Thursday, December 8, 2011

ටීචර් ස්ප්‍රයිට් ටිකක් බොනවද....? " දැන් කවුද එතකොට වැරදි....? "



  අපේ ගෙවල් කිටුවම තමයි මීස්ට මුනසිංහලත් හිටියේ ...පුතාල දෙන්නයි දුවයි තමයි මේ පවුලේ සම්පත...ඔය ලොකු කොලූ නම් ගුවන් හමුදාවේ රැකියාව කලේ..අනිත් දෙන්නම තාම ඉගෙන ගන්නව...මිස්ටර් මුනසිංහයි මිසීස් මුනසිංහයි දෙන්නම වැඩකලේ පොලිසියේ...මේ දවස්වල මිස්ට..මුනසිංහගේ ගෙදර බාසුන්නැහැල වගයක් වැඩ

   මිස්ට මුනසිංහගේ පොඩි කොලු තවම 10ය වසරේ..පවුලේ බාලය නිසා කොල්ල ටිකක් දඟයා...නමුත් ගමේ කවුරුත් මූට ආදරෙයි..මෙකා ගෙදර තිබ්බ ස්ප්‍රයිට් බොතලයක් බිබි ඉන්න කොට..මිසිස් මුනසිංහ ඔය බොතලේ අරං හංගලා....මොන එහෙකට ස්ප්‍රයිට් බොතලේ හැංගුවද කියන්ඩ මම දන්නැ...නමුත්..

  මිසිස් මුනසිංහ එහාට මෙහාට වෙනකං ඉඳල පොඩි කොලුව..අර ස්ප්‍රයිට් බොතලේ හොයනවලු...මේයාලගේ ගෙදර තියෙනව දරමඩුවක්...දර මඩුවක් කිව්වට..මේ ගෙදෙට්ට ඔන කරන දර දාපු මඩුවක් මේක...කොහොම හරි පොඩි එකාට ස්ප්‍රයිට් බොතලේ හම්බවෙලා....

  මූ මෙක හොරෙන්ම ඉස්කොලේගෙනිහින්...යාලුවන්ටත් දිලා...පස්සේ.. පංතියේ ටිචටත් දික්කොරල...
 
  " ටීචර් ස්ප්‍රයිට් ටිකක් බොනවද...?"

ටිච...බොතලේ ලංකොරල බැලුවම..හෙන ගඳයිලු... බැලින්නම් මේකේ තියෙන්නේ කසිප්පු....

ආයි අහන්ඩ දෙයක් නෑනේව..ටීච පොඩි එකාව ලොකුසර් ගාවට එක්ක ගිහින්..ලොකුසර් දෙමාපියන්ටත් පනිවිඩේ යවල මේකව ඉස්කොලෙන් අස්කොරල නේව...

  ඔය පොලිසියේ සමහරක් වගේ අපේ මිස්ට මුනසිංහත්..පොලිසියෙන් අල්ලන කසිප්පු ගෙදර ගෙනැවිත් අර වැඩකරන බාසුන්නැහේලට දෙන්ඩ..ඔක හංගල තිබිල තියෙන්නේ අර දරමඩුවේ...

  මිසීස් මුනසිංහ කොලුව බිබි හිටපු ස්ප්‍රයිට් බොතලේ..උදුර ගත්තනේ...ඔක හොයපු කොලුව ඉස්කොලේ ගෙනිච්චේ වැරදි ස්ප්‍රයිට් බොතලයක් ..කොහොම අරි අන්තිමට සිද්ද උනේ කොලුවට ඉස්කොලේ නැතිවෙච්චි එක..

දැන් කවුද එතකොට වැරදි.... 

  

23 comments:

  1. හප්පේ ...ඉතිං මොකෝ කරගත්තේ..කොළුව වෙන ඉංකෝලෙකට දැම්මද දන්නෑ..මාර සීන් එක නේ....එක දවසක් අපිට හම්බුනා ස්ප්‍රීට් ගැලුමක් කෝච්චියේ දාලා ගිහිල්ලා පොරක්..අපේ අයියා කෙනෙක් වැඩකරේ රේල්ලුවේ..මිනිහා ගෙනාවා මේක....එකට නමයක් කවලං කරලා බොන්න තියෙන්නේ...ඔරිජිනල් එකක්..අපි ටෙස්ට් කරලා වටේටම බෙදුවා.....

