    ReplyDelete
    Replies
    1. අනිවා මචො ඔයවගේ කේස් අනන්තවත් වෙනව ඇති කොතැනත්

      Delete
  11. වයසක උන්දැලට ඔහොම විහිළු කරන එක නරකයි...
    අපේත් ඉන්නවා ඔය වගේම ටැමිල් බොසෙක්...

    ReplyDelete
  12. මෙයාටත් සෑම් ගෙන් මොකක්ද බෝවෙලා වගේ..:D:D

    ReplyDelete
    Replies
    1. හරි අසාධාරනයි අහිංසක සෑමවම කන්න හදනව නොවැ..

      රාජ් මේ බලපාාාාාාාං....

      Delete
    2. කිරිල්ලියේ ඔවට අපේ සෑම් මලයව අල්ලගන්ඩ එපා..ඔං...තනිකරම මං පොරිසාදයගේ වැඩක් නොවැ මේක..හික්ස්..

      Delete
  13. වෛරස් එක අයෙම පැතිරෙන්න පටන් අරන් වගේ. මං හිටුවේම වෙන එකක්නේ.

    ReplyDelete
    Replies
    1. අපොයි මලේ වෛයිරස්වලට නෑ ඉඩ....

      Delete
  14. අප්පච්චියේ.... මං බැළුවා මේකා උදේ පාන්දර එවපු කුනුහරුපෙ මොකක්ද කියලා. පව් අප්පා. මා ළගත් වැඩ කලා නන්දකුමාර් කියලා දෙමළ මනුස්සයෙක්. එයත් කියන්නේ ඔය වගේ කතා තමයි.

    ReplyDelete
    Replies
    1. අද රටේ ලොකේත් හරිදේ එක පාරටම හොයාගන්න එක ලේසි නෑ...ඒතරං විපිරියාස...ඔව් විපිරියාස...

      Delete
  15. හිකිස්..

    මට එද්දිම හිතුන මෙහෙව් සීන් එකක් කියලා. හැබැයි හිතුවේ උබට වෙච්ච වැඩක් කියලා..

    වැස්ස කාලේ පරිස්සමෙන් හොදේ.. වැරදීම් වෙන්ට පුලුවන් !

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න...යකො ෆිලිම් එක බලහන් ...ස්ක්‍රිප්ට් එක නැතුව...හික්ස්..ජය

      Delete
  16. හපුච්චියේ....කෙල්ලෙක්ට එහෙම ඇහුනනම් වැඩේ හබක් තමා.....

    ReplyDelete
    Replies
    1. මලකෙලියක් තමා වෙන්නේ...

      Delete
  17. මම 18 වැඩි නිසා කියවන්න ගත්තේ.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා....ඊයේ පෙරේදා නේද 8 පාස් උනේ..අම්මපා බලන එව්වා..ජය

      Delete
    2. මූ අට පාස්??

      අටට ගැන ගන්න බැරි එකා..

      Delete
  18. හයියෝ පෝස්ට් එකේ ටයිටල් එක දැකලා හොද බකට් එකක් පෙරලන්න හිතාගෙන ආවෙ, අයියෝ සල්ලී :S

    ReplyDelete
    Replies
    1. ආ ගැහුවද..ගැහුවද...උ...උ....ඔය වැදුනද...වැදුනද...හිකිස්..ජය

      Delete
  19. අර කට හැකර පොර මොනවත් කිව්වෙ නැත්නම්....වැරදි වැටහීමක ඉන්නවනෙ අර මනුස්සය ගැන.....

    ReplyDelete
    Replies
    1. ඔකනේ කියන්නේ කටහැකර එවුනුත් වැදගත්වෙන වෙලා වල් තියෙනව කියල නේද සහෝ...

      Delete
  20. අනේ අනේ... කෙල්ලෝ හිටියා නම් වහ කනවා මේ කතා වලට.... ඒ නිසා අපිටත් කරන්න තියෙන්නේ නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නේ නැතුව ඉන්නයි.....

    ReplyDelete
    Replies
    1. ආන්න හරි සෙෆ්ටි පස්ට් කියල ශේප් එකේ ඉන්න තරමට ඇඟටගුනයි නේ..

      Delete
  21. දෙමල විතරක් නෙවෙයි රාජ්, මේ අපේ කාන්තා පාර්ශවත් ඔය අපි පාවිච්චි කරන යෙදුම් දන්නෙ නෑනෙ. ඉතින් බයේ බෑ පිරිසක් ඉන්න තැනක මොනවා කියයිද කියලා.

    මමත් වැස්සෙ කොච්චර බයික් පැදලා ඇත්ද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් සහෝ...වැස්සේ බයිසිකල් පදිනව කියන්නේ..ඉතින් හොදි ඔන්නෑ...

      Delete
  22. එක අතකින් (නෙමෙයි කොයි අතින්)බැලුවම ඒකත් හොදයි..! ප/ලි (මම කිව්වෙ ඇතුලට දාපු එක.)

    ReplyDelete
    Replies
    1. ම්...බලගෙන යනකොට එකත් ඇත්ත තමා...

      Delete
  23. බාසාව යනු දෙපැත්ත කැපෙන බ්ලේඩයක් වැනි ය. දැන භාවිතා කළ යුතු වේ. එහෙම නේද අයියේ?

    ReplyDelete
  24. අපේ හිටපු ජනනායකයෙක් කිව්වලුනෙ රජයේ කාර්යාලයකට ගිහිල්ල මෙහෙම.
    If an officer put leave he must put number two on the seat.

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...