1 වන දිගහරුම
"ම්.....සියදොරිස්
කොහොමද දැන් එතන හාමිට.."
හපමින් සිටි
බුලත් හපය පරණ පඩික්කං කබලට හලමින් පන්සලේ නායක හාමුදුරුවො හාන්සි පුටුවේ දිගාවිය.
" රත්නත්තරේ
පිහිටෙන් දැන්නම් ගුනයක් තියේ ලොකු හාමුදුරුවනේ..."
ආවසගෙයි එලිපත්තේ කොට පඩියට බරදෙමින්
සියදොරිස් තම උරෙහි වූ සාලුව ඔඩොක්කුවේ ලාගත්තේය...
" අර දැරිවිගේ
අත්ගුනේ හින්දා තමයි බං මහ උන්දැ ඔයතරම්වත් ඔලුව උස්සලා ඉන්නේ..."
" එහේමයි ලොකු
හාමුදුරුවනේ ඇස්වහක් කටවහක් නෑ..එකි හැම හෙනහුරාදාකම වගේ මහගේදර ගාටලා හොයල
බලනව... කොහේද සිරිමලාට ඉස්පාසුවක් නෑ නොවැ හේන් වැඩ හින්දා..."
" සියදොරිස් විමලා හේම ගම ආවෙ නැද්ද ගියදොහේ..."
" නෑ අපේ
හාමුදුරුවනේ ඒකිට දරුවා හම්බ උනාට පස්සේ තාම ඒ හැටි සනිපයක් නෑ කියන්නේ...අනික
ගුනපාලයත් සිදාදියට ගොහින් නේව..තව සතියකින් හමාරකින් ඌ ආහම එනව කියල පයිංඩයක්
එවලා තිබ්බා..."
විමලාවතිට
කුළුඳුල් දරු උපත සිදුවී පොහොය දෙකක් ඉක්මගොස් ඇත, පිරිමි දරුවකු ලැබිම ගුනපාලගේ සොම්නසට හේතුවක් උවත්
විමලාට විටින් විට ඇතිවන තුනටියේ අමාරුව හේතුවෙන් ගේදොර කටයුතු වැඩිමනක් සොයා
බැලීමට සිදුවී ඇත්තේ ගුනපාලගේ මව වන ඥානවතීටය.
නමුත් මෙවර
ගුනපාල කෙහේල් කැන් ලොරියත් සමග සිදාදියේ ගැටුවේ මහන්සියේන් ගොඩනගාගත්
වෙලඳාම අකංපාළු වනහැටි බලාසිටිය නොහැකි බැවිනි.
" ම්.... කෙල්ල ගෙදර ආපු වෙලාවක දරුවත් අරන්
පන්සල පැත්තේ එන්න කියාපං, අපි
සෙත්කවියක් කියල බලමුකො..."
අරමුනක් නැතත් ඝංඨාර කුලුන වෙත නෙත් හෙලාසිටි
සියදොරිස් නායක හාමුදුවන්ගේ හඬින් තිගැස්සී බැලීයේ...සැඳැ හිරුරැසින් කාන්තිමත්වූ
ඝංධාර කුලුනට ගිනිකන වැටීසිටි එකකු මෙනි..
" ඒ ගැන අහලා
බලන්නත් එක්කයි ලොකු හාමුදුවනේ මං මේ ආවේ.."
හිඳසිටි පඩියෙන් නැගිසිටි සියදොරිස් ඔඩොක්කුවේ
තිබු සාලුව අතට ගෙන හාන්සිපුටුව ලඟ දනින් වැටින
" සුවපත්
වේවා..."
"ඒකනෙවි
සියදොරිස් කඨීන පිංකමත් ලඟ එනවා අර බිංදු කොලුවට
කාන්ඩෙත් එක්කලා මෙපැත්තේ ඇවිල්ලා යන්ට එන්ඩ කියහං පන්සල් වත්ත පොඩ්ඩක් කල එලි කොරල ගන්ට එපායැ..."
" එහේනම් අවසර
ලොකු හාමුදුරුවනේ මම ගොහිල්ල එන්ඥං...."
බයාදු සිනහවක්
මුවට නගාගත් සියදොරිස් පහතට කරගත් හිසින් යුතුව පංසල් මායිමෙන් බැස ගියේය...
