"හුඟ කාලේකින් ලියන්නත් බැරිඋනා..මිතුරු බ්ලොග් ලිපි කියවන්නත් බැරිඋනා..මුලින්ම එකට සමාව ඉල්ලන ගමන් කාලෙකට කලින් සංවිධානය කරල තිබුන හදිසියෙන්ම ගිහින් ආපු ගමනක් ගැනයි මේ හොඩුවාව...."
සිකුරාදා..හවසට නුවර කොච්චිය නිවාඩුයන ජනයාගේන් පිරිලා ඉතිරිලා යනව..හැබැයි අපේ වාසනාවට දෙවෙනි පංතියේ ආසන වෙන්කරගෙන තිබුන නිසා අපහසුවකින් තොරවම ගමන පටන්ගන්ඩ පුලුවන් උනා
සැඳැවෙලාවක දුම් රිය ගමන හරි අපූරු දෙයක්නේ..රාස්සිගේ අවුව වැටිලා කුඹුරුයායවල්, එතකොට කොච්චි පාර දෙපැත්තේ තියෙන මාන අකුල් රන්වන්පාටට දිස්නේ ගහනව..ඔන්න පායන කාලයක් නම් ඈත කදුවැටිවලින් හැංගෙන ආකසේ නිල්මල් යායක් වගේ බලනකොට දැස් පොපියවනවා..හිතටත් මහා සංසුන් ගතියක් නේ දැනේන්නේ..
කවුළුවෙන් එහා රූසොබා සමග කිමිදිලා හිටපු අපව කොච්චිය නුවරට ගෙන එනකොට තරමක් රෑබොවෙලා....නුවරින් අපව රැගෙන යන්න ඇවිත් තිබුන වැන් රියේ නැගිලා අපි රත්තොට නගරයට එනකොට රාත්‍රි 9 විතර වෙලා.අපේ ගමනේ මුල් නැවතුම උනේ රත්තොට.
රිවස්ටන් ලංකාවේ සුන්දරම පරිසර පද්දතිවලින් එකක්... රිවස්ටන් කදු අතරින් පිටවල පතනට ඇවිත් එතනින් දුවීලි ඇල්ල බලා ගමන්කිරිම තමා අපගේ මුලික බලාපොරොත්තුව උනේ...
සීතල හිමිදිරියේ නොයිදුල් වාතය නාස්පුඩු අතරින් ඉහලට ඇදගෙන පෙනහළු පුරොගන්න කොට අමුතුම ජවයකින් ගත පිරීයනව..කාෂ්ඨක ගෙන්දගම් පොලොවේ කාබන් පිරුනු වාතයේන් පෙනහළු පුරොගෙන ජිවත්වෙන අපට මේ...නොයිඳුල් පරිසරය ගෙනෙන්නේ හරිම ආස්වාදජනක හැගුම්..
පිටවල පතනට එනකොට අපව බලපොරොත්තුවෙන් හිටපු ආගරන්ත මාමයි සුමිත් අයියයි..පතනේ තේ කඩේ ගාවදි අපට මුනගැහුනා.මෙතැන් සිට වාහන ගමන අසිරූ නිසා ඇටන්වල ගමට අපි පයින්ම ගමන් කලා...ඒ එනකොට තේල්ගමු ඔයේ කලුපාලම උඩින් ගමන් කරල එතන ඉඳන් ඇටන්වල පංසල කිට්ටුවට එනකං තියෙන පඩිටිකත් ගනං කරගෙනම තමා එන්ඩ තියෙන්නේ.
ඇටන්වලට යන ගමනේදි දකින්න ලැබෙන තවත් අපූරු දර්ශනයක් තමා ගමේ වෙල්යාය..ගුරුපාර අයිනේ ඉඳලා මානිගල පාමුලටම මේ වෙල්යාය විහිදිලා යනවා...බලන්න ලස්සනයි.
