කලුවයි අජියයි බණ්ඩාරවෙල ගියේ...බණ්ඩාරවෙල බ්‍රාන්ච් එකේ ගිනුමක සිද්ද වෙලා තිබ්බ පටලැවිල්ල ලෙහන්ඩ... දෙන්නා නැවතිලා හිටියේ අපේම ක්වාටස් එකක..ඔය හැම නිකෙතනයකම වගේ මෙහෙත් හිටිය කැම උයල දෙන්ඩ සෙවකයෙක්...ඉලක්කම් එක්ක ඔට්ටු අල්ලලා..ඇතිවෙලා මුන්දෙන්නත් ඔලුව සැහැල්ලු කොරගන්ඩ හිතලා ටවුම පැත්තේ කැරකිලා එන්ඩ ගිහින්.....
බ්‍රාන්ච් එක කිට්ටුව..තිබුන එළවළු කඩයක් දැකල දෙන්නම ගිහින් එතනට එළවළු ගන්ඩ..ඉටපස්සේ මුන්දෙන්නා ටවුම වටේම කරග්ගහල..ආපහු බ්‍රාන්ච් එකට ඇවිත් වැඩ...ඉක්මනට වැඩේ ඉවර කරගන්ඩ ඔන නිසා දෙන්නා මහ රෑ වෙනකම්ම වැඩකලා..
බ්‍රාන්ච් එකට ඇවිත් ටික වෙලාවකින් අජියට එනව කොල් එකක්..කලුවගේ නොනගෙන්..
" මල්ලි, අයියා කෝ ඒයාගේ ෆොන් එක ආන්සර් කරන්නැනේ..."
" මේ..... මෙතන ඉන්නේ. කලුවා..උඹට අක්කා කතාකරනව..."
කලුව ෆොන් එකට උත්තර දෙන එක පැත්තක තියල ෆොන් එක හොයනව...ඒකම ජන්ජාලයයි...
" අජියා මගේ ෆොන් එක කෝ බං..."
" මං දන්නේ කොහොමද උබේ අතේනේ තිබ්බේ..."
" ඒ..යකෝ අමතකවෙලා කඩේකවත් දාලා අවද බං..."
" අපො අපි ඇවිත් දැන් පැය 2ක් විතර වෙලානේ බං දැන් ඔකේ කැලිත් නැතුව ඇති...."
" අඩේ ෂුවර් එකට අර එළවළු කඩේ දාලා එන්ඩ ඇත්තේ බං..."
දෙන්නත් එක්ක එලවළු කඩේ ගාවට යද්දි කඩේ වහලා..පස්සෙන්දා උදෙත් ගිහින් බැලුවට ෆොන් එක හම්බවෙලා නෑ...තව දවසකින් විතර ගියවැඩෙත් ඉවර උන නිසා කලුවලා කොළඹ ඇවිත්...
කොළඹ ආවට පස්සේ මු වෙන සිම් එකක් අරගෙන...
කලුවගේ ඔෆිස් එකේ ඌ එක්කම එකට වැඩකරන එකේක් ඉන්නව ටිකක් අවුල් පොරක්..මු දන්නව කලුවගේ ෆොන් එක නැතිවුන විත්තියත්.
කට්ටිය සෙට්වෙලා අරුට බාල්දියක් පෙරලමු කියල කතාවෙලා...පොරගෙ නම කමල්, කලුව කොල් එකක් අරගෙන ඔෆිස් එකේන් මොකද මේ වෙනකොට කමල නිවාඩු දාල ගෙදර..
" කමලා අර ෆොන් එක රින් වෙනව පොඩ්ඩක් බලපං ටොක් එකක් දාන්ඩ පුලුවන්ද කියල..."
හැරෙන තැපැලෙන් අර ෆොන් නම්බරෙට කොල් එකක් එනවලු...
" මට යාලුවෙක් මේ නම්බර් එක දුන්නේ ඔය බණ්ඩාරවෙල එළවළු කඩේ නේද...."
ඔං දැන් අජිය තමයි ෆොන් එකට අන්සර් කරන්නේ. ලේන්සුවක් තියලා හොඳ සිංහලේන් උත්තර දිලා....
" මොන එළවළුද ඔයි මේහේ ඇති එලවලුවක් නෑ...#@%^&!"
ටික වෙලාවකින් කමලා ඔෆිස් එකට කොල් කරනවලු...
" කලුව වැඩේ අවුල් වගේ බං ඌ මට කුනුහරුපෙන් බැන්නනේ..."
" හරි කමලා අපි බලමුකො...." කියල කලුව ෆොන් එක තියල...
හැබැයි යාලුවොටිකට බයිට්කලා මදිවගේලු...පස්සේ දවසෙ අජියා කමලට අර නම්බරෙන් කොල් කරලා.....