කාලවර්ණ
නිරුවත් උඩුකයේහි පෙර ශක්තිමත් මස්පිඬු වලින් හෙබි ලකුනු පෙනුනද, කාලයත් සමග මදක්
ඉදිරියට නැවීගත් සිරුරක් ඇති මේ සරල ගැමියා තම කටොර ජිවන මගේහි සැඳැ සමය ගතකරන අන්දම
දකින ලොකු හාමුදුරුවන්ගේ සිත්හි උපෙක්ෂා සහගත සිතිවිලි ඇතිවි නැතිවි ගියේය.
" සිරිනන්ද...පොඩි
හාමුදුරුවො......පොඩ්ඩක් මේහාට වැඩියඥං..."
" ලොකු
හාමුදුරුවනේ..."
"
මං බිංදු
කොලුවට එන්ඩ කියල
පයිංඩයක් යැව්වා...උන්දැල ආහම පංසල් වත්ත එලිපෙහේලි කොරල ගත්තනං
අර පල්ලේහා වල් වැවිලා හරියට..."
" එහේමයි ලොකු
හාමුදුරුවනේ..."
විරාමය.......
පන්සල් කතාවක්... හොඳයි හොඳයි.....
ReplyDeleteපන්සල් කතාවක්ම නේමේ ටිකක් දිගට ලියන්න කියල හිතුන කතාවක්
Deleteකතාව ටිකක් ඇදෙනවා වගේ නේද..?
ReplyDeleteඑතකොට එක් දවසකට පබ්ලිෂ් කරන කොටස මීට වඩා දික් වුනොත් තමයි හොද.
හොඳයි සුමිත් අයියේ උත්සහ කරන්නම්..ඇත්තටම මට මේ කතාව කියන්න හිතුනේ බ්ලොග් ලොකේ බොහොමයක් ලියවෙන්නේ ආදර කතානේ ඉතින් ටිකක් වෙනස් විදිහකට තරමක් දිගට කතාවක් ලියන්න ඔන කියල හිතුව, ඉතින් උඩුගං පිනන්න දරන පුංචි උත්සහයක් මේ
Deleteසුමිත් අයියාගේ කතාවට එකග වෙමි.
ReplyDeleteඋබ පෙරේත කමටද මන්ද දාන්නේ.. ;)
ජය !
අනේ නෑ බං හිතට එන අදහස සිරුවට ගලපන්න දරන පුංචි උත්සහයක්...ජය
Deleteඅලුතෙන්ම පටන් ගත්ත එකක් නේ... දැන් ඉතින් දිගටම එන්න වෙනවා..
ReplyDeleteදිගටම එන්න කියල ආරධනා කරනව කොහොමත්..ස්තුතී
Deleteහි .. හි .. නොකිව්වට අයි.ටී.එන්. බලනව වගේ.
ReplyDeleteදැන් සියදෝරිසුයි එතනහාමියි දොදොල් හැඳිගාන්නෙ නැත් ද?
ඇයි සහෝ සියදොරිස්ලට අයි ටි එන් එකේ විතරද ඉන්න පුලුවනං..හික්ස් ඔය නම් දානකොට මම එච්චර හිතුවේ නැ..ඔලුවට ආව එව්වා ලියල දැම්ම එච්චරයි
Deleteකෙටියට වුනත් සීරුවෙන් පින්තාරු කල පරිසරය ලස්සනයි.
ReplyDeleteමේ බාසා හැසිරවීමේ විලාසය හිත ගත්තා.
අයියා වගේ පුද්ගලයකුගේන් ලැබෙන අදහස් මා දිරිමත් කරවනවා..ස්තුතී
Deleteකතාවේ හොඳ ගැමි ගතියක් තියෙනවා. ඉතුරු කොටස මාසයකින් නෙවෙයි ඉ ළඟ සතියෙම දාපං නැත්නම් මුල මඩ අග ගලපගන්න බෑ බං.
ReplyDeleteමම මේ කොටස දාන්න හිටියේ ගිය සතියේ බං ඒත් හදිසියේ රටගිය නිසා පලකරන්න බැරි උනා සමාවෙයං..
Deleteඔන්න එහෙනම් සමාව දෙනවා...
Deletewade nagaka yana pattai.
ReplyDeleteස්තුතී ...........
Deleteකතාවේ තියෙන ගැමි වහරට මම ආසයි.. තාම මේක මොනවගේ කතාවක්ද කියලා හිතාගන්නනම් බෑ.. බලමු..
ReplyDeleteස්තුතී සහෝ ඔබගේ දිරිමත් කිරිමට...බලමු ඉස්සරහට සිතිවිලි ගැලපෙන්නේ කොහොමද කියල...