ඇටන්වල පංසලේ බෝ මළුවට එනකොටම චෛත්‍ය අතරින් ඈතින් තුන්හිස්ගල කඳුවැටිය විහිදිලා තියෙන අපුරුවත් දැකගන්න පුලුවන්..ආගරන්ත මාමලගේ ගෙදරදිම උදේ වෙලෙන් බඩවල් පුරොගත්තු අපේ කට්ටිය හැකි ඉක්මනින් වල්පොලමුල්ල බලාපිටත් උනා..
දැන් පඩිපෙල් නොමැති නිසා වැඩි ජවයකින් සහ වෙගයකින් කට්ටිය ගමන්කරනවා...මානිගල කපොල්ල පහුවෙනවත් එක්කම ආගරත්න මාම නැවතුනා...ලංකාවේ කොහේත් කෙරෙන සුපුරුදු චාරිත්‍රය...අතුකැබැල්ලක්කින් කැලේ බන්ඩාර දෙවියන්ට පේවිලා යන්ටයි ඒ.
උදැසන 11 විතරවෙනකොට අපිට වල්පොලමුල්ල මුදුනට සෙන්දුවෙන්ඩ පුලුවන් උනා...දැන් ඒ ගමේ ඉන්නේ එකම එක පවුලක් විතරයි ඒ..ආගරත්න මාමගේ අම්මයි තාත්තයි..ඒ දෙන්නම දැන් 80 වෙනි සැතපුම පහුකරල හිටියත් තවම තම ශක්තියෙන් ජිවිත සටන ගෙනියන බව කොයිකාටත් දකින්ට ලැබුන විශේෂ කාරනයක්..
වල් අලින්ගේන් වන කෙනහෙලිකම් නිසා හේන් කුඹුරු කරගන්ඩ බැරුව අනෙක් ගම්වාසීන් ඇටන්වලට පල්ලම් බැහැල හිටියත් මේ යුවල ජිවිකාව ගෙවමින් මෙහිම විසීම කෙතරම් අපූරුද...
අඩවියෙහි අවසන් මනුස්ස වාසය....වල්පොලමුල්ල ගම්මානය පහුකරමින් ඉදිරියට ඇදෙනවිට..අපේ ඉලක්කය වන දූවිලි ඇල්ලේ සලකුනු තුන්හිස්ගලට පහලින් සිහින් පීත්ත පටියක් මෙන් දර්ශණය උනා....
ගමනේ ඉතිරිය ඉලඟ ලිපියෙන්...
ප.ලි
අර අවුරුදු උත්සවේ තියෙනව කියන්නේ ගොහිල්ලම බලන්ඩකො.....
මදැයි උඹට බ්ලොග් එකක් ලියනව කියල මතක් උනා.
ReplyDeleteමම දුකෙන් හිටියේ අපිට එක රාජෙක් අහිමි වුනා කියලා. දැන් ඉතිං ආයෙත් දෙන්නම ඉන්නේ..
Deleteපහුගිය දවස්ටික ටිකක් කලබලෙන් ගෙවුනේ එකයි මචන්ලා සමාවෙන සෙක්වා...!
Deleteඉඳල හිටලා ගිහිං බැලුවා මොකද වුනේ කියල.
Deleteඅපේ පළාත ගැන මොකක් හරි දැම්මම ...... පොඩි සතුටක් දැනෙනවා ........ තව තැන්වලට යන්න ඇතිනේ ......
ReplyDeleteමලය කොයි හරියෙද...ඉතුරුටික ඉක්මනටම ලියනව එතකොට බලන්ඩ
Deleteමචං Raj,
ReplyDeleteෂා නියම ගමනක්නේ ගිහිල්ලා තියෙන්නේ.
