වැවු බන්ටෙක
උඩ ඉඳගත් බිංදු ඇලපහරේ දෙපා හොවා, වතුර කැලතූවේ
හිතේ බර දියකර හරින්නට
මෙනි...
" එතකොට
විභාගේ..."
ගලක් අතට ගත්
බන්ඩා රළ නගන දොලපහරට විසිකලේය...
" විභාගේ කොරන
ගමන් අත්තට උදව්වෙන්ට පුලුවන් නොවැ බං...."
" හෙම්...උඹේ
උදව්වට මාත් එන්ඥාං....දැං හනිකට නාගෙන ගෙදර යමං ඇඳිරිවැටෙන්ට ලඟයි බං...."
බිංදුගේ කරට
අතක් තැබු බන්ඩා වාරුදී හුන්තැනින් නැගිට්ටේය....
---------------------------------------------------------
" දුවේ දැං වත්
ඔය වැලපිල්ල නවත්තගනිං...දැං ඉතින් ජිවත්වෙන්ට කරමයක් හදාගන්ට එපායැ බං.."
බුලත් හපය
හක්කේ එක් පසකට තදකරගත් සියදොරිස් කුස්සි උළුවස්ස අතැරින් කෙලපිඩක් පිළිකන්නට
විද්දේය.
" අනේ මන්දා
තාත්තේ ඉස්කොලේ ඇරිලා ආවෙලේ හිටං කොලුවගේ කාරිය කල්පනාකරන එකමයි "
ඇඳි
චිත්තපොටින් තෙත්වූ දැස පිසදාගත් බිසෝ කුස්සි උළුවස්සට හෙත්තුවිය
" උඹ ඔහොම අඬන්ට
තියාගත්තාම ඌ කල්පනා කොරන එක අහන්ට දෙයක් යෑ බං...දැන් ඉතින් හිත හයිකොරා ගනින්..ඌ
මෙදා සැරේ විභාගේ කොරන්ට ඉන්න එකේ කොලුවගේ හිත කලබොල කොරන වැඩ නොකර ඉඳිං..."
" තාත්තා මට මොකෑ කොරන්ට කියන්නේ, අර ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා අපිව දාල
ගියානේව...."
" උඹ කලබල නොවී
ඉඳහං මට තාම හයිය හත්තිය තියෙනව ලොකු කොලුවගේ හේන මං කොටනවා..."
" අනේ තාත්තට
පුලුවනෑ ඔවා කොරන්ට, මං ගඩොල්
පොරනුවේ වැඩට යන්ට හිතාන ඉන්නේ..."
" අනේග් මගේ
කට...උඹට වැඩකොරන්ට හොඳ තැනක්ය බං ඒ..මගේ ඉහට යස්සයා ආරුඩ කොරන් නැතුව...ගනිං
මෙන්න මෙහාට ඔය වතුර පොල්කට්ට..."
බිසෝ දික්කල
වතුර පොල්කටුවෙන් හැපූ බුලත් හපය සොදා හැරි සියදොරිස් පිළිකන්නේන් ගෙට ගොඩවිය...
---------------------------------
" අම්මේ උඹැ
කොහේද බං........"
තෙත සරං කොටය
මිරිකා වැලට දැමමින්ම බිංදු ගෙට ගොඩවිය....
" ආං....අත්තේ
මයේ අම්මා කඳුලු හලන එක දැන්වත් නවත්තලා.....දැ..."
බිංදු මුනින්
නවා තිබු ගල් වංගෙඩියේ හිඳ ගත්තාය.
" අනේ අම්මාපල්ල
මෙකා පැහිලා නේව වයසක උදවියට ඔහොමත් කතාකොරනවද මං අහන්නේ..."
සිතට නැගුන
මහත්වූ සෙනෙහසින් සියදොරිස් තම මුනුපුරාගේ හිස අතගැවේය....
" අත්තේ මාත්
එනව අත්තා එක්කං හේං කොටන්ට යන්ට..ඉස්කොලේ ගොහින් ඇවිත් හවහට මටත් පුලුවනි
එන්ට.... බන්ඩෙත් මයෙත් එක්ක එඥාං කීවා..."
කුස්සි
උළුවස්සට පිටදී හුන් බිසෝටත් හිරමං කොටය උඩ හුන් සියදොරිස්ටත් ඉබෙටම මුහුනින්
මුහුන බැලිනි....
විරාමය...