2 වන දිගහැරුම
" බංඩො කොබං උක්කුවා ඌ කිව්වා නේව අද මයෙත්
එක්ක ගොඩැල්ලට පිහිනනවා කියලා"
වැලේ තිබූ සරංකොටය සමගින් අතුරුදන්වූ බිංදු වැව්
පිටියට පිවිසෙන්නේ පිටපොට ගැසු සරංකෙටියෙන් සැරසීගෙනය....
" මහිතේ
උක්කුවා අද එන්නෑ බිංදු"
" අරමොකෑ
බං ඒ...ඉස්කොලේදි පාරම්බෑවේ අහවල් එකටෙයි..."
අතේ තිබු කොට කලිසම පරිස්සමට රොල්කරමින්ම බිංදු, නිරන්තරයෙන් වැව් ඉවුරේ වදින රළකැටියෙහි
දෙපා එබුවේ සුදුපෙනකැටි විසිරි යන පරිද්දෙනි
"මං
එනකොට, උන්දැලගේ හෙන ගිනිලනවා
කියාලා.... හෙතුහාමි මාම එක්කං බැද්දට ගාටනවා හදිගැහුනා ඔං"
ඈත මුකලාන දෙසින් ගිලීයන හිරුගේ අවසන් රැස්
වලල්ල වැටි වැව් දිය රිදී පාටින් බැබලින.ගම කොලුකුරුට්ටන්ගෙන් පිරි වැව්පිටිය එකැම
කෙළි බිමක් සේ ඇතට දිස්වේ.
" එකත්
එහේ මැයි අපි මොකැ බං අද කරන්නේ"
" පීනමුද
ගොඩැල්ලට, ඇටඹ ගස්වල ඇටඹ පිරිලා
අං බලහං බිංදු ගොඩැල්ලට උඩැහිං කුරුල්ලෝ පියැඹින හැටි..."
සුපුරුදු
නුගගස් දෙබොක්කේ කොට කලිසම සැඟවූ බිංදු බංඩා සහ තවත් ගැටයන් කිහිප දෙනෙකු සමගින්
ගොඩැල්ලට පීනිහ.ඇටඹ ඵල වලට වහවැටී ඇටඹ බුදිමින් නොයෙක් කෙලිකවට කම්හි යෙදෙමින්
සිටින ගැටයන්ට කාලය ගතවෙන සෙයක් නොදැනින.
"ඔන්න
වවුල්ලුත් මේපැත්තට පියාඹිනව,
බංඩෝ ගොම්මන
තදවෙන්ට කලියෙන් පිනමු වෑපිටියට."
බිංදු කියන්නක් ඇසීමට මෙන්ම කිරිමට ද, කොලු නඩය පෙළඹෙන්නේ නිරායාසයෙනි. ඒ උරුව
බිංදුට සහජයෙන් උරුම ඌවක් බව වෙලාපත්කඩය බැලූ ලොකු හාමුදුරුවො බිසෝ සමගින්ද කියා
තිබින.
" බිසෝ කෙල්ලේ
උබැ කොහේද බං.."
වට්ටක්කා හොද්ද
හැඳිගාමින් සිටි බිසෝ නලලේ දැවටෙන කෙස් රොද කනේ රුවාගනිමින් කරට උඩින් ඉස්සී
බැලිය.
" අප්පේ මේ
සිරිගේ තාත්තා නේව, මං ඒත් බැලුව
ගොම්මනේ කවුදැ කියලා, ඔහෙන් වාඩි
ගත්තා ඥං....... කොහේ ගොහින් එන ගමන්දෑ....මේ?"
" මං පන්සල පැත්තේ ගොහිං
එනගමං බං, විමලා පයිංඩයක් එවලා
තිබ්බා දරුවටත් එක්කලා සෙත් ශාන්තියක් කොරවලා දෙන්ටය කියලා, ඇයිබං එකිටත් තාම ඒහැටි ගුනයක්
නෑනේව..."
" හේම්.........හිටින්න මං
තේකහට ඩිංගිත්තක් වක්කොරං එඥං..."
" මොකෑ බං කොලුව පෙන්ට
නැත්තේ...ඒකා කොහේ අඃතරහක් දහන වෙලාද....?"
"නඩේත් එක්කං වෑපිටියේ
නටනවා ඇති තාත්තේ....කොහේද කොලු රැලට වැටුනහම රැයක් දවාලක් පෙන්නේ නැනේව දැන් එනව
ඇති මයේ හිතේ..."