මමත් එක වතාවක් කණ්ඩායමක් එක්ක දුවිලි ඇල්ල බලන්න ගියා. හැබැයි ඔය පැත්තෙන් නෙමෙයි. බඹරැල්ල / රත්නගිරිවත්ත පැත්තෙන්. මාර්ගෝපදේශකයෙක් නැතිව හිතුවක්කාරෙට ගිය ගමනක්. රාත්‍රිය ඇල්ල එක්ක තියෙන ගුහාවේ ගතකරන්න හිතාගෙන ගියේ. ඒ නිසා කූඩාරම් ගෙනිච්චේ නැහැ. වැස්සක් පටන්ගත්ත නිසා පාර වැරදිලා කිලෝමිටර 8+8 = 16ක් පයින් ඇවිදලා, ආපහු ආවා. ඒත් අන්තිමට GPS data බලද්දී ඇල්ල කිට්ටුවටම අපි ගිහින් තමයි ආපහු හැරිලා තිබුනේ..., අපරාදේ.
ඉතිරිකොටස ඉක්මනට දෙන්න. රසවිදින්න බලාගෙන ඉන්නේ....
පෙදරේරුවා නොහොත් මේසන් බාස් වෙත,
Deleteතියනවනම් GPS DATA දෙනවද?
අනිවා ඉක්මනටම ලියනව මචො උඹ ආපහු යනවනම් මම ගමේ කෙනෙක්ව කතාකරල දෙන්නම් ...කොහොමත් මමත් තව මාස කිහිපයකින් ආපහු යන්ඩ ඉන්නේ අපි ඔතනින් ලකේ ගලටම යන්ඩ හිටියේ ඒ වැඩේ කරන්ඩ බැරිඋනා 4 දෙනෙක්ට ක්‍රැම්ප් ආවනිසා..
DeleteGPS data file එක ගන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා..පෙදරේරු අයියා මේක දැක්කොත් file එක cvimukthi@gmail.com ට එවන්න..
Deleteනියම ගමනක් නෙ ගිහින් තියෙන්න.මෙ ගෙවල් දැක්කම මිනිස්සු ගොඩක් කටු කන පාටයි.
ReplyDeleteඔව් මචං ඇටන්වල ගමට යනකන් විතරයි විදුලිය තියෙන්නේත්..වල්පොල මුල්ල තාම ලාම්පුතෙල්වලින් රාත්‍රිය ආලොකමත්වෙන්නේත්. නමුත් මචො සිංහල කෑම බීම වලින් කිසිම අඩුපාඩුවක් නෑ. තුන්වෙලම ඒයාලගේම කුඹුරුවල හාල් තමයි බතට ගන්නේ. නමුත් ඉගෙනිම සැහෙන දුෂ්කරයි...ඇටන්වල ගමේ ලමයි කිලොමිටර් 31/2 ක් දුර පයින්යනව ඉස්කොලේ යන්ඩ.
Deleteකාලෙකින් මතක් වෙලා තියෙන්නෙ, ෂැහ්... අපේ ගෙවල් පැත්තෙන් නේද මේ ගිහින් තියෙන්නේ, කලින් කියන්නෙපැයි!! මමත් පතනට ගිහින් තිබුණට අයියා කියන පැත්තට ගිහින් නැහැ. ඉතිරි ටිකත් ලියන්නකෝ!
ReplyDeleteඅනිවා ඉක්මනින්ම ලියනව..මම ආපහු ඔයපැත්තේ එනව එතකොට කියන්නම්..පතනේ ගමේ අය හරිම හිතහොඳ මිනිස්සු..
Deleteහරිම සුන්දර ගමනක් වගෙයි....
ReplyDeleteදූවිලි ඇලි හැම තැනම..!!
ඔව්නේ..රත්නපුරේ බලන්ගොඩත් දුවිලි ඇලි තියනව නේව..නිරිඇල්ල අවුරුදු උත්සවෙට එනව නේද..
Deleteනැතුව... නැතුව...නෑවිත් කොහොමද ?
Deleteපිංකල ඇත්තෝ.. අපි බං පවක් ගෙවනවා රටෙන් පිට ඉඳල.
Deleteසුන්දර ගමන ලස්සන පිංතූර. ඉරිසියායි.. !
ReplyDeleteවෙලාවක යමං ඒ පැත්තේ...උඹ බුකියේ තිබ්බ පිංතුර දැක්ක නේද...
Deleteමචං උබ මගෙ බුකියෙ නැහැ නොවැ.. :(
Deleteමරු ගමනක්නෙ...
