හවස 4ට ආපු..
රුහුනේ නැගලා
සුදු පෙනකැටි
පිපිරෙන
මුහුදු හුලඟේ
දැවටි දැවටි
ඉස්සර..
නන්දලා
පියල්ලා හිටපු
කොග්ගල පැත්ත
පහුකරාන
ගොම්මන්
කලුවර
ඉහිං කනින්
පෙරෙන
වෙලාවක...
මාතර
ස්ටෙෂමෙන්
බැහැපු
මං...
එකල අප පාසැල්
යන වියෙහි පසුවූවො විමු,
කියවිමෙහි
සාපිපාසාවෙන් පෙලෙන්නන් වූ අප මාටින් වික්‍රමසිංහයන් ගේ නවකතාවන්හි ඇලුනේ පැනි
කෝවක දැවටෙන කුහුඹුවන් සේ යැයි විටෙක මට සිතේ. එතකුදු නොවි අප අතරට පැමිනි
කතාපෙට්ටියෙන් එදා අප පොත්වලින් මවාගත් රූ සිහින සජීවිකරනය වී දැස් ඉදිරිපිට මැවූ
අපූරු රිදිපට දැකුම්හි වාසනාවන්තයෝ වූයේ යැයි කීම, අද පරම්පරාවට නීයවීමකැයි ද නොසිතමි.
නමුත්…
දඹදිව්කරණයට
මෙන්ම වානිජ්‍යමය සොදාපාලුවකට ලක්වූ නවීන
කතාපෙට්ටිය ලමා වැඩිහිටි කාගේත් මැදසාලයට බලෙන්ම පැමින සල්ලි බෙදන යන්ත්‍රයක් බවට
පත්වීම තුල, විදීම සහ විඳවීම
අතර කලා කෘතීන් දෝලනය වෙමින් පවතින බැව් මාගේ හැඟීමයි..!
එසේම
කුඩාවුන්වු අප වටා එකල මහා තාක්ෂනික පරිනාමයක් සිදුවි නොතිබීමම, අප සිත්සතන් පොත්පත්
හි ඇඳබැඳ තබා ගැන්මට වඩා ඉඩප්‍රස්තාවක් සැලසිනැයි යන සියුම් සිතිවිල්ල විටෙක
මසිතේහි ඇඳේ.
නමුත්
වර්ථමාන ලමයාගේ රුචි අරුචිකම් සහ ඔවුන්ගේ විඳිමෙහි නව හැඩය ලඝුකොට තැකීම ඔවුන්
කෙරෙහි වැඩිහිටි අප දැක්වූ
හුදු ඊර්ෂ්‍යයාවකැයි කීමටද මා පසුබට නොවෙමි.
එහේත් පසුගිය
සතියක රාජකාරිනිමාවු එක් සැඳැවක, මා ගමන් ගත් බස් රථයෙහිම රැඳිසිටි පාසැල් ලමුන්
දෙදෙනකුගේ මේ දෙබස අපගේ සිංහල සාහිත්‍ය සහ කලාව පිළිබඳව මොහොතක් නැවති සිතීමට තරම්
නොවන්නේදැයි සිතීම ඔබේ කාරියකි...
" මංගාව සින්දු 450
ක් විතර
තියෙනවා..."
" මොනාද
තියෙන්නේ...."
" ඩ්ජ් මික්ෂ්
ඉංග්ලීෂ් එව්වා ගොඩක් තියෙනව ..සිංහල එව්වනම් දෙකයි බං...."
"අඬන සීන් නේ
බං එව්වැ තියෙන්නේ
“
“ ඔව් බං.......”