Monday, December 19, 2011

සාක්කුවේ තිබ්බ කොන්ඩම් එක නෑ..බං...හරි හරි සනී අංකල් අරන් යන්ඩ ඇතී....



 
   සෙනසුරාදා තොවිල් නටන්ඩ හිටියට මොකද...යාලුවට අනුරාධපුරේ යන්ඩ උනා ශාන්තිකර්මේ කොරගන්ඩ....මොකද කියනවනං..කට්ටඬි උන්නැහේ පනිව්ඩයක් එවල තිබ්බ යාලුවට අනුරාධපුරේ එන්ඩ කියලා....යාලුවත් පාන්දර කොච්චියෙම ගමේ ගිහින්....

   කොඩියා කියන විදිහට පොරගේ තව කෙස් එකක් තමයි සමහර දේවල් අමතක විම...දෙයක් කොහේ හරි තිබ්බම වෙලාවකට පෙරලගෙන හොයනවලු....
  ඔයවගේ අප්සෙට් නැත්තං එපා කියද්දි කරවල කයියැ...කොහොමෙන් හරි ශාන්තිකර්මේ කොරලා...මිනිහට ලොකු තෙල් බොතලයක් එහේම දිලා..හවහට පානක් පත්තුකොරන්ඩ එහේම කියලා...

  ජීවිතෙට මලක් පානක් පත්තු නොකරපු එකා දැන් පාන් පත්තු කොරනව දැකපු යාලුවො සෙට් එකට.... ඉට වැඩිය බයිට් එකක් නැහැලු...
   යාලුව ගමේ ගිහින් ඇවිත් ටිකක් වෙලා යනකොට බිරන් තට්ටුවෙලා ඉන්නවලු...මේකා හොල්මනක් දැකල වගේ ඉන්නකොට කොඩිය අහල

  "මොකද යකො වෙලා තියෙන්නේ කියල....."

 " මචං සාක්කුවෙ කොන්ඩම් එකක් තිබ්බා....දැන් එක නෑ බං..."

 " තො කොහේ හරි දාලා යන්ඩ ඇති..."

" නෑ යකො මම ගෙදර යද්දි සාක්කුවෙ තිබ්බ මචං...."
  
  " එහේනං මගුලක්ද කියන්නේ....ෂුවර් එකට සනී අංකල් ගන්ඩ ඇති..හහා.."

 " මාර කෙස් එකබං....මම කලිසම අඳින්ඩ කලින් අම්මා එක අයන් කලේ...
  අඩේ මගේන් මුකුත් ඇහුවේත් නෑ.....මුකුත් කිව්වෙත් නෑ........."

  අඩො මොකෑ බං කොරන්නේ.........

  ඔං අන්තිමට කොරගත්ත දෙයක්....

26 comments:

  1. ෆට්ට.. මේවගේ සීන් වෙනවා බං..
    ෆල්ම් ටිකට්, හොර ගමන් ගිය බස් ටිකට්, සිගා කොට, මල් කොල, එල එල..

    මට රාජ්ලා පැටලිලා බං තිබ්බේ.. දැන් පැටලුම ලිහුනා..

    ජය ශ්‍රී..

    ReplyDelete
  2. ඔව්වට ඉතිං වැරැද්දක් කියන්න බැහැනේ... safety first නේ...

    ReplyDelete
  3. කවුද අෆ්ෆා ඔව්වා කලිසම් සාක්කු වල දමල තියා ගන්නෙ..? හැමවෙලාවවෙම ළඟ තියෙන එකක තමයි දමා ගන්න ඕනි..පර්ස් එක හොඳ තැනක් !

    ReplyDelete
  4. ඌ කොහොමද දැන් ආයේ ගමේ යන්නේ වස ටිකක් කන්න වෙන්නේ

    ReplyDelete
  5. අප්පා ඔවුවා එකක් ගෙදරට අහුවුණොතින් ඉතින් ආයේ වසලා කොහොමද ? සමහර විට අර කොන්ඩම් එක අර කීව සනී අංකල් ඉස්සුවාද දන්නෑ නාකි විසේ මොකටද වඩා උසයි කියනවා නේ

    ReplyDelete
  6. @ සඳරු,
    ඔය ටෝක් වලට තමා නාකින්ට තද වෙන්නෙ, අරීද? මොකද චොප්පෙට පණිවිඩයක් අරින්ඩද?

    ReplyDelete
  7. මුන්ට යක්කු ගහල තියෙන වෙලාවෙත් ඔව්ව සාක්කුවේ දාගෙන යනව කියන්නෙ....
    අන්තිමට අම්මටම දීල ඇවිත්..... :D

    ReplyDelete
  8. හා හා මොකෝ මේ ඔබා අයියා කෝප අරං ? අපි දන්නවනෙ අපෙ අයියා නම් බෝ පැලයක් සේ.. (අනේ මගේ කට..60 පැන්නට අර මොක්කුද බිමින් යයියෑ ? )

    ReplyDelete
  9. @ වර්ණා
    එකනේ..ඊයාතමයි අනේ...