ReplyDeleteඔව් මචො
Deleteතව පින්තූර ටිකක් දැම්ම නම් හොඳයි නේද අයියෙ..මමත් යන්න ආසම පළාත..
ReplyDeleteඉලඟ පොස්ටුවේ ඔක්කොම දානව
Deleteසෑහෙන කාලෙකට පස්සෙ මේ ලියල තියෙන්නෙ මරු ගමනක් ගැන........යන්න ඕන නිවාඩු වෙලාවක ඔය දූවිලි ඇල්ල බලන්න.......
ReplyDeleteඅනිවා යමන් ඔන සප් එකක් දෙන්නම්
Deleteකාලෙකින් මාත් ආවේ....මරු තැන් ටික නේද...
ReplyDeleteඅහ්..මෙන්න මෙයා ඇවිල්ල..!! මම කොච්චර කල්පනා කලාද මගෙ රාජ්ල 3 දෙනාගෙන් එක්කෙනෙක් මිස් උනේ ඇයිද කියල..:D:D:D:D..
ReplyDeleteසනීපෙන් හොඳින් ඉන්නව නම් එච්චරයි....ලස්සන ගමනක් මාත් ආශයි ඔය වගේ දුශ්කර පලාත් වල ඇවිදින්න....
ස්තුතී සැපදුක හොයල බැලුවට..ඇත්තේන්ම දුෂ්කර නමුත් සුන්දර පරිසරයක්
Deleteමතක ඇති කාලෙක ට්‍රිප් එකක් ගියේ නැහැ.තව ලස්සන දසුන් බලන්න පුළුවන් උදේ පාන්දර කෝච්චියේ අනුරාධපුරේ ගියොත්.මම එකදවසක් ගියා කුරුණෑගල පහුවෙනකන් මාර ලස්සනයි.
ReplyDeleteලංකාවට වරෙන් වෙලාවක යමන් පොඩි රවුමක්
Deleteලංකාවේ දුවිලි ඇළි කීයක්නම් කියල තියෙනවද...
ReplyDeleteමම මේ දිය අල්ල බලන්න ගිහින් නැහැ..
අපිත් ළඟදීම ලංකාවට එනවනේ, ඉස්සරහට බලමුකෝ... :))
(උඹට බ්ලොග් එකක් තියෙනවා කියල මතක් වෙච්ච එක ලොකු දෙයක්...)
අනිවා ලොකු..සමාවෙයන් මේටිකේ ලියන්ඩ කියවන්ඩ බැරිඋනා මචො..ඔතනට කිලොමිටර 20කට කිට්ටුවෙන නැග්මක් තියෙනව මරු වෙලාවක යමු
Deleteදේශාඨන සටහන්! නියමයි.
ReplyDeleteසුභ නව වසරක්!
henryblogwalker the Dude
මමත් දුවිලි ඇල්ල යන්න ගොඩාක් ආසාවෙන් හිටියේ ඒත් අන්තිම මොහොතේ ගමන කැන්සල් උන නිසා තාමත් දුකෙන් ඉන්නේ..ලගදිම යන්න අදහසක් තියෙනවා..සටහන ගොඩාක් ලස්සනට ලියලා තියෙනවා ඊලග පෝස්ට් එකට යන්න කලින් තව විස්තර ටිකක් මෙතනම ලිව්වනම් හොදයි කියලා හිතෙනවා...ඊලග එකත් බලන්නයි මේ ලැහැස්තිය.
ReplyDeleteඑලකිරි කොල්ලෙක්නේ. ලියන්න දිගටම.සංචාරය කියන්නේ මහ පුදුම දෙයක්.මලේ මම නං දැන් ඇවිදින්නේ වෙන රටවල . මට එහෙම කරන්න පොඩි පිනක් තිබිල තියනවා.ඒ විස්තරයත් බලන්නකෝ.ලාබෙටම විදෙස් රටවල සංචාරය කරන හැටි මම ඉස්සරහට ලියනවා.
ReplyDeletehttp://samakayawate.blogspot.com/