හදිස්සියේම ලංකාවෙන් බැහැරවන්නට සිදු උන නිසා
බ්ලොග් අවකාශයෙන් මදකට ඇත්වන්නට සිදුවිය.
නමුත් මා දැන් නැවතත් මාතෘ භූමියට පයගසා සිටිමි...ඒ නම් ගතට මෙන්ම සිතටද මහත් අස්වැසිල්ලකි. දේගොඩහරි ජාමයක රටින් පිටවි
දෙගොඩහරි ජාමයේම නැවත පැමිණියේමි.
උතුරු තායිලන්තයේ චියාන්මායි නගරයට සේන්දු වීමට
කාර්ය්‍ය බහුල බැංකොක් ගුවන්තොට හරහා ගොස් නැවත තවත් ගුවන් නැවක නැගී රට අභ්‍යන්තරයට
පැයක පමණ කාලයක් ගමන් කල යුතුවන්නේය...නැතිනම් බසයක පැය 10 කුත්, කොච්චියක පැය12ක කාලයක් ගතකර ඔබට චියාන්මායි වෙත පැමිනිය හැක. කාලය ගැන
සිතතොත් වඩා නුවනට හුරු ගුවන් නැවක් තොරා ගැනිම නොවේද...?
චියාන්මායි ගුවන්තොටින් රට අභ්‍යන්තරයට පිවිසෙන
ඔබට තායිලන්ත රජ තුමාගේ රුව රැඳි පුවරු දැකගත හැක.එසේම නගර වැසියන් තමනගරය
පිරිසිදුව තබාගැනිමට ගන්නා උත්සහය අපහට නම් මහත්වූ ආදර්ශයකි.එමෙන්ම නගරද්වාරය
පසුකරන ඔබට පැරණි අරක්ෂක පවුරු වලල්ල දැකගතහැකියි.
තම රට ගැන මහත් ඇල්මක් ඇති මේ වැසියන් පිටදේශීය
නිශ්පාදිතයන් තම අවශ්‍යතා ඉටුකර ගැනිමට යොදා නොගන්නා තරම්ය.එසේම දෙශීය ආර්ථිකයට
කාන්තාවන්ගේ දායකත්වය අතිමහත්ය. බොහො ගෘහ කර්මාන්තයන් හි ඔවුන් නියැලේන අතර ඉවත
දමන බොහෝ දැ උපයොගී කොටගෙන නිර්මාණශීලී අත්කර්මාණ්තයන්හි ඔවුන් නියැලේ. මේසඳහා
අවශ්‍ය හොඳ වෙළඳ පොලක් ඔවුන්ට නිර්මාණය කරදිමට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද
කටයුතු කරතිබිම අපට ආදර්ශයක් නොවෙද...?
තරුණ තරුණියන්ගේ මෙන්ම බොහෝ නගර වැසියන්ගේ ප්‍රියතම
ප්‍රවාහන මාධ්‍ය මොටර් බයිසිකලය වන අතර ඒවා අපේ බයිසිකල් වලට සාපෙක්ශව තරමක් කුඩා
ස්වරුපයක් ගනි. විශේෂයෙන්ම කිව යුතු වන්නේ මෙම රථ වාහන බොහොමයක් වායු දුෂණයෙන්
තොරය. බස් රථ දක්නට නොමැති තරම් වන අතර ත්‍රිවීලර ඔවුන් හඳුන් වන්නේ " ටුක්
ටුක්" යන අනුවර්ථනාමයේනි.
ලංකාවේ මෙන් නොව ඉන්ටර්නේට් කැෆේ, තරුණ තරුණියන්
අතර මේ නගරයේ ඉතා ජනප්‍රිය අංගයකි...විශාල
කැෆේ මගතොට දක්නට ලැබේ..
එසේම කුඩා නිවාඩු නිකේතන සඳහා ඔවුන් යොදාගන්නා ප්‍රචාරක
පුවරු සිත් ලගන්නා සුලුය.
''බොහො ගෘහ කර්මාන්තයන් හි ඔවුන් නියැලේන අතර ඉවත දමන බොහෝ දැ උපයොගී කොටගෙන නිර්මාණශීලී අත්කර්මාණ්තයන්හි ඔවුන් නියැලේ. මේසඳහා අවශ්‍ය හොඳ වෙළඳ පොලක් ඔවුන්ට නිර්මාණය කරදිමට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද කටයුතු කරතිබිම අපට ආදර්ශයක් නොවෙද...?''
