Monday, December 5, 2011

ත්‍රාසය...කුතුහලය...හාස්‍යය..පිරි.......12..ක්.



දිනය...සිකුරාදා..( 02/12/2012 )

ස්ථානය.... කොල්ලුපිටිය පරන බැලිස් ක්ලබ් එක ඉදිරි පස...

වෙලාව...සවස 5.30 හ...

    " අයියේ ලයනල් වෙන්ට් එක ගාවට යමුද......."

අතුල පතිරණ යන්ගේ නව නාට්‍ය නිර්මාණය "දොලහක්" බැලිමේ අටියෙන් තරුණයන් තිදෙනකු මිටර් ටැක්සියකට අඬ ගැසු අයුරුයි...

   " අපො මේ වෙලාවේ ඒ පැත්තට මිටර් ගනං වලට යන්ඩ බෑ  130 ක් දෙනවනම් යමු..."

  යකො මිටර් ටැක්සි කියල ගහල තියෙන්නේ මගුලටද එහේනං.....

   ඒ සිතිවිල්ල ඇති වුවත්..මුව තුලින් පිට තට නාවේ අප තිදෙනාම ආයතනයේ නිල ටීෂටයෙන් සැසරසී සිටි බැවිනි... 

  ලිබර්ටී ප්ලාසා එක ඉදිරිපිටදී වෙනත් ටැක්සියක... නැගගත් අප ..."නමුත් එයත් මිටර් ටැක්සියකි..." රාජකිය විද්‍යාලය ඉදිරිපිටින් බැසගතිමු....ගෙවිය යුතු මුදල වූ යේ රුපියල් 70 වකි.

    ලයනල් වෙන්ට් තියටරය අද ජනයාගෙන් පිරි ඇත...මෙහි තව එක් විශේෂයක් වූයේ බොහො තරුණ... පිරිස් මෙහි රැස්වී සිටිමයි...

       මා දැක තිබු බොහො වේදිකාවන්ට වඩා මෙම රංග වේදිකාව වෙනස්ය...නමුත් නාට්‍ය පෙර ප්‍රචාරනයන් වලින් ලැබු ඉඟි අනුව මේ ජූරි සබිකයන් ගේ උසාවි කාමරයක් යන්න ඒත්තු ගැනිමට එතරම් වෙලාවක් නොගියේය..

   තරමක් අපිලිවෙල කාමරය වෙත පැමිනියේ විවිධ තරාතිරම් වලට අයත් මිනිසුන් 12 කි..නඩුවේ විශේෂත්වය වූයේ ජුරි සබිකයන් 12 ගේම ඒකමතික තිරනයකින් පමනක් නඩුවේ ප්‍රතිඵලය තිරණය වීමයි..

  ජූරියේ ..11 ලොස් දෙනෙකුම විත්තිකරු වරද කරු කලද එක් පුද්ගලයකු පමනක් මිට විරුද්ධ විම...නාටකයේ ඇරඹුමයි...සමාජයේ එක් එක් අංශයන් නියොජනය කරන මොවුන්...තම තමන්ට ආවෙනික වූ ලක්ෂණයන්හි පිහිටා තර්ක කරන ආකාරය අපූරුය...

  වරේක සියලු දෙනා එක් තිරනයක එල්බ සිටිද්දී එකෙක් පමණක් විරුද්දවිම පිළිඹඳව අනේකුන් විස්සොප වෙයි..

  අනේකා ....නඩුවේ තිබු එක් එක් කරුනු ගෙන හැර තර්ක ගොඩනගද්දී...එකා දෙන්නා....තම මුල් තීරන වෙනස් කීරිම පිළිඹඳව....සබිකයන් අතරින් ත්‍රාසය....හාස්‍ය....පැන නැගිම..නරඹණ අප කුතුහලයටත් අමන්දානයටත් පත්කරයි 

   නමුත් ජුරීයේ තවකෙකුට අවශ්‍ය වන්නේ මේ මහා කරදරයෙන් බෙරි පැනයාමට මිසක ජූරියක වගකීම ඉටුකොරන්නට නොවෙ...