    ReplyDelete
  2. පුදුම දෙමව්පියෝ එයාල තමයි වැරදි. තමන්ගේ සේවකයෙකුට කවදාවත් මත්පැන් දෙන්න හොඳ නැහැ. මම නම් යාළුවෙක්ටවත් දෙන්නේ නැහැ. තනිකරම වැරදි වඩක් ඒ මව්පියෝ කරලා තියන්නේ. පොලීසියේ වෙලත්. විදුහල්පතිත් වැරදි සොයා බලා අවවාදයක් කලා නම් හරි. අම්මා විශේෂයෙන් වැරදි පළමු සැරේම කියලා දුන්නනම් ඉවරනේ. ළමයෙක්ගේ කුතුහලය වැරදි විදිහට අවුස්සන්න හොඳ නැහැ.

    ReplyDelete
  3. පව් කිරිසප්පය! අම්මලගෙ වැරදිනේ. අහවල් එකක්ද වෙන්නෙ ඔය වයසට ස්ප්‍රයිට් ටිකක් බිව්වම.

    ReplyDelete
  4. වැරදි මුණසිංහ ඔව්,, එයා මොකටද කසිප්පු තියන ඉන්නේ :/

    ReplyDelete
  5. හෆ්ෆා ඛේදවාචකයක්නෙ... කසිප්පු හංගලා තිබ්බ තැන වැරදී.. පොඩි උන්ට අහු නොවෙන්න තමයි හංගන්න ඕනි !

    ReplyDelete
  6. mun set eka iskoledhi shuwar ekata jaathika paanaya bonna Athi.

    ReplyDelete
  7. හප්පොච්චියේ මදැයි කොලා...බලන් ගියාම පොඩි එවුන් කරන වැඩ කරන්නෙ මහ එව්වොනෙ.... අනේ අනිච්චං... ඉතින් පොඩි එකාව අස් කලාද ඉස්කෝලෙන් ?

    ReplyDelete
  8. හනේ!!! පවු පොඩි එකා.. මොනා දන්නාව්ද.. දෙමව්පියන්ගෙ වැඅර්දිනෙ..:/

    ප.ලි-ඇයි මේ මාව ෆලෝවර්ස්ලගෙ පේන්නෙ නැත්තෙ..o_O

    ReplyDelete
  9. @ ඔබ නොදුටු ලොවක් ..
    මල් මසුරංටිකට තියෙන්ඩ ඇති නෙද සහො..දෙයියො දුන්නවගේ..කොල්ලව වෙන ඉස්කොලේකට දැම්මා..

    @ මහවෙදනා...
    මම ඔබත් එක්ක එකඟයි..අම්මල ඔයිටවඩා කල්පනා කාරි වියයුතුයි..

    @ රාජ්
    අනිවා මචො...

    @ වර්ණා
    සහතික ඇත්ත...පොලීසියේ වැඩ කොහොම කොරනවද දන්නැ

    @ වෙනි
    පොඩි උං එක්ක වැඩකරන හැටි දන්නැ මේ අලි

    @ කස්ස
    බිලා මචං

    @ දිල්
    අස්කරලා දිල්..මේ කතාව මට කිව්වේ මගේ තාත්ත...තාත්තා විශ්‍රාම යන්ඩ කලින් ගම්පහ....අද්‍යාපන අධ්‍යක්ෂ වෙලා හිටියේ ඉතින්....දන්න වෙන ඉස්කොලේක ප්‍රින්සිපල් කෙනෙකුට කියල අර ලමයව එකට ඇතුලත් කලා...

    @ හිතුවක්කාරි..
    එකනම් ඇත්ත...
    මටත් තියෙන ප්‍රෂ්ණේ ඔකම තමා මාව ඔයාගේ ෆලෝවර්ස්ලගෙ පෙන්නේත් නැ ඔයාව මගේ එකේ පෙන්නේත් නැ...බලමු මොකද කියලා..හැබැ ඔයාගේ පොස්ට් මගේ ලිස්ට් එකේ පෙනව...

