Wednesday, October 27, 2010

අතර මැද කතාවක්............. කටු..කැම.....! 2ක

මෙහි එන සියලුම නම් ගම් මනඃකල්පිතය....

"මචන්... උබ හිතනවද අපි කලින් ගිය ලේන් එකෙ ඔය ගේ ඇතිකියල..."

ලසන්ත සුන්වු නෙතින් අරුන දෙස බැලීය....... " උබ අවුල් වෙන්නැතිව හිටපංකො....උබෙ මුනත් හරියට හුලං බැහැපු මොරිස් මයිනර් එකක් වගෙ බං............." ලසන්තගෙ හිත සනසන්නට අරුන එසෙ කීවද.. ඔහුගෙ සිතත් නොසන්සුන්ය...

සයිකලය පදිමින් ඉදිරියට එන දෙමිතුරන් හට ක්‍රිඩාවෙහි යෙදෙමින් සිටින තරුනයන් පිරිසක් ඇසගැටින...... " මචන් පොඩ්ඩක් හිටපං අතන ඉන්න එකෙක් මං හිතන්නෙ ඉමල්කගෙ ඉයර් එකෙ අපි පොඩ්ඩක් අහල බලමු මොනාහරි පොටක් අල්ලගන්ඩ පුලුවන් වෙයි....." අරුන තරුනයන් දෙස බලමින් කීය.. " මචන් අපි චාටර් වෙන එකක් නැනෙද....එකීගෙ නැදැවෙන එකෙක් එහෙම හිටියොත් හොදී ඔන්නැ...." " නැ බං උබ බයනොවී හිටපං.." සයිකල යෙන් බිමට වන් දෙමිතුරන් තරුනයන් දෙසට යන්නට විය.පිරිස අතරින් තරමක් උස් තරුනයකු අසලට වන් අරුන තොරතුරු විමසන්නට විය.....

"මචන්.. උබ දන්නවද ඉමල්කා කියල ගැනු ලමයෙක්ව.. උබලගෙ ඉයර් එකෙමයි බාලිකාවට ගිහින් තියෙන්නෙ...."

ම්ම්... මචන් පොඩ්ඩක් මතකයි මචන් ඇයි මොකො කෙස් එක...?

" නැබං මෙ අපෙ එකෙකුට පොඩ්ඩක් විස්තර ටිකක් හොයනව එකයි... " ( මුටත් ඔන්නැති මගුලක් නැ ලෙඩෙට බෙත් ඇහුවම අම්ම බඩදරු වෙලද කියලත් අහනව අච්ච්ට හාල්ගරන්ඩ...)

මුහුනෙහි ප්‍රස්නාර්තයක් සමගින් අරුන තරුනයගෙ මුහුන දෙස බලා සිටින්නට විය...

" මචන් සින් එක මෙකයි ඉමල්කව දන්නව උනාට එකී දැන් ඉන්න තැන නං මං දන්නෙ නැ බං......."

මෙතෙක් තරුනයාගෙ සහ අරුනගෙ සංවාද දෙස බලා සිටි පිරිසෙහි තවත් එක් තරුනයෙකු අරුන ලගට පැමිනියෙය...

" මචන් මං හිතන්නෙ උබල ඔය කියන ගර්ල් මං දන්නව ඉමල්කනෙ එයා හිටියෙ අපෙ ලෙන් එකෙ.. එත් මචන් එගොල්ලො අපෙ ලෙන් එකෙන් ගිහින් දැන් අවුරුද්දක් විතර වෙනව... දැන්නං ඉන්නෙ කොහෙද කියල හරියටම දන්නැ.. මං හිතන්නෙ පිටිපන පැත්තෙ එත් ශුවර් නැ මචන්..."

මෙතෙක් වේල නිහඩව සිටි ලසන්ත...

දෙවෙනි වර අරුන ලගට පැමිනි තරුනයා වෙත පැමින කටහඩ අවදිකලෙය......

" මචන් උබ ඉන්නෙ අරලිය උයන 1ස්ට් ලෙන් එකෙද...? "

ඉතිරි කොටස ලගදීම.............