Deleteනියමයි..බලමු බලමු ඉතුටු ටිකත් කියවලම..අද නම් පන්සල් වල හාමුදුරුවො ඒ කාලෙ තරම් පවුල් වල විස්තර දන්නෙ නෑ..මොකද හැමෝම ටීවී නාට්‍ය අස්සෙනෙ ඉන්නෙ..ජීවිතෙ අර්තකථනය කරන්නෙත් ඒව ඇතුලෙන්මයිනෙ...
ReplyDeleteහරි ඇත්ත වෙනී අයියේ මට හිතුන කියවිමෙන් ලද අද්දැකිමුත් එක්කරන් 80 දශකයේ චිත්‍රයක් මවන්න ස්තුතී ඔබට
Deleteඅර කිව්වා වගේ පන්සල් කතාවක් තමා... බලමු බලමු මොකද වෙන්නෙ කියලා :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
මචො මේ පන්සල් කතාවක්ම නෙවි...ස්තුතී
Deleteහැමතැනම දකිනවට වඩා වෙනස් කතාවක් නිසා මම හරිම ආසාවෙන් ඉන්නේ කියවන්න... සියදෝරිස් නම කියෙව්ව හැටියේ බයිසිකලය කෙටි කතාව මතක් වෙනවා ඉබේටම වගේ.හැබැයි ආයේ ඇස්වහක් කටවහක් නෑ සුපිරියටම ලියලා තියෙනවා කම්මැලි නැතිව කියවන්න පුළුවන් විදියට... කතාව කොහොම ඉවර වෙයිද කියලා හිතාගන්න බෑ දැන්ම... ජය වේවා අයියේ
ReplyDeleteස්තුතී මල්ලි දිරිමත් කරනවට...
Deleteලස්සනයි අයියේ කථාව. වෙනස්ම විදියේ කථාවක්. ආදර කථාවකට වඩා වෙනසක් තියෙනවා. ඒක හොඳයි..
ReplyDeleteස්තුතී නංගියො..........
Deleteනියමයි.බලමු ඉස්සරහට...
ReplyDeleteස්තුතී මචො..
Deleteහොදයි...දිගටම කියවල බලමු...
ReplyDeleteස්තුතී...
Deleteඇත්තටම ලස්සනයි....ගමක තියෙන අව්‍යාජබව හොඳින්ම ඉස්මතුකරල තියෙනව අයියෝ....
ReplyDeleteස්තුතී...
Deleteහැමෝටම බැහැ මේ විදියට නියම ගමේ කම හිතක මවල ලියන්න..ඔයාට ලස්සනට පුලුවන්..කතාව චුට්ටක් ඉක්මන් කරල පොඩ්ඩක් වැඩි කරන්න...(මම මහා කතා කාරියක් නෙවේ..ඒත් හිතුන දේ ලිව්වෙ හොඳේ.)
ReplyDeleteස්තුතී අදහස්වලට කිරිල්ලි මාව දිරිමත් කරවනවා...උත්සහගන්නම් කොටස් ඉක්මනින් පලකරන්න.
Deleteගමක ජීවත් වෙනවා වගේ හැඟීමක් ආවා. දෙබස් ටික හරි අපුරුයි. ඊගාව කොටස ඉක්මනට දාන්න.
ReplyDeleteස්තුතී ඔබට...ඉක්මනින් ලියන්නම්
Deleteමම නම් කැමති දිග කතාවලට! ඒ කියන්නේ එක දිගට ගොඩක් කියවන්න තියෙන ඒවට. කතාව දිගඇරෙන පරිසරයටත් මම කැමතියි. ඊළඟ කොටස එනතෙක් ඇඟිලි ගණිමින්...
ReplyDeleteබොහොම ස්තුතී සාධාරනයක් කරන්න උත්සහගන්නම්
Deleteදිගටම ලියන්න. නවකතාව ජනප්‍රිය වුනාම මුද්‍රණය කරමු. සුබපැතුම් රාජ් අයියේ..
ReplyDeleteස්තුතී දිරිමත් කරනවට නමුත් අච්චර ලොකුවැඩක් කොරන්න නම් බැරිවෙයි
Deleteniyamayi niyamai. bindu 1 aapahu kiyewwa. mathake thibune na ekai
ReplyDeleteමේක ෆට්ට.. මල් කතා හොටු කතා බලල බලල එපාවෙලා ඉන්නේ. නියම වැඩක්
ReplyDeleteස්තුතී මචො ....
Delete