වට්ටක්කා
මාළුව ඉදෙමින් තිබු ලිපෙහිම මැටිකට්ට උඩින් වතුර කේතලය තියූ බිසෝ බුලත් හෙප්පුවත්
රැගෙන ගේයි ඉදිරිපසට පැමිනියේය.
" වතුර පැහේනකං තාත්තේ, විටක් හැපුවඥං...."
බිසෝ දොතින්
දික්කල බුලත් හෙප්පුව අතට ගත් සියදොරිස් තරමක් ලොකු බුලත් කොලයක් මත ලතාවකට හුනු
තැවරීය....
" ආං ලොකු හාමුදුරුවො
බිංදු කොලුවට, කොලු රැලත් ඇන්න පන්සල පැත්තේ එන්ටය කීවා, මහිතේ පන්සල් වත්ත එලිකොරා ගන්ට වෙන්ටෑ
"
" බි...සෝ...නැන්දේ......බිසෝ
නැන්දේ....."
" හෑ මොකාද බං ඒ......මේ
ගොම්මං යාමෙට බෙරිහං දෙන එකා...."
අතේ තිවු
හෙප්පුව හාන්සිපුටු අතට බරකරමින් සියදොරිස් රැලි කොටගත් දෙනේතින් බිසෝ දෙසත් නැවත
හඬා
ආ දෙසත්
බැලීය.
"හිටින් ඩිංගිත්තක්
තාත්තේ බලන්ඩ මොකාද බිරුසං දෙන්නේ කියාලා"
ගවොමට උඩින් ඇඟ දවටාගන සිටි චීත්තය තදකොට ගනිමින්ම බිසෝ ඉදිරි දොරින් එලියට පිළිපන්නේය....
"උක්කු පුතේ, මොකෝ බං මේ කෑමොර තියන්නේ,අපේ බිංදු කොලුව එක්කවත් ඔට්ටු උනාද
උඹ"
දුහුවිලි වැකී
දහදිය වැගිරෙන නිරුවත් ලැම උස්පහත් වන
වේගයට කොලුවා යමකට බියවී ඇති බවක් බිසෝගේ හිතට දැනින...
"නෑ නැන්දේ සිරි
මාමා......"
" සිරි මාමා ඇයි බං
කියහංකෝ තටමන්නැතුව මොකෑ බං පුතේ...?".
තරමක්
ඇවිස්සීගිය ඉසකේ... රැලිකොටගත් දෙනෙතින්ද ලිප් දුමෙන් රත්පෑ ගත් බිසෝගේ වත
බලන්නේකුගේ දෙනේතට ගෙනාවේ බයංකරත්වයකි
"සි..රී
මාමට.....න..යා....ගහලා බිසෝ නැන්දේ...."
"ත්......තාත්තේ............................."
" හා..හා බිසෝ කෑ නොගහ ඉදින් ඩිංගිත්තක්....කොලුවෝ..මොකෑ බොල උනා කියන්නේ"
බිසොගේ කෑ ගැහිල්ලෙන් අඩියට දෙකට මිදුලට පීනු සියදොරිස් බියැති දැසින් තමන් දෙස බලා සිටි
ගැටයාගෙන් විචාලීය...............
" හා..හා බිසෝ කෑ නොගහ ඉදින් ඩිංගිත්තක්....කොලුවෝ..මොකෑ බොල උනා කියන්නේ"
බිසොගේ කෑ ගැහිල්ලෙන් අඩියට දෙකට මිදුලට පීනු සියදොරිස් බියැති දැසින් තමන් දෙස බලා සිටි
ගැටයාගෙන් විචාලීය...............
විරාමය.......
ලස්සනට ලියල තියෙනව... මට මුලින්ම මතක් වුනේ මුවන්පැලැස්ස :)
ReplyDeleteස්තුතී සහෝ..දිරිමත් කිරිමට
Deleteගමක්, ගැමිකම නිරූපණය කරන්න පුළුවන් හොඳම විදිය ඔවුන් වහරන භාෂාව. ඔබ ඒක අපූරුවට කරල තියනව. නිරායාසයෙන්ම ඒ වචන ගලාගෙන එන්නෙ තවමත් ගැමිකම හිතේ තියන කෙනෙක්ට විතරයි. අද නම් ගම්වලින් ආව හුඟදෙනෙක් ඒව උවමනාවෙන්ම අමතක කරනව. මට නම් තේරෙන්නෑ මිනිස්සු පොෂ් වෙන්න දඟලන්නෙ මොන මඟුලකට ද කියල. තමන්ගෙ නියම ස්වරූපයෙන් ඉන්න මිනිහෙක් ජීවිතයෙ ලබන විඳීම, ආයාසයෙන් මවාගත්ත රාමුවක ජීවත්වෙන මිනිහෙක්ට ලබන්න බෑ.
