තිබ්බ
අන්තිම ෂොට්ලිව් එකත් දාගෙන ඔෆිස් එකෙන් එලියට බැහැල 140ක
එල්ලුනේ මරිය කඩේට යන්ඩ..ආ මරියකඩේ කිව්වේ මරදාන පැත්තට ආයිබොවං..අපේ කොල්ලන්නේ කෙල්ලන්ගේඅවුරුදු උත්සවයක් තිබුනනේව පහුගිය දොහේ..එකේ පොඩි වැඩකට තමා ඔය කියන පැත්තට
ඇදුනේ...
කොළඹ නගර සභාවට අයිති විනොදාංශ සහ ක්‍රිඩා කටයුතු අංශය
තියෙන්නේ මරියකඩේ පොදු වෙලඳපොල ගාව තියෙන බිල්ඩින් එකේ...කොළඹ නගරය සුන්දර කරන වැඩ
සටහන් කොච්චර ක්‍රියාත්මක උනත් නගර සභාවේ මේ ගොඩනැගිල්ලි වලට නම් ඒ ක්‍රියාකාරකම්වල
හුළඟක්වත් වැදිල නැති බවක් තමයි දකින්නට තිබුනේ...මේ අවුරුදු කාලයේත් ගොඩනැගිලි වල
පිටත මෙන්ම ඇතුළතත් කිසිම පිළිවෙලක් නැති අඳුරු ස්භාවයක් තමයි දකින්නට ලැබුනේ...
රාජ්‍ය ආයතනවල වැඩකරන සේවකයන්ගේ ගති පැවතුම් පිළිබඳව
මටත් යම්කිසි අත්දැකිමක් තිබෙන නිසා..මේ ආයතන මන්දගාමීව ඉදිරියට යෑම ගැන ඇත්තේ අපැහැදිලි චිත්‍රයක්..කෙසේ වෙතත් අංශය පුරා සෙවකයන් තුල අවුරුදු සිරි ඉසිරි
කලබලකාරී වාතාවරණයක් පැවතියත්... මා ආ කාරණය පැවසු සැනින්, ඒ
පිළිඹඳව කටයුතුකිරිමට තරම් කාර්‍යමණ්ඩලය කාරුණික වූනා...
නමුත්...
" මහත්තයෝ මේ බිල ටවුන් හොල් එකට ගෙවලා..රිසිට් එක මෙහෙට
ගෙනත් පෙන්නන්න... එතකොට අවසරය සහතික කරල දෙන්නම්..."
ෂොට්ලිව් එක දහවල් කෑම පැයත් අලලාම දැමු
බැවින්...ගොඩය නැතිනම් අනිවා හාෆ්ඩේ එකකට කෙලවෙන්නේය...
රටේ ප්‍රධාන නගරයේ ඇති වැදගත් මහජන අවශ්‍යතා ඉටුකරන
ආයතනයක එක් එක් අංශ්‍යයන් වර්ථමානය වන විටත් එක් වහලක් යටට නොගෙන මෙසේ විවිධ තැන්වල
ස්ථාපිත කොට තැබිම කෙතරම් ප්‍රායෝගිකද යන්න සලකා බැලිය යුත්තකි.
පවතින
රජයන්ට මේ පිළිඹඳව කෙලින්ම ඇඟිල්ල දිගුකිරිම කෙතරම් සාධාරනද යන්න කෙසේ වෙතත්..රාජය
ආයතන පාලකවරුන් මේ සම්බඳයෙන් මීට වඩා ධානාත්මක ඇසකින් බැලිය යුතුය යන්න මාගේ
හැඟීමයි. වර්ථමානයේ කාලය ඉතා වටිනා සම්පතක් බවට පත්වී ඇති වටාපිටාවක, රටේ
ජනතාවට තම අවශ්‍යතා අඩු කාලසීමාවක් යටතේ ඉටුකරගැනිමට අවශය පහසුකම් සැලසීම ආයතන
පාලකයන්ගේ වගකිමයි. විශේෂයේන් රාජ්‍ය අංශයන්හි රාජකාරි කිරිමේදී සේවකයන්ට තම
රාජකරිය මනාව ඉටුකිරිම සඳහා සෑම අංශයකින්ම හිතකර පසුබිමක් සැකසීමද අංශ පාලකයන්ගේ
එක් වගකීමකි.
ඔබ කොළඹ සැරිසරන විට ...යම් හෙයකින් ඇස්වාට්ටුව
පසුකරමින් කොළඹ විශ්වවිද්‍යාලය දෙසට හෝ සතුටු උයන පසුකරමින් පිටකොටුව දෙසට ගියහොත්
ඇසගැටෙන මහඟු ගෘහ නිර්මානයකි කොළඹ නගර ශාලාව..
අදාල ගෙවීම් සිදුකිරීමට මා එහි ඇතුල්වීමි. ඉදිරිපස
දොරටුවේ නිලධරයන්ගේන් තොරතුරු විමසා හරි පාර දැන ඉදිරියට ගියෙමි. මට සිතුන පරිදී
අතීතයේ යම් කිසි දිනක වෙනස්වීම් සිදූවූවාට පසු අද තව වෙනතුරු මේ පරිශ්‍රය අභ්‍යන්තරය
අලුත් වැඩියාවකට භාජනය වූ සොරුපයක් දක්නට නැත..බොහො අංශයන් ආවරනය වී ඇත්තේ පරණ
කබඩ් වලිනි..
ශරීරයේ අන්ත්‍ර එලියට ඇද දැමූවක් ලෙසින් ආයතනයේ දුරකථන
රැහැන් අභ්‍යන්තර විදුලි සැපයුම් රැහැන් විසල් කුලුනු වටා එති එල්ලෙමින් ජනිතකලේය
දුක්මුසු හැඟීමකි.. කාර්යාල ලීමෙස වලට බරදී..ජේෂ්ඨ ලිපිකරුවන් කිහිප දෙනකු
කිරාවැටෙමින් සිටියේ, උදැසන ආහාරයේ බරගතිය
වැඩිවිමෙන් දෝ..නැතිනම් අලුයම ගේදොර වැඩකටයුතු ඉටුකිරිමෙහි ලා ඇතිවූ විඩාව නිවා
ගැනිමටදෝයි යන සැකය මසිතෙහි උද්දීපනය කරමිනි...
කෙසේ
වෙතත් නව පත්වීම් ලබා මුදල් කවුලුවල රාජකාරියේ යෙදි සිටි නිලධාරින් මාගේ අවශ්‍යතාව
ඉක්මනින් ඉටුකර දීමට යුහුසුළු විය.. ඇත්තෙන්ම ඒ නම් පැසසිය යුක්තකි..නමුත් ඔවුන්
සේවයේ මුහුකුරා යද්දි පැරණි සමහරක් සේවකයන් මෙන් අකාර්‍යක්ෂමය නැමති යක්ෂයාට ගොදුරු වේදොයි යන ජුගුප්සා ජනක
හැඟිම මසිතේ ජනිතකලේය.
දහවල්
කෑම පැය ගෙවියාමට මත්තේන් කාර්යාලයට යැමේ අරමුනින් මා නගර ශාලාවෙන් පිටවිමි.