ReplyDeleteඅපේ රටෙත් මෙහෙම වුනා නම්. මම හුගක් ආස දැනටමත් යන්තමින් අත්මතෘප්තියට කරගෙන යන දෙයක් තමයි මේ. උසස් පෙළට කරන නිබන්දනේට කලෙත් ''ඉවතලන ද්‍රව්‍ය ආශ්‍රිත බිත්ති සැරසිලි".
ඇත්ත බට්ටියේ...අපේ රටේත් කොච්චර දක්ශ අය ඉන්නවද නමුත් ඒයාලට හරි වෙළඳ පොළක් සකසා දෙනවනම් ලංකවේ ආර්ථිකය මිටවඩා හොඳ වේවී..අනික ඒ රටේ ලීඩස්ලට තමන්ගේ යන හැඟීම ඉතා විශීෂ්ඨ ලෙස පිහිටලා තියෙනව...
Delete//රටේ ලීඩස්ලට තමන්ගේ යන හැඟීම ඉතා විශීෂ්ඨ ලෙස පිහිටලා තියෙනව..//
Deleteදැන් මචන් උඹ කියන්නේ අපේ ලීඩස් ලට "තමන්ගේ" කියන හැඟීම නෑ කියලද ? :P
රටගැන අල්පව සහ උන් ගැන අති විශාලව...හැඟීම් ගොඩනැගී ඇත
Deleteහදිස්සියෙම ගිහින් හදිස්සියෙම ඇවිල්ලා වගේ
ReplyDeleteඔවු හදිසියේම ගියේ පුහුනු කඳවුරකට සහභාගී වෙන්න...
Deleteතවත් විස්තර එක්කල හොද පෝස්ට් එකක් දමන්න. ස්තුතියි.
ReplyDeleteඋත්සහ කරන්නම් වෙදමහත්තයො බොහොම ස්තුතී
Deleteඅපරාදෙනෙ බං අර Full Speed කැෆේ එකකින් බ්ලොග් එකක් ලියන්නයි තිබුනෙ?
ReplyDeleteමචො අවම කාබන් නිපදවිමකින් ඒ කියන්නේ CO2 නිෂ්පාදනය අවම මට්ටමක තියාගෙන අපේ එදිනේදා ක්‍රියා කාරකම් සිදුකරගන්නේ කොහොමද කියන දේ ගැන පුංචි වැඩමුලුවකට සහභාගි වෙන්ඩ මම ගියේ..දවස් පහක් ගෙවුනා ඉතා වේගයෙන්..ඇත්තේන්ම ඔය කැෆේ වල අයකරන්නේ ඉතා සාදාරණ මුදලක්...
Deleteඑහෙනං එයත් රට ගියා ඈ... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කලිනුත් ගොහින් තියෙනව රජ තුමනි...අවසර..!!!
Deleteදැන් ලංකාවේ "අපේ" ත්‍රීවීල් වලට කියන්නේ "පට පට" කියලා...
ReplyDeleteහික්ස්..බලහං කෝ ඔය ත්‍රිවිල් වලට පටබඳින නම් වල හැටි...ඇයි ආටාඑක කියලත් කියනව නේව
Deleteඇයි ලජ්ජා ටැක්සිය.
Deleteලැජ්ජා ටැක්සිය නෙවෙයි බං ... ලැජ්ජා නැති ටැක්සිය ....
Deleteපොටෝ කෑලි ටිකක්වත් අපිට බලන්න දාපු එක කොයිතරම් දෙයක්ද . තායිලන්තෙ කීවාම මගේ නම් හිතේ මැවෙන්නේ ලලනාවෝ තමා . තායි නංඟිලා මාර හැඩයි කියන්නේ !
ReplyDeleteඅම්මපා සඳරුවො..උඹ නම් අර සිඩී කෙස් එකේන් පස්සේවත් මට්ටුවෙලා නැති හැටි....
Delete" මේසඳහා අවශ්‍ය හොඳ වෙළඳ පොලක් ඔවුන්ට නිර්මාණය කරදිමට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද කටයුතු කරතිබිම අපට ආදර්ශයක් නොවෙද...? "
ReplyDeleteමෙන්න මේ ටික තමයි වැදගත්.. දේශීය දේට මුල් තැන දෙන්න කියලා හැමෝම කිවුවට ඒ වෙනුවෙන් යමක් හරියට කෙරෙන්නේ නෑනේ..
තව විස්තර හා සේයාරූ පසුවට ඇතැයි සිතමි..