ReplyDeleteඇත්ත මචං..බොරු ආටොපය නැතුව පොලොවේ පයගහල ජිවත් වෙනවනම්..මං හිතන්නේ සතුට අපිව හොයාගෙන එනවා...ස්තුතී
Deleteඅපේ රටට කෙලවෙලා තියෙන්නෙ ඒකනෙ...අපේකමට ගොඩේකම කියල අපහාස කරනව.
Deleteමෙගා සීරීස් යන යුගයක ඊලඟ කොටස බලන්න සතියක් ඉවසන්නේ කොහොමද ?
ReplyDeleteඅපොයි මෙගා නෙමේ හැබැ ටිකක් දිගයි..පොඩියක් ඉවසන්න සහොදරයා
Deleteඅදත් ආවා... ඉතුරුකොටස කියවන්න බලාගෙන ඉන්නවා
ReplyDeleteස්තුතී සහෝ
Deleteකතාවට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දීලා තියෙන නිසා. අපටත් අනායාසයෙන් තොරව කියවන්න,...විඳින්න පුළුවන්. හැබැයි ළග ළග ඉ තිරි කොටස් දාන්න වෙයි..
ReplyDeleteහොදමයි ලොකු අයියේ හැබැ සතියකට එකක් දාන්නම් අවුලක් නැනේ..ස්තුතී දිරිමත් කරනවට
Deleteමෙගා වෙන්නේ නැහැ නේද :D
ReplyDeleteනැහැ..හැබැ තව ටිකක් දුර යයි....D
Deleteකොටස් තුනම බැලුවෙ අද. මෙන්න මම දැකපු දේවල්.
ReplyDeleteභාෂාව ගැන සැලකිලිමත් වෙලා නෑ. උඹේ වෙනද ලිපිවල අකුරු හොඳට තිබුන. මේක සැලකිල්ලෙන් ටයිප් කරල නැද්ද කොහෙද.
කතාව නං හොඳයි. ගමක කතාවක්. ගැමි ගතිය පෙන්නන්න ගමේ භාෂාව භාවිතා කිරීම ගැන පොසිටිව් අදහස් දක්වල තිබුන. ඒත් මම කං කැමති නෑ ඒකට. ටෙලිනාට්‍ය චිත්‍රපට වගේ නිර්මාණ කරුවනුත් කරන දෙයක් තමයි ඒක. ඒත් එයාල දන්නෙ නෑ අද ගමේ ඔයතරම්ම ගැමි ගතියක් ඉතිරිවෙලා තියනවද කියල. කොහොම උනත් ඒක උඹේ කැමැත්තනේ. ඒ නිසා අවුලක් නෑ.
අන්තිමට කුතුහලය ඇතිකල විදියට බොහොම කැමතියි. සීරීස් එකකදි වෙන්නම ඕන දෙයක් ඒක.
ඇත්ත භාෂාව පිළිබඳ ගැටලු තිබ්බා ඒගැන සමාව ඉල්ලාසිටිනව..ඇත්ත මචන් නිර්මාණයට යම් සජිවී බවක් එක්කරන්නයි මම ගැමි ආරට ලිව්වේ මම මේ ලියන කතාවට නිමිත්ත කරගත්තේ 80 දශකය. මමත් හොඳටම දන්නව ඒදා ගැමි සමාජය සහ වර්ථමාණ ගැමි දිවිය බොහො ලේස වෙනස් වෙලා තියෙන බව. නමුත් මේ කතාවෙන් එදා ගම ගැන විචාලන්ට මම උත්සහ ගන්නේ නෑ ඉදිරියට මෙය යම් නිර්මිතයක් විතරයි...උබේ විචාරයට මම ගරුකරනව ස්තුති සහෝ දිරිමත් කරනවට
Deleteරාජ්, ඔයා කියන එක හරි. දැන් ගම්වල ඒ තත්ත්වය නෑ තමයි. ඉතින් ඒක කවුරුවත් තමන්ගෙ නිර්මාණෙකින් මතුකරල නොපෙන්නුවත් අපි අපිම ඒ තත්ත්වය විඳිනව නේ. ඒ නිසා තමයි මම කැමති “අතීත ගම“ කවුරුහරි මතුකරනව නම් ඒක කියවල රස විඳින්න. කාන්තාරෙ ඉන්න මිනිහ වතුර හොයාගෙන යනව වගේ මේ විච්චූරණ ලෝකෙ ඉන්න අපිත් කැමති ගහකොල වැවුනු සුන්දර සිසල් පරිසරයක් තියන, නිල් කැටේට වතුර පිරුණු ඇල - දොල, කරලින් බරවුණු ගොයම, අව්‍යාජ මිනිස්සු ඉන්න ගමක් ගැන අහල මොහොතක සුවයක් ලබන්න. ඒත් අපි කවුරුත් දන්නව ඔය අතීත ගමෙත් ගම්මුන්ට දුෂ්කරතා තිබුණ, ඇල දොල වේලිල මී හරක් ලගින මඩවලවල්, පුරන් කුඹුරු, හතුරුකම් කරන දුෂ්ට මිනිස්සු, කාෂ්ටක අව්ව. ඉතින් ඒව ගැන කියනකොට කොහොමටත් වේලිල ඉන්න අපි ඉරිතලල යනවනේ. මම කැමති හැමදේකම සුභවාදී පැත්ත දකින්න විතරයි. ඒ නිසයි මම උඩ කමෙන්ට් එක එහෙම දැම්මෙ.