    ReplyDelete
  10. අම්මල තාත්තලගේ මෝඩකම වගේම වගේම අර කොළුවගෙත් මෝඩකම මට පේනවා මේ කතාවෙන්
    යාලුවන්ටත් දීල තමන් බීපු දේ ස්ප්‍රයිට් නෙමෙයි කියල තේරුම් ගන්න බැහැයි කියන්නේ ලොකු ප්‍රශ්නයක්
    ජීවිතේ පලවෙනි පාරට නෙමෙයිනේ ස්ප්‍රයිට් බිව්වේ, කතාවේ හැටියට ඊට කලිනුත් බිබී ඉන්න ගමන්නේ අම්ම ඒක හංගල තියෙන්නේ

    ReplyDelete
  11. අම්මලා තමයි ලමයි ගැන දන්නේ, ඒකනෙ හැංගුවේ..10 වසර ලමයෙක් නොතේරෙනවාම වෙන්නත් බෑ..හ්.ම්.ම්

    ReplyDelete
  12. ස්ප්‍රයිට් සහ කෂිප්පු අතර වෙනස නම් බුස් ගාලා වැටහෙනවා ..අනික දහය වසරේ කියන්නේ දික් කලිසං අඳින කාලේ

    //ටීචර් ස්ප්‍රයිට් ටිකක් බොනවද...?// කොල්ලට අම්බානට වැදිලා හිටපු නිසා තමා මෙහෙම අහන්න ඇත්තේ ..

    ReplyDelete
  13. මං මේ කල්පනා කරන්නෙ, අපරාදෙ මල් පැණි ටික...

    ReplyDelete
  14. @ ලොකු
    ඇත්ත මචං උ එච්චරටම පොඩි බබෙක් නෙමෙයි..

    @ සුළඟ
    හෙම්..ග්

    @ හිස් අහස..
    ලොක්කා මතකෙයි මුල්ල පටස්..හහා..

    @ ඔබා අයියා
    එකනේ ඔබා අයියේ..මුං ඔක ශේප් එකේ බොන්නැතුව මගුලක් කොරන්ඩ ගිහින්...

    ReplyDelete
  15. 10 වසරේ එකෙක් ටීචර් ගෙන් ඔහොම ඇහුව කියන්නේ අනිවා ඌට කසිප්පු වැඩ කරල වෙන්න ඕනි... අයියෝ කොල්ලො....

    ReplyDelete
  16. පොලීසියේ මහත්තුරු, ගෙදර කසිප්පු තියාගන හිටපු එක තමා වැරැද්ද.:(

    ReplyDelete
  17. දැන් සිරාවටම කවුද වැරදි :/

    ReplyDelete
  18. @ පලාමල්ල
    ඔව් බං මාත් හිතන්නේ මුන්ට වෙරි......

    @ පොඩ්ඩි
    එකනේ පොඩ්ඩියේ පොලිසියේ ඉන්නේ මැටි හරක්

    @ චම්මා
    බොහොම ස්තුතී මේ පැත්තේ ආවට....ඇත්තටම කවුද හැබැට.....

    ReplyDelete
  19. පොඩි එකාවයි යාළුවන් වයි උල තියන්නෙපැයි ස්ප්‍රයිට් දන්නෙ නැත්තම්....! පොලිස් නම් කතා නොකරන තරමටමයි ගුණ...!

    ReplyDelete
  20. මටත් ස්ප්‍රයිට් එකක් බොන්න හිතුනා....හ්ම්ම්...ඒකට ඉතින් ලංකාවට යන්න එපැයි...!

    ReplyDelete
  21. @ ලහිරු
    එකනේ මචො කියන්නේ...තොත්ත බබාලැ...

    @ වින්චැට් කිරිල්ලි
    ඇයි ඔහේ නැද්ද....අඩුගානේ සෙවනප් වත්...

    ReplyDelete
  22. කොලුවා 10 වසරේද නැත්නම් වයස 10 ද? පොලිසියේ වැරදි තමා මොනවා කරන්නද.?

    ReplyDelete
  23. @ අසරණයා...
    ස්තුතී මචො මේපැත්තේ ආවට..ඌ 10 වසරේ බං අනිවා..පොලිසි ගැන කතා කුමට

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...