   කෙසේ හො.. මුලින් ..අනිකුන්ගේ බහට විරුද්ධ වූ පුද්ගලයා ගේ තර්ක අනුව අඳුරු කඩ තුරාවෙන්  මිදෙන සබිකයන් අවසානයේ විත්තිය නිදොස් බව තිරනය කරයි...

   වබ්ලිව්.ජයසිරි...ධර්මප්‍රිය ඩයස්...විශ්වජිත් ගුණසේකර..ගිහාන් ද චිකේරා..ඇතුලු ශිල්පින්ගේ අතිවිශිෂ්ඨ රංගනයෙන්....ද...කසුන් කල්හාරයන්ගේ..සංගිතයෙන් හැඩවු
  දොලහක්....අප සිත්සතන් පැය 2කට ඇඳ බැඳ තබාගත් අයුරු අපූරුය...

ප/ලි
   නට්‍ය අවසානයේ මාමේ බැලූයේ සිනමාපටයක් දොයි හැඟුනු බව ද කිව යුතුමය.....දෙබස් හැසිරිම් පසුබිම සංගිතයපසුතලය ඇත්තේන්ම සිනමා පටයක් වැනිය..

17 comments:

  1. අපිට කොයින්දෑ ඉතින් වාසනාවක් ඕවා බලන්ට...

    ReplyDelete
  2. බොහෝම වටිනවා කාලේ හැටියට නියම කථාවක්. බලමු උත්සාහ කරලා යන්න. ස්තුතියි.

    ReplyDelete
  3. මටත් කියන්න තියෙන්නෙ ඔබ නොදු‍ටු ලොවක්ගෙ කතාවම තමයි. මෙහෙට ඕව එන්න කොච්චර කල් යයිද මංද. කොලඹ ආවත් බලන්න වෙලාවක් නෑ.

    ReplyDelete
  4. මටත් තියෙන්නේ ඔය උඩින් කිව්ව කතන්දරේම තමයි... අපිට කොයිද ඔව්ව බලන්න පිනක්... සිරාවටම ආසයි බන්....

    ReplyDelete
  5. @ ඔබ නොදුටු ලොවක්...පිස්සා පලාමල්ල

    මචො උබලගේ කොමෙන්ට් දැක්කම ටිකක් අප්සෙට් ගියා බං...මොකක් හරි වෙදිකා නාට්‍යක් බැලුවොත් ඒගැන කාව හරි දැනුවත් කරන්ඩ හිතිලයි මම මේ වගේ පොස්ට් දාන්නේ...නමුත් කියක් හරි හම්බකරන්ඩ ලංකාවෙන් පිටගිහින් උබල කන කට්ටත් එක්ක..හිතට කිසිම සැහැල්ලුවක් නැතුව..ගෙවන ඒකාකාරි ජිවිත..ලාංකික අපි ඔක්කොටම කොතැන හරි වැරදිලා වගේයි මචං...
    ඔය වැරදි යාන්ත්‍රනය කවදා හැදෙයිද කියන එක තමා ප්‍රෂ්ණේ... අඩුම ගානේ අපේන් පස්සේ එවුන්ටවත්....