Deleteකතාව මරුවට අැදෙනවා...
ReplyDeleteස්තුතී මචො
Deleteමම පුදුම ආශාවක් තියෙන්නෙ ඔය වගේ හොඳම ගමක ජීවත් වෙන්න..අපිට වත්තක් තිබුනා ආනමඩුව කියන පැත්තෙ එහෙ ගිය වෙලාවක දවසක් කෑව වට්ටක්ක උයල අමුතුම කැලෑකොල මැල්ලුමක් එක්ක බත්..අම්මෝ ඒකෙ රස තාම දැනෙනව..මම ඉස්සර බුලත්විට කන්න මාර ආශයි..ඒත් තාත්ත අල්ලන්න වත් දෙන්නෙ නැහැ..දැන් නම් ලංකාවට ගියාම හොරෙන් කනවා..ඔයාගෙ කතාව හරිම ලස්සනයි...මේ හැම් බේකන් ලෝකෙන් මොහොතකට හරි මිදෙන්න තියන එකත් ලොකු සතුටක්..!!
ReplyDeleteකැලෑකොල මැල්ලුම මම හිතන්නේ ඔයාටම විතරක් හදල දුන්නු තණ කොළ මැල්ලුමක් වෙන්න බැරිද?..
Deleteම්...ගම්වල ජිවත්වෙන්න අපි හැමොම කැමතිනේ කිරිල්ලියේ..ස්තුතී දිරිමත් කරනවට...නමුත් අද අපි දකින බෙකන් ලොකේ ටිකෙන් ටික ගම්වලටත් හොස්ස පොවනවා අන්න එකයි යතාර්ථය
Deleteඋඩ පින්තුරේ තියනවා වගේ ගෙදරක ඉන්න තියනවනම්.. කතාව ෂෝක්.. ගම්මානේ වචන වලට මං ගොඩක් ආසයි.
ReplyDeleteඒක හිතන තරම් සුන්දර නෑ. මම කියන්නෙ ඒවගේ ගේක ඉන්න එක. දවසක් විතර ඉන්න පුළුවන්.
Deleteස්තුතී සහෝ අදහස්වලට....නමුත් මගේ නිවුන් සහොදරයා කියන කතාව ඇත්ත මචො..අපි හුරුවෙලා ඉන්න ජිවන රටාවත් එක්ක ඔය කියන විදිහේ ගෙයක උපරිම සතියක් අපි ඉඳිවි නමුත් ඉන් එහාට මං හිතන්නැ
Deleteකලින් කතාව නවත්තපු තැනත් එක්ක හැමදාම අළුත් පටන් ගැන්ම වෙනස්.. එක කලින් කොටස් දෙකේම මම දැක්කා.. අපි ලියන්නේ කලින් අවසානයට අද කොටස සම්බන්ද කරලනේ..
ReplyDeleteඔබ හිතන්නේ ඒ වෙනස යහපත්ද අයහපත්ද...මොකද කතාවට ඔබ හැමගේ අදහස් ජීවය ගෙනෙනවා ස්තුතී
Deleteයහපත් යහපත්.. ඒ මොකද ඒක ඇත්තටම ලොකු වෙනස්ක්.. මම නම් කැමතී..