    @ සෑම්
    ස්තුතී මේපැත්තේ ආවට...අනිවා හොරවැඩක් කොරනවනං හරියට කොරන්ඩ එපෑ...

    @ ප්‍රසන්න
    හුඟකාලෙකට පස්සෙ කොහොමද ලොක්කා...ඇත්ත ඇත්ත වැරැද්දක් කියන්ඩ බැ

    @ වෙනී
    මුන් නොදරුවොනේව අයියේ යමක් තාම තෙරුම් ගන්ඩ බෑ..හැබැ..කොරයි යස අගේට

    @ නදී
    අපොදත් අහනව...අම්මා හිතාගන්ඩ ඇති කටේ කිරිසුවඳ ගිහින් කියලා

    @ අසරණයා
    බලහංකො කොරගත්ත දෙයක්...

    @ හිස් අහස
    සඳරුවො අපේ මාමලට කෙන්තියයි...බලගෙන යකො..ඔව කියන්නේ..හික්

    @ වින්චැට් කිරිල්ලි
    ඔහොම තමා..අරුටත් උත්තර නැතුව ඉන්නේ..බලන්ඩ මුං කරගන්න දේවල්

    @ ඔබා අයියා
    කවුද අපේ ඔබා මාමට කින්ඩි දාන්නේ..බලාගම්මු හරිද..ඔබා අයියා..කමොන්

    @ මියුරු
    තනිකරම විසේ නේවෑ අක්කේ..මුන්ට තෙල වැඩිවෙලා...

    ReplyDelete
  10. මං තාම කල්පනා කරන්නෙ සනී අංකල් කොන්ඩම් එකෙන් ගත්තෙ මොනවගේ වැඩක්ද කියල. අතර මගදී මෝහිණිවත් සෙට් උනාද දන්නෙ නෑ.

    ReplyDelete
  11. මු මොනවගේ තොවිලයක් නටන්නද දන්නේ නැහැ කොන්ඩම් එකක් අරගෙන ගෙදර ගියේ....

    ReplyDelete
  12. හොඳම වැඩෙ අම්මලට තාමත් වදදෙනවට තාම තමන්ගෙ ඇඳුමක්වත් අයන්කරගන්න බැරි යාලුවො ඉන්නවා කියලා බ්ලොග් පොස්ට් එකකම දාපු හැටි.

    ReplyDelete
  13. හෙක්...... හෙක්..... හොඳ වැඩේ!!

    ReplyDelete
  14. @ රාජ්
    මේ අබුද්දස්ස කාලේ එව්වා කියන්ඩ බැ..මචො

    @ ලොකු පුතා
    මුට පිස්සුනේ මචන්

    @ ලොකුජොන්
    හරියට හරි

    @ වෙදමහත්තයා
    හොඳ වැඩේ නෙන්නම් ගොනානේ..මක්කොරන්ඩ ද

    ReplyDelete
  15. නාකි මාම නත්තල් ගහේ එල්ලන්න වෙන්ටැ ගන්නැත්තෙ!

    ReplyDelete
  16. පව්, වයසෙත් වැරැද්ද... ඔය හොර වැඩ දන්න යාළුවෙක් සපෝට් එකක් දෙන්න එපාය...අමරුවෙ නොවැටෙන්න

    ReplyDelete
  17. චීයා ඕවා මොකටද සාක්කුවේ දාං ඉන්නේ ....

    ReplyDelete
  18. @ ඉන්දික
    එව්වා කියන්ඩ බෑ මචො..

    @ හිතු
    හෙම්....චී නං තමයි

    @ සුළඟ
    එකනේ කියන්නේ...අප්සෙට් වැඩේ නේ..

    @ නොදුටු ලොවක්
    උට පිසුනේ මචො

    ReplyDelete
  19. මම දන්න එකෙක් බෑග් එකේ දාගෙන ඉඳල කුඩේ ගන්න ගිහින් බස් එකේදි එකක් බිම වැටිල... දැකපු එකෙක් කිව්වලු මල්ලි මල්ලි මෙන්න එකක් වැටිල කියල.. අරුත් ඉතින් ලැජ්ජ බය නැතුව ආපහු අරං සාක්කුවේ දාගෙන... හික්.. මොනව කරන්න ද...

    ReplyDelete
  20. @ පැතුම්
    ඔව ඔහොමතමා මචො..දැන් රට ගොඩක් සංවර්ධනය වෙලා නොවැ...

    ReplyDelete
  21. pissu ekai! :D :D man nam oowa kalisamee danne na! :D :D

    ReplyDelete
  22. අපොයි... අපිව නරක් වෙනව ඔය කතා අහල...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...