    @ රාජ්
    මචො උඹ කියන එක ඇත්ත බං..දැන් දැන් ලංකාවේ වෙදිකාව ආපහු හොඳ තත්වෙකට එමින් පවතිනව..නමුත් ලංකාව පුරා විහිදිමේ යාන්ත්‍රනය තවම ඉබිගමනින් යන්නේ..ඔන්න ඔතනයි ප්‍රෂ්නේ තියෙන්නේ...නාට්‍ය ගමට ගෙනියන හරි වැඩපිලිවෙලක් හදනවනං තව කොච්චර රසිකයො නාට්‍ය වටා එක්වෙයිද...? නේද මචො

    ReplyDelete
  6. @ මහවෙදනා...
    ඇත්තේන්ම කාලීන තත්වයට ඔබින නාට්‍යක්..ඔබට විවෙක ඇති වෙලාවක කොහොම හරි නරඹන්න...ස්තුතී

    ReplyDelete
  7. සන්තෝෂයි හොඳ නාට්‍ය නිෂ්පාදනය වෙනව කියල අහන්නත්

    ReplyDelete
  8. 'දොළහක්' හොඳ නාට්‍යයක් කියල මාත් අහල තිබුණ...මේක කියෙව්වාම හිතුන බලන්න තිබුණ නම් කියල....

    ReplyDelete
  9. විස්තරය කියෙව්වහම බලන්න හිතුනා !

    ReplyDelete
  10. වේදිකා නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ. මම දැක්කා පත්තරෙත් තියෙනවා මේක හොඳ නාට්‍යයක් කියලා

    ReplyDelete
  11. @ ඔබා අයියා
    ඔව් අයියේ නැවතත් වෙදිකාව ස්වර්ණමය යුගයක් කරා යමින් සිටින්නේ...

    @ මියුරු
    හොඳ නාට්‍යයක් අක්කේ

    @ වෙනි
    අයියේ කොහොම හරි බලන්න....

    @ අකිල
    ස්තුති මේපැත්තට ගොඩ වැදුනට....මේක පරිවර්ථන කෘතියක් තමයි...

    @ පුස් මල්ලි
    සුදු පුසිත් එක්කම ගොහින් බලන්ඩ...හොඳ වැඩක්....අනික ලඟ පාතනේ තියටරේ තියෙන්නේත්...

    ReplyDelete
  12. ඉක්මනටම මාත් යන්න ඕනි වේදිකා නාටයයක් බලන්න...

    ReplyDelete
  13. මමත් හරි ආසයි වේදිකා නාට්‍ය බලන්න
    ගොඩ කාලෙකින් නාට්‍යයක් බලන්න උනේ නැහැ,

    අපි ලංකාවට එන පොඩි නිවාඩු කාලෙට කරන්න තියෙන වැඩ ටිකවත් කරගන්න වෙලා මදිකොට නාට්‍ය බලන්න වෙලාවක් කොයින්ද බං
    නවතින්නම ලංකාවට ආවට පස්සේ බලමු :(

    ReplyDelete
  14. @ සුළඟ
    ම්...ඉක්මනටම යන්න..

    @ ලොකු..
    ඔව් බං මෙන්න මෙහේ ඇවිත් සෙට්ල් වෙයං...

    ReplyDelete
  15. මේ 12 Angry men තමා... අනුවර්තනයක් කිව්වොත් නිවැරදියි !

    මමත් මේ ගැන පෝස්ට් එකක් දැම්මේ අධ්‍යක්ෂක තුමාගේ ඉල්ලීමට ! බ්ලොග් අවකාශය තුල යම් ප්‍රචාරයක් ගෙන දීමට. මේකටම හදපු ට්‍රේලර් එකකුත් youtube එකට දාලා තිබුණා. ඇත්තටම මේවා හොඳ ප්‍රවනතා කියලයි කියන්න තියෙන්නේ. මට නාට්‍යය නම් බලන්න යන්න බැරිවුනා. ඒත් හොඳට තියෙන්න ඇති කියලා රාජ් ගේ විස්තරේ අනුව කියන්න ඇහැකි...

    ReplyDelete
  16. මම මේ නාට්‍ය බලන්ඩ කලින් දැනගෙන හිටියට ගොඩක් තොරතුරු දැන ගත්තේ..ඔබගේ ලිපියෙන්..බොහොම ස්තුතී මුලින් දැනුවත් කලාට...ඇත්තේන්ම හොඳ නාට්‍යයක්

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...