ඇත්තේන්ම මටත් හිතුනේ ඔයටික..කොහේද...අපේ රටේ සිතුවිලි වල ප්‍රෂ්ණයක් තියෙනවනේ...දෙශපාලන වාදය වැඩි මචො..
Delete// මේසඳහා අවශ්‍ය හොඳ වෙළඳ පොලක් ඔවුන්ට නිර්මාණය කරදිමට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද කටයුතු කරතිබිම අපට ආදර්ශයක් නොවෙද...? //
ReplyDeleteඅපේ රටෙත් මෙහෙම තැනක් හදලා දෙනවානම් හොදයි මං හිතන්නෙ.. තියෙන තත්වෙ තව වැඩිදියුණු කරලා හරි...
අම්මෝ..අර කැෆේ වල ඉන්න සෙනඟ :O
ම්..ගොඩක් අය කැෆේ පාවිච්කරනව...ඇත්ත අපේ රටේ ඔන තරම් සම්පත් තියෙනව පවතින්න දෙයක් කරන්නැති එකයි ප්‍රොබ්ලම් එක
Deleteපිටරට දේවල් වලින් යැපෙන්නැතිව දේශිය දේ අගය කරන එක කොච්චර දෙයක්ද ඕක අපේ රටේ කරන්න තිබ්බනම් කී දාහකට රස්සා දෙන්න තිබ්බද අඩුගානේ ස්වයං රැකියා වලට වෙළඳපොලක් හදලා දුන්නනම් මක් වෙනවද...
ReplyDeleteඅර අන්තිමට තියෙන bed and bike කියන එක මොකක්ද අයියේ?? ඒකට ගියාම ඇඳක් එක්ක බයිසිකලයක් දෙනවද?? නැත්තම් ඇඳක් තියෙන බයිසිකලයක් දෙනවාද??
ඇත්තෙන්ම අපේ ලොක් වෙළඳ පොල කියල ඔය කොටුවේ තියෙන වැඩිදියුනු කරල ලංකාවේ ප්‍රධාන නගරවල ඔක ව්‍යාප්ත කරනවනම් මම හිතන්නේ හිතකර ප්‍රතිඵල ලැබෙයි..හැබැයි කරන්නං වාලේ බිල්ඩිං හදන්නැතුව සක්‍යතා අද්‍යනයක යෙදෙන්න ඔන.
Deleteමල්ලි ඔය බෙඩ් ඇන්ඩ් බයික් කියල තියෙන්නේ පාරිබොගිකයන්ගේ ආකර්ෂණය ලබාගන්න...සාමාන්‍යයෙන් මෙම රටේ ගමනාගමනයට ප්‍රචලිත මාධ්‍යක් තමයි බයිසිකලේ..ඉතින් එකයි ඔහොම කියල ඇත්තේ නවාතැන් ගන්න අයට බයිසිකලයක් ලැබෙනව කියල වෙන්න ඔන...
Bread & butter
Bed & bike
බලන්නකො ගැලපුම
ලංකාවේ කරන්නෙම නැති එක ඔය ශක්‍යතා අධ්‍යනය වෙන්න ඕනේ... ඕවා කරනව නම් අද තාර දාපු පාර හෙට කඩයියෑ...
Deleteඔන්න දැන් තේරෙනවා ගැලපීම
ආව් අප්ප.....^_^
ReplyDeleteකෝමහලි ඩැන් ඉටින් ආවනේ......අර කටාවෙ ඉටුරු කොටස දාන්ඩ අයියෝ.........
අනිවා දානව....ස්තුතී
Deleteමමත් ලඟදී ගියා. ගිහින් දාපු පොස්ට් එක මෙතනින් බලන්න. http://awidda-paya.blogspot.com/2012/03/amazing-thailand.html අපේ රටේ අය රැකියා හොයන අතරේ ඔවුන් කරන්නේ සුළු ව්‍යාපාර. කවුරු අතහිත දුන්නත්-නැතත් සුළු ව්‍යාපාර කරන්න නම් තමන්ගේ ආකල්ප ඒවාට ගැලපෙන්න ඕනේ. මට වෙලාවකට හිතෙනවා අපේ අය වැඩියෙන් ඉගෙන ගෙන ඉන්න එක තමයි හෙනේ කියල.
ReplyDeleteඉගෙනිම කොහොම වෙතත් ආකල්පවල වෙනසක් සිදුවෙනවනම් හොඳයි...ඒ වගෙම නිර්මාණ ශීලිත්වය ගැනත් වැඩිපුර අවදානය යොමුකල යුතු වෙනවා...