" මේ නම්බරෙට කොල් එකක් ඇවිත් තිබුනා.... මම හිටියේ නෑ...මේ කඩේ කොලුවනේ අරන් තිබුනේ..කවුද මහත්තයා..?
කමලත් රහකරලා කතාකරනවලු දැන්..
" හරි..හරි ප්‍රෂ්ණයක් නෑ මම ගම්පොල ඉන්නේ මට එළවළු වගයක් ඔන දානේ කට.... ටිකක් වැඩිපුර ඔනේ වැඩේ කරගන්ඩ පුළුවන් වෙයිද...?"
" පුලුවන් මහත්තයා..මොනවද ඔන.."
" මට කැරට් කිලෝ 5....අල කිලෝ..8........."
ඔයවිදිහට කමල හෙන ඔඩර් එකක් කියොගෙන යනවලු...අජියයි අනිත් එවුනුයි ස්පිකර් ෆොන් දාගෙන හිනාව තදකරගෙන හිටියේ හෙන අමරුවෙන්ලු....
" හරි මහත්තයා අපි කොළඹ යන්නේත් ඔය පැත්තේන් ඒ යනගමන් ඔඩරේත් බාගෙනම යන්ඩ පුලුවං මහත්තයා ඇඩ්‍රස් එක දෙන්ඩකො..."
අජියත් බොක්කටම දිලා..
" හරි මම වෙලාවයි තැනයි කොල් එකක් දිලා කියන්නම්..."
කමලා ෆොන් එක තිබ්බා....
තප්පර ගානයි ගියේ ඔං එනව කොල් එකක් ඔෆිස් ෆොන් එකට ලයින් එකේ ඉන්නේ කමල...
" කලු වැඩේ හරි ෆොන් එක තියෙන්නේ එළවළු කඩේම තමයි..උං මගේ කතාවට ඇඳල ඉන්නේ..මොකද කරන්නේ..දැන්.."
කතාව අහල ඔෆිස් එකේ සෙට් එකටම හිනා කෙලවරක් නැතුව...
" හරි උබ හේට කොල් එකක් දිපන් අපි බ්‍රාන්ච් එකේ සුසන්තයව යවමු එතකොට ෆොන් එක මාට්ටු කරගන්ඩ පුලුවං..."
දැන් කමලගේ හිතේ බ්‍රාන්ච් එකේ සුසන්තයා සිකුරිටි පොරත් එක්ක ෆොන් එක අල්ලන්ඩ එළවළු කඩෙට යනව කියලා...
අනිත් දවසෙ උදේ අර නොම්මරෙට කමල කොල් කරනව....
" හලෝ මුදලාලි මගේ ඔඩරේ හරිද...? මට ගාන හදල කියන්ඩ..."
" හරි හරි මහත්තයා එතකොට ඔක්කොම...."
" ඒයි ගන්නව ඔය ෆොන් එක මෙහාට...තමුසෙට කොයින්ද මේ ෆොන් එක...අඩො ඒදා උඹ බොරු නේද කිව්වේ...පටාස්...."
" අනේ ගහන්ඩ එපා මහත්තයො...."
අජිය තමයි කොල් එකට උත්තර දිලා තියෙන්නේ...ඔය අස්සේ කලුව කමලට ඇහෙන්ඩ අජියට කැගහල ..." බොරුවට අජියට ගහනව වගේ රඟපාලා
ඔය අස්සේ තව එකේක් ෆොන් එක අරන් සුසන්ත විදිහට කතාකොරල..."
" කමල් අයියේ වැඩේ හරි අපි ෆොන් එක ගත්තා..." කියාගෙනම ෆොන් එක කට් කරලා..
විනාඩි ගානක් ඇතුලත කමලා ඔෆිස් එකට කොල් කරලා වීරය වගේ ටොක්ස් දෙනවලු....
" මචො වැඩේ හරිනේ කොහොමද මගේ ගේම එළනේ...."
ඔෆිස් එකේ උනුත් කමලට ලකුනු දාල ෆොන් එක කට්කරලා...බඩ පැලෙනකං හිනාලු කස්ටියට....
දවස් තුනක් විතර නිවාඩු පිට හිටිය කමලා එනවලු වැඩට රටක් රාජ්‍යක් අල්ලපු එකේක් වගේ....ඇවිත් හෙන ටොක්ස් දෙනවලු...හැබැ අද තව වෙනකං පොර දන්නැ ඔෆිස් එකේ කස්ටිය ඒදා උව අන්දපු බව.............
ප/ලි
අද ටිකක් වැදගත් දවසක් නේ....අද වගේ දවසක තමයි මගේ අම්මා ඉස්සෙල්ලාම මවු පදවිය ලැබුවේ...ඒ කියන්නේ මගේ උපන්දිනේ නොවැ....