Tuesday, January 27, 2015

අතැර ගිය වසන්තය





කාලය ගතවෙලා

මකුළු දැල් ලියලලා

මුලු හතර කොන් අතර

දුලී කුනු විසිරිලා

ලියූ වැකි වියලිලා

වසන්තය පියඹලා

සිතුවිලිත් අතැඟිලිත්

කොන් දෙකක තනිවෙලා

අතීතය කියවලා

සිතුවිලිහි කිමිදිලා

නැවුම් සුවඳත් ඇරන්

සිසිර සර හැරගිහින්

සිසිල්වී ගල් ගැහුන

හදවතේ සුසුම් කැටි

නුඹේ උනුහුම එක්ක

ටිකෙන් ටික දියවෙමින්

අතැර ගිය වසන්තය

යලි පැමිනෙමින් බැව්

හදවතට පැවසුවා..!!