Deleteවටින කියන අදහස් ටිකක්... තව සවිස්තරව විස්තරකරානම් කියල හිතුනා....
ReplyDeleteදිළිඳු කමට අභියෝගකල රටක්.. අපිට ගන්න තියන ආදර්ෂ බොහොමයි
ඇත්තේන්ම මෙවැනි රටවල් වලින් ගතයුත්තේ හොඳ දේ පමණයි..නමුත් තියෙන වැරැද්ද අපේ උන් අහුලගන්නේ නරක දෙවල්ම නොවැ... ස්තුතී
Deleteමදි. මදි. හොඳටම මදි. ඔච්චර දවස් ගණනක් ඉඳලත් ඔච්චරද අනේ. ටිකක් ලොකු විස්තරයක් එක්ක අත්දැකීම් ටිකක් දාන්නකෝ අපිටත් දැන ගන්න. ඡායාරූප ටිකටයි තොරතුරු වලටයි ස්තූතියි.
ReplyDeleteහොඳයි...ඔබට බොහොම ස්තුතී
Deleteහොරෙන්ම ගිහිං හොරෙන්ම ආවේ අපි ටොපි ඉල්ලාවි කියල නේද?
ReplyDeleteරටක විස්තර දානවනම් කොච්චර දෙයක් ද? හැමෝටම දැනගන්න.
අනිවා..ස්තුතී මචො " අපොයි හොරෙන් නෙවී හදිස්සියේම.."
Deleteවටිනා කියන විස්තරයකි. හැබැයි ටිකක කලබලෙන් ලියා ඇති බවකුත් පෙනේ. තවත් විස්තර බලාපොරොත්තු වෙමු.
ReplyDeleteදවස් කිහිපයකින් ලියන්න උනේ නැති නිසා කලබල ගතියක් තියෙන්න ඇති. ස්තුතී ඔබට
Deleteහොරෙන්ම ගිහින් හොරෙන්ම ආවා නේද? එල එල. විස්තර ඇතුව පෝස්ට් එකක් දාන්න. මෙහෙ ඇවිල්ලා කාබන් අඩුවෙන් පාවිච්චි කොරන හැටිත් ලියන්න. නැත්නම් ඉගෙනගත්ත එකේ වැඩක් නෑ.
ReplyDeleteකාබන් අඩුවෙන් නිපදවෙන එක ගැන ලිපියක් දාන්නම් ඉදිරියේදී..ඇත්තේන්ම එය සංවාදයට ලක්විය යුතු දෙයක් තරුණ යන්ගේ සැලකිල්ලට ලක්විය යුතු දෙයක් ඇත්තේන්ම
Deleteඉක්මන් ගමනක් ගිහිල්ල වගෙයි...
ReplyDeleteඒහෙනං අායි වැඩට බහිමු...
අනිවා.......
Deleteඒක තමයි මෙයා හිටියෙ නැත්තෙ පේන්න..
ReplyDeleteමම අද හවස උබලගෙ කන්තොරුව පැත්තෙන් ගියා..
අප්පට සිරි...ඔවු බන් පොඩි වැඩමුලුවකට ගොහින් ආවා
Deleteතව පෝස්ට් දෙකක්වත් දාලා තායිලන්තය ගැන අපට යම් "චිත්‍රයක්" මවාගන්න උදව් වුනොත් හොඳයි නේද...?
ReplyDeleteඑක හරි උත්සහකරන්නම් දිරිමත් කිරිමට ස්තුතී
Deleteඅපේ රටේ අයටත් පුලුවන් අහක දමන දේවල් වලින් ගොඩාක් දේවල් කරන්න ඒත් කොහෙද...ගොඩාක් රටවල නගර වල පිරිසිදු කම ගැන ගොඩාක් ඉහලින් සැලකිලිමත් වෙනවා......
ReplyDeleteඔයා හරි ඔය ඔයාට අත්දැකිම් තියෙනව නේව විදෙස් නගර ගැන
Deleteලස්සනයි.. බොදු රටක් නොවැ..
ReplyDeleteඔබ හරි
Delete'ටුක් ටුක්' නම් කියලා වැඩක් නෑ. 'චියාන්මායි' ගිහිල්ලා නෑ.:(
ReplyDeleteමොකක්ද අර රෝස් මලේ කතාව?
තායිලන්තේ වැසියන් චීයන්මායි හඳුන්වන්නේ තායිලන්තේ රොසමල කියල
Delete