Deleteස්තුතී සහෝ..දිරිමත් කිරිම රචකයාට ජීවය ගෙනේනව
Deleteතව ටිකක් කතාව දිග වුණා නම් කියලා හිතුණා. ඒ තරම් ම රසවත්. බස් වහර කොයිතරම් ගැලපිලා යනවද කියන්නේ, හිතේ ඉබේම චිත්‍රයකුත් ඇඳිලා ඉවරයි ඒ ගැන!
ReplyDeleteස්තුතී සහෝ දිරිමත් කිරීමට
Deleteමරු....!!!!
ReplyDeleteඑළ....
Deleteanith kotasath kiyawamuko
ReplyDeleteok
Deleteහරිම ලස්සනයි.......
ReplyDeleteස්තුතී....
Deleteඋඹ මහා සවුත්තු මිනිහා අනේම තැනින්නේ නවත්වන්නේ. හතර වෙනි කොටසේදී පොඩ්ඩක් මෙතෙක් කථාව සාරාංශයක් විදියට දාන්න පුලුවන්ද මචං.
ReplyDeleteඑළ සාරංශයක් දාන්නම්..කොහොමත් අපි සවුත්තු මිනිස්සු නේව..හික්ස් ස්තුතී ලොක්කා
Deleteනියමා........යි :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
එල...
Deleteඅනේ සාරාංශ එපා... එතක්ට තවත් බලන් ඉන්න බෑ කථාවේ ඊළඟ කොටස එනකන්. ඊටත් ඒකෙන් කුතුහලය අඩු වෙනවා... මේ විදිය හොඳයි අයියේ. නියමයි මේ කථාව නම්...
ReplyDeleteස්තුතී නංගී අදහස් වලට...ඔයාලගේ අදහස් කතාවේ ඉදිරිය පොෂණය කරනවා...
Deleteඅඩේ එල ඈ ,., ජයෙන් ජය
ReplyDeleteමෙපැත්තට සාදරයෙන් පිලිගන්නවා එල...ජය මචො
Deleteඅපේ ආච්චිල,සීයල භාවිතා කලේ ඔය වචනමයි..අද වගේ මතකයි.
ReplyDeleteස්තුතී මෙපැත්තට සාදරයෙන් පිලිගන්නවා මචං
Deleteනයා ගහපු කතාව කියන්න කොල්ලා දුවගෙන ඇවිත් මැටි ගහපු ගේ ඉස්සරහට එන හැටි මැවිලා පෙනුනා නාට්ටියක වගේ.ඒකට උඩින්ම දාපු පින්තූරෙත් උදව් වුනා.මේ විදියට රූප මවන ගමන් කියවන්න මම මාර ආසයි සෑහෙන්න ලස්සනට ලියලා තියෙනවා අයියේ.ඊළඟට මොකද වෙන්නේ කියන සැකය තාමත් එහෙම්මයි... දිගටම ලියමු අයියේ.ජය වේවා
ReplyDeleteස්තුතී මල්ලි දිරිමත් කිරිමට
Deleteමචං උබ නාගරික කොල්ලෙක් නේද ?
ReplyDeleteඇත්තට උපන් ගම කියපං.
ජය !
මස්සිනා මම නාගරික නම් උඹ මොඩර්න් සිටී එකක දැ...මොකැ උඹේ ගම පහුකොරල එපෑ මගේ ගමට යන්ඩ නැද්ද හොඳයි..අනික බං ගමේ කතා ලිව්ව බොහොමයක් කස්ටිය අර්ධ නාගරික යන් නොවැ..හිකිස් ජය
Deleteවිරාමේ ඉවර වෙන්න කලින් මුල් කතා 2 ම කියවන්න වෙයි වගේ වගේ.....
ReplyDeleteම්..ඔබේ කැමැත්ත මම කෙසේ බලකරන්නද..ස්තුතී
Deleteසටහනක් තියන්න පරක්කු වුන නමුත් උණු උණුවෙම මේ කොටස කියවා ගියා.
ReplyDeleteකලින් ද ලියුවා වගේම ඔබේ රචනා විලාසය නිසා මේ කතා පෙළ තුළින් මතුවෙන පරිසරය හරිම තාත්විකයි. සුන්දරයි. මේ විදියට බස හැසිරවීම රැක ගැනීම පහසු කාරියක් නෙවේ. ඒ අතින් ඔබේ රචනය සාර්ථකයි, වෙනස් කතා පෙළගැස්මක් බලාපොරොත්තු වෙන්න පුලුවනි. සුබ පැතුම්!
ඔබගේ අදහස් මා දිරිමත් කරවනවා..බොහොම ස්තුතී අයියේ
Delete